ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට පස් වන උපසිරසි නිර්මාණය අරගෙන ආවා. චිත්‍රපට ලෝකයේ තවත් සුපිරි වීරයෙක්. අත්ත්ටමට කියනවා නම් හික්මීමක් නැති සුපිරි වීරයෙක්. විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය VFX තාක්ෂනය උපරිම වශයෙන් යොදාගන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. Action, Crime, Drama ගණයට අයිති වෙන IMDb අගය 6.4 ලබාගෙන ඇති මේ චිත්‍රපටය ඩොලර් මිලියන එකසිය පනහක් යොදාගෙන නිර්මාණය කරලා අදායම ඩොලර් මිලියන හයසිය විසිපහක් ලබා ගත් අති සාර්ථක චිත්‍රපටයක් කියුවොත් හරි. මේක ඉක්මනටම දෙන්න එක හේතුවක් උනේ මගේ උපසිරසියකට කමෙන්ට් එකක් දාන ලද කවීන් ලහිරු කියන සහෝදරයෙන් මේ චිත්‍රපටය ගැන සඳහනක් කිරීම. එයාගේ ඉල්ලීමක් විදියට නොවුනත් එයා නම සඳහන් කල හින්දා දැන්ම ඔයාලට ගෙන්න නොසිටියත් පොඩ්ඩක් ඉක්මනට උපසිරැසිය ඔයාලට අරන් ආව.
ඇත්තටම මම බලපු චිත්‍රපට ඇති විශාල ප්‍රමාණය අතරින් මගේ සිතේ රැඳෙන හොඳම දර්ශන දහය නම් කරන්න කිවුවොත් අංක එක දර්ශනය තමා වූල්වරින් දෙවන කොටසේ තියන අර පිටේ ඊතල සිය ගානක් ඇනිලා වූල්වරින් ඉදිරියට ඇවිදන් එන දර්ශනය. ඊටපස්සේ මෙහි තියන හැන්කොක් දුම්රියක් නවත්වන දර්ශනය අංක දෙක ස්ථානය ගන්නවා. ඔයාලට මේ චිත්‍රපටය බැලුවොත් මම මේ කියන දෙය කොච්චර නිවැරදිද කියල තේරේවි. මොකද මේ වගේ දර්ශනයක් තියා ඒකෙ කොපියක් වත් මම වෙන කිසිම චිත්‍රපටයක දැකල නැ.
කතාව ගැන කියනවා නම් හැන්කොක් කියන්නේ සුපිරි වීරයෙක්. ඒත් බේබදුකමට ඇබ්බැහිවෙච්ච කිසිම දෙයක් ගැන හිතන්නේ නැති වීරයෙක්. මෙයා මිනිස්සුන්ට උදව් කරන්න ගියාම හරියට වෙන්නේ අර වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටෙනවා වගේ දෙයක්. මොකද මෙයා උදව් කරන අතරේම මෙයාගෙන් වෙන අත්වැරදීම් හින්ද වෙන විනාශය උදව්වට වඩා වැඩි වෙනවා. ඉතින් මිනිස්සු කියන්නේ මෙයා උදව් කරනවාට වඩා නොකර හිටියොත් හොඳයි කියල. එත් පස්සේ මෙයාට නිසි මග පෙන්වීම හින්ද නිවැරදි සුපිරි වීරයෙක් බවට පත්වෙන එක තමා මේ චිත්‍රපටයේ මුලිකවම තියෙන්නේ. ඒ අතරේ විරහව පිරුණු ආදරයක් මෙන්ම විනෝදාත්මක ජවනිකා බොහෝ ගණනකුත් තියනවා. ඉතින් මම යෝජනා කරනවා මේ චිත්‍රපටය නරබන්න කියල.
මම ඊළඟට අරන් එන්නේ Star Trek චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය. ඉතින් සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න කියල ඉල්ලීමක් කරන ගමන් මම සමුගන්නම්.
බුදුසරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
314 downloads