Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all 2655 articles
Browse latest View live

High-Rise (2015) with Sinhala Subtitles |ගොඩනැගිල්ලක ඉරණම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

High-Rise (2015)

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක් ඇතුලත. ඒ ගැන නම් සතුටුයි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන චාමර සම්පත් අයියට. බයිස්කෝප් වෙබ් අඩවියෙ ඇඩ්මින් සහෝදරවරුන්ට. ඔවුන් තමයි මට දිගින් දිගටම ෆිලුම් බාර දුන්නෙ. යමුකො එහෙනම් අද කථාව පැත්තට…,

මේ ෆිලුමට IMDb අගය 6.3 ක් ලැබිල තියනව. Ben Whertle ගෙ අධ්‍යක්ශණයෙන් සහ  Jermy Tho ගෙ නිශ්පාදනයෙන් සැකසුණු මේ චිත්‍රපටිය මිනිත්තු 119ක් පුරා දිවයනව. ඒ වගේම මේ ෆිලුම British Independent Film සම්මානය සදහා මෙන්ම තවත් සම්මාන 6කට යෝජනා වී තිබෙනව. Drama ගණයට අයත් වන මෙම චිත්‍රපටියේ ප්‍රධාන චර්තයට රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි නලු Tom Hiddleston. ඒ වගේම Anthony Royal         ගෙ චරිතය Jermy Iroms විසිනුත්, Richard Wilder ගෙ චරිතය Luke Evens විසිනුත්, Helen Wilder ගෙ චරිතය Elisabeth Moss විසිනුත් රග දක්වනව. මේක තමයි කථාවෙ පසුබිම.

මේ ෆිලුමෙ ප්‍රධාන චරිතය වන Laing කියන පුද්ගලය වෛද්‍යවරයෙක්. ඔහු තම සහෝදරියගෙ මරණයෙන් පස්සෙ ගොඩනැගිල්ලක 25 වෙනි තට්ටුවට ජීවත් වෙන්න එනව. ඒක නිකන් ජනපදයක් වගේ. මේකෙ ඉහලම තට්ටුවල ඉන්නෙ පොහොසත් පැලැන්තියෙ අය. මැද තට්ටුවල ඉන්නෙ මධ්‍යම ප්‍රාන්තික අය. අවසාන තට්ටුවල ඉන්නෙ යම් ආකාරයක දුප්පත් අය. ඉතින් මේ චිත්‍රපටියෙ වටපිටාව වෙන්නෙ මේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලෙ හැම දෙයක්ම අන්තර්ගතයි මිනිස්සුන්ගෙ නූතන ජීවිතයට අවශ්‍ය. මේ හැමදේම නිර්මාණය කරල තියෙන්නෙ Anthony Royal කියන පුද්ගලය.මේ ගොඩනැගිල්ල ගොඩක් දුරට බාහිර ලෝකයෙන් වෙන් වෙලා තියෙන්නෙ. ඉතින් මේ ෆිලුමෙ තියෙන්නෙ ගොඩනැගිල්ලෙ පරිහානිය. මිනිස්සුන්ගෙ පාලනයෙන් තොර ක්‍රියාකාරකම් වගේ ගොඩක් දේවල්. ඒ වගේම මේකෙ තවත් වැදගත් චරිතයක් තමයි Toby කියන්නෙත්. මම වැඩිය විස්තර කරන්න යන්නෑ. මොකද ඔයාලට මේකෙ හිතන්න ගොඩක් දේවල් තියනව. ෆිලුම් නැරඹීම ඔයාලට බාර කරල අදට මම යනව. සියලු දෙනටෙම ජය……………………..! 

 

 

Colonia (2015) on IMDb

 

 

890 MB (720p WebRip) කොපිය මෙතනින් බාගන්න

7D57D9655CF1470A61DED0952E5D174CE1709B88
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The Originals [S03 : E19] with Sinhala Subtitles |තවත් නොනවතින අහිමිවීම්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Originals S3P2

ලූෂියන්ගේ හපාකෑමෙන් පස්සේ කැමීල්ට උදේ වෙද්දී සිහිය එනවා. නමුත් ඉතින් එයාගේ ලේත් බීලා. මේ ගැන මුලින්ම ක්ලවුස් දැනගන්නවා. මේ පවුලේ හැම කෙනෙක්ම වගේම මාසෙල්, ඩවීනා මේ අයත් උත්සහ කරන්නේ කැමීල්ව බේරගන්න. මොකද මේ හපා කෑමෙන් මැරෙන විත්තිය කලින් හොදටම ඔප්පු උනා. කැමීල් මැරෙයිද? නැත්තම් එයාව බේරගන්න පුළුවන් වෙයිද? ඒ විතරක් නම් කමක් නෑ කෝල් පාලනයෙන් තොර වෙලා ඉන්නේ. මුතුන්මිත්තන් එයාව වෙන වෙන දේවල් වළට යොමු කරන නිසා එයාට එයාගේ පාලනය නිතරම වගේ නැති වෙනවා. මෙහෙම වෙන එක් අවස්ථාවකදී ඩවීනාට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. බලලම ඉන්නකෝ.

ගිහින් එන්නම්. ජය.!

 

 

 The Originals (2013) on IMDb

 

 

171 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

0248628245024C90C4F90FEC6523ED46742B4965

210 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

A14AC9DBD7034554BBD42232334AEC79C92DA53E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

DCs Legends of Tomorrow (2016) [S01 : E14] with Sinhala Subtitles|කාල ප්‍රවාහය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

DCs-Legends-of-Tomorrow-TV-New3

කණ්ඩායමේ කට්ටිය 2166ට එනවා සැවේජ්ව අල්ලගන්න. මොකද ඒ කාලේදී තමයි සැවේජ් ඉන්නව කියල හරියටම පැහැදිලි හෝඩුවාවක් තියෙන්නෙ. ඉතිං සැවේජ්ව අල්ලන්න යන ගමනේදී මෙයාලට සැවේජ්ට ගොඩක් කිට්ටු කෙනෙක් මුනුගහෙනවා. එයා කාන්තාවක්. මෙයා සැවේජ්ගෙ දුව කියල පස්සෙ හෙළි වෙනවා. එයා පැළඳගෙන ඉන්නෙ කෙන්ඩ්‍රා සහ කාටර් පළවෙනියටම මිය ගියපු දවසෙ කෙන්ඩ්‍රා පැළඳගෙන හිටපු වළල්ලක්. ඒ වගේම වැදගත්ම දේ තමයි කෙන්ඩ්‍රා සහ කාටර් පළවෙනියටම මිය ගියපු දවසේ තිබුන ද්‍රව්‍ය සැවේජ්ව ඝාතනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං කණ්ඩායමේ මීළඟ අරමුණ තමයි මේ වළල්ල ලබාගන්න එක. මේ සියල්ලටම උදවු ගන්නත් එක්ක කණ්ඩායම යනවා මිත්‍ර පාක්ෂිකයන් කට්ටියක් හොයාගෙන. මෙයාල යන්නෙ එයාලට උදවු කරන්න. මොකද එයාලත් සැවේජ්ට විරුද්ධව එක්කාසු වෙන කණ්ඩායමක්. කොහොමහරි කණ්ඩායමේ කට්ටියට පුළුවන් වෙනවා සැවේජ්ගේ දුවව අල්ලගන්න. ඒවගේම එයාගෙන් වළල්ල හොරකම් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ වළල්ල උණු කරලා කාටර්ගෙ අත්මුගුරක ආලේප කරලා සැවේජ්ව මරන්න අවියක් පවා හදාගන්නවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතරෙ මිත්‍ර පාක්ෂික කඳවුරකට අති විශාල රොබෝ කෙනෙක් පහර දෙන්න එනවා. එයාලව බේරගන්න ඕන නිසා මාටින් කඳවුරේ මිනිස්සුන්ව යානයට නග්ගගන්නවා. කොහොමහරි මේ රොබෝව නවත්තන්න ඇටම් සූදානම් වෙනවා. ඒ ඇටම් සූට් එක පාවිච්චි කරලා වෙනදා පුංචි වගේම මේ සැරේ විශාල වෙන්නයි හදන්නෙ. ඒකට ටයිම් ඩ්‍රයිව් එකේ බලය තමයි පාවිච්චි කරන්නෙ. කොහොමහරි මේ අතරේ ස්නාර්ට්ට සැවේජ්ගෙ දුවට ඒත්තු ගන්වන්න සැවේජ් මොන වගේ දරුණු මිනිහෙක්ද කියල. මොකද මීට කලින් සැවේජ් එයාගෙ දුවට කියල තියෙන්නෙ ගොඩක්ම බොරු. ඒවගේම ඇටම්ට පුළුවන් වෙනවා අර විශාල රොබෝව පරාද කරන්න. ඒවගේම සැවේජ් සහ කණ්ඩායමේ අනිත් අය අතරෙත් සටනක් ඇති වෙනවා. පුදුම දේ තමයි කාටර් සැවේජ්ගෙ සෙබලෙක් වෙලා කණ්ඩායමට පහර දෙන එක. සැවේජ් කාටර්ගේ මනස වෙනස් කරලා. මේ නිසා සැවේජ්ව මැරුවොත් කාටර්ගෙ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා කෙන්ඩ්‍රාට සැවේජ්ව මරන්න පුළුවන් කම ලැබුනත් එයාව නොමරා යානයට ගෙනිහින් හිර කරන්න තීරණය කරනවා. එතනින් පස්සෙ කතාවට මොකද වෙන්නෙ කියල මේ කොටසින් බලමු. ඊළඟ කොටසින් හමුවෙනතුරු ජය වේවා!!!

