ආයුබෝවන් හැමෝටම!මම අදත් කොරියානු බයිස්කෝප් එකක් අරන් තමයි ආවෙ වෙනද වගේම.මං හිතනවා ”kundo:age of the rampant’‘ චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා.බැලුවෙ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙදා පාර අරන් ආවෙ නම් ටිකක් බය හිතෙන බයිස්කෝප් එකක්.ටිකක් කිව්වට ටිකක් වැඩිපුරත් එක්ක බය වෙන්න පුලුවන්.අපිත් ආසයිනේ ඒ වගේ බයිස්කෝප් වලට.පැහැදිලිවම කිව්වොත් ශරීරයකට වැහුණු යක්ෂ ආත්මයක් එළවන හැටි තමයි මේකෙ තියෙන්නෙ.මං හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා.මං බය නැතුව කියනවා මේක බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ කියලා.”The Priests” මේ චිත්‍රපටිය ඉස්සරලම තිරගත කරලා තියෙන්නෙ 2015 නොවැම්බර් පස්වන දින දකුණු කොරියාවෙත් දෙසැම්බර් 04 වන දින ඇමරිකාවෙත් ය.ඒ වගේම ඇ.ඩො.මිලියන 34.7කආදායමක් උපයා ගන්නත් මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා. imdb අගය 6.3 ක් ලබා ගත් මෙම චිත්‍රපටය පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිවයනවා.
ලොකු ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක් නෑ අද කෙළින්ම කතාවට බහින්නම්,
ඉස්කෝලෙ යන ගෑණු ළමයෙක්ව,ඒ කියන්නෙ Young-Sin (Park So-Dam,මෙයා ‘the silenced’movie එකේ හිටියා.),මෙයාව එක රැයකදි කාර් එකකට හැප්පෙනවා.වැඩි දවසක් යන්න කලින් මෙයා අභිරහස් අසනීපයකින් විදවන්න පටන් ගන්නවා.
Kim පූජකතුමා (Kim Yun-Seok,මෙයා හිටියා ‘yellow sea’movie එකේ. ) මේ Young-Sin ව අදුරනවා,ඒ වගේම මෙයාව බලන්න ඉස්පිරිතාලෙට එනවා.පූජකතුමාට විශ්වාසයි මේ ගෑණු ළමයට භයානක ආත්මයක් ආවේශ වෙලා කියලා. මෙයා පූජාවකට එහෙම නැත්තන් තොවිලයකට ලෑස්ති වෙනවා කොරියානු කතෝලික දේවස්ථානයෙ උදව් ඇතිව. කිම් පූජකතුමා ඔහුට උදව්වට අත් උදව් පූජක කෙනෙක් එහෙම නැත්තන් උප යකැදුරු කෙනෙක්ව ඉල්ලනවා, ඒත් තොවිලෙන් ටික දවසකට පස්සෙ හැමෝම මඟ අරිනවා ඒක කරන එක.ඇයි කියලා ඔයාල බලද්දිම තේරෙයි. දෙව්මැදුරෙ ඉගෙන ගන්න Choi පූජකතුමන් (kang Dong-Won,මෙයා ‘kundo:age of the rampant’ movie එකේ හිටියා ) ව එකොළොස් වෙනි උප යකැදුරු හැටියට Kim පූජකතුමාට උදව් කරන්න තෝර ගන්නවා. මේ දෙන්නට එක දවසයි ඉතුරු වෙලා තියෙන්නෙ Young-Sin ව බේර ගන්න. මෙයාලට ගෑණු ළමයව බේර ගන්න පුලුවන් වෙයිද?යක්ෂ ආත්මය මොන වගේද කියලා ඔයාල බලන්න.බලලා මටත් කියන්න.පොඩි ළමයි වගේම හදවත් රෝග තියෙන අය නොබැලුවට කමක් නෑ. එහෙනම් ගිහින් එන්නම් තවත් උපසැරසියක් අරගෙනම.කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම චාමල් කැලුම් අතපත්තු.
බය වේවා! ජයවේවා! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
The.Priests.2015.HDRip
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
364 downloads