Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow (2016) [S01 : E13] with Sinhala Subtitles| 2166 වර්ෂය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

DCs-Legends-of-Tomorrow-TV-New3

කණ්ඩායමේ හැමෝටම දැනගන්න ලැබෙනවා පිල්ග්‍රිම් කියල කෙනෙක් එයාලව මරන්න එවල කියල. මෙයාගෙ විශේෂත්වය තමයි මෙයාට කෙනෙක්ව මරන්න ලැබුනම කාල රේඛාවට හානියක් නොවන විදිහට ඒ කෙනාගෙ බාල කාලයේදි එයාව හොයාගෙන මරණ එක. ඉතිං කණ්ඩායම මරන්න මෙයාට බාර දෙනවා. ඒත් මුලින්ම කවුරුන්ව කොහෙදි කොයි වේලාවේ මරයිද කියල කාටවත් කියන්න බෑ. හැබැයි මුලින්ම මරන්න යන්නෙ මික්ව කියල ගිඩියන්ට දැනගන්න ලැබෙනව කාල රේඛාවේ ඇති වෙන විෂමතාවක් නිසා. මේ නිසා හැමෝම 1990 සෙන්ට්‍රල් සිටි එකට යනවා මික්ව හොයාගෙන. මික්ට එදා තමයි තමන්ගෙ අම්මවයි තාත්තවයි නැති වෙන්නෙ. මුළු ගෙදරටම ගිනි ඇවිලෙන්නේ. එහෙම වෙන්නෙ මික්ගෙ ගින්දරට තියන ආශාව නිසා. කොහොම වුනත් කණ්ඩායමට වෙලාවට එතනට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මික්ගෙ බාල කෙනාව බේරගන්න පුළුවන් වෙනවා. ඔහුවත් අරං ඇවිල්ල. ෂිප් එකේ තියාගන්නවා ආරක්ෂා කරලා. පස්සෙ නැවතත් ගිඩියන්ට කාල රේඛාවේ විෂමතාවක් නිසා දැනගන්න ලැබෙනව 2007දි ස්ටාර්ලින් නගරයේදි සාරා ලාන්ස්ට පහර දෙන්න පිල්ග්‍රිම් යනවා කියල. ඒ නිසා කණ්ඩායමට එතනට ගිහිල්ලත් එයාව බේරගන්න පුළුවන් වෙනවා. සුපුරුදු විදිහට එයාවත් මික්ගෙ බාල කෙනා ඉන්න තැනටම අරං එනවා ආරක්ෂාවට. එතනින් පස්සෙ පිල්ග්‍රිම් කිසිම විෂමතාවක් ඇති කරන්නෙ නෑ කාල රේඛාවට. ඒ නිසා කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ නෑ කාව කොහෙදි කොයි වෙලේ මරයිද කියල.හැබැයි පැහැදිලිවම දේවල් දෙකක් ෂුවර්. ඒ තමයි පිල්ග්‍රිම් රිප් හන්ටර්ව මරන්නෙ නෑ මොකද එයා ටයිම් මාස්ටර් කෙනෙක් නිසා එයාගෙ බාල කෙනාව මරනවා කියන්නේ කාල රේඛාවට ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම කෙන්ඩ්‍රාව මරන්නෙත් නෑ එයා පුනර්භවය ලබන නිසා එයාගෙ මරණයෙන් කණ්ඩායමේ එකතු වීමට වැඩි බලපෑමක් කරන්න බැරි නිසා. මේ නිසා දැන් ඉතුරු වෙන්නෙ ප්‍රොෆෙසර්, ස්නාර්ට් සහ ජැක්ස් විතරයි.මෙයාලව බේරගන්න තියන එකම ක්‍රමය තමයි මෙයාල ඉපදුන මොහොතෙම බබාව පැහැරගන්න එක. ඉතිං ඒකත් කරන්න පුළුවන් වෙනවා. දැන් කණ්ඩායමේ හැමෝම බේරාගෙන අවසන්.

ඉතින් මේ බාල අයගේ ආරක්ෂාවට මෙයාලව අරගෙන යනව රිප් පොඩි කාලෙ හැදුන වැදුන නිවසට. මේ නිවසට කියන්නෙ රක්ෂාස්ථානය කියල. කට්ටියව මෙතන ආරක්ෂාවට දාල කණ්ඩායම පිටත් වුනත් ගිඩියන්ට පණිවිඩයක් ලැබෙනව පිල්ග්‍රිම් කණ්ඩායමේ අයගෙ ළඟම හිතවත්තු අල්ලගෙන මරන්න යනවා කියල එයාලගෙ බාල අයව එයාට බාර දුන්නෙ නැත්තම්. හැබැයි රිප් එයා එක්ක එකඟතාවකට එනව රිප්ගෙ බාල කෙනාව එයාට දුන්නොත් අනිත් අයව නිදහස් කරන්න ඕන කියල මෙහෙම හිතාගෙන දෙගොල්ලො මුණගැහෙනවා තැනකට ගිහින්. මෙතනදී තමයි හුවමාරුව වෙන්නෙ. පිල්ග්‍රිම්ට හැකියාව තියනවා එයා අසල කාලය පාලනය කරන්න. මේක නිසා එයා කණ්ඩායමේ හැමෝටම පහර දෙනවා. නමුත් එක්කෙනෙක්ට ඇරෙන්න. ඒ තමයි රිප්ගෙ බාල කෙනා. එයා අතින් පිල්ග්‍රිම්ට පහර එල්ල වෙනවා. මේ නිසා පිල්ග්‍රිම් මරන්න කණ්ඩායමට පුළුවන් වෙනවා. හැබැයි දැන් තියන ලොකුම ප්‍රශ්නේ තමයි ඉතිහාසයෙන් කණ්ඩායමේ බාල අයව ඉවත් කරපු නිසා කාලය ඒ විදිහට හැඩගැහෙන්න පටන්ගන්නවා. මේක නිසා හැමෝගෙම ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පටන්ගන්නවා. මෙහෙම වුනොත් කවදාවත් මේ කණ්ඩායම එකතු වෙන්නෙ නෑ. මේ නිසා කණ්ඩායමේ අභිප්‍රාය වෙන්නෙ කාලය හැඩගැහෙන්න කලින් වැන්ඩල් සැවේජ්ව මරණ එක. අපි බලමු මේ කොටසින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල. ඊළඟ එපියෙන් හමුවෙන තුරු හැමෝටම ජය!!!

 

Heroes Reborn (2015) on IMDb

 

 

147 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

35D9C341E7006835F0BCC02C89204967239F5D49

254 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

F3944140E431867FA5CF4D0F59AFE1D5C15B4925
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>