මං බයිස්කෝප් අඩවියත් එක් ගනුදෙනු කරන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්. හැමදාම බයිස්කෝප් අඩවියට ගොඩවැදිලා උපසිරැසි අරන් යනවා. නමුත් බයිස්කෝප් අඩවියට මට පුලුවන් විදිහට සේවයකුත් කරන්න හිතේ ලොකුවටම තිබුණා. ඉතින් මං මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවිය හරහා ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම. මං මේ කතාමාලාවට උපසිරැසි කරන්න භාර අරගෙන නම් සෑහෙන කාලයක් වෙනවා. අවුරුද්දක් විතර. නමුත් කාල වේලාවේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වුන නිසා මේක කරන්න ගොඩක් කල් ගියා. මේක කල් යන්න අනික් හේතුව තමයි මායාබන්ධන කතාමාලාවන් දෙක සඳහාම ඉංග්‍රීසි උපසිරැසි නොමැති වීම. ඉංග්‍රීසි උපසිරැසි තියෙනවානම් ඉතින් වැඩේ ලේසියි කියලා හැමෝම දන්නවානේ. ඒ නිසා මේ උපසිරැසියට ටයිම් ලයින් එකේ ඉඳන්ම මට හදන්න සිද්ධ වුනා. උපසිරැසි අසා-ලිවීමක් තමයි කළේ. ඒ නිසා සමහරවිට වැරදීම් නම් සෑහෙන්න ඇති. නමුත් මං හිතන්නෙ නෑ ඒ වැරදි කතාව රසවිඳින්න තරම් බාධාවක් වෙයි කියලා.
කතාව ගැන කියනවානම් ඉතින් මායාබන්ධන [Spellbinder] කීවම නොදන්නෙ කවුද නේද? මේ කතාවේ වටපිටාව ගැන කියනවානම් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Shirrefs සමඟ John Thomson. මේක නිෂ්පාදනය කරපු අවුරුද්ද විදිහට සඳහන් වෙන්නේ 1995. මේක ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක්. මෙහි පෝල්ප් විදිහට ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Zbych Trofimiuk. ඒ වගේම කොල්ලෝ කවුරුත් ආදරය කරන රියානා ගේ චරිතයට පණ දෙන්නේ Gosia Piotrowska.
කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ කියලා මං දන්නවා. ලොකු කුඩා කවුරුත් මායාබන්ධන කීවම ඉතින් දන්නවානේ. මේ පෝල් කියන්නේ තවම යන්තම් අවුරුදු 15 ක් විතර වෙන කොල්ලෙක්. මෙයාගෙ හොඳම යාළුවා තමයි ඇලෙක්ස්. මේ දෙන්නා එකම පන්තියේ. ඇලෙක්ස් ඉගෙනගන්න කම්මැලියි. ලියන්න කියන්නත් ටිකක් අමාරුයි. මෙයා ජාමෙ බේරාගන්නේ පෝල්ගේ පිහිටෙන්. දවසක් මේ පන්තියේ ළමයි ටික විද්‍යා ව්‍යාපෘතියකට සූර්යග්‍රහණයක් නරඹන්න කඳුකර ප්‍රදේශයකට යනවා. මේ ගමනේදි අරුම පුදුම විදිහට පෝල් යම් දොරක් වැනි තැනකින් ඇතුලට යනවා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන දේවල් නම් ටිකක් අමුතුයි. පෝල්ට එහෙදි යම් යම් අමුතු දේවල් දකින්න ලැබෙනවා. ඉතින් වැඩි විස්තර නම් කියන්න යන්නෙ නෑ. මේක බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතා ඉක්මනින් ඉතුරු උපසිරැසියෙන් හම්බ වෙමු. ඒ වගේම කියන්න කැමතියි උපසිරැසිය බාගෙන නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් එහෙම දාලා පොඩ්ඩක් දිරිගන්වලා යන්න කියලා. ඒ වගේම අඩුපාඩු දහසකුත් ඇති. ඒවා හදාගන්නත් ඕනි නිසා හැම දේම කමෙන්ට් එකක් විදිහට දාලා යන්න. එහෙනම් මායාබන්ධන රසිකයන්ට ජය වේවා!!!
තව දෙයක් කියන්න ඕනි… මේකෙ සීසන් එකටම සබ් කරලා ඉවරයි. ටොරන්ට් එක ඇතුලෙ සියලුම කොටස් අන්තර්ගත වෙනවා. කැමති කෙනෙකුට බය නැතුව සීසන් එකම බාගන්න පුලුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
44 downloads