Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Grrr (2024) Sinhala Subtitles |නගරෙ රජාද කැලේ රජාද ශක්තිමත්? [සිංහල උපසිරැසි]

$
0
0
Grrr (2024) Sinhala Subtitles

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා.

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට. ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

නැවත හමු වෙමු

ආයුබෝවන්  

Grrr (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Grrr (2024) Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>