ෆිල්ම් එක ගැන කියනවනම් මේක Horror ගණයට වැටෙන සලරුවක්. මේ ෆිල්ම් එක 2013 වසරේ තිරගත වුණු ඇමෙරිකානු සිනමාපටයක්. මේ ෆිල්ම් එක Savaged හා Avenged ලෙස නම් දෙකකින් තිරගත වෙලා තියනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael S.Ojeda විසින්. ෆිල්ම් එකේ දෙබස් නිර්මාණය කරල තියෙන්නෙ Michael S.Ojeda හා Deon van Rooyen විසින්. ෆිල්ම් එක රූගත කරල තියෙන්නෙත් ඇමෙරිකාවෙමයි. ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ Cart Before The Horse Productions,Green Dog Films,Raven Banner Entertainment යන සමාගම් එකතුවෙලා. ෆිල්ම් එකට 5.6ක හොඳ Imdb අගයකුත් ලැබිල තියෙනවා.
ඉතින් කතාව ගැන කියනවනම් පැයකුත් මිනිත්තු තිස් හතරක් පුරාවට ගලායන මේ කතාව ගෙතෙන්නෙ ගොළු-බිහිරි තරුණියක් මුහුණ දෙන අවාසනාවන්ත සිදුවීම් මාලාවක් ගැනයි… මේ තරුණියගෙ නම සෝයි ඇය ඇගේ පෙම්වතාව හම්බවෙන්න තනියම මෙක්සිකානු ප්‍රදේශය හරහා ගමන් කරනවා. ඇය ගමන් කරන මාර්ගයේ එක් තැනකදි ඇයට තුවාල වුණ පුද්ගලයෙක් හමුවෙනවා… ඉතින් සෝයි වහනේ නතර කරාම අමු අමුවේ මිනිහෙක් වාහනයකට යටකරල මරලා දාන හැටි සෝයි දකිනවා. සෝයිගෙ ඉරණම ලියවෙන්න පටන් ගන්නෙ එතන ඉදන්… ඒ මිනිහව මරල දාපු දාමරිකයෝ සෝයිව පැහැරගන්නවා. පැහැරගන්නවා විතරක් නෙවෙයි, ඇයට වද දීල දූශණය කරනවා… කොහොම හරි අන්තිමේ මේ දාමරිකයෝ සෝයිව මරල දානවා. ඒත් සෝයි මැරෙන්නෙ නැහැ. සෝයි මළවුන්ගෙන් නැඟිටිනවා, ඒ තනියම නෙවේ. ඉතින් මේ කිව්ව හරිය ඇතිනේ. සෝයිට ආපහු පණ එන්නෙ කොහොමද…. ඇයට වද දුන්නු දාමරිකයන්ට මොකක් වෙයිද…. ඇයට ඇගේ පෙම්වතාව හම්බවෙන්න පුළුවන් වෙයිද … සෝයි එක්ක ඉන්න අනික් කෙනා කවුද… කතාව බලලම තීරණය කරන්නකෝ.
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවෙමු~~
Due to copyright issues, we do not provide any torrent link.
Avenged.2013.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
645 downloads