Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Last Breath (2024) Sinhala Subtitles |සයුරු පතුල තුළ බිහිසුණු මෝර ප්‍රහාරය [සිංහල උපසිරැසි]

$
0
0
The Last Breath (2024) Sinhala SubtitlesThe Last Breath (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් හදිසියේ ලැබුන පුංචි නිවාඩුවක් ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් වෙන් කරන්න මම තීරණය කලා. අද ගෙනාවේ මොකක් සම්බන්ධ ෆිල්ම් එකක්ද කියලා ඔයාලා උඩ මාතෘකාව දැක්ක ගමන් දන්නවා ඇති නේද. ඔව් ගොඩක් අය බලන්න ආස කරන මෝරු සම්බන්ධ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. හොලිවුඩය තුළ වසරකට මෝරුන් ආශ්‍රිතව චිත්‍රපට බොහෝමයක් නිෂ්පාදනය වෙනවා. ඒත් මේ බොහෝමයක් B ශ්‍රේණියට අයත් නරඹන්න නොවටිනා නිර්මාණ කියලා තමයි කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ. අවාසනාවකට The Meg, Jaws, Deep Blue Sea වගේ ආසාවෙන් බලන්න පුළුවන් ගුණාත්මක නිර්මාණ බොහෝම අතලොස්සක් තමයි තියෙන්නෙ. ඉතිං මේ වසරේ නිකුත් උන The Last Breath කියන චිත්‍රපටයත් ඔයාගේ මෝර ෆිල්ම් ලිස්ට් එකට දාගත්තට පාඩුවක් වෙන්නේ නෑ. ඒත් ලොකු බජට් එකකින් හදපු ලොකු වැඩ කෑලි තියෙන ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා කලින්ම කිව්වා ඕං.

The Last Breath (2024) Sinhala Subtitles

USS චාලට් කියන්නේ දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු නාසින්ගේ ටෝපීඩෝ ප්‍රහාරයකින් කැරිබියන් සාගරයේ මුහුදු බත්වූ යුද නෞකාවක්. වර්තමාන කාලයේදී ගොඩක් දෙනා මේ නැව සොයාගන්න උත්සහ කලත් වැලිවලින් සැඟවුණු මේ නැව හොයාගන්න කාටවත් හැකිවෙලා නෑ. නෝවා සහ ලීවයි කියන්නේ බොහෝම දුප්පත්ව මුහුදු රස්සාව කරගෙන ඉන්න දෙන්නෙක්. මෙයාලගේ ලොකුම බලාපොරොත්තුව තමයි පුරාවෘත්තගත USS චාලට් නෞකාව හොයාගෙන ඒ මාර්ගයෙන් පොහොසත් වෙන එක. ඉතිං මේ උත්සහය සාර්ථක වෙන කොටම තමයි සෑම්, රයිලි, ලෝගන් සහ බ්‍රෙට් කියන කොලේජ් කාලේ ඉඳන් නෝවාගේ හොඳම යාළුවෝ පස් දෙනෙක් නෝවාව හොයාගෙන කැරිබියන් මුහුදු තීරයට එන්නේ. කොලේජ් කාලෙන් අවුරුදු 7කට පස්සෙත් මෙයාලගේ යාළුකමනම් වෙනස් වෙලා නොතිබුනත් මේ පස්දෙනා තම තමන්ගේ රැකියාවන් නිසා එකිනෙකාගෙන් දුරස් වෙමින් යන බව එයාලටම තේරිලා තියෙන්නේ. ඒ නිසා මේ කට්ටිය යාළුකම් අළුත් කරගන්නත් එක්ක බොහොම අමාරුවෙන් නෝවාවත් කැමති කරගෙන මේ USS චාලට් නැවට කිමිදුම් ගමනක් දාගන්නවා. ඉතිං ගැඹුරු මුහුදට යන මේ යාළුවෝ පස්දෙනාට අමතරව තවත් අමුත්තෙකුත් මෙයාලා එක්ක කිමිදෙනවා කියලා දැනගද්දි මෙයාලා පරක්කු වැඩියි.

The Last Breath (2024) Sinhala Subtitles

IMDb 4.8 අගයක් ලබාගත්ත මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joachim Hedén විසින්. මෙහි රූගත කිරීම් කරලා තියෙන්නේ සුන්දර මෝල්ටා දිවයිනේ. ඒ වගේම චිත්‍රපටය පුරාම ඔයාලට වැඩිපුරම වතුර යට රූගත කරපු දර්ශන තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ප්‍රධාන චරිත විදියට Alexander Arnold බ්‍රෙට් ලෙසත්, Jack Parr නෝවා ලෙසත්, Kim Spearman සෑම් ලෙසත්, Julian Sands ලීවයි ලෙසත් එමෙන්ම Erin Mullen රයිලි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලට චිත්‍රපටිය රසවිඳින්න ඉඩදීලා මම නවතින්නම්. ඒ වගේම ෆිල්ම් එක උපසිරසි ගන්වන්න අවසර දුන්න නවීන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත ඕන. වෙනදා වගේ කියන්න තියෙන්නෙ ඉතිං පුංචි කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා තමයි. ආයෙමත් පුළුවන් වෙලාවක මේ වගේ තවත් උපසිරැසියකින් හම්බෙමු.

 

The Last Breath (2024) Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

The Last Breath (2024) Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>