ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම කරන්න හිතන් ඉන්න ලිස්ට් එක පැත්තක තියල මේක පටන් ගත්තා .
කතාව ගැන කියන්න තියෙන්නේ සාමාන්‍ය කෙල්ලෙක් ගෙ ජිවිතේ ගලන් යන විදිය, එයාගේ සිහින ගැන තමා ප්‍රධාන වශයෙන්ම. එත් එක්කම ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයි ටිකක් එයාලගේ කාලය ගතකරන විදිය , කරන වැඩ මේකෙ තියනවා . මම මේකට නුතන සින්ඩරෙල්ලා කතාවක් කියල දැම්මේ මොකද කියනවනම් , මම දැක්කා සින්ඩරෙල්ලා (සුරංගනා කතාවක් තියෙන්නේ) කතාවට ගොඩක් සමානයි මේ චිත්‍රපටියේ ඉන්න ජෙනි ගෙ චරිතය. ඉතින් ඔයාලට බාරයි බලන එක.
මම ඊළඟට ගෙන්න හිතන් ඉන්නේ ක්‍රියාදාම චිත්‍රපටියක් . ඔයාල කවුරුත් දන්නවා ඇතිනේ අපේ මේ රැම්බෝ කියන්නේ සිල්වෙස්ටර් අයියා . එයාගේ එකක්. ටිකක් පරණයි එත් බයිස්කෝප් එකේ මේ වෙනකම් නැ. ඉතින් එකෙන් හමුවෙමු . සුපුරුදු විදියට කියන්න තියෙන්නේ සබ් එක ගන්න ගමන් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා , හොඳ හෝ නරක කියල . මොකද මම ආසයි මම වැය කරන වෙලාව ඔයාලට ප්‍රයෝජනයක් උනාද නැත්ද දැනගන්න.
තව දෙයක් . මේ චිත්‍රපටිය තුල කුඩා ළමයින්ට නුසුදුසු දර්ශන කිහිපයක් හා දෙබස් බොහෝ ගණනක් ඇතුලත් වෙනවා. ඒක හින්ද අවුරුදු දහ අටට අඩු අය මේක බාගත කිරීමෙන් වලකින්න.
බුදුසරණයි…!
මෙම ලබා දී ඇති උපසිරසි Not.Another.Teen.Movie.2001.UNRATED.DC.DVDRip.XviD-FiNaLe පිටපත සඳහා වලංගු වේ.
365 downloads