Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Anthem of the Heart (2015) with Sinhala Subtitles |මියුරු ලොවකට මියුරු වදන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

The Anthem of the Heart (2015)

පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා එයාගේ ලෝකේ ලස්සන බලබල ඇවිදින්න. හැන්දෑවේ ඉර බැහැගෙන යනකොට කන්දට පහලින් තියෙන නගරයේ ඉර එලිය අඳින සිතුවම් වල ලස්සන බලන්න එයා හුගාක් ආස කලා. කවද හරි දවසක කන්ද මුදුනේ මාලිගාවට කුමාරයෙක් එක්ක ගිහින් නැටුම් උත්සවේට සහබාගී වෙන එක එයාගේ ලොකුම හීනයක්. ඒත්… බිත්තරයක් ඇවිත් ඒ ඔක්කොම විනාශ කරල දැම්මා.!! බිත්තරයා එයාගේ කටට ෂිප් එකක් දාලා.. එයාට එදා ඉඳන් කතාකරන්න බැරි වුනා. ඒත් ඇත්තටම වුනේ නම් ඒක නෙවෙයි, පුංචි ගෑනු ළමයාගේ වැඩේ හැමතිස්සේම කතාව. එයාට හැමෝම කටකාරියක් කියල තමයි කිව්වේ. දවසක් එයා දැක්කා අමුතු දෙයක්. එයා ඇවිත් ඒක අම්මත් එක්ක කිව්වා. ඒක අම්මයි තාත්තයි වෙන්වෙන තරම් දෙයක් වුනා. ඉතින් එයා හිතුවා එයාගේ කටකාර කම තමයි ඔක්කොටම මුල. එයාගේ කට නිසා ඔක්කොම වේදනා විඳිනවා කියලා. ඉතින් බිත්තරය තීරණය කලා එයාගේ කට වහලා දාන්න. කාලය ගතවුනා දැන් එයා උසස් පාසලේ ඉගෙන ගන්නවා. තාමත් එයාට කතා කරන්න බෑ. එයා හරිම නිහඬයි. අනපේක්ශිත විදිහට ඔක්කෝම වෙනස් වෙනවා.එයාගේ ලෝකෙට අලුත් වෙනසක් අරන් යාලුවෝ හතර දෙනෙක් එයා ගාවට එනවා. එයාලා එකතු වෙලා අපේ කතා නායිකාවට අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක නැවුම් ජීවිතයක් දෙනවා. ඒ එක යාලුවෙක් ගැන එයාගේ හිතේ කැමැත්තක්…. එයාට කතා කරන්න බැරි වුනත් ගොඩාක් ලස්සනට සින්දු කියන්න පුලුවන් බව එයා තේරුම් ගන්නවා.. ඉතින් එයාගේ ජීවිතේ ඇත්තටම ලස්සන වෙයිද? කලින් කරපු වැරදි නිසා එයා තවත් වේදනා විඳින්න ඕනේද?

IMDb අගය 7.2ක් වුනු මේ ලස්සන චිත්‍රපටය ජපන් ඇනිමේෂන් නිර්මාණයක්. මගේ හතර වෙනි එක වගේම දැනට කරපු ඒවයින් අමාරුම එක. ගොඩක් ලස්සන වර්ණවත් දර්ශණ වලින් පිරුනු චිත්‍රපටයක්. ලස්සන සංගීතයක් චිත්‍රපටය පුරාවට ගලාගෙන යනවා. KM එකේ නැතුව MPC එකේ වගේ බලනවනම් සමහර තැන්වල සබ් එක position දෙකකට ඈත් කරල ඇති. වචන නිසා කෙනෙක්ට කොච්චර රිදවන්න පුලුවන්ද? තමන් වැඩිය හිතන්නේ නැතුව ඔහේ කියල දාන දේවල් නිසා කෙනෙක් ගොඩාක් දුක් විඳින්න පුලුවන්. ඒ වගේම තමන්ගේ හැගීම් හෙලි නොකර හිතේ තියන් ඉන්න එකෙනුත් තව කෙනෙක් වේදනා විඳින්න පුලුවන්. අපේ ලෝකේ ලස්සන වෙන්න ලස්සන වචන වල තියෙන වැදගත්කම කොච්චරද කියලා මේ චිත්‍රපටයෙන් ඇත්තටම කියාදෙනවා. තවත් නිර්මාණයක් සමගින් ඔබ හමුවෙන්නම්.

ඔබ සැමට තෙරුවණ් සරණයි.

 

 

 

Kokoro ga sakebitagatterunda. (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>