Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Shadow in My Eye (2021) AKA Skyggen i mit øje Sinhala Subtitles |පිපෙන්නට කලින් පරවුනු රෝස මල.. [සිංහල උපසිරසි]

$
0
0
The Shadow in My Eye (2021) Sinhala SubtitlesThe Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala Subtitles

” අපි දිව්‍ය ලෝකෙටද යන්නෙ ?
ඔව්, අපි හැමෝම..
ජේසු අපි එනකන් බලාගෙන ඉන්නවද ?
ඔව්, අනිවාර්‍යෙන්ම..”

සුභ දවසක් හැමෝටම.. අද මම ඔයාලට අරගෙන එන්නෙ 2021 ඔක්තෝම්බර් 28 NETFLIX ඔස්සේ නිකුත් කෙරුනු The Shadow In My Eye නැතහොත් the bombardment 2021 නම් ඩෙන්මාර්ක් චිත්‍රපටයයි. 1945 මාර්තු 21 වන දින බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන්හි ගෙස්ටාපෝ මූලස්ථානයට බෝම්බ හෙලීමේ මෙහෙයුම වටා ගෙතුනු ඛේදනීය සත්‍යය කතාවක් මෙම චිත්‍රපටයට පසුබිම් වී තිබෙනවා.. IMDb Rating 7.3 ක් වගේම Rotten tomatoes අගය 100% ක් ලෙස වාර්තා කර තිබෙන මෙම චිත්‍රපටයේ කැමරාකරනය, රංගනය, අධ්‍යක්ෂණය හා සංගීතය පිළිබදව ඉතා ඉහලින් වර්ණනා කල හැකි බව නරඹන ඔබටත් ක්ෂණිකව අවබෝධ වේවි..

චිත්‍රපටයේ කතා නායකයා වන කුඩා හෙන්රි දිනක් වෙළදපොලට ගොස් ආපසු නිවසට එනවිට වෙඩි වැදී විනාශයට පත්වූ කාර් රථයක් දකිනවා. එහි ඇතුලත සිටි පිරිස මියගොස් සිටින අයුරු දැක දැඩිලෙස භීතියට පත්වන ඔහුට ඔහුගේ කටහඩද අහිමිව යනවා.. හෙන්රිට ප්‍රතිකාර කිරීමට අනේක විධ දුක්විදින ඔහුගේ මව අවසානයේදී කෝපන්හේගන් නුවර සිටින ඇයගේ සහෝදරියගේ නිවසේ හෙන්රිව නවත්වනවා.. එම නිවසේ සිටින කුඩා දැරියක් වන රිග්මෝර් සමග ඉතා ඉක්මනින් කුලුපඟ වන හෙන්රි, රිග්මෝර් හා ඇයගේ හොදම යෙහෙලිය වන ඊවා සමග ප්‍රංශ පාසලකට යන්නේ අධ්‍යාපනය හැදෑරීමටයි. ඩෙන්මාර්කය දෙවන ලෝක යුද්ධයට දරුණුවට මැදිවී තිබෙන මෙම කාලවකවානුවේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන් නුවර ෂෙල් හවුස්හි, ගෙස්ටාපෝ මූලස්ථානය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටිනවා..

මෙම මෙහෙයුමේ පරමාර්ථය වන්නේ එම ගොඩනැගිල්ලේ රැදී සිටින නාසි හිතවාදීන් විනාශ කිරීමයි.. කෙසේ වෙතත් මෙම වැටලීම අතරතුර, බ්‍රිතාන්‍ය බෝම්බකරුවන්ගේ එක් ගුවන් යානයක් ඉහත ප්‍රංශ පාසලට කඩා වැටෙනවා.. මෙම අනතුරෙන් පාසලට කුමකින් කුමක් සිදුවෙයිද.. ? හෙන්රි, රිග්මෝර්, ඊවා මෙම අනතුරට කෙසේ මුහුන දෙයිද.. ?

වැඩි දෙයක් නොකියා, ලොමු දැහැගන්වන දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන සිදුවූ මෙම අනුවේදනීය සත්‍ය කතාව නැරඹීමට ඔබටත් ආරාධනා කරමින් මා සමුගන්නවා.. ඒ වගේම සුලු දෙයටත් බියට පත්වන කම්පන දරාගත නොහැකි පුද්ගලයින් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා..

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>