 

 

Heroes Reborn (2015) on IMDb

 

 

200 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

35D9C341E7006835F0BCC02C89204967239F5D49

267 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

EFF7C1DAD410EDF41C913A647CE4BF16D3A01FE2
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Star Trek: First Contact (1996) with Sinhala subtitles |තරු ගණදුර –පළමු ස්පර්ශය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Star Trek First Contact (1996)

සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම්  “Star Trek, The Next Generation” සිනමාපට දිගහැරුමේ දෙවන කතාව.මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් අරගෙන ආවේ මේ “The Next Generation” දිග හැරුමේ පළමු කතාව.ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලලා එන්න. ඇත්තටම කිව්වොත් මේ “The Next Generation” දිග හැරුමේ පළමු කතාවේ ටිකක් ඒකාකාරී බවක් තිබුණා,කතාව එක දිගට ගලාගෙන යන්නේ නැති බවක්. ඒත් මේ කතාවේ නම් ඒ ගතිය නැහැ.මේ කතාවේ අනෙක් “Star Trek” කතා වල තියන සුපුරුදු රිද්මයම තියනවා. ඒ වගේම මේ සලරුව තිරගත වුන පළමු සතිය තුල ඇමරිකානු ඩොලර් 30,716,131 ක ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියනවා. IMDb දර්ශකයේ 7.6 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියනවා. කතාවේ අන්තර්ගතය ගැන කියනවා නම්, කතාවේ ප්‍රධානම සංකල්පය වෙන්නේ “කාල තරණය”. මේ කතාවට අනුව පෘථිවි වාසීන් ආලෝකයේ වේගය හොයා ගන්නේ අතීතයේ යම් දවසක පිටසක්වල යානයක් පෘථිවියට පැමිණීම නිසා.ඉතින් මේ පෘථිවියේ අය ආලෝකයේ වේගය හොයා ගන්න එක නතර කරන්න “බෝර්ග්” ඇතුලු පිටසක්වල ජීවීන් කොටසක් “කාල තරණය” කරලා පෘථිවියේ අතීතයට යනවා.ඉතින් ” කැප්ටන් පිකාර්ඩ්” ඇතුලු ” එන්ටර්ප්‍රයිසස් ” යානයත් අතීතයට යනවා මේ ” බෝර්ග් ” කියන ජීවීන්ව නවත්වන්න.ඉතින් කතාවට අනුව පෘථිවියේ අතීතය මොන වගේද?මේ “බෝර්ග්” ලව නවත්වන්න “එන්ටර්ප්‍රයිසස්” යානයේ අයට පුලුවන් වෙයිද? කතාව බලලම ඒ ටික දැන ගන්නකෝ…!
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.මගේ පළමු නිර්මාණයට සුභ පතලා තිබුණ හැමෝටම මම  ස්තූති වන්ත වෙනවා.මොකද උපසිරැසියක් නිර්මාණය කලාට පස්සේ ඔයාල දාන කමෙන්ට් එකක් කියෙව්වම ලැබෙන සතුට ගොඩක් වටිනවා. එහෙනම් ඊලඟ කතාවෙන් හමුවෙමු, එතෙක් ඔබට ජය !

 

 

The Evil Dead (1981) on IMDb

 

 

750 MB (BrRip. 720p) කොපිය මෙතනින් ගන්න

153909CD69487B3CFA9015674471A8517D3DE885
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන්ත ගුණසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Young Justice [S01:E08] with Sinhala Subtitles |ආදරය කියන්නෙ මට උරුම දෙයක් නෙවෙයිද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය…

Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad  ,  Jason Spisak – kid flash , Stephenie Lemelin -artemis

       අපි 8වන කොටසේ කතාවට යමු.මේකෙ ඇක්වාලෑඩ් ගොඩක් දුකුන් ඉන්නෙ. මොකද එයා ඇට්ලාන්ටිස් වල එයා ආදරය කරන කෙනාව දාලා ඇවිල්ලා තියෙන්නෙ.ඒකහින්දා එයාට ඕනෙ වෙනවා එයා ගාවට ගිහිල්ලා එයත් එක්ක ජීවත් වෙන්න.මේක දැනගන්න බැට්මෑන් ඇක්වාලෑඩ්ට තේරීම් 2ක්දෙනවා.ඒ එක්කො ඒගොල්ලොත් එක්ක ඉන්න හැමදාටම,නැත්නම් ඇට්ලාන්ටිස් වලට යනවද සදහටම කියන එක.ඊට පස්සෙ ඇක්වාලෑඩ්  ඒ ගැන හිතන්න ඇට්ලාන්ටිස් වලට ගියහම එයාට කරදර වලට මුහුණ දෙන්න වෙනවා.ඒවගේම එයා ආදරය කරපු කෙනා එයාව රවට්ටලා කියලත් දැනගන්න ලැබෙනවා.

෴…ජය෴.

පා.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Home Invasion (2016) with Sinhala Subtitles |නිවෙස් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Home Invasion (2016)

යාලුවනේ සැහෙන කාලෙකට පස්සේ මම  ENGLISH ෆිල්ම් එකක් එක්ක ඔයාලව හම්බෙන්න අවා මේක අලුත් ෆිල්ම් එකක්.  මේක පෙබරවාරි 02 තමයි  රිලීස් උනේ  මේකේ IMDB අගය 5/10 . මේකේ මයික්ගේ චරිතය කරන්නේ jason patric හෙෆ්ලින්ගේ චරිතය කරන්නේ scott adkins ජේකබ් ගේ චරිතය කරන්නේ  wiliyam dick..i චෝලි ගේ චරිතය කරන්නේ  natasha hen.. ෆිල්ම් එක ලියලා තියෙන්නේ  peter sulivan අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩේවිඩ් tennant. ඔන්න ෆිල්ම්  එක ගැන ටිකක් කිව්වා. මම දන්නවා ඔයාලට මේවා වැඩක් නෑ කියලා ඔයාලට කතාවේ පොඩි විස්තරයක්නෙ ඕනේ. එත් ෆිල්ම් එක ගැන කියන්න ඕනේ හින්දා තමයි  මේවා දැම්මේ .

                 දැන් මම කතාව ගැන ටිකක් කියන්නම්  ගෙදරක ලමයෙකුයි එයාගේ කුඩම්මයි ඉන්නවා එයාගේ තාත්තා කොහෙද කියන්න මෙයාලා දන්නේ නෑ ළමයාගේ අම්ම මැරිලා මෙයාලා මෙහෙම  ඉන්නකොට  දවසක් ගෙට හොරු වගයක් පනිනවා එදා කුනාටු දවසක්  පොලිසියයි  ඒ ගෙදරයි අතර තියන පාලමත්  කැඩිලා ඒ හින්ද පොලිසිය එන්නෙත් නෑ මෙයාලගේ ගෙදර සවිකරලා තියන ආරක්ෂක පද්දතියේ සාමාජිකයිනුත් එක්ක  එකතු වෙලා මෙයාලා දෙන්න බේරෙන්න කරන දේවල් තමා තියෙන්නේ. මේකේ අවසානය බලපුවහම මට හිතුනා  තවත් කොටසක්  මේ  ෆිල්ම් එකට තියෙයි කියලා බලමු එහෙම තව එකක් අවොත් එකත් දාන්නම්. මේකේ හොඳ කතාවක් තියනවා. ඔයාලම බලන්න. තව ෆිල්ම් එකකින් හමුවනතුරු සමුගන්නම්.

ඔබට ජය!

 

Mugamoodi (2012) on IMDb

 

 

705 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

287F3FE6A979A3ADB86912F1F64A3A689BA91E59
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසික නදීර කෝණාර (snk)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Army of Darkness (1992) with Sinhala subtitles |අවාසනාවන්ත මරණය III (අන්ධකාරයේ හමුදාව) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Army of Darkness (1992)

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න රොයිලි අයියටත්, හසන්ත අයියටත් බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි, ඔයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන ගමන්ම ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1993 පෙබරවාරි 19 වෙනිද, IMDB අගය 7.6 ක් විදිහට සටහන් වෙනව, ෆිල්ම් තුනම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sam Raimi, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

බලපු අය ගොඩක් ඉන්න හින්ද වැඩිය ෆිල්ම් එක විස්තර කරන්න අවශ්‍ය නෑ, ඒක හින්ද මේ විදිහට කියන්නම්, දෙවනි ෆිල්ම් එකේ අවසානෙට ඈෂ් කාලය හරහා වෙනම ලෝකයකට යනව, ඊට පස්සෙ එයාට ඕන වෙනව එයා හිටිය වර්තමාන ලෝකයට ආපහු එන්න, එහෙදි මෙයා රජ වෙන සිද්ධියකුත් තියෙනව, ඈෂ් ඉන්න මාළිගාවෙ ඉන්නව වයිස්මන් කියල කෙනෙක්, එයා කියනව ඒ වැඩේට නෙක්‍රොනෝමිකන් කියන ග්‍රන්ථය ඕන වෙනව කියල, ඒක තියෙන්නෙ පාළු කනත්තක, ඉතින් මේ ඈෂ් කනත්තට යනව ඒ පොත අරගෙන එන්න, වයිස්මන් ඔහුට කියනව ඒ පොත අතට ගන්න කලින් වචන තුනක් හඬනගා කියන්න අවශ්‍යයි කියල, කොහොම හරි ඉතින් මේ ඈෂ්ට ඒ වචන තුන හරියටම එතනදි කියන්න අමතක වෙනව, නමුත් මේ ඈෂ් ඒ පොත අරගෙන මාළිගාවට ආපහු එනව, ඒත් එයා නිවැරදි ආකාරයට ඒ පොත ගත්තෙ නැති නිසා ඒ ග්‍රන්ථයට අධිපති යක්ෂයෙක් තවත් සේනාවක් එක්ක ඈෂ්ව හොයාගෙන එනව, ඒ පොත නැවත අරගෙන යන්න, එතනින් එහාට ඈෂ් මොකක්ද කරන සිද්ධිය කියල දැනගන්න අපි ෆිල්ම් එක බලමු, විස්තර කරන්න වෙන්නෙ ඒ විදිහට තමයි, ඒ වගේම නවතින්න කලින් අනිවාරයෙන්ම කියන්න වෙනව, සියලුම දෙනාට බුදු සරණයි!

