Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Collateral Damage (2002) with Sinhala subtitles |අධික හානිය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Collateral-Damage-(2002)

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හොඳින් කියල මං හිතනවා, ඉතින් වෙනසකටත් එක්ක Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා, ආනෝල්ඩ්ගෙ ෆිල්ම් නං ඉතින් කොහොමටවත් අමතක කරන්න බෑ කියල ඔයාල දන්නවා, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක් තමයි මේ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නේ 2002 අවුරුද්දෙ, පෙබරවාරි 8 වෙනිදා, ෆිල්ම් එකේ අයි.එම්.ඩී.බී. අගය 5.5 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Andrew Davis කියල කෙනෙක්, ඇත්තටම කිව්වොත්, මේ ෆිල්ම් එක ආනෝල්ඩ්ගෙ ෆිල්ම් වලින් ආපු ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මං කලින් හදපු ජැකි චෑන්ගෙ ෆිල්ම් එකේ සබ් එකට ස්තූතියි කරපු මගෙ සහෝදරයො, යාළුවො හැමෝම මේ වෙලාවෙ මතක් කරනවා, සබ් එකේ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම එකෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එක ගැන විස්තරයක් මේ විදිහට කියන්නම්, ෆිල්ම් එකේ හැටියට ආනෝල්ඩ් සේවය කරන්නෙ ගිනි නිවන හමුදාවෙ, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ගෝඩි බ්රේවර් කියල, එයාගෙ බිරිඳ නර්ස් කෙනෙක්, ඉතින් මේ දෙන්නට ඉන්නවා ලස්සන පුංචි බබෙක්, මෙයාල තුන් දෙනා ජීවත් වෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලිස් නගරයේ, හදිස්සියේම ලොස් ඇන්ජලිස් නගරයේ බෝම්බයක් පුපුරවා හරිනවා, ඒක කරන්නෙ කොලොම්බියානු ත්‍රස්ත නායකයෙක් විසින්, එයාට කියන්නෙ ක්ලෝඩියෝ කියල, මේ බෝම්බ ප්‍රහාරය නිසා බ්රේවර්ගෙ බිරිඳයි පුංචි බබාවයි එයාට නැති වෙනව, මේ සිද්ධිය නිසා මෙයා ගොඩාක් අවුල් වෙනව, ආණ්ඩුවෙන්වත් එයාට සාධාරණයක් කරන්න උත්සාහ ගන්නෙ නෑ, ඒක නිසා බ්රේවර්ට ඕන වෙනවා මේ ත්‍රස්ත නායකයාව අල්ල ගන්න, එයා තනියම කොලොම්බියාවට හොරෙන් ඇතුළු වෙනව, කොලොම්බියාවෙ ඉන්න ත්‍රස්තවාදීන් එක්ක ලොකු සටනක් බ්රේවර්ට කරන්න වෙනවා ක්ලෝඩි කියන ත්‍රස්ත නායකයාව අල්ල ගන්න, ඉතින් සම්පූර්ණ සිද්ධිය දැන ගන්න නම්, ෆිල්ම් එක බලන්නම වෙනවා, නවතින්න කලින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු, සියළුම ජීවීන්ගේ සිතුවිලි ලස්සන වෙන්න කියල!

Collateral Damage (2002) on IMDb

 

 

993 MB (720p.BDRip.x264) කොපිය මෙතනින් ගන්න

1AF36CF4F3A9485E95CE0F12AFB2DD9E0ABA82B1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles