හරියටම දවස් විස්සයි. ඔන්න අද මං අන්තිම කොටස ඉවර කළා. මේක පලවෙද්දී නම් ප්‍රමාද වෙයි. මොකද අඩවිය නිතර නිතරම ඇද වැටෙන නිසා හා සැලකිය යුතු හේතු නිසා. මං තමයි මස්කිටියර් දෙවැනි කතාමාලාව කලේ. තුන්වෙනි කතාමාලාච මේ අවුරුද්දේ නිකුත් වුනාට ඒ වෙද්දී මට කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ ඒ වෙද්දීත් කතාමාලා දෙකක් කරමින් හිටිය නිසා. ගොඩක් අය කියලත් තිබුණා මේක දෙන්නේ නැද්ද අරකයි මේකයි. නමුත් ඉතින් තේරෙනවා ඇතිනේ එහෙම ගොඩ ගොඩ කරන්න බෑ කියලා. ඒ හන්දම මේක මං ගිය මාසේ දෙන්න ගත්තම මං හිතුවේ කට්ටිය බලන එකක් නෑ කියලා. කමෙන්ට් ඕනේ නෑ කියමු, බාගතකිරීම් තිබුනෙම හාරසීය ගාණක්. ඒත් දෙවැනි කතාමාලාව දිහා බැලුවොත් අඩුම තරමේ දාහ පන්නලා තිබුණා. ඒ ඔක්කොමත් හරි කියමුකෝ පළවෙනි කොටසේ තිබුණු බාගතකිරීමවත් පස්සේ දීපු කොටස් වල නැතුව ගියපු එක දුක. මේවා මෙහෙම නම් තව සමහරු ඔය ඉල්ලීම් කරන ඒවට නිකමට හරි උපසිරැසි කරන්න ගියොත්?!
කතාව හිතුවෙම නැති විදිහටයි වෙනස් පැත්තකට හැරුණේ. ලුවී රජතුමා අසනීපයකින් මිය ගියා. ඩෝපෑන්ව බේරගන්න ගිහින් ට්‍රේවිල් මියගියා. ඒවගේමයි ග්‍රිමඩ් ගැස්ටන්ගේ ඥාතියාවත් මරලා දැම්මා. ඔතනින් පස්සේ ගැස්ටන්ව ඇහැකටවත් පේන්න හම්බුනේ නෑ. ට්‍රේවිල්ගේ අවමංගල්‍ය ඉවර වෙලා හැමෝම වගේ තැබෑරුමේ ඉද්දි ග්‍රිමඩ් බෝම්බ වලින් පහර දෙනවා. කිහිප දෙනෙක් නම් මිය යනවා. මේ අතරේ කොන්ස්ටන්ස් හා බෲජෝන් බලකොටුවට යනවා වයින් අරන් එන්න කියලා. ඒ අතරේ ග්‍රිමඩ් බලකොටුව බිමටම සමතලා වෙන්න පහර දෙනවා. ග්‍රිමඩ් සිල්විව ඇමක් විදිහට පාවිච්චි කරලා මස්කිටියර්ලව ළගට ගෙන්නගෙන මරලා දාන්න තමයි තවමත් උත්සහය. නමුත් මේ කියන දේවල් කරගන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.
මෙතෙක් කල් කතාමාලාව හා සම්බන්ධ වෙලා මගේ උපසිරැසි බාගතකරපු වගේම අදහස් දක්වපු හැමෝටම ගොඩක් තුති.
ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E09.WEB-DL.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
125 downloads
<< Previous Episode All Episodes Next Season