Army of Darkness (1992) on IMDb

 

 

698 MB (BluRay.x264) කොපිය මෙතනින් ගන්න

27FFCAED65CA680780FAD879DFF911549036D34F

1.0 GB (BluRay.x265) කොපිය මෙතනින් ගන්න

3BCF0F8F9C1C1E0FD4EEB0AC4802C8AB35431CA7
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Young Justice [S01:E09] with Sinhala Subtitles |අමතක වූ මතකය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින්  ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක් ඉන්නවා.ඒගොල්ලො ගොඩක් විදවනවා.

මේ කොටසෙත් එහෙමයි,හැමෝගෙම මතකය නැති වෙනවා.ඉතින් මේකෙ වෙන්නෙ ඒගොල්ලො මතකය ගන්න ටික තමයි වෙන්නෙ.ඒකෙ ඉන්නවා සයිමන් කියලා කෙනෙක් එයා සයිමන් කියනවා අමතක වෙන්න කියලා කිව්වහම හැමෝටම ඒගොල්ලන්ගෙ මතකයන් අමතක වෙනවා.10වන කොටසත් ඉක්මනට අරන් එන හින්දා.

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>


When the Game Stands Tall (2014) with Sinhala Subtitles |ක්‍රීඩාවෙන් එහා… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

When the Game Stands Tall (2014)

කොහොමද කට්ටිය? මේ මගේ දෙවනි උපසිරැසිය. මම කළින් කලේ The wrestler කියන චිත්‍රපටය. ආසාව නිසාමයි තවත් එකක් කරන්න හිතුවේ. වැඩත් එක්ක ප්‍රමාද උනොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසාමයි මම ටිකක් පරණ එකක් තෝරගත්තේ.ඇත්තටම මම මේක බාර අරගෙන මාසයක් විතර වෙනවා. ඔෆිස් එකේ වැඩත් අපේ පවුලට අලුතින් එකතු වෙලා ඉන්න පුංචි අමුත්තියගේ වැඩත් නිසා මට මේකට ගොඩක් කල් ගියා. මම සමාව ඉල්ලනවා සිදු වූ ප්‍රමාදයට.

කතාව ගැන කිව්වොත් මේකට IMDb ratings තියෙන්නේ 6.7 වගේ. සත්‍ය සිද්ධි මාලාවක් පදනම් කරගත්ත මේ චිත්‍රපටයේ කතාව 1992 සිට නොනවත්වා එක දිගටම තරග 151 ක් දිනා ගත් ඇමරිකානු උසස් පාසලක පාපන්දු කණ්ඩායමක්  වටා තමයි දිවෙන්නේ. කණ්ඩායමේ පුහුණුකරු බොබ් තමන්ගේ ක්‍රීඩකයින්ව පුහුණු කරන්නේ වෙනස්ම ආකාරයකට.  2004 වසරේදී කණ්ඩායමට එකතු වෙන අලුත් පිරිසත් සමග අවුරුදු 13 කින් පසු පළමු වතාවට මේ කණ්ඩායම තරගයක් පරාජය වෙනවා. මේ අතර බොබ් අසනීප වෙනවා. ඉතින් මේ කණ්ඩායම ලීග් තරග අතර තමන්ගේ ස්ථානය රැකගැනීමට කරන උත්සාහය කොහොමද කියන එක ඔයාලාට මේ චිත්‍රපටයෙන් බලන්න පුලුවන්. චිත්‍රපටය අවසානයේ කෝච් බොබ් සහ ඔහුගේ සහ පුහුණුකරුත්, කෝච් බොබ් තමන්ගේ කණ්ඩායම සමග කතා කරන ඇත්තම රූපරාමු කිහිපයක් තියෙනවා. මම කතාව වැඩිය කියන්නෙ නැත්තේ මේක ඇත්තමට රස විදින්න පුලුවන් වෙන්නයි. අවසාන වශයෙන් කියන්න ඕන කණ්චායමක් විදිහට වැඩ කරන්නෙ කොහොමද, කණ්ඩායම් හැගීම කියන්නෙ මොකක්ද කියලා මේ චිත්‍රපටයේ හරිම සංවේදී විදිහට කියලා දෙනවා. ඒ වගේම මේ ලින්ක් එකෙන් පුලුවන් මේ සිද්ධියට අදාල තවත් විස්තර දැනගන්න. උපසිරැසියේ වැරදි තිබ්බොත් සමාව භජනය කරන්න. එහෙනම් ජය වේවා බයිස්කෝප් පවුලේ හැමෝටම.

The Wrestler (2008) on IMDb

 

 

813 MB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න

E56033C3356DFB19C0F7A802FD6F34D11EB40BF4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් පසිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Game of Thrones [S6E03 – Oathbreaker] with Sinhala Subtitle (18+) |දිවුරුම්. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Game of Thrones S6P2

හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. 😛 හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ ඉල්ලීම මම ඉටු කරන්නයි යන්නේ. ඊට පස්සේ 06 අදියරේ ඉඳන් අපි එක්ක වටිනා ලිපි බෙදාගන්න තරිදු අයියගේ ලිපියත් කියවල ස්තූති කියාගෙනම යන්න.

මෙදා පාර ඉඳන් මම සිතියමක් ආධාරයෙන්ම පහුගිය කොටස කියන්න හිතුවා. ඒ ගැනත් අදහස් පල කරල යන්න. අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT-6x3

ප්‍රාකාරයෙන් එපිට. (සිතියමේ අංක 01)

බ්‍රෑන් ඇස් තුනේ දෝණකාකයා එක්ක දර්ශන දකිනවා. තමුන්ගේ පියාගේ, මාමාගේ හා නැන්දණියගේ බාලකාලය ගැන දකින දර්ශනයේදී ඔහු දකිනවා හෝඩෝර්ගේ කලින් ස්වභාවය ගැනත්. ඔය හෝඩෝර්ට දැන් වෙලා තියෙන දේ ගැනත් හරි අපූරු න්‍යායවල් අන්තර්ජාලයේ මේ සතියේ අපි දැක්කා. බ්‍රෑන් කොච්චර කැමති වුණත් ඔහුට වැඩි වෙලා තම දර්ශන වල නොයිඳීන ලෙස අවවාද ලැබෙනවා. ඒ වගේම ටිකක් කලකිරීමෙන් ඉන්න මීරාට Child of the Forest කියනවා වැඩිකල් නොයා එළියට යන බ්‍රෑන්ට මීරාගේ උදව්ව අවශ්‍ය වෙන බව.

ප්‍රාකාරයේදී. (සිතියමේ අංක 02)

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක් සිදුවුණා. මුලින්ම වනචාරීන්ගේ උදව්වෙන් සර් ඇලිසර්ව මැඩ පවත්වන්න ජොන්ගේ හිතවාදීන් ස්වල්ප දෙනාට පුළුවන් වුණා. ඊට පස්සෙ, බලාපොරොත්තු අත ඇරගෙන උන්න මැලිසැන්ඩ්‍රා ලව්වා ජෝන්ට නැවත පණ ගන්න සර් ඩාවොස් සමත් වෙනවා. ඔය අන්තිම මොහත බලපු රසිකයෝ ඒක දැකලා උඩ පැන්න හැටි ඔන්න youtube එකේ තියෙනවා. ගිහින් බලන්න හරි අපූරුයි.

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 03)

කතාවෙ එක දුෂ්ටයෙක් වෙච්ච, රොබ් ස්ටාක්ට ද්‍රෝහී වෙලා පිහියෙන් ඇනපු රූස් බෝල්ටන්ට ඒ පරිප්පුවම රැම්සිගෙන් ලැබුණා. රැම්සි ජෝන් ස්නෝව් ළඟට සන්සා යන බව කියල හිතන නිසා කාසල් බ්ලැක් වෙත පහර දෙමු කියන යෝජනාවට අවඥාවෙන් හිනා වෙන කොටම වගේ, රූස්ට ස්වජාතක පිරිමි ළමයෙක් ලැබුණ කියන පණිවිඩයත් ලැබුණා. තමුන්ගේ උරුමයට ආව අභියෝගය තේරුම් ගන්න රැමිසි රූස්ව ඝාතනය කරනවා. ඒ මදිවට අලුත උපන් බිළිඳවයි, රූස්ගේ භාර්යාවවයි දෙන්නවම බල්ලනට කන්න දානවා.

මේ අතර සන්සා, බ්‍රියෙන්නා හා පොඩ්‍රික් ගෙන් තියොන් තම නිවහන වෙච්ච අයන් දූපත් බලා යන්න සමු ගන්නවා.

