ඔන්න යාළුවනේ හය වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. මේකත් විශේෂම කොටසක්, මේ කොටසෙදි තමා ඔයාලා හැමෝම දන්න කැට් වුමන් කල එළි බහින්නෙ…
බැට්මෑන් ට දැනගන්න ලැබෙනවා පූසෙක් වගේ ඇඳගත්ත ගැහැණියක්, ජපන් මනුස්සයෙක් ගේ පෞරාණික බඩු එකතුවකින් පිළිමයක් හොරකම් කරන්න උත්සාහ කරපු බව. ඒ පූසෙක් විදිහට ඇන්ද ගැහැණියත් පත්තරෙන් දකිනවා බැට්මෑන්ව. ඒ පූස් ගැහැණියට බැට්මෑන් මුණගැහෙන්න ඕන වෙනවා. බැට්මෑන් සහ කැට් වුමන් මුණගැහෙනවා. එතනදි මොකක් වෙයිද, කැට් වුමන් හොඳ කෙනෙක් ද? නරක කෙනෙක් ද?
අන්න ඒ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් ඔයාලා බලන්නකො, වවුල්-පූස් වැඩේ කොහොම එකක්ද කියලා.ඒ වගේම කියන්න ඕන ඔයාලට එපිසෝඩ්ස් ඉක්මනින් ගේන්න ඕන නිසා දවසකට එක එපියකට අනිවාර්යයෙන් සබ් දානවා. පොඩි පොඩි අක්ෂර වින්‍යාස ගැටළු නම් ඇති. ඒවට සමාවෙන්න. වැඩ ගොඩක් අස්සෙ නෙ මේවා ඉතින් අපිත් කරන්නෙ. ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
42 downloads
<<Previous Season All Episodes Next Episode