Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Atonement (2007) with Sinhala Subtitles |හිතට,හිත ඇතුලට! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Atonement (2007)

නාමික සඳරුවන් සොයුරා විසින් ලියන ලද ලිපිය.

පුද්ගලිකව කිවුවොත් මේක  මගේ හිත කම්පාවට පත් කල කතාවක්.. ” කෙනෙක්  කරන එකම එක දෙයකින් පවා වෙනත් කෙනෙකුගේ ලස්සනට ගලාගෙන යන්න තියන අහිංසක ජීවිතයක් කොච්චර කටුක අමිහිරි එකක් බවට පත් කරන්න පුලුවන්ද, ඒ වගේම ඒ දේ කරපු කෙනාටත් කාලයක් ගියාට පස්සේ තමන්ටම සමාව දීගන්න බැරි තරම්ම ඒක කොයි තරම් වධ දෙනවද කියලත් හිතලා බලන්න.”

‘රොබී’ කියන්නේ ‘සිසීලියා’ ගේ ගෙදර ප්‍රධාන මෙහෙකරු ගේ පුතා. නමුත් හොඳ අනාගතයක් ලබන්න හිටපු කෙනෙක්. සිසිලියා සහ රොබී ආදරය කරනවා. කතාව ගලාගෙන යන්නේ මේ දෙදෙනා වටා ගෙතෙන සිදුවීම් ඔස්සේ.

‘රොබී ‘ සහ ‘ සිසීලියා ‘, ජීවිතේ ලස්සනම කාලේදී තමන්ගේම කියලා  අළුත් ජීවිතයක් පටන්ගන්න හිටියේ, නමුත් දෛවය කියන්නේ ඒ තරම් ලස්සන දෙයක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාලෙට යන්න තිබුණ රොබී ගේ සිහිනය බොඳ වෙලා, එකතු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න සිසිලියා ගේ තිබුණ සිහිනයත් බොඳ වෙලා යන්නේ නොසිතූ ආකාරයටයි. දෛවෝපගතව වෙන් වෙන්න සිදු වුනත් ඔවුන් බලාපොරොත්තු නැති කරගන්නේ නෑ. ඔහු නිරන්තරයෙන්ම හිතන්නේ ඇය ගැනමයි. ඇය හිතන්නෙම ඔහු ගැනමයි. ඔවුන් ජීවත් වෙන්නේ කවදා හෝ එක් වන සිහිනය සිහිනය ඇතුලේ. ඒ සිහිනයට මොනවා නම් වෙන්න පුලුවන්ද? සිසීලියා ගේ නංගී තමයි ‘බ්‍රයනි’ කියන්නේ, මේ කතාව ඇය විසින් විස්තර කරන බවක් තමයි පෙන්නේ. ඇය පොඩි කාලේ ඉඳන්ම ලේඛණ කලාවට යොමු වුන කෙනෙක්. මේ විස්තර කල චරිත තුන තමයි මේ සිනමා රුවේ ප්‍රධාන චරිත තුන.

මෙතනින් එහා වැඩි විස්තරයක් කියන්න අමාරුයි, එහෙම වුනොත් බලන අයට දැනෙන දේ වෙනස් වෙන්න පුළුවන්. නමුත්, චිත්‍රපටයේ අන්තිම කොටස මගේ හිත මොහොතකට නතර කළා. ඒක මොන වගේද කියලා අත්විඳලාම බලන්න.

ජාත්‍යන්තර IMDb අගය 7.8 ක් ලබා ගත් මේ සිනමා රුවේ අධ්‍යක්ෂණය ‘joe wright’ විසින් සිදුකර තිබෙනවා. ‘රොබී’ ගේ චරිතය පණ ගන්වන්නේ ‘james macavoy’ විසින්. ‘සිසිලියා ටැලිස්’ ගේ චරිතය ‘Keira Knightley’ විසින් පණගන්වනවා. ‘බ්‍රයනි ටැලිස්’ ගේ චරිතය ‘Saoirse Ronan’  විසින් පණ පොවනවා. ඒ වගේම මේ සිනමා රුව ඔස්කාර් සම්මාන ගණනාවකට නිර්දේශ වී තියනවා.

මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕනේ මේ චිත්‍රපටය ගැන මුලින්ම ලිපියක් පල කළ සොහොයුරාට. අන්තර්ජාලයේ ඉන්න වෙලාවක අහම්බෙන්  ඇහැ ගැටුන මේ සිනමා රුව  ගැන අදහසක් ලබා ගත්තේ ඒ ලිපියෙන්. උපසිරසක් තිබුනේ නැති නිසා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ කියලා හිතුනා. හරි එහෙනං, ඔයාලා කලින් පළ කළ ලිපියත් කියවලා මේ ගැන අදහසක් ලබාගන්න. එහෙනං දැනට මං නවතිනවා.

ඔබට ජය !

පොතේ ගුරා සොහොයුරා විසින් ලියා තිබූ ලිපිය.

මේ කියන්න යන්නෙ හිතන්න යමක් ඉතුරු කරල ඉවර වෙන ෆිල්ම් එකක් ගැන..මම මේ ගැන ගොඩක්ම විස්තර කියන්න යන්නෙ නෑ,මොකද එක වචනෙකින් මුලු කතාවෙම රසය නැති වෙන්න පුලුවන්..මේක ආදර කතාවක්,ඒ වගෙම මේ ආදර කතාවත් එක්කම යනව ජීවිතයේ ගැඹුරු පැත්තක් ගැන කතිකාවතකුත්..ඒ නිසයි මේ චිත්‍රපටය විශෙෂ එකක් වෙලා තියෙන්නෙ..මම එහෙනම් කතාවෙ මුල් ටික කියන්නම් ඔයාල හොදයි කියල හිතනව නම් බාල බලන්න.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා විශාල ගෙදරක පවුලක් ජීවත් වෙනව..වැඩකරුවන් ආදිය පිරිවරාගෙන ජීවත්වෙන මේ පවුලේ බාල දියණියගෙ ජීවිත කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ..මේ ගෙදර වැඩ කරන තරුණයෙක් සමග මේ පවුලේ වැඩිමහල් දියණිය ආදරයෙන් බැදෙනව..මේ ආදර කතාවත් ඇගේ නංගිගේ වැරදි වැටහීමක් නිසා වන සිද්දියකුත් මත තමයි කතාව ගලාගෙන යන්නෙ..මම මුලින් කිව්ව වගේ වැඩිය කියන්න යන්නෙ නෑ මේ කතාව ගැන..හිමින් ගලාගෙන යන නාට්‍යමය කතා වලට කැමති අය විතරක් මේක බලන්න..අනික් අයට මේක කම්මැලි හිතෙයි..කතාව අන්තිමට ඔබට හිතන්න දෙයක් ඉතුරු කරයි ..සමහරවිට ඔබ දවස් ගානක් ඒ ගැන හිතයි.

Atonement (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Atonement (2007) [720p] [YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>