2010 අගෝස්තු 05 වැනිදා චිලී දේශයට සාමාන්‍ය දිනයක් මෙන් හිරු උදාවිය. මිනිසුන් තම රාජකාරි සඳහා පිටත්වූහ. මෙසේ පිටත්වූ පිරිස අතර චිලී දේශයේ ඇටකාමා ප්‍රදේශයේ සිට කිලෝමීටර 40ක් පමණ උතුරින් පිහිටි කොපර්-රත්‍රන් පතලක කම්කරුවෝද වූහ. දිනය නිමාවනවිට රාජකාරි සඳහා පිටත්වූ අනෙක් පිරිස් නිවෙස්වලට පැමිණියද කොපර්-රත්‍රන් පතලේ සේවකයන්ට එසේ පැමිණිය නොහැකි විය.
මේ අනතුර නිසා මුළු ලොවපුරා සියළුදෙනාගේම දෑස් චිලී දේශයට යොමුවිය. හදිසි අවස්ථාවල භාවිතයට තිබූ ආහාර, ජලය භාවිතයෙන් දින 69 ක් අධික උෂ්ණත්වයක් යටතේ ජීවත්වී නිරුපද්‍රිතව නැවතත් පොළොව මතුපිට හිරු එළිය විඳීමය ඔවුන්ට අවස්ථාව ලැබිණ.
2015 වර්ශයේදි නිකුත්වුනු “The 33” චිත්‍රපටය මේ වනවිට Imdb 7.1 ක අගයක් රඳාපවත්වාගෙන තියෙනව. චිත්‍රපටයට පාදක වුනේ 2010 වර්ශයේදී චිලී දේශයේ ඇටකාමා කාන්තාරයේ පතලක සිදුවුණු අනතුරක්. සත්‍ය කතාවලට කැමැත්තක් දක්වන අයට ගැලපෙනම කතාවක්. 2015 නොවැම්බර් මාසයේදි හොඳ කොපියක් නිකුත්වුනත් හොඳ උපසිරැසියක් නොතිබීම නිසා උපසිරැසිය ලබාදීම 2016 දක්වාම ප්‍රමාද වුනා. එහෙනම් වැඩි කතාබහක් නැතුවම චිත්‍රපටය බාගෙන කමෙන්ටුවකින් අපිටත් සංග්‍රහ කරල යන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.
1311 downloads