Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

A Quiet Place: Day One (2024) Sinhala Subtitles |නිහඬතාවයේ ආරම්භය [සිංහල උපසිරසි]

$
0
0
A Quiet Place: Day One (2024) Sinhala SubtitlesA Quiet Place: Day One (2024) Sinhala Subtitles

Damsel (2024) ෆිල්ම් එකෙන් පස්සේ අද අරන් ආවේ ගොඩ දෙනෙක් මඟ බලන් හිටපු A Quiet Place: Day One (2024). මුලින්ම ස්තූති කරන්න ඕනි මේ සීරීස් එකේ නිල අයිතිකරු විමා අයියට. මට මේක කරන්න අවස්ථාව දුන්නට. ඒ වගේම සබ් එක පරක්කු වුන එකටත් සොරි හොඳේ. සම්මානලාභී Quiet Place ෆිල්ම් සීරීස් එකේ තුන් වෙනි ෆිල්ම් එක වෙන මේ ෆිල්ම් එක ෆිල්ම් සීරීස් එකේ ප්‍රීක්වල් එකක් විදිහට තමයි යන්නේ. සීරීස් එක කලින් නොබලපු කෙනෙක් නම් මේ පිළිවෙලට සීරීස් එක බලන්න කියලා ආරාධනා කරනවා.

1. A Quiet Place: Day One (2024)

2. A Quiet Place (2018)

3. A Quiet Place Part II (2021)

ඉතින් ඒ හින්දා කලින් ෆිල්ම් දෙක නොබලපු කෙනෙක්ට වුනත් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් දෙක බලන්න පුළුවන්. මේ වෙද්දි IMDB රේටිංග්ස් 6.7 යි. කලින් ෆිල්ම්ස් දෙකේ ඉඳපු නළු නිළි පිරිස නම් නෙමෙයි ඉන්නේ මොකද මේක යන්නෙ ඒ කාල සීමාවට කලින් කතාවක් විදිහට හින්දා. සරලව කිව්වොත් ඒ පිටසක්වල ජීවී ආක්‍රමණය පටන් ගත්තු කාල සීමාව තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ. Black Panther (2018) , Us (2019) වගේ ෆිල්ම්වලට රංගන දායකත්වය දීපු Lupita Nyong’o සහ Stranger Things සීරීස් එකේ හිටපු Joseph Quinn විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා වගේම අධ්‍යක්ෂණය Pig (2021) වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Michael Sarnoski විසින් කරලා තියෙනවා.

Alien Invasion / Monster Horror / Drama / Horror / Sci-Fi / Thriller කැටගරි වලට වැටෙන මේ ෆිල්ම් එක විනාඩි 99 ක් පුරාවට දිව යනවා. පිටසක්වල ජීවී ආක්‍රමණය පටන් ගත්තු කාල සීමාව තුල දිවෙන කතාවක් කියන එක ඇරුණම වෙන මුකුත් නොකියා ඉන්නම් ඔයාලටම බලන්න ඉඩ දීලා. එහෙනම් හැමෝටම ජය වේවා !

A Quiet Place: Day One (2024) Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

A Quiet Place: Day One (2024) Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>