Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Black Widows (2016) with Sinhala Subtitles |කනවැන්දුම් කාන්තාවෝ. [සිංහල උපසිරැස සමඟ]

$
0
0

Black Widows (2016)

කිවුවා වගේම ඔන්න මම ඉක්මනට ආවා තවත් කතාවක් අරගෙන. මේකත් ටිකක් වෙනස් කතාවක්. මාතෘකාව දැක්කම හිතාගන්න පුලුවන්නේ. වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ විස්තර ටිකක් බලලා ඉමුකෝ. මේක Release උනේ 2016.08.05( මගෙඋපන්දිනය දවසෙමයි) වර්ගීකරනය කරලා තියෙන්නේ Comedy කියලා. iMDb අගය නම් 5ක් වගේ තමයි තියෙන්නේ. අවුලක් නෑ ෆිල්ම් එක බලන්න පුලුවන්. මේක මට බාරදුන්නේ අපේ “වීමා” නොහොත් ශාන් අයියා.එයාටත් මං ස්තූතිවන්ත වෙනවා මේක ලබාදුන්නට. ඉන්න නලු නිලියොනම් එච්චර ජනප්‍රිය නෑ. එහෙමයි කියලා අවුලක් වෙන්නෙ නෑ. එහෙනම් කතාව පැත්තට හැරෙමු නේද.

මෙහෙමයි වෙන්නේ, මේකේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. මේ තුන්දෙනා හොඳම යාලුවෝ. කන්නේ බොන්නේ, එහෙ මෙහෙ යන්නේ ,ඔය වගේ සේරම දේවල් කරන්නේ එකතු වෙලා.ඔතනින් ඔලිවියා කියන කෙනා බැඳලා ඉන්නේ. නෝරා කියන කෙනාට පෙම්වතෙක් ඉන්නවා.ඩාර්සි ,ඒ කියන්නේ අන්තිම කෙනාට පෙම්වතෙක්වත් නෑ. ඉතින් ඔය ඔලිවියයි නෝරායි එකතු වෙලා මෙයාට පෙම්වතෙක් හොයලාදෙනවා Online Dating Web Site එකකින් ඉතින් කොහොමහරි ඒ කොල්ල මේ කෙල්ලත් එක්ක කතාබහ කරකර ඉන්න අතරේ මෙයාව කාමරේට එක්කගෙන ගිහින් …….දානවා.(දන්නවනේ ඉතින් ඕවා ලියන එක හරි නෑනේ)..ඉවර වෙලා යන්න හදද්දී මූ ආයෙ ඇවිත් කෙල්ලගේ අකමැත්තෙන් ආයෙත්……..කරනවා.. මේකට කෙල්ලට දුක හිතිලා දවස් දෙකක් යනකන් යාලුවන් එක්කවත් කතාකරන්නේ නැතුව කාමරේට වෙලා හැංගිලා ඉන්නවා…..පස්සේ යාලුවෝ මෙයාව හොයාගෙන වුන දේ අහගත්තට පස්සේ මේ තුන්දෙනා ප්ලෑන් එකක් ගහනවා ඒ කොල්ගෙන් පලිගන්න…එතන ඉඳන් තමයි ආතල් එක පටන් ගන්නේ..ඔතනින් එහාට ඉතින් කියලා වැඩක් නෑ. මම ඔය පැහැදිලි කලේ විශේෂම හරිය විතරයි.. දැන් ඉතින් ෆිල්ම් එක බාගෙන බලන්න තමයි තියෙන්නේ.(මට හොඳට ලිපි ලියන්න තේරෙන්නේ නෑ. ඒ හින්දා නිකන් විකාරේ වගේ ඇති).. එහෙනම් ඔය ඇති.බාගෙන යනගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න…

***මතක තියාගන්න, කවදාවත් ගෑනු එක්ක සෙල්ලම් කරන්න එපා***
(මේ ෆිල්ම් එක බලලා මම තේරුම්ගත්තේ ඕක තමයි)

 

(බයිස්කෝප් අඩවියට ජය)

Black Widows (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Black Widows 2016 720p WEBRip 575 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>