Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Indian 2 (2024) Sinhala Subtitles |ගෙදර පිරිසිදු නම් රටත් පිරිසිදුයි [සිංහල උපසිරසි]

$
0
0

Indian 2 (2024) Sinhala Subtitles

Indian 2 (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියනි. සුපුරුදු ලෙසින් අදත් මා වෙබ් අඩවිය වෙත තවත් විශේෂ වූ දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි පැමිණියේ. ඔබ අප වැඩි දෙනෙකු නරඹා තිබෙන 1996 වසරේදි නිකුත් තිරගත කරන ලද INDIAN 1996 සිනමා පටයේ දෙවැන්න ලෙස මෙම සිනමාපටය හඳුන්වන්නට පුලුවන් මෙහි පළමු වැනි සිනමාපටය සඳහා මා විසින්ම නිර්මාණය කරන ලද සිංහල උපසිරැසිය අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක. දමිළ සිනමා රසිකයින් බොහෝ දෙනෙකු INDIAN 1996 සිනමාපට නරඹා ඇති බවට මා විශ්වාස කරන අතර පළමු කොටස නරඹා නැති රසිකයකු වේ නම් මුලින්ම පළමු කොටස නරඹා දෙවන කොටස නරඹන ලෙසට මා යෝජනා කිරීමට කැමතියි.

මේ වසරේ ජූලි මස 12 වනදා මිශ්‍ර ප්‍රතිචාර සමාලෝජන සමඟින් ලොවපුරා තිරගත කරීම ආරම්භවූ ඉන්දියන් 2 සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව යමක් සඳහන් කලහොත් මෙය පළමු සිනමාපටයේ මෙන්ම අල්ලස් ගැනීමට විරුද්ධව නැගීසිටීම අලලා නිමැවුනු කතාවක් ඇති අතර, මුල් සිනමාපටයේ ප්‍රධාන චරිතය වන කමල් හාසන් විසින් හොබවන ලද සේනාපති නොහොත් ඉන්දියන් යන චරිතය දැකබලා ගත හැක. ඒ වාගේම එම චරිතය සමඟින් Tom and Jerry සෙල්ලමෙහි යෙදුනු ක්‍රිෂ්ණස්වාමි යන චරිතයද දැක ගත හැක. මෙයි පළමු වැනි කොටසේ අධක්‍ෂවරයා වන දමිළ සිනමා අධ්‍යක්‍ෂ ශංකර් විසින් මෙම සිනමාපටයද අධ්‍යක්‍ෂණය කරනු ලබනවා. ලයිකා සමාඟම විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන අතර මෙහි සංගීත අධ්‍යක්‍ෂණය අනිරුද් විසින් සිදුකරනු ලබනවා.

සිනමාපටයේ තිබෙන තවත් විශේෂ කරුණක්ම් නම් මෙහි ප්‍රධාන චරිතයන් හොබවන නළුවන් තිදෙනකු වන Vivek – ඉලංගෝ , Nedumudi Venu – ක්‍රිෂ්ණස්වාමි චරිතය , Manobala – නන්ජුන්දා මූර්ති චරිතය මෙම සිනමාපටයේ රූගතකිරීම් කටයුතු සිදුකරන කාලසීමාවේදි මියගොස් ඇති අතර ඔවුන් සිටිනා ඉතිරි ජවනිකාවන් ඔවුන් ජීවමානව සිටිනා කාලයේදි මෙන් නිර්මාණය කර ඇත්තේ AI තාක්‍ෂණය උපයෝගි කරගෙනය. තවද මෙම චිත්‍රපටයේ තුන්වන කොටසක්ද ලබන වසරේ නිකුත් වන අතර එහි ට්‍රේලරය මෙම චිත්‍රපටය අවසානයේ ධාවනය කිරීමද විශේෂ කරුණක් වන අතර මෙම ඉන්දියන් 2 චිත්‍රපටය නිර්මාණ කටයුත්ත සඳහා කමල් හාසන් අසහාය නළුවා කැමැත්ත පලකර ඇත්තේ තුන්වන කොටසේ තිබෙන කතාව හේතුවෙන් බව සිනමාව සබැඳි මාධ්‍ය විසින් ප්‍රකාශකර සිටියා. එසේනම් තවත් සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය සිදුකරගෙන හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

 

Indian 2 (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. [/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Indian 2 (2024) Sinhala Subtitles
Indian 2 (2024) Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>