Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Step Up 2: The Streets (2008) with Sinhala Subtitles |ජීවිතයම නර්තනයයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Step Up 2-The Streets (2008)

සජිත් ලසන්ත සොයුරා විසින් ලියන ලද ලිපිය

මේ Baiscopelk එකට ලියන මගේ පළවෙනි ලිපිය සහ වෙබ් අඩවියකට ලබා දුන්න පළවෙනි උපසිරැසිය. ඉදිරියට ලබා දෙන්නෙත් Baiscopelk වලට විතරමයි. Baiscopelk එකේ step up 2 චිත්‍රපටියට සිංහල උපසිරැසි තිබුණෙ නැති නිසා මට හිතුණා මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න. හදන හැටි බලාගත්තෙත් Baiscopelk ලා ගෙන්ම තමයි. මේක ටිකක් පරණ චිත්‍රපටයක් නිසා ගොඩාක් අය මේක බලලා ඇති.

චිත්‍රපටිය ගැන කතා කළොත් මේක ප්‍රසිද්ධ Step up චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය. මේ චිත්‍රපටය පළවෙනි චිත්‍රපටයට පොඩ්ඩක් විතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි පළවෙනි චිත්‍රපටය නොබැලුවා කියලා මේක බලන එක ප්‍රශ්නයක් නෑ. මේ චිත්‍රපටයෙ කතා නායිකාව වෙන්නෙ “ඇන්ඩි”. ඇන්ඩිගෙ චරිතය රඟපාන්නෙ Briana Evigan කියන නිළිය. ඇන්ඩි කියන්නෙ, පළමු  චිත්‍රපටියෙ කතා නායකයා, “ටයිලර්” ( Channing Tatum ) ව හදාගත්ත කාන්තාවගේ දුව. මේකෙ පොඩි ජවනිකාවකට ටයිලර් ත් ඉන්නවා. ඇන්ඩි ට වයස 16 දි අැන්ඩිගෙ අම්මා මේ ලෝකෙ හැර ගිහින්, ඇන්ඩි හැදි වැඩෙන්නෙ අම්මාගේ හොඳම මිතුරිය වන සේරා ගාව. ඇන්ඩි ටිකක් දඩබ්බර, නැටුම් වලට කැමති ගැහැණු ළමයෙක්. එයා “4-1- ඕ” කියලා කණ්ඩායමක් එක්ක විදී නර්තනයේ යෙදෙනවා. සේරා මේකට කැමති නෑ. මේ නිසා ඇන්ඩි සහ සේරා අතරත් නිතරම දබර ඇති වෙනවා. සේරා ඇන්ඩිම චම්.එස්.ඒ. කලා පාසලට ඇතුළත් කරනවා. මෙතනදි තමයි ඇන්ඩිගේ ජීවිතයේ වෙනස්කම් ගොඩාක් වෙන්නෙ. මේ පාසලට ඇතුල් වීම නිසා “4-1- ඕ” කණ්ඩායමෙන් ඇන්ඩිව ඉවත් කරනවා. හැබැයි ඇන්ඩිට අළුත් පාසලේ දි “චෙස්” කියන පිරිම ළමයා ව මුණ ගැහෙනවා.  ඒ නිසා ඇන්ඩිගෙ ජීවිතයේ වෙනස්කම් ගොඩාක් වෙනවා. චෙස් ට අමතරව තව යාළුවෙක් ඉන්නවා “මූස්” කියලා. මේ හැමෝම තවත් යාළුවෝ එකතු කරගෙන අළුත් කණ්ඩායමක් හදාගන්නවා. එ් කණ්ඩායම කරන්නෙ මොනවාද? එයාලාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, හැමදේම ඔයාලාට බලා ගන්න පුළුවන් චිත්‍රපටිය බැලුවාම.

“අපි දෙයක් බෑ කියලා අත හැරියොත් ඒක බෑ ම තමයි. ඉතිං හැම වෙලාවෙම පුළුවන් කියලා හිතාගෙන මහන්සි වෙන්න ඕනි.” ඒක තමයි මේ චිත්‍රපටියෙන් ගන්න තියෙන හොඳම ආදර්ශය. ඒ වගේම සැබෑ යාළුකම කියන්නෙ මොකක්ද කියලාත් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරනවා. චිත්‍රපටියේ ප්‍රධාන පිරිමි චරිතය වන  චෙස් ගේ චරිතය රඟපාන්නෙ Robert Hoffman කියන නළුවා. එතකොට මූස් ට රඟපාන්නෙ Adam G. Sevani . එතකොට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jon M. Chu කියන අධ්‍යක්ෂවරයා විසින්. එයාම තමයි චිත්‍රපට මාලාවෙ තුන්වන, හතරවන සහ පස්වන චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්නකො. බලලා අඩු පාඩුත් කියන්න යාළුවනේ.

දිනුෂ්ක උදාර සොයුරා විසින් කළින් ලියන ලද ලිපිය

මම මේ බයිස්කොප් එකට ලියන මුල්ම ලිපියයි. මමනම් ගොඩක් ඩාන්සින් චිත්රුපටි බලන්ඩ ආසයි. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම්ස් වලින් ගොඩක් ලස්සන එකක්. ගොඩක් අය මේක බලල්ත් ඇති. මෙන්න මෙහෙමයි කතාව. ගෑනු ලමයෙක් ඉන්නවා ස්ට්රීලට් ඩාන්ස් වලට ගොඩක් දක්ෂ. එයාගෙ ටීම් එකේ ඉන්න එයගෙ ටීම් එක ඒ ප්රුදේශයෙ තියන ගොඩක් ජනප්රිරය ටීම් එකක්. මේ ගෑනු ලමයට ඇමරිකාවෙ තියන ගොඩක් ප්රරසිද්ධ විශ්ව විද්යාලයකින් ශිෂ්යත්වයක් ලැබෙනවා. නමුත් මෙ විද්යාලයෙදි ඇයට ඉගෙන ගන්ඩ ලැබෙන්නේ හාත්පසින්ම වෙනස් නර්තන කලවක්. ඒ වගේම මේ කාලය අතර තුරදි ඇයට තමන්ගෙ පරන යාලුවන් ගොඩක් නෙති වෙනව.විද්යාලයේදිත් ඇයට ගොඩක් දෙවල් වලට මුහුන දෙන්ඩ වෙනව. ඇය කොයි තාක් දුරට මෙය ජය ගනීද? බාගෙනම බලන්ඩ!


Step Up 2: The Streets (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Step.Up.2.The.Streets.DVDSCR.XViD-HLS

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් ලසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
 

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>