අයන් දූපත්. (සිතියමේ අංක 04)

අයන් දූපත් වල පාලකයා වෙච්ච බේලන් ග්‍රේජෝයිව තම සහෝදරයා විසින් මරා දමනවා. මේ යුරෝන් ගැන හොඳ විස්තරයක් තරිඳු සහෝ කරල තියෙනවා. ඒකෙන් වැඩිදුර විස්තර කියවන්න.

කිංග්ස් ලෑණ්ඩින්. (සිතියමේ අංක 05)

මර්සෙලා ලැනිස්ටර්ගේ අවමඟුලට සර්සිය යන්න නොදෙන්න ටෝමන් තීරණය කරනවා. හැබැයි මිනිය ළඟදි ජේමි විසින් ටෝමන්ට ආපහු තම අම්මව බලන්න යන්න නම්ම ගන්නවා. හැබැයි ආගමික නායකයව බය කරන්න හැදුවට, ජේමිට ඒක පහසු වෙන්නෙ නෑ. මේ අතර සර්සි ගාවට යන ටෝමන්, ආපහු ඇයගේ වසඟයට පත්වෙනවා. ඉදිරියේ මේ ආගමික සේනාව එක්ක සෑහෙන සටනක් වෙයි කියල හිතෙනවා.

හරි දැන් වෙස්ටරොස් වලින් යමු එසොස් දිහාට.

බ්‍රාවෝස්. (සිතියමේ අංක 06)

ගුටි කකා හිඟා කන ආර්යව බලන්න ජැකෙන් හගාර් එනවා. ඔහු ඇයට කෑම, නවාතැන් හා පෙනීම දීලා නම්ම ගන්න හැදුවට ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන හින්දා, ඇයව ආපහු පුහුණු වෙන්න එක්කගෙන යනවා.

මෙරීන්. (සිතියමේ අංක 07)

දැන් ඩැනේරිස් නැති හින්දා යුන්කායි හා ඇස්ටපෝර් නැවත හාම්පුතුන් අල්ලගෙන බවත් වහල් බොක්ක ප්‍රදේශයේ එකම නිදහස් නගරය මෙරීන් පමණක් කියලා කට්ටිය දැනගන්නවා. මකරුන්ගේ සහයත් ඔවුන්ට අවශ්‍ය බව හිතන කොට ආදිපාද ගිහින් කොහොමහරි මැරුම් නොකා මකරුන්ගේ විලංගු ගලවනවා.

හරි එහෙනම් දැන් තරිඳු සහෝගේ ලිපියට හැරෙමු.

බ්‍රැන්ගේ බලය

01

සතුන් ඇසින් දැකීමේ (warg) බලය තියෙන බ්‍රැන්, ජෝජෙන් රීඩ්ගෙ උපදෙස් අනුව three eye raven හොයා ගත්තෙ 4 වෙනි කතා මාලාවේ අන්තිමේ. ඒත්, 5වෙනි කතා මාලාවේ අපිට බ්‍රැන්ව දකින්න ලැබුණේ නෑ. ඒ කාලයේ ඔහු, three eye ravenගෙ උදව්වෙන් තම බලය ප්‍රගුණ කළා කියලයි හිතෙන්නේ. ඒ ඕනෑම තැනක අතීතය, වර්තමානය, අනාගතය දැකීම. මේ කතා මාලාවේදී බ්‍රැන්ගෙ visions ඔස්සේ game of thrones කතා මාලාවේ අතීතය හා සම්බන්ධ අපැහැදිලි තැන් කිහිපයක්ම දැනගන්න ලැබේවි කියල අපිට විශ්වාස කරන්න පුළුවන්.

ඔහුගේ එක vision එකක, ඔහුගේ පියා නෙඩ් ස්ටාක්, බෙන්ජමින් ස්ටාක් සමග කඩු සටන් පුරුදු කරමින් සිටිය ආකාරයත්, එතැනට ලියානා ස්ටාක් පැමිණීමත් දක්නට ලැබුණා. ලියාන ස්ටාක් කියන්නෙ game of thrones කතා මාලාවේ ප්‍රධාන චරිතයක්. රේගා ටාගේරියන් ඇයව පැහැර ගැනීමත් එක්ක ඇති වුණ රොබර්ට් බැරතියන් විප්ලවය අවසන් වුණේ විශාල ලේ ගැලීමකින්. එය ටාගේරියන් පාලනය අවසන් කරා. නෙඩ් ස්ටාක් තම සොයුරිය ලියානාව සඟවා සිටි tower of joy කියන ස්ථානයට තවත් 6 දෙනෙකු සමග ගියා. ඒ අතර නෙඩ්ගෙ හොඳම සගයෙක් වුණ, හොලන්ඩ් රීඩ් සිටියා. හොලන්ඩ් රීඩ් කියන්නෙ ජෝජෙන් සහ මීරාගෙ තාත්තා. tower of joy ආරක්ෂාවට රාජ ආරක්ෂයන් (king’s guard) තුන් දෙනෙකු සිටියා. 6 වෙනි කතා මාලාවේ 3වෙනි කොටසෙදි, බොහෝ විට මේ දෙපිරිස අතර ඇති වන සටන දැකගන්න පුළුවන්.

Iron Islands වෙත යූරොන් ගේ නැවත පැමිණීම

02

රොබර්ට් බැරතියන්ගෙ විප්ලවයෙන් පසුව රොබර්ට් රජකම ලබාගෙන අවුරුදු කිහිපයකට පසුව බේලොන් ග්‍රේජෝයි ගෙ පියා වුණු ක්වෙලන් ග්‍රේජෝයිද විප්ලවයක් ආරම්භ කරා. ඒ තමන් Iron Islandsවලට රජ කියන නාමය ලබාගෙන. මෙයට හේතුව වුණේ ඔවුන් දණ නැමුවේ ටාගේරියන්ලට වීමත්, ඒ කාලෙ තව දුරටත් ටාගේරියන් පාලනයක් නොතිබීමත්. ක්වෙලන්ගෙ දෙවෙනි පුතා වුණු යූරොන් ග්‍රේජෝයි සාර්ථකව තම නැව් වලින් ලැනිස්පෝට් වල නැංගුරම් දා තිබුණු සියලුම ලැනිස්ටර් නැව් ගිනිබත් කර විනාශ කර දැමුවා. ඒ ග්‍රේජෝයි විප්ලවයට විරුද්ධව ලැනිස්ටර් නැව් පැමිණීම වළක්වමින්. නමුත් රොබර්ට් බැරතියන් සහ නෙඩ් ස්ටාක් ප්‍රමුඛ උතුරු හමුදාව එකතු වෙලා මේ ග්‍රේජෝයි විප්ලවය සාර්ථකව මැඩලුවා. මේ සටනෙදි ජෝරා මෝමොන්ට් පවා නෙඩ් ස්ටාක් එක්ක එකට සටන් කරා. එහි ප්‍රතිඵලයක් වුණේ ක්වෙලන්ගෙ මියයාම වගේම බේලොන්ගෙ පුතුන් දෙදෙනෙකුත් මිය යාම. බේලොන්ට ඉතිරිව සිට එකම පුතා වුණු කුඩා තියොන් ග්‍රේජෝයිව වින්ටර්ෆෙල් වෙත අරගෙන ආවේ, ප්‍රාණ ඇපකරුවෙකු විදිහට. ඒ නැවතත් ග්‍රේජෝයි විප්ලවයක් ඇති වීම වළක්වන්න. බේලෝන්ගෙ පියා ක්වෙලන් මිය ගිය නිසා, බේලෝන් Iron Islands වල පාලකයා බවට පත් වුණා.

පොත් වල හැටියට යූරොන් ග්‍රේජෝයි ඔහුගේ වෙනත් සහෝදරයෙකු වූ වික්ටේරියන් ගෙ බිරිඳ දූෂණය කරපු වරදට, බේලොන් ඔහුව Iron Islands වලින් නෙරපා හැරියා. හැබැයි මේ කාලය තුළ ඔහු මුහුදු කොල්ලකාරයෙක් විදිහට එසෝස් මහාද්වීපයේ විවිධ ප්‍රදේශ තරණය කර තිබෙන බවත්, ඔහු එන බව දුටුවම මිනිසුන් ඉතා තැති ගන්නා බවත් සඳහන් වෙනවා. වෙනත් මිනිසුන් ගමන් නොකරන, විනාශ වූ ව’ලීරියා කලාපයේ, අශායි, Smoking Sea වැනි කලාපවල පවා ඔහු ගමන් කර තිබෙනවා.

03

එක ගමනකදි යම් සිදුවීමක් නිසා යූරොන් ග්‍රේජෝයිගෙ සිහිය විකල්වීමක් වුණා. ඔහු නැවෙන් මුහුදට පනින එක නවත්වන්න ඔහුගේ නැවේ පිරිසට සුදු වුණා ඔහුව කණුවක ගැට ගසා තියන්න. ඉන් පසුව ඔහුගෙ සිහිය හොඳ වුණාට පස්සෙ, ඔහු ඔහුගේ නැවේ පිරිසේ සියලු දෙනාගෙ දිවවල් කපා දැමුවා. එයට හේතුව සිදු වූ යම් විශේෂ සිදුවීමක් වසන් කරන්නට වෙන්න පුළුවන්.

රොබර්ට් බැරතියන් මිය ගිහින් ජෝෆ්රි බැරතියන් රජ බවට පත් වීම එක්ක, ඔහුට විරුද්ධව ස්ටැනිස්, රෙන්ලි, සහ රොබ් ස්ටාක් (king in the north) කැරලි ගසනවා. බේලෝන් ග්‍රේජෝයි තමන් Iron Islandsවල රජ විදිහට හඳුන්වාගන්නවා. රොබ් ස්ටාක් වෙනුවෙන් උදව් ඉල්ලගෙන එන තියෝන්ව පවා බේලෝන් මේ කැරැල්ලට එකතු කරගන්නවා. මේ යුද්ධය war of five kings ලෙසයි හැඳින්වූවේ.

