Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mr. Robot [S02 : E06] with Sinhala Subtitles |දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Mr-Robot-S02-01

ඩිපීරෝ ඇතුළු තවත් ඒජ්නට් කෙනෙක් චිනේ ගිහින් ජාන්ග් අමාත්‍ය එක්ක සංචාරයේ යෙදෙන්න මොහොතකට කලින් එයාලා නැවතිලා ඉන්න තැනට කවුදෝ මන්දා කට්ටියක් ඇවිත් පහර දුන්නානේ. ඩිපීරෝ විතරයි ද බේරුණේ? පෙනුණේ නම් එහෙමයි. නමුත් ඇතුලේ තවත් FBI ඒජ්නට් කෙනෙක් ඉදලා. කවුද ඒ? ඩිපීරෝනම් සැක කරන්නේ මේක අදුරු හමුදාවේ වැඩක් කියලා. ඇත්තටම මේක කලේ අදුරු හමුදාවද? කට්ටියට තියෙන එකම විකල්පය තමයි ඇන්ජෙලා. ඒවගේම තමයි ඒකෙ අනිත් පැත්ත. ඇන්ජෙලාට එකම විකල්පය අපේ හොදම හැකර්ලා ටික. දැන් ඉතින් ඇන්ජෙලාව ඩාර්ලීන් ඇතුළු කට්ටිය එකතු වෙලා සුදානම් කරනවා. නමුත් ඉතින් හැකින් කරන එක දවසින් කියා දෙන්න බෑ කියලා දන්නවනේ. 😛 වෙන එකක් තියා කෝඩින් වළට කවුරු මොන තරම් ආසා උනත් ඒක දවසින් කියාදෙන්න වගේම ඉගෙන ගන්න අමාරුයි. කොහොමහරි පහුවදා FBI එක හැක් කරන්න තමයි ඕනේ සැලසුම් කරපු විදිහටම. ඒක මොන විදිහට වෙයිද? රේ කියන්නේ හොද මිනිහෙක් කියලා දැක්කනේ. මිනිහා කරගෙන යන්නේ හොද නැති වෙබ්අඩවියක්. මේ ගැන හාරඅවුස්සලා බැලුවා කියලා එලියට්ට හොදටම ගහලා ඉස්පිරිතාලෙත් නතර කරලා. අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා. මේ කොටසේ මුල් හරිය නිකන් පැරඩි වර්ෂන් එකක් වගේ. හාස්‍යජනක ඒවා යන්නේ. ඒ හැටි ගණන් ගන්න එපා හොදේ. අනික තමයි මේකේ කම්පියුටර්වල භාවිතා වන ඇතැම් වචන මං සිංහලෙන් දැම්මේ නෑ කැත නිසා. මං කියන්නේ ඕනේ නෑනේ මොන තරම් කැතද කියලා. කෝඩින් ඉංග්‍රීසියෙන්ම තිබ්බා. අනෙක් සමහර එව්වා අංග්‍රීසි වලින් කෙටුවා.

ගිහින් එන්නම්. හැකි විගස අනෙක් කොටසින් හමු වෙන්නම්.! හැමෝටම ජයෙන් ජය!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.Robot.S02E06.PROPER.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>