සත්‍ය කතාවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ ෆාර්ගෝ කතා මාලාවේ හතර වෙනි එපිය අරන් තමයි මම මේ ආවේ.. ඔයාල දන්නව වගේ මේ කතා මාලාව 1979 දී සිදු වූ සත්‍ය කතාවක් ඇසුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ.. ඉතාම විශිෂ්ඨ කතාමාලාවක් වන මෙය මේ වන විට ග්ලෝබල් ග්ලෝබි සම්මාන දෙකක්ද, තවත් සම්මාන 29ක් ඇතුලුව සම්මාන 31ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා..ඒ වගේම සම්මාන 82කට නාමයෝජනා වී තිබෙනවා.
ඉතින් මේ එපිය ගැන කියනවනම් imdb අගය 9.0 ක් තරම් ඉහල අගයක් ලබා ගෙන තිබෙනවා..අද කතාව ගැන කියනවනම් ගර්හාට් පවුල හා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායම් යම් එකගතාවයකට එන්න උත්සහ කරනවා.. ලූ සොල්වසන් දැන් මේ පරීක්ෂනය ගැන බැහැලම වැඩ කරගෙන යනවා. ඔහුට එඩ්ගෙ සහ පෙගීගේ කාර් එක ගැන පොඩි සැකයකුත් ඇති වෙනව..ඉතින් අපි බලමු ඔහු එඩ්ලා ගැන හොයා ගනීද කියලා..ඒ වගේම ගර්හාට් පවුල හා කෙන්සාස් සිටි අතර ගිවිසුම සාර්ථක වෙයිද කියලා..කුතුහලය පිරුනු මේ කතා මාලාවත් එක් වෙන්න ආරාධනා කරන ගමන්ම මන් සමු ගන්නවා…
ඔබට ජය..
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
69 downloads
<< Previous Episode All Episodes Next Episode>>