Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Let’s Fight Ghost [2016 – E13 & E14] with Sinhala Subtitles |එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0
Let's-Fight-Ghost
යාළුවො එක්කොම ඉස්සෙල්ලම සමාවෙන්න මේ වතාවේ උපසිරැසි ගේන්න මේ තරම් කල් ගියාට. නොහිතපු විදිහෙ කාර්යබහුල කමක් ආපු නිසා  වෙලාවට මේක ඉවර කරගන්න බැරි වුනා. ඉතින් මේ වතාවට  සමාවෙලා මේක බලන්න. ලබන වතාවෙ වෙලාවට උපසිරැසි අරගෙන එන්නම්. එහෙනම් ලබන සතියෙ අවසාන කොටස් දෙකෙන් හමුවෙමු…
13කොටස
අතීතෙ මතක නැති වුනත් ඔන්න හන් ජි බොන්ග් පල් දෙන්නා ආයෙමත් ආදරවන්තයො වෙනවා. ඒත් දැන් හන් ජි ටත් බොන්ග් පල්ට වගේම අවතාර පේන්න අරගෙන. ඒකෙන් ඇය ගොඩක් බය වෙනවා. මහාචාර්යතුමා දැනගන්නවා තමන් මෙච්චර කල් හොයපු දේ හන් ජි ලඟ තියෙනවා කියලා. ඉතින් දැන් මහාචාර්යතුමාගෙ එකම බලාපොරොත්තුව ඒක හොයාගන්න එකයි. ඔහු බොහොම දක්ෂ විදිහට ඒ වැඩේ කරගන්න හන් ජි ගෙ පවුලට කිට්ටු වෙනවා. පූජකතුමා වගේම පොලීසියෙනුත් මේ අතර මහාචාර්යතුමා ගැන ගොඩක් විස්තර හොයාගන්නවා.
 
12කොටස
බොන්ග් පල්ගේ තාත්තගෙ මිණිය අහම්බෙන් කැලේ ගිය මනුස්සයෙක්ට හමුවෙනවා. ඒක වලලලා මාස දෙකක් විතර කියලයි පොලීසියෙන් කියන්නේ. තාත්තා එක්ක කිසිම විදිහෙ ආශ්‍රයක් නැතිව හිටිය බොන්ග් පල්ට මේක දරාගන්න බොහොම ආමරු දෙයක් වෙනවා. බොන්ග් පල්ගේ තාත්තගේ මරණෙට ආපු හන් ජි ඔහුගෙ තාත්තව දැක්කම ඔහුව හමුවෙලා තියෙන බව හුන ගන්නවා. ඒත් ඔහු දුන්න ඒ දේවල් කොහෙද තිබ්බේ කියලා ඇයට මතකයක් නැහැ. මේ වතාවෙ නම් පොලීසියට මහාචාර්යතුමා ගැන බොහොම ශක්තිමත් හෝඩුවාවක් ලැබෙන්නයි යන්නේ...

මෙම කතාංග දෙකේම උපසිරසි පහත උපසිරසි ගොනුව තුළ ඇතුලත් වේ.

 Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bring.it.on.Ghost.E13[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E14[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>