Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Berserk (1997) [S01 : E21 & E22] Sinhala Subtitles |බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

$
0
0
Berserk S01 Sinhala SubtitlesBerserk S01 Sinhala Subtitles

1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 21 සහ 22 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. ඒ වගේම අපි කතාවේ අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නේ.

තමන්ගේම සිහිනය සොයා තනියම යාමේ ගට්ස්ගේ තීරණය හමුවේ උකුස්සාගේ කල්ලියේ ග්‍රිෆිත් අසරණ තත්වයකට වැටෙනවා. මොන තරම් අසරණ වෙනවාද කියනවා නම් ග්‍රිෆිත් දැඩි මානසික පීඩනයකට පත් වෙලා මිඩ්ලන්ඩ් රාජ්‍යයේ චාලට් කුමරිය එක්ක බලහත්කාරයෙන් වගේ යහන්ගත වෙනවා. මේ ක්‍රියාව නොදැකිය යුතු අයෙක් දකින නිසා ග්‍රිෆිත් මිඩ්ලන්ඩ් හමුදාවේ අත් අඩංගුවට පත් වෙනවා. මේ නිසා ග්‍රිෆිත් මෙහෙයවපු උකුස්සාගේ කල්ලියට මිඩ්ලන්ඩ් හමුදාව යහතින් ඉන්න දුන්නේ නම් නෑ. ගට්ස් තමන්ගේ ගමනක් වෙනුවෙන් ඈතකට ගිහිනුයි ඉන්නෙ. ඒ අතරෙදිත් ගට්ස් කළේ තමන්ගේ හැකියාවන් වගේම ශක්තිය වැඩි කරගන්න උදව් වෙන දේවල්ම තමයි.

ග්‍රිෆිත් අත් අඩංගුවට පත් වෙලා, උකුස්සාගේ කල්ලිය මිඩ්ලන්ඩ් රාජ්‍යයේ සතුරන් වෙලා දැන් අවුරුද්දක් ගෙවිලා ගිහින්. කල්ලියේ බාගෙට බාගයක්ම දැන් නැති වෙලා ගිහින්. ඒ නිසාම මේ උකුසු කල්ලිය අනිත් කුලී හේවා කණ්ඩායම්වල ලොකු දඩයම් ගොදුරක් බවට පත් වෙලයි ඉන්නෙ. මේ අතරෙදි තමයි ගට්ස්ට උකුසු කල්ලිය වැටිලා තියෙන තත්වය ගැන ආරංචි වෙන්නෙ. ගට්ස් ආපහු උකුස්සාගේ කල්ලියට එකතු වේවිද? එකතු වෙලා ග්‍රිෆිත්ව බේරා ගැනීමේ ප්‍රයත්නය අරඹාවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. කිව්වත් වගේම අපි කතාවේ අවසානයට අවතීර්ණ වෙන්නෛ සූදානම් වෙන්නෙ. Berserk කතා මාලාවේ 23, 24 සහ 25 කොටස් හෙවත් අවසාන කොටස් ත්‍රිත්වයෙන් මීළඟට හමුවෙමු.

Berserk S01 Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>