Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Te3n (2016) with Sinhala Subtitles |මහළු තුවාලයකි පැසවනා…කිසිදින සුව නොවනා [සිංහල උපසිරැසි සමග]

$
0
0

Te3n-2016

මොකෝ කියන්නේ…. හින්දි පිලුමක් බලමුද… නිකම් එකක් නෙමේ, වෙලාව යනවා දැනෙන්නේ නැති, කට ඇරගෙන බලන්න පුළුවන් එකක්. කුතුහලේ උපරිමව තියෙන, Kahaani (2012) ෆිල්ම්  වගේ එකක් . එහෙනම් මෙන්න හරියනම ෆිල්ම් එක.  අඩෝ… වගකීමෙන් කියන්නේ. මේක මං මේ අවුරුද්දේ බලපු හොඳම ෆිල්ම් වලින් එකක්.. බොරුද කියලා අරන්ම බලහන්කෝ (අන්තිමට කියන්න ඕන ටික මුලින්ම කීවා, නැත්තම් බොලා අන්තිම වෙනකම් කියවන්නේ නැහැනේ). 

ෆිල්ම් එක TE3N (2016). ජුනි මාසෙදි තමා කල එලි බැස්සේ. විචාරක සහ ප්‍රේක්ෂක අවධානය දිනාගෙන IMDb දර්ශකයේත් 7.4ක් ලකුණු රැස් කරගෙන තියෙනවා. බොලිවුඩ් සිනමාවේ සුපිරිම වැඩකාරයෝ තුන්දෙනෙක්ගේ එකතුවක්. අමිතාබ් බච්චන්, නවාසුද්දීන් සිද්දීක් වගේම විද්‍යා බාලන්.

ජෝන් කියන්නේ මීට අවුරුදු 8කට කලින් තමන්ගේ පුංචි මිනිපිරීව පැහැරගෙන ගිහිල්ලා මරා දමපු සිදුවීමට යුක්තිය හොයාගෙන යන මනුස්සයෙක්. පොලිසිය පවා මේ සිදුවීමට අවධානයක් යොමු නොකරන්නේ කිසිම සාක්ෂියක් හොයාගන්න නැති නිසයි. ඒ කාලේ කේස් එක බාරව හිටපු මාටින් කියන පොලිස් නිලධාරියත් යම් සිදුවීමක් හින්දා කලකිරිලා පැවිදි ජීවිතයට් ඇතුල් වෙලා, ඒ කියන්නේ ෆාදර් මාටින් වෙලා. කවුරුත්ම ජෝන්ගේ නඩුව ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඒත් ජෝන් හිතේ තිබුනේ එකම අරමුණයි. තමන්ගේ මිනිබිරියගේ ඝාතකයා හොයාගන්න එක. හැමදේම අත ඇරලා ඉන්න දවසක ජෝන් මාකට් එකේදී දකිනවා තොප්පියක් දාගෙන ඉන්න පුංචි ගෑනු ළමයෙක්ව. ජෝන්ට මතක් වෙනවා, මේ තොප්පිය නේද තමන්ගේ මිනිබිරී අන්තිම වතාවට පැළඳගෙන හිටියේ කියලා. මේ පොට දිගේ ජෝන් ඝාතකයාව හොයාගෙන යන්න හදනවා. ඒත් හිතපු විදිහට ජෝන්ට ඒ වැඩේ කරගන්න වුනේ නැහැ. ආපහු ජෝන් අසරණ වෙනවා. ඔන්න ඉතින් ඒ අතර තවත් එක පැහැරගැනීමක් වාර්තා වෙනවා. ඒත් පුංචි දරුවෙක්ව. ජෝන්ගේ මිනිබිරීව පැහැරගත්ත සිද්ධියට හැම අතින්ම සමානයි. එකම වෑන් එක, එකම කෝල් එක…. ඔන්න දැන් තමා……………………

එහෙනම් මං යනවා. බාගෙන බලන්න. හරිම ආසාවෙන් තමා මේකට සබ කරේ මම නම්. මං වේගයෙන්ම කරපු සබ මේකද කොහේදෝ. (අන්තිම ලයින් 200ට දවස් දෙකයි ගියේ)

 

Te3n (2016) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

 Te3n (2016) DVDRIP 1CDRIP x264 AAC MSub [DDR] torrent
 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>