Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Under the Bridge [E05] Sinhala Subtitles |ඒ ඇත්තටම කෙලීද නැත්තම් වොරන්ද ? [සිංහල උපසිරසි සමඟ]

$
0
0
Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles

අපි රීනාගේ දෙමාපියන්ගේ අතීත කතාව පෙර කොටසින් දැක්කා. එයාලා කැනඩාවේ මේ සුන්දර දූපතට සංක්‍රමණය වෙලා ආගම දහමට නැඹුරුවෙලා විවිධ බාධා අභියෝග මැද ජීවිතය පවත්වගෙන ගියපු විදිය එහෙමත්. රීනාගේ තාත්තගේ ආරාධනයකට අනූව රීනා තමන්ගේ යාළුවන්ව ගෙදර රෑ කෑමකට එන්න කියලා එදා අරාධනා කෙරුවා. ඇත්තටම රීනාගේ යටි හිතේ පොඩ්ඩක් වගේ තිබුණා මේක එච්චර හොඳ අදහසක් නෙමෙයි වෙයි කියලත්. නමුත් රීනාගේ යාළුවෝ මොන වගේද කියලා දැන අඳුරගන්න රීනාගේ තාත්තා මන්ජීත් වර්ක්ට තදින්ම උවමනා වුණ නිසාම රීනා මේකට කැමති වුණා, යම් කොන්දේසි කිහිපයක්මත් එක්ක. නමුත් රීනාගේ තාත්තා මේ කොන්දේසි කඩ කරලා උවමනා නැති දේවල් ජොස‍ෆින්ගෙන් අහන්න ගිහිල්ලා එදා රෑ කෑම මේසයෙදි බරපතල මට්ටමේ හිත් අමනාපකමක් දොගොල්ලා අතර ඇති වුනා. මගේ පෞද්ගලික අදහසට අනූව මන්ජීත් මෙතනදි සම්පූර්ණයෙන්ම වැරදියි. මනුස්සයෙකුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය පෞද්ගලික දේවල් කෙළින්ම හාර අවුස්සමින් අහනකොට ඕනෙම කෙනෙකුට ලැජ්ජ හිතෙනවා, කේන්තියක් ඇතිවෙනවා. ඉතින් මේ වෙන හිත් අමනාපකම බොහොම තදින්ම බලපෑවේ රීනාට. මේ වුන සිද්දියෙන් පස්සේ ජොස‍ෆින්, කෙලී රීනාව මිතුරුකමින් අහක් කරලා දාන්න බලනවා. නමුත් මේ මිතුදමේ නාමයෙන් තමන් ඕනෑම දෙයක් කරන්න සූදානම් බව රීනා ජොස‍ෆින්ට පවසනවත් එක්කම ජොස‍ෆින් බොහොම දුෂ්ට පාපතර අදහසක් රීනාට දෙනවා, ඒ තමන්ගෙම තාත්තා තමන්ට කරදර කරන්න ආව බව සේවන් ඕක්ස් පාලිකාවට ගිහින් කියන්නයි කියලා. ජොස‍ෆින් මෙහෙම දෙයක් කෙරුවේ එදා රෑ කෑම මේසයෙදි වුණ දේට රීනාගේ තාත්තා මන්ජීත්ගෙන් පළිගන්නයි. ජොස‍ෆින් හොඳාකාරවම දැනන් හිටියා මෙහෙම දෙයක් කිව්වම රීනාගේ තාත්තට වෙන දේ. ඒත් මම හිතන්නේ රීනා නම් ඒක එච්චර පොලිසිය ඇවිත් අරගෙන යන්න තරම් දුරදිග යයි කියලා හිතුවේ නැතුව ඇති.

Under the Bridge Mini Series Sinhala Subtitles
Under the Bridge Mini Series Sinhala Subtitles

අද කොටස ගැන කතා කරොත්, ඔයාලට දැකබලා ගන්න පුළුවන් රීනාගේ අතීත සිදුවීම් කිහිපයක් සහ පොලිසිය විසින් රීනාගේ මිනීමරුවන්ට කරන වඩාත් හානිකර මට්ටමේ අනතුරු ඇඟවීමක්. ඒ වගේම අද කෙනෙක් ඩස්ටිගෙන් හොඳ පාරක් ගුටි කනවා.

Under the Bridge Mini Series Sinhala Subtitles
Under the Bridge Mini Series Sinhala Subtitles

ඊළඟ කොටසින් එහෙනම් හම්බවෙමු.

Under the Bridge Mini Series Sinhala Subtitles

Under the Bridge Mini Series Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Under the Bridge Mini Series Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>