04

උතුරෙ හමුදාව රොබ් ස්ටාක් එක්ක යුද්ධයට ගිහින් ඉද්දි, ග්‍රේජෝයි හමුදාව උතුරේ එක් එක් ප්‍රදේශ අයත් කරගන්නවා. තියොන් වින්ටර්ෆෙල් අත් කරගන්නේ මේ කාලයේ. එය ආරංචි වුණාම නැවත රොබ් ස්ටාක් උතුරට යන්න සූදානම් වෙනවා. ඒත් ඒ වෙලාවේ රූස් බෝල්ටන්, ඔහුගේ පුතාවන රම්සේට පණිවිඩයක් යවල විනටර්ෆෙල් නැවත දිනාදෙන්න ඉදිරිපත් වෙනවා. රොබ් ස්ටාක්ට ද්‍රෝහී වීමේ අදහස මේ කාලයේත් රූස් බෝල්ටන්ගේ හිතේ තිබුණා කියන දේ පැහැදිලියි. වින්ටර්ෆෙල් නැවත ස්ටාක් වෙනුවෙන් දිනාගන්නව වෙනුවට, රම්සේ තියෝන්ව තම භාරයට අරගෙන වින්ටර්ෆෙල්වලට ගිනි තියනවා.

05

රොබ් ස්ටාක් මිය ගියාට පස්සෙ, warden of north තනතුර රූස්ට ලැබෙනවා. ඔහු හා රම්සේ එකතු වෙලා, උතුරේ එක් එක් ප්‍රදේශවල සිටින ග්‍රේජෝයි හමුදාව නැවත පලවා හරිනවා.

යූරෝන් නැවත Iron Islands වලට එන්නෙ මේ කාලෙ. යූරෝන් කියල කියන්නෙ ඉතාම කෲර, ඒ වගේම ඔහුගේ මතයට වැඩ කරන කෙනෙක්. ඔහු නැවත ඇවිත් තියෙන්නෙ විශාල අදහසකින් කියන දේ පැහැදිලියි. ඒ Iron Islandsවල පාලනය ලබා ගන්න විතරක් නෙවෙයි. බේලෝන්ව මරා දැමීම එහි පළමු පියවර පමණයි. බේලෝන්ගෙ මිය යාම එක්ක, Game of Thrones දෙවෙනි කතා මාලාවේ ඉඳන් කතා වුණ War of Five Kings (රජවරු පස් දෙනා අතර යුද්ධය)හි රජවරු පස් දෙනාම දැන් මිය ගිහින්.

බේලෝන්ගෙ මිය යාම එක්ක හිස් වුණ, Iron Islandsවල පාලනය තමන්ට ලැබෙයි කියල යාරා හිතුවත්, Drowned God පූජකයෙක් වන ඒරෝන් (බේලෝන්ගෙ බාලම සහෝදරයා) ඇයට මතක් කරල දෙන්නෙ, පාලකයා තෝරා ගැනීමට kings moot එකක් තිබීම සම්ප්‍රදාය බවයි. මෙහිදි කෙරෙන්නේ, සියලුම Iron Island වැසියන් එකතු වෙලා, පාලනය බලාපොරොත්තු වන නායකයන් තමන් පාලනයට සුදුසු ඇයි කියන එක කතාවක් මගින් ඉදිරිපත් වෙන එක. ඒ ඒ නායකයන්ට කැමති අය, ඔහුගේ හෝ ඇයගේ නම හයියෙන් කෑ ගහනවා. මේ විදිහට වැඩිම හඬකින් ආමන්ත්‍රණය වෙන නායකයා, Iron Islands වල මීළඟ නායකයා බවට පත් වෙනවා.

Faith Militant (ආගමික යුද බළඇණිය)

ටයිවින් ලැනිස්ටර් මිය යාම එක්ක ටොමෙන් බැරතියන්ට රජකමේ වගකීම වැඩි වශයෙන් පැවරුණා විතරක් නෙවෙයි, ඔහු තම බිරිඳ වූ මාජරී සහ අම්මා ස’ර්සිගෙ අදහස් සහ බලපෑම් අතර හිර වුණා. ටොමෙන් කියන්නෙ අහිංසක පුංචි ගටවරයෙක්. ඔහු ජොෆ්රි වගේ භයානක, තම තනතුරෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි. වෙස්ටරෝස් වල අදහන දෙවියන් හත් දෙන්නාට ගැති හමුදාවක් ක්‍රමක්‍රමයෙන් බිහි වෙන්නෙ මේ පරිසරය තුළ. ඔවුන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම, Seven God විශ්වාසයන්ට පිට අදහස් දරණ පිරිස් සහ ක්‍රම දමනය කිරීම ඉතා බිහිසුණු ආකාරයෙන් සිදු වෙනවා. ටයිවින් ලැනිස්ටර් ජීවතුන් අතර සිටිය නම්, ඔහු කවදාවත් ඒ වගේ දෙයකට ඉඩ තියන්නෙ නෑ. මේ බලවේගය ගොඩ නැගෙද්දී, එය මඩලනවා වෙනුවට ස’ර්සි කරේ එයට අනුබල දීම. ඇය එයින් බලාපොරොත්තු වුණේ, දේශපාලනික වශයෙන් කෙලින් පළිගන්න බැරි අයගෙන්, මේ Faith militant එක යොදාගෙන පළිගන්න. විශේෂයෙන්ම මාජරී ඇතුළු ටිරෙල් පිරිස, තමන්ට බාධාවක් විදිහට දැකපු නිසා ඇය, මාජරී සහ ලෝරස් අත් අඩංගුවට ගන්න පුළුවන් විදිහට High Sparrowට කරුණු කියනවා. ඒ ලෝරස් සමලිංගිකයෙකු බවත්, මාජරී මේ දේවල් වසන් කරන්නට උත්සහ කරපු බවත්.

06

නමුත් මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ ස’ර්සි පවා ඇය කර ඇති වැරදි වලට අත් අඩංගුවට පත් වීම. Little Finger සහ මාජරීගෙ ආච්චි වෙන ඔලේනා ටිරෙල්ගෙ බලපෑමෙන් දැනට faith militant එකේ සාමාජිකයෙක් වෙන ලාන්සෙල් ලැනිස්ටර්, ඔහු ස’ර්සි සමග තිබුණු අනියම් සම්බන්ධතාවය ගැන, ස’ර්සි සහ ජේමිග් අනියම් සම්බන්ධතාවය ගැන, රොබර්ට් බැරතියන් ඝාතනයට ස’ර්සි විසින් තමන්ව යොදාගත් හැටි, පාපොච්චාරණය කරනවා. (රොබර්ට් බැරතියන් මිය ගියේ දඩයම් ගිහිං, වලහෙකු පහර දී වුණත්, ඒ කාලේ ලාන්සෙල් ලැනිස්ටර් රොබර්ට්ගේ squire කෙනෙක් විදිහට, රොබර්ට්ට දුන් වයින් වල එක් කල යම් දෙයක් නිසා, නිදිමත හෝ සිහි මද ස්වභාවය මේ විදිහට වලහෙකුගෙ අතින්, ඉතා හොඳ දඩයක්කාරයෙකු වුණ රොබර්ට් මිය යාමට වැඩි හේතුවක් වුණා.) දින කිහිපයක් හිර අඩස්සියේ ඉඳල, ඇය හිරෙන් ගැලවී යාමේ අදිටනින් පාපොච්චාරණය කරනවා. ඒත් ඇයට හිරෙන් නිදහස් වෙලා, රෙඩ් කීප් (රාජ වාසල) එකට එන්න වෙන්නෙ මහ ජනතාව අතරින් නිරුවතින්.

6 වෙනි කතා මාලාවේදී බොහෝ විට ස’ර්සි මේ faith militant එකෙන් පළිගන්න දරණ උත්සාහය බලාගන්න පුළුවන් වේවි. ඇයගේ ප්‍රධානම සටන් කරුවා වන්නෙ ආපසු පණ ලබා දී ඇති මවුන්ටන්. ටිරියන්ගේ නඩු විභාගය සඳහා Prince ඔබරේන් සමග තිබුණු සටනෙදි ඔබරේන් මිය ගියත්, ඔබරේන්ගෙ ආයුධයේ විෂ තවරා තිබුණු නිසා ඒ විෂෙන් මවුන්ටන් මිය යාමට ආසන්නව සිටියා. ඒත් ක’බ’න් කියන මේස්ටර්වරයා ඔහුට Robert Strong ලෙස ආයෙ පණ ලබා දී තිබෙනවා.

