Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Highlander (1986) with Sinhala Subtitles |කඳුකර වැසියා 1 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Highlander-(1986)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. ඉතින් ඔන්න ඔයාලට මම ඒක අරගෙන ආවා. ඒ වගේම අසිත සහෝ, බොහොම ස්තුතියි මේ චිත්‍රපට ගැන මාව දැනුවත් කලාට. ඇත්තටම මේකේ කොටස් පහක් තියනවා. මම දැනගත්තේ මේ ලිපිය සොයන්න තොරතුරු හොයන කොට. ඉතින් ඉදිරි කාලයේ පුළුවන් උනොත් අනිත් කොටස් ටිකත් අරන් එන්න බලන්නම්. ඒත් පොඩි කාලයක් යාවි. මොකද බාර ගත්ත කිහිපයක් තියනවා ඉස්සෙල්ලා ඉවර කරන්න. කොහොම උනත් IMDb 7.2 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය Action, Adventure, Fantasy ගණයට අයිති වෙනවා.

කතාව ගැන කියනවා නම් ලෝකේ ඉන්නවා අමරණිය මිනිස් කොට්ටාශයක්. එයාල මරන්න පුළුවන් බෙල්ල වෙන් වෙන්න කපා දැමීමෙන් පමණයි. ඒ වගේම එයාලගේ සම්ප්‍රදායක් තියනවා එකිනෙකා මරා ගන්න එක ලෝකේ එක්කෙනෙක් ඉතිරි වෙනකම්. අන්තිමට ඉතිරිවෙන කෙනා තමා හයිලන්ඩර් නොහොත් කඳුකර වැසියා වෙන්නේ. ඉතින් මේ වැඩේ වර්ෂ ගණනාවක් තිස්සේ වෙනවා. එත් එක්කෙනෙක් මේ අතරේ විශේෂයි. ඒ කොහොමද, එයා මේ සම්ප්‍රදාය ඉදිරියට අරන් යාවිද නැතිනම් වෙනස් කරාවිද දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මම ඊළඟට අරන් එන්නේ සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඇත්තටම ඔයාල හොඳටම දන්නා සුපිරි වීරයෙක්. ඒත් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැ කියල කියන්න පුළුවන්. ඉතින් මම ඒකත් අරන් එන්න බලන්නම්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ අදහස්, යෝජනා සහ මේ වගේ චිත්‍රපට ගැන මාව දැනුවත් කරන්න. හැකි උපරිමෙන් මම ඒවා ඔයාලට අරන් එන්නම්. එත් අලුත් චිත්‍රපට සහ ටි වී සිරියල් මගෙන් ඉල්ලන එක තේරුමක් වෙන එකක් නැ. මොකද අලුත් චිත්‍රපට කරන්න ඕන තරම් සහෝදරයන් ඉන්න නිසා සහ පෞද්ගලිකව මම ටි වී සිරියල් අකමැති නිසා මම ඒවා කිරීමෙන් වැළකිලා ඉන්නේ. ඒත් මේ වගේ සැඟවී ගිය චිත්‍රපටයක් දැක්කොත් අනිවාර්යයෙන් මගේ ලිස්ට් එකට ඇතුලත් කර ගන්නවා. එහෙනම් මම ගිහින් එන්නම්.

බුදු සරණයි …..!

Highlander (1986) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Highlander.1986.720p.BluRay.x264.YIFY

Highlander.1986.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම (BR) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>