Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fargo [S02 : E02] with sinhala subtitles |විමර්ෂන… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Fargo-SE2

ෆාර්ගෝ…මෙහෙම කිව්වම ගොඩක් අයට හුරු පුරුදු ඇති. ඔන්න ආයෙමත් ඔයාලට ෆර්ගෝ කථා මාලාව රස විදින්න අවස්ථාව ලැබෙනවා. ෆාර්ගෝ පලවෙනි සීසන් එකේ සබ් තිබුණත් දෙවනි සීසන් එකේ සබ් තියෙන්නේ පලවෙනි එපිසෝඩ් එකට විතරක් නිසා මන් හිතුවා දෙවනි එපිසෝඩ් එකේ ඉදන් ඔයාල වෙනුවෙන් මේකේ සබ් එක කරන්න ඕනි කියලා..

ඇත්තටම ෆාර්ගෝ නිර්මාණය වෙන්නේ සත්‍ය කථා ආශ්‍රයෙනුයි..imdb අගය ගැනනම් කියන්න දෙයක් නෑ මොකද මෙහි එන හැම එපිසෝඩ් එකකටම imdb අගය 8.5න් එහා අරගෙන තියෙනවා.. මෙම දෙවනි එපිසෝඩ් එකට 8.8ක් අරගෙන තියෙනවා..නළු නිලියන් ගැන කියනවනම් ඔයාල හොදටම දන්න Jesse Plemons වැනි විශිෂ්ඨ නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. අනිත් වැදගත්ම කාරනය පලවෙන් සීසන් එකයි මෙම දෙවන් සීසන් එකයි අතර කිසිම සම්බන්ධයක් නෑ….පලවෙනි එකේ යන්නේ වෙනම කතාවක් දෙවනි එකේ යන්නේ වෙනම කථාවක්..ඉතින් පලවෙනි සීසන් එක බැලුවේ නැතත් දෙවනි සීසන් එක කිසිම ප්‍රශ්නයක් නැතුවම බලන්න පුලුවන්..1979 ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිදුවූ සත්‍ය සිදුවීමක් අලලා මෙම කථා මාලාව නිර්මාණය කර තිබෙනවා..එම සිදුවීම සිදුවූ ආකාරයෙන්ම ඉදිරිපත් කර තිබීම මෙහි එන තවත් එක් විශේෂයක්..සත්‍ය කථාවක කෙනෙක් බලා පොරොත්තු නොවන පිටසක්වල කථාවක්ද මෙයට ඇතුලත් වෙනවා..

එහෙනම් පලවෙනි එපිසෝඩ් එකත් බලලම මේ දෙවනි එපිය බලන්න නැත්තම් කථාව තේරෙන එකක් නෑ…ඇත්තටම පලවෙනි එපිසෝඩ් වලින් මේ කථාව තේරුම් ගන්න අමාරුයි..දිගට යන්න යන්න තමයි කථාව උපරිමේටම රසවත් වෙන්නේ.. එහෙනම් කථාව බලලම ඉන්නකෝ..

විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පලවෙනි සීසන් එකට සබ් දුන්න අංජන ඉෂාන් සහෝදරයට හා නිශාන්ති වික්‍රමසිංහ සහෝදරියට..ඔවුන් තමයි දෙවන කතා මාලාවේ පලවෙනි එපියටත් සබ් දුන්නේ..ඒ වගේම මේ කථාව කරන්න අහපු ගමන් ඒ අවශ්‍ය කටයුතු කරදුන් බයිස්කෝප් එකේ ශාන් විමුක්ති සහෝදරයාවද විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. එහෙනම් කථා ඇති..කතාව බලමු..සබ් එකේ වැරදි තියෙනවනම් සමාව ඉල්ලන ගමන්ම මන් ගියා..ඊලග එපියෙන් හමුවෙමු..

ඔබට ජය…

Fargo (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                        All Episodes                                            Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>