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – HDTV-KILLERS, AVS, CtrlHD, TOPKEK

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Tremors (1990) with Sinhala Subtitles |බින්කුන්ඩෝ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

Tremors (1990)

               ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම් ජනවාරි මාසේ . කරුමේ කියන්නේ බාරත්තේ ජනවාරි 23 . බයික් ඒක පෙරලා ගත්තා 24 වෙනිදා. දකුණු අත කඩාගෙන මොන ටයිපින්ද . ආපහු කොම්පියුටරේ කොටන්න ගත්තේ මැයි මාසේ . ඉස්සෙලම කරේ දුන්න පොරොන්දුව ඉෂ්ට කරපුඑක. ඉතින් සමාවෙන්න පරක්කු උනානම්, එත් මම අමතක කලේ නැ ඔන්න. මම බයස්කෝප් එකෙන් නිතරම සබ් ගන්නවා . ඉතින් කැමැති චිත්‍ර පටියක් හොයා ගත්තගමන් බලනවා තියද කියල. මම දැක්ක මේ Tremors කියන චිත්‍රපටි පෙලේ එකක් වත් බයිස්කෝප් එකේ නැ කියල. හේතුව නම් දන්නේ නැ. එත් කියන්න ඕන නියම චිත්‍රපටි පෙළක් කියල . ඉසේල්ලම ඒක ආවේ 1990 . අන්තිම ඒක ආවේ 2015 ඔක්තෝම්බර් වල . සත්තු ගැන තියන කතාවක් , කම්මැලි නැතුව බලන්න පුළුවන්.

               මම මේකට දාපු නම බින්කුන්ඩෝ කියල . මොකද කියල බැලුවම තේරේවි . මේ තියෙන්නේ පලමු කොටස ඒ කියන්නේ Tremors (1990) චිත්‍රපටියේ උපසිරැසිය. කතාව ගැන ටිකක් කියනවනම් , මේක සිද්ද වෙන්නේ ඇමරිකාවේ දුෂ්කර ටවුමක. ජිවත් වෙන මිනිස්සු ටිකක් වටා .හරිම ඒකාකාරී ජිවිතයක ගෙවන මිනිස්සුන් ට එකපාරටම විනාසයක් කඩා පාත්වෙනවා. කඩා පාත්වෙනවා කිවුවට පොලව යටින් එන්නේ . මේ ගමට එනවා කවදාවත් හොයා ගත්තේ නැති සත්තු ජාතියක් . පට්ට ලොකු ඒවගේම හොදට මොලේ තියන එවුන් වගයක්. ඉතින් ගමේ මිනිස්සු උන්ව පරද්දල ජිවිතේ බෙර ගන්න විදිය තමා චිත්‍රපටිය පුරාම තියෙන්නේ . මටනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්., මම හිතනවා ඔයාලටත් පුළුවන් වේවි කියල. IMDB රේටින් 7 ට වඩා  අරන් තියනවා . ඒ කෙන්ම හිතා ගන්නකො.

               ඔයාලට මේ ෆිල්ම් ඒක හිතට ඇල්ලුවොත් මම මේකේ දෙවෙනි කොටස වන Tremors 2: Aftershocks (1996) දෙන්නම්. බයිස්කෝප් එකේ ඇඩ්මින්ලාගෙන් සමාව ඉල්ලනවා පරක්කු උනාට. හොදයි, බුදු සරණයි ඔක්කොටම.

 

The Wrestler (2008) on IMDb

 

 

745 MB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න

69C054051D6F4D4C97C2ED1581D2C5EBA54F71BA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Young Justice [S01:E10] with Sinhala Subtitles |චෙශර් හා රාස් අල්ගුල් ලෙක්ස්ව මරන්න යයි. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන ආර්ටමසුත්,සුපර් මෑන්ගෙ ගෝලයාවන සුපර් බෝයිත්,ඒත් සුපර් බෝයි කියන්නෙ ඇත්තටම සුපර් මෑන්ගෙ ගෝලයා නෙවෙයිනෙ,සුපර් මෑන් සුපර් බෝයිට කැමතිත් නෑනෙ,ඒක ඕගොල්ලො දන්නවනෙ.තව ඉස්සරහට තව කට්ටියක් එනවා.ඕගොල්ලො බලාගෙන ඉන්නකෝ.
         ඔන්න කිසි කතාවක් නැතුව මම 10වන කොටසත් අරන් ආවා.මේක එනකම් ඕගොල්ලො බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා.ඕගොල්ලො රාස් අල්ගුල්ව දන්නව ඇතිනෙ.මේකෙ එයත් ඉන්නවා.මේ කොටසෙ වැඩ පෙන්නන්නෙ ස්පීඩි තමයි ඉතින්.මේකෙ රටවල් දෙකක් අතර යුද්ධයක් තියනවා.ඉතින් මේ යුද්ධය නවත්වන්න,මේගොල්ලොන්ව සමාදාන කරන්න,බේරුම්කාරයෙක්ව ගේනවා.ඕගොල්ලොම බලන්නකො මේ බේරුම්කාර්යා කවුද කියලා.ඊට පස්සෙ මේ බේරුම් කාරයව මරන්න සෙවනැලි කල්ලියෙන් මිනිස්සු එනවා.මෙහෙම මරන්න කියලා සෙවැනලි කල්ලියට කියලා තියෙන්නෙ රාස් අල්ගුල් තමයි ඉතින්.මේ කොටසේ මිගැනුයි,සුපර් බෝයියි ඉස්කෝලේ යනවා ජීවිතෙ පලමු වතාවට.ඉතින් මේගොල්ලොන්ට ඉස්කෝලෙදි වෙන කරදරත් මේ කොටස බැලුවොත් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් වෙයි.
             වෙනස්ම කොටසක් වන 11වන කොටසත් අරන් එනවා කියන බලාපොරොත්තුව ඕගොල්ලොන්ගෙ හිතේ තැන්පත් කරන ගමන් අදට මම යනවා,ඕගොල්ලො හැමෝටම.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Croft (2013), Tom Clancy’s the Division: Agent Origins (2016),The Punisher Dirty Laundry (2012) with Sinhala Subtitle |ලේඩීස් ෆස්ට්, මාරාන්තික වසංගතය, පනිෂර් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Croft - Fan Film (2013)

           පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න ඉක්මනට තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා.තුන්වෙනි එක වෙනුවෙන් තුනක්ම අරගෙන තමයි මේ එන්නෙ.හැබැයි මේවා කෙටි චිත්‍රපට.හැබැයි විශේෂයෙන් කියන්නම ඕනේ, මේවා කෙටි චිත්‍රපට වුනාට ගුණාත්මක බාවයෙන් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා.මේ තුනම ඉතාමත් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා දෙකක් හා සුප්‍රකට මාවල් වීර චරිතයක් තේමා කොටගත් චිත්‍රපටයක් වෙනුවෙන් නිෂ්පාදනය වූ කෙටි චිත්‍රපට.මේ තුනම ගැන පුංචි විස්තරයක් වෙන වෙනම කියන්නම්කො.

Croft (2013)
‘ලේඩීස් ෆස්ට්’ කියලා කතාවක් තියෙනවනෙ.ඉතින් ඒ කතාවට ගරුකරමින් මේ කාන්තාවගෙන්ම පටන්ගන්නම්.’ලෝරා ක්‍රොෆ්ට්’ කිව්වම ඔයගොල්ලොන්ට කාවද මතක් වෙන්නෙ.එක සැරේටම මතක් වෙන්නෙ නෑ නේද…හැබැයි මං මෙහෙම කිව්වොතින්…TOMB RIDER…මෙහෙම කිව්වමනම් ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බෑ.ලොව පුරා වෙසෙන්නා වූ සියලුම පරිගණක ක්‍රීඩා ලෝලීන් ඉමහත් ආදරයෙන් වැලදගත් Tomb Rider ක්‍රීඩා මාලාවේ සුපිරි වීර චරිතය තමයි ලෝරා ක්‍රොෆ්ට් කියන්නෙ.මේ ගේම් එක ගහපු කට්ටිය දන්නවා කොච්චර සුපිරි ගේම් එකක්ද කියලා මේක.මේ කාන්තා වීර චරිතය යොදා ගනිමින් සැකසු විශේෂිත කෙටි චිත්‍රපටය තමයි Croft කියන්නෙ.විශේෂයෙන්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සඳහා කිසිඳු ආකාරයක ටොරන්ට් පිටපතක් හෝ ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනේ නෑ.ඒ වුනත් මේ චිත්‍රපටයේ තියෙන සුපිරිම ඝනයේ ක්‍රියාදාම නිසා මේක අත හැරලා දාන්න හිතුනේ නෑ.අන්තිමට පැය ගානක් ඔට්ටු වුනාට පස්සේ සබ් එකක් හම්බුනා.ඒකත් Arabian භාෂාවෙන් කරපු එකක් කියපන්කො.මොනවා කරන්නද ඉතින්…Google Translater වලින් අමාරුවෙන් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා ඊට පස්සේ සිංහල සබ් දැම්මා.google වලින් පරිවර්තනය කරනකොට ගොඩක් වැරදි වෙනවා.ඒ නිසා ආපහු පාරක් දෙබස් වලට සවන් දීලා නිවැරදි තාවය පරීක්ෂාකරන්න වුනා.ඒ උනත් සමහරවිට අඩු පාඩු තියෙන්න පුළුවන්.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන්නේ youtube ලින්ක් එකක්.මොකද මං කලින් කිව්වා වගේම මේකට කිසිඳු ටොරන්ට් පිටපතක් නිකුත් වී නෑ.ඒ නිසා කට්ටිය දීලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා IDM එකෙන් හරි video downloader එකක් හරි පාවිච්චි කරලා මේක බාගන්න.එහෙම නැතුව කට්ටිය මගේ ජාතිය අමතන්න නම් එපා 😀 මෙච්චර කට්ටක් කාලා මේක ගෙනාපු හේතුව ඔයාලට තේරේවි මේක බැලුවට පස්සේ.සම්පුර්නයෙන්ම ක්‍රියාදාම අඩංගු සුපිරිම චිත්‍රපටයක්.

