Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chudail Story (2016) with Sinhala Subtitle |සුරූපී වෙසින් පැමිණි උමතු මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chudail-Story-(2016)

මේ වතාවෙත් අරගෙන එන්නෙ එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්, Horror කාණ්ඩයට වැටෙන අලුත්ම හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ පිටපතක් එලියට ආවේ ජූලි 22 වෙනිදා රෑ. කොහොමින් කොහොම හරි පැය කීපයකින් උපසිරැසිය කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයට ලැබිලා තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය නම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබුණේ නැහැ.කොහොමවුණත් ඒ වැරදිත් හදාගෙන, චිත්‍රපටියේ ගීත සියල්ලටමත් උපසිරැසි යොදලා, චිත්‍රපටියට උපරිම සාධාරණයක් කරලා ඇති. මියුරු ගීත කීපයක් අඩංගු වෙනවා.විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටියේ අවසානයට ඉතාමත් මියුරු ගීතයක් අඩංගු වෙනවා.

කතාව ගැන නම් ලොකු විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ.පොඩි විස්තරයක් විතරක් කියන්නම්.යාළුවො පිරිසක්, සාදයක් වෙනුවෙන් ගමනක් යමින් ඉන්නවා.කෙටි මාර්ගයකින් යන්න ඕනෙයි කියලා මෙයාලා වනාන්තරයක් මැදින් වැටෙන පාරකින් යනවා.අවාසනාවකට කුමන හෝ හේතුවක් මත වාහනය හදාගත් නොහැකි ලෙස කැඩෙනවා. තෙරක් නොපෙනෙන ඝන වනාන්තරය මධ්‍යයේ කිසිඳු මිනිස් පුළුටක් වත් දැකගැනීමට නැහැ.නමුත් අහම්බයෙන් මොවුන්ට අති විශාල බංගලාවක් දැකගැනීමට ලැබෙනවා.වාහනය යලි පණ ගන්වා ගැනීමට කාර්මික ශිල්පියෙකු සොයා, මොවුන් ඒ දෙසට ලහි ලහියේ පිය නගනවා.නමුත් මොවුන් මේ ක්‍රම ක්‍රමයෙන් පියනගන්නේ, නැවත කිසි දිනෙකත් ආපසු හැරී පැමිණිය නොහැකි ගමනක් බව කිසිවෙකු හෝ දැන සිටියේ නැහැ.ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටි මෙම පාළු බංගලාවේ වාසය කරන්නෙ එක සුරූපී තරුණ කාන්තාවක් පමණයි.මේ අන් කිසිවෙකුදු නොව, පිරිමින් තම වසඟයට ගනිමින් ඔවුන්ගේ ප්‍රාණය උරාගන්නා මායාකාරියක් බව වටහා ගන්න විට ඔවුන් ප්‍රමාද වී අවසන්.ඔවුන්ගේ ඉරණම කුමන අයුරකින් විසඳේද යන්න සැක හැර දැන ගැනීම ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි.කම්මැලිකමින් තොරව, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන් කතාවක් කියලා නිර්දේශ කරනවා. පුළුවන් හැම දෙනාම අරගෙන බලන්න.

තවත් නිර්මාණයකින් හමුවෙන තුරාවට, ඔබ හැම දෙනාටම ජයවේවා…!

 

 

Chudail Story (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBHD සහ HDRIP පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>