Image may be NSFW.
Clik here to view.
මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරන් ආවා එහෙනම්! මේක මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. කොහොමවුනත් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama, Fantasyයන කාණ්ඩවලට. අප්‍රේල් 22වෙනිදා තමයි ෆිලුම නිකුත්වුනේ. imdb 6.2ක අගයක්අරන් තියනවා. රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන කට්ටියක් තමා. ඒ අය වෙන්නේ,
The Huntsman(එරික්) – Chris Hemsworth.
The Ice Queen (ෆ්‍රේයා) – Emily Blunt.
The Evil Queen (රැවේනා) – Charlize Theron.
The Warrior (සාරා) – Jessica Chastain.
එහෙනම් කතාව ගැන හැදින්වීමක් කරන්නම්, රැවේනා සහ ෆ්‍රේයා කියන්නේ සහෝදරියන්. රැවේනා එක රාජ්‍යක රැජිණ විදියට රාජ්‍ය පාලනය කරනවා. කොහොමවුනත් පරම්පරාවෙන් ලැබුන බලයක් තියෙන්නේ රැවේනාට විතරයි. ෆ්‍රේයාට බලයක් නෑ. දේවල් ඔය විදියට සිද්ධවෙද්දී රැවේනා දැනගන්නවා ෆ්‍රේයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. ඒ ෆ්‍රේයාගේ ආදරවන්තයාගෙන්. රැවේනා කියන්නේ ආදරේ ගැන විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා රැවේනා ෆ්‍රේයාට කියනවා ඇයව ඔහු ප්‍රතික්ෂේප කරයි කියලා. කොහොමවුනත් ෆ්‍රේයානම් ඒක පිලිගන්නේ නෑ,එයා එයාගේ ආදරේ ගැන විශ්වාස කරනවා.කොහොමහරි ෆ්‍රේයාට දරුවා ලැබිලා සති කීපයක් ගෙවෙද්දී ඇයගේ ආදරවන්තයාගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඔහු කියනවා ඇයව රහසින් විවාහ කරගැනීමට කැමති බව. ඉතින් ඔහු කියන තැනට ෆ්‍රේයා ඔහුව හමුවෙන්න ගියත් ඔහු එතනට එන්නේ නෑ.හැබැයි ඒ වෙනුවට ෆ්‍රේයාට හිතපු නැති දෙයක් තමයි දැකගන්න ලැබෙන්නේ. ඇයගේ ආදරවන්තයා විසින්ම තමන්ගේ දරුවාව විනාශ කරනවා ෆ්‍රේයා දකිනවා.
ඉතින් ඇය ඒ තරහට ඇයගේ පෙම්වතාව අයිස් කුට්ටියක් කරනවා. ඒ වෙලාවෙදී තමා ෆ්‍රේයාටත් ඇයගේ බලය ලැබෙන්නේ. ඉතින් සිදුවුන දෙයින් ෆ්‍රේයා ගොඩක් දුකට පත්වෙනවා වගේම ආදරය කියන්නේ බොරුවක් ,වංචාවක් විතරයි කියලා විශ්වාස කරනවා. ඉන්පසුව ඇය සහෝදරිය අතහැර දුර ප්‍රදේශයකට යනවා. ඇය ඒ ප්‍රදේශයේ ගොවිබිම් සියල්ලක්ම අයිස් ගොඩක් කරලා දානවා. ඒවගේම හැම වැඩිහිටියෙක්වම මරලා දානවා. ලමුන්ව පමණක් ඇයගේ බලකොටුවට අරන් ඇවිත් ඔවුන්ට කියාදෙනවා ආදරය කියන්නේ බොරුවක් වංචාවක් පමණක් බව. ඒවගේම හැම කෙනෙක්වම දඩයම්කරුවෙක් වෙන්න පුහුණුකරනවා. ඒ මොනාටද කියලා බලලම දැනගන්නකෝ. ඒ වගේම ඇයගේ රාජධානියේ එක නීතියක් තියනවා. ඒක තමයි කාටවත් ආදරය කරන්න බෑ. ආදරය කරන එක ඇය සලකන්නේ ඇයට ද්‍රෝහිවීමක් විදියට. ඉතින් එරික් සහ සාරා කියන්නෙත් පොඩි ලමයි විදියට බලකොටුවට ඇවිත් දඩයම්කරුවන් වෙන්න පුහුණුවන දෙන්නෙක්. ඉතින් ඔය අතරේ තමයි මේ දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙන්නේ. ඒත් ඉතින් මෙතන හිටියොත් ෆ්‍රේයා මේ ගැන දැනගන්න නිසා මේ දෙන්නා පැනලා යන්න සැලසුම් කරනවා.එච්චර තමයි ඉතින් කියන්නේ. දැනටත් කිව්වා වැඩිද මන්දා. එහෙනම් මේ දෙන්නට පැනලා යන්න පුළුවන් වෙයිද? ඒගොල්ලන්ගේ ආදරය ජයගනියිද? කියන ඒවා කතාව බලලාම දැනගන්නකෝ. ලිපිය ටිකක් දිග වුනාට කතාවේ පොඩි විස්තරයක් විතරයි කිව්වේ.කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා.මාත් වැඩිය දිග ලිපි ලියන්න කැමති නෑ. ඒත් මේක කෙටියෙන් ලියන්නත් බෑ. ඒ නිසා මේ විදියට ලිපිය ලිව්වා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.