Tom Clancy’s the Division: Agent Origins (2016)
මේක ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මං හිතන්නෙ.වර්තමානයේ ලොව ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක්.ගොඩක් කට්ටියට මේක ගහන්නත් බැරිව ඇති මොකද මේකට අවශ්‍ය කරන මූලික පරිඝනක සුදුසුකම් ඉතාමත් ඉහල නිසා.ඒ නිසා කට්ටිය මේක බලලාවත් හිත හදාගන්නකෝ.කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.ලෝකය පුරාම දරුණු වසංගතයක් පැතිර යනවා.මේ වසංගතය ආරම්භ වූ ආකාරය කිසිවෙක් දන්නේ නෑ.ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පමණක් මිලියන ගණනක් මියගොසින්.මෙවැනි තත්වයක් මත රජයට තව දුරටත් පාලනය ගෙනයාමට හැකියාවක් නෑ.නාදුනන කණ්ඩායම් විසින් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරමින් පුළුස්සා දමන්නට පටන්ගන්නවා.
මේ මොහොතේ තමයි එක විශේෂිත වූ බලකායක් නැගී සිටින්නෙ.කණ්ඩායමේ ඔක්කොම හතරදෙනයි.මොවුන් විවිධ ප්‍රදේශයන්හි විසිර සිටින්නන්.කිසිවෙක් දන්නේ නෑ මොවුන් මෙවැනි බලකායකට අයත් බව.අති නවීන අවි ආයුධ වලින් සන්නද්ධ,ප්‍රභලම සටන් පුහුණුවක් ලැබ සිටින මොවුන් සතුව ඇත්තේ එකම අරමුණයි.එනම් නීතිය හා සාමය ප්‍රතිස්ථාපනය කිරීමයි.

The Punisher Dirty Laundry (2012)
පනිෂර් කිව්වම නොදන්න කෙනෙක් නෑනේ.තවත් එක් මාවල් වීර චරිතයක්.මෙයා ඉන්න චිත්‍රපටි කීපයක්ම බයිස්කෝප් එකෙන් දීලා තියෙනවා.ඒ වගේම මෙයා ඉන්න ඩේයාඩෙවිල් කතා මාලාවත් මේ දවස්වල අපේ කට්ටිය බලනවා ඇතිනේ.මේවා බලපු කට්ටියට මෙයා ගැන පොඩි හරි දැනීමක් ඇතිනේ.මොහුගේ විශේෂත්වය තමයි, සටනට ගිය විට ඉවක් බවක් තොරව පහර දීම.ඒ වගේම ගිනි අවි,ගිනි කෙලි වලට නම් දරාපු පුද්ගලයෙක්.මෙයාගේ පොඩි වැඩ කෑලි ටිකක් මේකෙනුත් බලාගන්න පුළුවන් වේවි.

එහෙනම් ඉතින් කියන්න තියෙන ටික ඔක්කොම කිව්වා.දිග වැඩිවුනාද මන්දා.මට මේ අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් අපේ බයිස්කෝප් සහෝයුරන්ට ස්තුතිය පිරිනමනවා.එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු. එතකන් හැමෝටම ජයවේවා…!

 

American Hero (2015) on IMDb

 

 

Croft මෙතනින් බාගන්න

 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The Blacklist [S03 : E21] with Sinhala Subtitles |සූසන් හාග්‍රේව් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

හොදයි එහෙම නම් අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ තුන්වෙනි සීසන් එකේ 21 වන කතාවත් එක්කයි.
 
පසුගිය සතියේ අන්තිමට රෙඩින්ටන් අරාම් එක්ක එකතු වෙලා ලිස්ගේ මිනීමරුවන් හොයන වැඩේට කැමති උණානේ. ඒ වගේම හැරල්ඩ් කූපර්ත් ටොම් එක්ක එකතු වෙලා ලිස්ගේ මිනිමරුමට වගකියන්න ඕන අය හොයාගන ගියා මතක ඇතිනේ. ඒ දෙන්නා නම් හිතන්නේ අර පින්තූරයේ ඉන්නේ ලිසිගේ අම්මා කැටරීනා රස්ටෝවා කියලායි. ඇත්තටම ඉන්නේ එයාමද කියලා අද බලාගන්න පුළුවන්.
 
එහෙමනම් අද කතාව බලන්නකෝ. මේ සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ තව කොටස් 2ක් විතරයි. එහෙම නම් ලබන සතියේ හමුවෙමු.

The Blacklist (2013) on IMDb

 

 

275 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

2FB773DD233BC43026D95AFAC0AEA199BE149C64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Young Justice [S01:E12] with Sinhala Subtitles |ජලය හා ගින්දර [සිංහල උපසිරසි සමඟ]

$
0
0

11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය කරනවා,ඒ රොබෝලා දෙන්නෙක්. ඒ වගේම මිගෑන් මැරෙන්නත් යනවා. මේ ආක්‍රමණය නවත්වන්න ඉතුරු වෙන්නෙ රොබින්, ආර්ටමසුයි විතරයො, අනිත් අයව මොකද අල්ලගන්නවනෙ,         

තව ටිකක් යද්දි මේ කතාවට අලුතෙන් 2කෙත් එනවා, මම ඒ කවුද කියලා කියන්න යන්නෙ නෑ. හැබැයි එක්කෙනෙක්ට රොබින් ආදරය කරනවත් එක්ක.මේ ආලෝකය කියන දේ ඕගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් ඒ ප්‍රශ්නෙ පස්සෙ විසදෙයි.

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>


Colony [S01:E08] with Sinhala Subtitles |පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න මම අටවෙනි  කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.  ස්නයිඩර් මරන්න ආවේ බුසර්ඩ් කියලා කස්ටිය දැනගත්තානේ. ඒ වගේම එයා බොරු මරණයක් කරල පෙන්නුවනේ. ඒත් විල් ඒක ඇත්ත එකක් කියලා හිතුවේ නෑ. ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න කියලා කුයිලි කිවුවට බුසර්ඩ් එයාව මරන්නේ නෑ. ඒ වගේම කැති ට සහ විල් ට එයාලගේ පුතා ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ ටික තමයි උනේ.

එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

කැරැල්ලේ කස්ටියගේ කෙනෙක් එනවා විල් ව මුණගැහෙන්න. ඒ කෙනා ඇවිල්ල කියනව බුසර්ඩ් ඉන්න තැන ගැන කියන්නම් කියලා,.. ඒ කෙනා කවුද? ඒ කෙනා ඇයි එහෙම කියන්නේ? එයාට මොනවද ඕනේ? ඒ වගේම එයා කියන්නේ ඇත්ත ද? මේකෙන් විල් ට ලැබෙන වාසිය මොකක්ද? අද කොටස බලන්න එහෙනම්..

එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…

 

 

 Colony (2016) on IMDb

 

 

E40C4E195C885D4ABF009A372AAAD4F3028AB651

184 MB (265x.720p) කොපිය මෙතනින් බාගන්න

125DB7A611B60E79743CFB93B9A0741AEF55F6E8

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Tremors 5: Bloodlines (2015) with Sinhala Subtitles |බින්කුන්ඩෝ 5 –මිනීමරු පරපුර [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

Tremors 5-Bloodlines (2015)

ඔන්න යාලුවනේ මම මගේ දෙවන උපසිරසියත් අරගෙන ආවා . හැබයි කියපු විදියට මම ඉස්සෙල්ලම දීපු චිත්‍රපටිය වන Tremors එකේ දෙවැනි එක වන Tremors 2: Aftershocks (1996) නෙවි . එකේම පස්වන කොටසවන Tremors 5: Bloodlines (2015) කියන එක .ඔයාල දැන් බලාවි ඇයි මම දෙවැනි එක දෙන්න නැතුව පස්වන එක දුන්නේ කියල. මම හේතුව කියන්නම්.
මේ චිත්‍රපට මාලාව පටන් ගත්තේ 1990 . හරියටම කියනවනම් VHS යුගයේ . අපි මේවා බැලුවේ ඩේක් පිස් වල . ඉතින් මේ චිත්‍ර පටිය ගැන හරියටම දන්නේ දැන් ඔය අවුරුදු 30ත විතර වයස වැඩි යාලුවෝ, අනිත් යාලුවෝ මේකේ මුල ඒවා ගන්නෙත් නැතිවේවි පරණයි කියල. ඉතින් චිත්‍රපට මාලාවේ අන්තිම එක ආවේ 2015 නේ . එක දුන්නොත් එක බලල මේ ගැන අදහසක් එයාලටත් ගන්න පුළුවන් වේවි කියල මට හිතුනා .ඒතකොට යාලුවෝ ඔක්කටම මුළු චිත්‍රපට මාලාවම බලන්න පුළුවන් වේවිනෙ. මේක පස් වන කොටස උනත් මුල ඒවා නොබැලුවත් බලන්න අවුලක් නැ. මොකද මේකෙ මුලින්ම පරණ ඒවා හතරේම සාරාංශය කියල දෙනවා . අනික වෙනස්ම කතාවක් හින්ද ප්‍රශ්නයක් නැ .
ඔන්න ඉතින් කතාව ගැන ටිකක් කියනවනම් මේ කතාවේ නායකයා බර්ට් ගමර් කියන පුද්ගලයා . මෙයා තමා මුල් කතා හතරේම මේ සත්තු විනාස කරන්න උත්සහ කරන කෙනා . උතුරු ඇමරිකාවේ මුන් එක්ක සටන් කරමින් ඉන්න මෙයාට දැනගන්න ලැබෙනවා දකුණු අප්‍රිකාවේ මේ සත්තු මතුවෙලා කියල. ඉතින් දකුණු අප්‍රිකාවට ගිහින් ඒ සත්තු එක්ක සටන් වදින එක තමා මේකේ කතාව. මැද්දේ ගොඩක් වෙන සිදුවීම් තියනවා. කොහොම උනත් කම්මැලි නැතුව් බලන්න පුළුවන්. IMDB 5 කට වඩා වැඩියෙන් අරන්  තියන නිසා හොදයි කියල තේරෙනවා ඇතිනේ.
හොදයි . ඔයාල මේක බලල අදහසක් ගන්න . Tremors ගැන දන්නා අය ඉතින් මේක බලන්න අමුතුවෙන් කියන්න ඕන නැනේ. හොදද නරකද කියල මටත් කියන්න . මගේ ඊලග උපසිරැසිය විදියට Tremors 2: Aftershocks (1996) දෙනවා ඉක්මනටම . එකෙන් මුන ගැසෙමු . බුදු සරණයි ඔක්කොටම.

