Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (1999) [S01 : E22] |with Sinhala Subtitles |දැනුයි ෂෝ එක පටන්ගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV1

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් ඔයාලා ඉවසුම් නැතුව බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ අවසාන කොටසටයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසෙදි මතකනේ මැක්ස්ව හිරකරලා තිබුණ තැනින් මයිකල් සහ නසේඩෝ බේරගන්නවා. අවසානෙදි ලිස්ගේ පිහිටෙන් ෂෙරිෆ් වැලන්ටිවත් ඇවිත් මැක්ස්ට උදව් කරනවා. ඒත් නසේඩෝට ෆිෂර්ගේ කට්ටිය වෙඩි තියෙනවා. ඔහු ඒක ඇතුලේ හිරවෙනවා. ඉතින් ඔය අතර මැක්ස්ලා බේරිලා යනකොට ෆිෂර්ගේ කට්ටිය පස්සෙන් එලවනවා. මේ කට්ටිය යන්නේ බෙදිලා. මැක්ස් යන්නේ ලිස් එක්ක. මයිකල්, මරීයා, ඉසබෙල් කට්ටිය යන්නේ වෙනම…

ඉතින් ෂෙරිෆ් මේ කට්ටියට හැංගිලා ඉන්න තැනක් කියනවා. ඒත් මැක්ස් ලිස් දෙන්නා එන්නේ නෑ. ඒ නිසා මොවුන් කලබල වෙනවා. පස්සේ ෂෙරිෆ් වැලන්ටිත් එක්ක හොයනවා. මොවුන්ව හම්බවෙන්නෙත් ෆිෂර්ගේ කට්ටිය පස්සෙන් එළවමින් ඉද්දි. කොහොම හරි ඔවුන්ව නවත්තනවා. පස්සේ මොවුන් එකතු වෙලා නසේඩෝව හොයාගන්න හදනවා. ඒත් ඒ ගැන දන්නේ නැති නිසා කෙනෙක්ව අල්ලගන්නවා. ඒත් ඔහු නොකියන නිසා ඉසබෙල් තමන්ගේ බලය යොදලා මොහුගේ මනසට ඇතුළු වෙලා කොහොම හරි ඔහුව හොයාගන්නවා. ඊට පස්සේ ඔවුන් අර බීජ තියෙන කුටියට ගිහින් නසේඩෝව ගෙන්න ගන්නවා.

මේ වෙලාවෙදි මැක්ස් ඇතුළු කට්ටියට නසේඩෝගෙන් තවත් දේවල් දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් කොහොම හරි නොසිතු දේවල් ගොඩක් මේ වෙලාවෙදි වෙනවා. නසේඩෝ බේරගන්නේ කොහොමද, මොනාද වෙන්නේ කියලා මේ අවසන් කොටසින් දැනගන්න පුළුවන්. ඉතින් හැම කතාවෙම වගේ ප්‍රශ්න ගොඩක් ඉතිරි කරමින් මේ කතා මාලාව අවසන් වෙනවා. ඉතින් පළමු කතා මාලාව සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසි එක්ක ගේන්න මට පුළුවන් උනා. දෙවැනි කතා මාලාව සහෝදරියක් ගේනවා. ඉතින් දෙවැනි කතා මාලාවත් ඉක්මනින් ඔයාලට බලන්න පුළුවන්. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්න. 

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      2nd  Season >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>