Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Neon Demon (2016) with Sinhala Subtitles |සුන්දරත්වයේ අඳුරු පැතිකඩ (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Neon Demon (2016)

දැන් මට පේන විදිහට සතියට සැරයක් මං ඔයාලට උපසිරැසි අරං එනවා වගේ. ගිය සතියේ මං දුන්න Kickboxer: Vengeance (2016) චිත්‍රපටයට නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. කමෙන්ට් දාපු හැමෝටම සහ චිත්‍රපටය බලපු හැමෝටම මගේ හදපිරි මෙව්වා එක. ඒ වගේම මට සමහරු FB Request එහෙම එවලත් තිබ්බා. සන්තෝසයි. සන්තෝසයි. සන්තෝසයි. අද නිවාඩු නිසා ගෙදර අය වැඩ දෙනවා. ඒවායින් බේරිලා ඔන්න මගේ මංගල දහවෙනි උපසිරැසිය දෙන්න තීරණය කලා. දහවෙනි එක විදිහට මොකක්ද දෙන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ. බාර ගත්ත උපසිරැසි ගොඩක් තියන නිසා විමා කොල්ලට හැමතිස්සෙම කරදර කරන්නත් බෑ අලුත් චිත්‍රපට ඉල්ලලා. ඒත් ඉතිං මං දන්නවා විමා බොක්කෙන්ම සපෝට් කරනවා කියලා මට උපසිරැසි සෙට් කරන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව අද කතාවට බහිමුකෝ. මේකත් මේ අවුරුද්දේ එළියට ආපු චිත්‍රපටයක්. හරියටම කියනවා නම් 2016 ජූනි 23 ජර්මනිය දී. Nicolas Winding Refn කියන කෙනා අධ්‍යක්ෂණය කරපු මේ කතාවෙ IMDb අගය 6.7ක් වෙනවා.

කතාව ටිකක් අමුතුයි. අපි හැමදාම බලන ඇක්ෂන්, කාටුන්, (ඉ)ලව්, හොල්මන් කතා වලට වඩා ගොඩක් වෙනස්. කතාවට මුල් වෙලා තියෙන්නේ නිරූපණ ශිල්පය. අපි ඔය සිංහලෙන් මොඩ්ලින් කියලා කියන්නේ. අන්න ඒක. ජෙසී (Elle Fanning) කියන්නේ දෙමව්පියන් නැති වයස 16ක ලස්සන කෙල්ලෙක්. එයා පොඩි නගරයක ඉඳල ලොස්ඇන්ජලීස් වලට එනවා නිරූපිකාවක් වෙන්න. වයස 16 කියන්නේ පොඩි වයසක් නිසා එයාව මොඩ්ලින් වලට ගන්න අය එයාට කියනවා වයස 19යි වගේ ඉන්න කියලා.  ජෙසීගේ ලස්සන නිසා එයාට අනිත් නිරූපිකාවන්ට වඩා පිලිගැනීමක් වගේම, දියුණුවකුත් ලැබෙනවා. මේක බලන් ඉන්න බැරි එයා වටේ යාළුවො වගේ ඉන්න අනිත් පිස්සු කෙල්ලො එයාගෙ ජීවිතේ විනාශ කරන හැටි තමයි කතාවෙන් කියන්නේ. කොහොමත් ගෑණු පාර්ශවය ගොඩක් වෙලාවට ඉතිං තව කෙල්ලෙක් ලස්සනට ඉන්නවා දකින්න එච්චර ආස නෑනේ. එහෙම කිව්වම කෙල්ලො මාත් එක්ක දැන් තරහ වෙයිද දන්නෑ.

මේ කතාව බලද්දී මට ඇත්තටම මතක් උනේ අපේ ගමේ ගොඩේ කෙල්ලො කොළඹට ඇවිත් මේකප් දාන්, මොඩ්ලින් කරලා තමන්ගේ ආත්මයත් විනාශ කරගන්න හැටි. මේ කතාවෙත් පොඩි සීන් ටිකක් තියන නිසා ඔන්න 18+ කියන්න ඕන කලින්ම. අනේ මන්දා මේ ටිකේ බාර ගන්න ඔක්කොම කතා එහෙමයි අප්පා. ඒත් මේ කතාව බලන එක වටිනවා වගේම වෙනසකටත් එක්ක හොඳයි.

ජේසීට අමතරව හෑන්ක් (Keanu Reeves), රූබි (Jena Malone), සේරා (Abbey Lee Kershaw) වගේම ජෑන්  (Christina Hendricks) කියන අයත් මේ කතාවෙ රඟ පානවා.

හරි එහෙනම් බලන්නකෝ මේකත්. මං හිතනවා ඔයාල මේ කතාවට කැමති වෙයි කියලා. බාර ගත්ත අනිත් චිත්‍රපට වලට උපසිරැසි අරගෙන මං හැරෙන තැපෑලෙන් ආපහු එන්නම්. පහල දෙබස මං ගත්තෙ මේ කතාවෙන්.

“ලස්සන කියන්නේ හැමදේම නෙමෙයි. ඒක දෙයක් විතරයි”

ජය වේවා!

The Neon Demon (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>