එක දිගට 18+ කතා අරගෙන ආව එකේ මේ සුදානම ළමා චිත්‍රපටයක් අරගෙන එන්න. ඒ වගේම කාලෙකින් නෙව මම මේ ඇනිමේෂන් එකක් කරන්නේ, දැන් ඉස්සර වගේ නෙමෙයි ඇනිමේෂන් එකක් බෙහෙතකට හොයාගන්න නැහැ ඔක්කොම එන්න කලින් කට්ටිය අරගෙන.
2016 ජනවාදී මාසයේ දී ප්‍රංශයේ ප්‍රදර්ශනය ආරම්භ වුන මේ අගනා චිත්‍රපටය නම් වෙන්නේ Tout en haut du monde නමින් ඉංග්‍රීසි නම තමයි ලේසි ඉතින් නමුත් මම හරි නම ම දැම්මා කෝකටත් කියල. මේ වෙනකොට IMDB 7.5 ක අගයක් ලබාගෙන තියන මේ සිනමා පටය තනිකරම දිව යන්නේ ප්‍රංශ භාෂාවෙන්. දාවන කාලය පැය 1 මිනිත්තු 21 පවුලේ සැමටම බලන්න හැකි කතාවක්. Rémi Chayé තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Annecy International Animated Film Festival දී 2015 ප්‍රදර්ශනය කල නිසා තමයි 2015 හැටියට වර්ෂය වැටෙන්නේ, එම සිනමා උළෙලේ දී ප්‍රේක්ෂක සම්මානය ලබාගන්නත් මෙම සිනමා නිර්මාණය සමත් වුනා.
කතාව මෙහෙමයි 1820 රුසියානු ධනවත් පවුලක දියණියක් වන සාෂා යනවා රටේ ප්‍රසිද්ධ ගවේෂකයෙක් වුන තමුන්ගේ සීයා හොයාගෙන උත්ත ධ්‍රැවය වෙත. මේකට හේතු වෙන්නේ ඇයගේ සීයා උත්තර ධ්‍රැවය ගවේෂණයට රුසියාවේ ගවේෂණ කණ්ඩායමක් අරගෙන ගියත් ඔහු ආපහු එන්නේ නැහැ, සාර් වරයා මිලියනයක මුදලක් පවා පොරොන්දු වෙනවා ඔවුන්ගේ නෞකාව සොයා දෙන්නෙක්ට. නමුත් මේ අතරේ ඔවුන්ගේ පවුලට විවිධ කෙනහිලි කම් එල්ල වෙන්න පටන් ගන්නවා, ඉතින් පුංචි සාෂා බොහොම කරදර විදගෙන යනවා තමුන්ගේ පවුලේ ගෞවරය රකින්න. බලන්නකෝ ඒ ගමන කොහොමද කියලා…
මේක බොහොම ලස්සන වගේම සංවේදී කතාවක්, සංගීතය එහෙම හරි අපූරු හැටියකට තමයි යොදාගෙන තියෙන්නේ… එහෙනම් බලන්නකෝ නැවතත් උපසිරසක් එකක් හමුවෙමු…. ආ සිරාජ් මලයා…. ඒ වගේම අපේ නලින් අයියා දෙන්නටම සුභ පැතුම් ඔන්න කඩයිම් පහු කලාට… ඔතන නතර නොවේවි කියලා හිතනවා…. ඔබ සැමට ජය වේවා !
මෙම ලබා දී ඇති උපසිරසි tout.en.haut.du.monde.2015.french.720p.bluray.x264-lost පිටපත සඳහා වලංගු වේ.
193 downloads