හම්මේ,ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් අඩවියත් එක්ක සම්බන්ද උනා…මගෙ හිතේ අවුරුදු 3කට විතර පස්සේ. ඒ හින්දා කට්ටියට මාව අමතකත් ඇති. අවුලක් නෑ, ඒ හින්දා පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කෝ.. මම මුලින්ම සබ් එකක් කලේ 10 වසරෙදී.. ඒ කියන්නේ 2013 දී, මුලින්ම කලේ Short Story එකක්, පස්සෙ Gangster කියන හින්දි ෆිලුමයි තව ෆිල්ම් 4 කුත් එක්ක 6ක් දාලා තියෙනවා.. පස්සේ අපොස සා/පෙ වැදුන නිසා වැඩේ අතරමග නැවැත්තුවා.. දැන් ආයෙත් වෙලාවක් අල්ලගෙන සබක් කරන්න හිතුන හින්දා මේල් එකක් දැම්මා. දාලා ටිකකින් සමීර චතුරංග අයියා මලේ මේක කරමුද කියල ඇහුව නිසා බෑ කියන්නේ නැතුව වැඩේට අත ගැහුවා. ටිකක් කරගෙන යද්දි තමයි තේරුනේ අමුතුම තාලේ නියම ෆිල්ම් එකක් කියලා. දැන්ඉතින් අර හසන්ත අයියා කියනවා වගේ පඳුර වටේ තැලුවා ඇති…
එහෙනම් පොඩ්ඩක් මේ ෆිල්ම් එක ගැන විස්තර බලාගෙන ඉමු. මේ ප්රධාන චරිතේ, ඒ කියනනේ කතාවේ හැටියට පච්ච ගහන කෙනාගෙ චරිතය රඟපාන්නේ Robert LaSardo කියන පොර..මිනිහව දැකලා ඇති Death Race ෆිල්ම් එකෙන්… තව Jurassic Park එකෙයි Leon එකෙයි හිටියා. හැබැයි අනිත් නලු නිලියොනම් ජනප්රිය ෆිල්ම් වල රඟපාපු උන් නෙමෙයි… එහෙමයි කියලා අවුලක් නෑ.. iMDb අගයනම් 5ක් වගේ තමයි තියෙන්නේ..(කොහොමත් Horror ෆිල්ම් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඒවට හොඳ Ratings නෑනේ) .ඒ කියලා මේක අවුල් ෆිලුමක් නෙමෙයි..එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ…
මෙහෙමයි සිද්ධිය වෙන්නේ.කැම්පස් යාලුවෝ 6 දෙනෙක් එයාලගේ උපාධි ප්රධානෝත්සවයට කලින් පොඩි සවාරියක් යනවා ලිතුවේනියාවට.ගිහාම ඉතින් පාටිම තමයි.ඔය අතරේ එතනින් කෙනෙක්ට ආරාධනාවක් ලැබෙනවා ඒ හරියේ තියෙන ලොකුම පාටි එකට එන්න කියලා.ඉතින් මොනවද කතා,සෙට් එකම එතනට යනවා.ඔහොම ඉන්නකොට එතෙන්ට එනවා ඇඟ පුරාම පච්ච ගහගත්තු ටිකක් අමුතු කෙල්ලෙක්.ඉතින් මේ කෙල්ල ඔය සෙට් එකේ ඉන්න පොරක් එක්ක සෙට් වෙලා ආතල් එකක් එහෙම ගන්නවා..දැන් මේ කොල්ලට ඕන වෙනවා මේ කෙල්ලගේ පච්ච කඩේට යන්න.ඊට පස්සේ උන්ගේ සෙට් එකේ කෙල්ලෙකුත් එක්කගෙන යනවා මේ කඩේට..මේකේ නම “Parlor”..පච්ච ගහන එකාගේ නම “Artist” (මිනිහට මුලු කතාව පුරාම කියන්නේ ඔය නම.ඕක සිංහලෙන් දැම්මොත් කිසි තේරුමක් නැති නිසා එහෙම්මම තිබ්බා).ඉතින් මේ තුන්දෙනා පච්ච ගහන තැනට ගියාට පස්සේ අර කෙල්ල දකිනවා මිනිහෙකුගේ පිටෙන් කපාගත්තු කෑල්ලක ලොකු පච්චයක් කොටලා තියෙනවා.((හිතාගන්න පුලුවන්නේ සිද්ධ වෙනදේ))..දැන් ඉතින් කතාව කියල ඉවරයි.මොකද ඔතනින් එහාට තමයි සිද්ධිය වෙන්නේ,තියෙන්නේ බාගෙන බලන්න තමයි..සහතිකවෙනවා මේ වගේ ෆිල්ම් එකක් මීට කලින් ඔයාලා බලලා නැතුව ඇති කියලා.මොකද අන්තිමට වෙනදේ හිතාගන්නත් බැරි වෙනවා.. (මේකේ කුනුහරුප එහෙම ටිකක්වැඩියි. (අර I Spirit On Your Grave එකේ වගේ). එහෙමයි කියලා අයින් කලොත් කතාවේ රසය අඩුවෙන හින්දා ඔය තරුවක් දෙකක් දාලා බාගෙට දැම්මා.) එහෙනම් දැනට මේ ඇති කිවුවා…. ඊලඟ පිලුමෙන් ඉක්මනට හමුවෙමු.. හිත හැදෙන්න පොඩි අදහසක් දාලා යන්න…
(බයිස්කෝප් අඩවියට ජය)
Due to copyright issues, we do not provide any torrent links.
Anarchy.Parlor.2015.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
343 downloads