 

 

The Wrestler (2008) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

E7D812EA4AF939EA3CCBF6452922D50B215F7680
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Penny Dreadful [S03 : E02] with Sinhala Subtitles |මෘගයින් ළඟින් සහ දුරින්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඉතින් කොහොමද ඔයාලට? මට නම් මේ පහුගිය දවස් කීපය සෑහෙන්න අපලයි මොකද අනතුරු වෙනවා කියන දේවල් වෙන්නේ අපිට කියලා නෙමෙයිනේ, දැනට සතියකට කිට්ටු වෙන්න ඉන්නේ ඇඳ උඩට වෙලා. පේන විදියට මට ඇකැඩමික් කරගන්න වෙන්නෙ නෑ සති ගානක් යනකන්. යන්තම් අත් දෙක සනීපයි.  ඉතින් ඒවා එහෙම වුණා කියලා මේවා නවත්තන්නත්  බෑනේ. ඔන්න අදත් එහෙනම් Penny Dreadful කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවනි කතාංගය අරගෙන ආවා. ඉතින් ඔයාලා ගිය සතියේ කතාව රස විඳින්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඉතින් මේක බලන පිරිසගේ අඩුවකුත් පේන්න තියෙනවා. මම දන්නේ නෑ ඒකට හේතුවක් නම්. ඒත් බලන පොඩි පිරිස හරි මට ගොඩාක් වටින නිසා උපසිරසිය අරගෙන ආවා.
එහෙනම් ගියසතියේ කතාවේ මොකද්ද වුණේ කියලා පොඩ්ඩක් බලලම ඉමුකෝ. ඉන්ස්පෙක්ටර් රස්ක් ඇතුළු කණ්ඩායම ඊතන්ව ඇමරිකාව බලා යද්දි අතරමගදී නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඊතන්ව යම්කිසි කණ්ඩායමක් විසින් පැහැරගත්තා. ඒ තමංගේ පියා යටතේ වැඩ කරන පිරිස් බවට ඊතන් පසුව දැනගත්තනේ. ඒවගේම සර් මැල්කම් අප්‍රිකාවට ගිහින් සෙම්බින්ව භූමදානය කළා. ඒ ගමනෙදි සර් මැල්කම්ට නාඳුනන පුද්ගලයෙක් මුණගැහුනා. ඒ තමයි ඊතන්ගේ පියා. මට නම් තාම විස්වාස නෑ හැබැයි මේ වෙන දේවත් එක්ක. ඒවගේම ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින්ව හොයාගෙන එනවා පුද්ගලයෙක්, නම තමයි ඩොක්ටර් ජේකිල්. මෙයා ඉන්දියානුවෙක්. කාලෙකට කළින් වික්ටර්ගේ යාළුවෙක්.මෙයා මෙතෙන්ට සම්බන්ධ වෙන හේතුව නම් පොඩ්ඩක් අපැහැදිලියි. ඒවගේම වැනේසා උදව් බලාපොරොත්තුවෙන් කෙනෙක්ව මුණගැහෙන්න යනවා. ඒ තමයි ඩොක්ටර් සුවර්ඩ්. මෙයා ඇවිල්ලා මානසික  වෛද්‍යවරයෙක්. වැනේසා මෙයාගෙන් වෛද්‍ය උපදෙස් ගන්න හිතාගෙන එනවා. ඒවගේම එයාට යම්කිසි හුරුපුරුදු බවක් දැනුනා එතනදි. මිස්ටර් ක්ලෙයාර් තනිවම යනවා ඔහුගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා. මේ සිදුවීම් අවසානයේ එක විශේෂ චරිතයක් කතාවට එකතු වුණා. ඒ තමයි ඩ්‍රැකියුලා. අලි මදිවට කොටි කිව්වලු නේද? 
හරි, ඉක්මන්ට යමු අද කතාව පැත්තට. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා කරන්නේ මොනවද? සර් මැල්කම්ගේ ඊළඟ ගමනාන්තය මොකක් වෙයිද? ඊතන්ගේ ගමන අතර මඟ උදව් කරන තැනැත්තිය කවුද? වික්ටර් සහ ජේකිල් කරන කුමන්ත්‍රණය මොකද්ද? ඒ වගේම වැනේසා ඩොක්ටර් ස්වීට් අතර තියෙන සම්බන්ධතාවයට මොකද වෙන්නෙ? අවසානයේ ඇයව ලුහුබඳින අඳුරේ බලවේග සහ කවුද මේ ඩ්‍රැකියුලා කියලා බලාගන්න පුලුවන් අද කතාවෙන්. 
එහෙනම් අද කතාංගයත් හැමෝටම නරඹන්න ආරාධනා කරනවා. ලබන සතියේ කතාවත් වෙලාව තියෙන විදියට කොහොමහරි ඉක්මන්ට දෙන්න බලන්නම්. ගියසතියේ කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. එතකන් ගිහින් එනකම් හැමෝටම ජයෙන් ජයම වේවා…!

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

254 MB (720p x264)කොපිය මෙතනින් බාගන්න

6074D64F7668DC0ABA2C6C02E6A0E060F2FB4E38

199 MB (720p x265)කොපිය මෙතනින් බාගන්න

525245ABB9D7AEC8BFE9495CDBEC2EB0A8AB81AC
 
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                   All Episodes                        Next Episode >>

Arrow [S04 : E21] with Sinhala Subtitles |න්‍යෂ්ටික ප්‍රහාරය … [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Arrow TV S4P2

කොහොමෙන් කොහොම හරි ඩේමියන් හිරෙන් පැන්නා. හැබැයි එයාව හිරෙන් නිදහස් කරගත්තෙ නැති එකට HIVE එකත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. කොච්චරද කියනවා නම් ඒකෙ නියෝජිතයෝ දෙන්නෙකුත් එයා මරලා දැම්මා. ඩාර්ක්ට ආයෙමත් මැජික් බලය ලැබුන නිසා ඔලිවර්ට එයාව පරද්දන්න අමාරු වෙනවා. ඒ නිසා ඔලිවරුත් කොන්ස්ටයින්ගේ උදව්වෙන් කෙනෙක්ව හොයාගෙන මැජික් බලයක් ලබාගන්න. එයා තනියම ඒ ගමන යන්න හදද්දි ෆෙලසිටිත් ඒකට එකතු වෙනවා. ඔය අතරේ ලයිලයි එයා‍ගේ දුව සාරයි ආරක්ෂිත වාහනයක සති ගානක ඉදන් ඉදලා. මොකද ඇන්ඩි ඩිගල්ගේ ගෙදර ගැන ගොඩක් දේවල් දන්නවා වගේම එයා මොකක් හරි කරදරයක් කරන්න පුලුවන් නිසා. හැබැයි ලයිලට නම් මේක එපා වෙලා තියෙන්නේ. ඔය අතරේ ඩිගල්ට ඇන්ඩි ඉන්න තැනක් දැනගන්න පුලුවන් වෙනවා. එයා ඇන්ඩි අල්ලා ගන්න පස්සෙන් පන්නනවා. ලයිලා නම් තනියම යන්න එපා කියලා කියන්නේ. හැබැයි ඩිගල් ලයිලා කියන දේ අහන්නේ නැතිව ඇන්ඩි පස්සේ ගිහින් හිතපුවත් නැති විදියට ඇන්ඩිට කොටුවෙනවා.

මේ අතරේ ඔලිවරුයි ෆෙලසිටියි ඔට්ටු අල්ලන ක්ලබ් එකකට යනවා අර මැජික් උගන්වන කෙනාව මුණගැහෙන්න. හැබැයි මැජික් ඉගෙන ගන්න කලින් එයාලා බ්ලැක් ජැක් සෙල්ලම කරනවා. ෆෙලසිටි ගොඩක් හොදින් සෙල්ලම් කරලා ගොඩක් සැරයක් දිනනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ ඒ මේසයේම හිටපු ෆෝර්චුන් කියන කෙනා තමයි ඔලිවර්ට මැජික් උගන්වන්න ඉන්න කෙනා කියලා. ඉතින් එයා ඔලිවර්ට මැජික් උගන්වන්න කැමති වෙනවා. එයාලා කැසිනෝ එකෙ පස්සහ තියෙන ගුහාවකටයි යන්නේ. ෆෝර්චුන් ලගත් ඩේමියන් ලග තියෙනවා වගේ මුර්තියක් තියෙනවා. හැබැයි ඒක හොද පැත්තට පාවිච්චි කරන එකක්. ඉතින් ඔලිවර්ට ෆෝර්චුන් කියන්නේ එයා කරපු හොද දේවල් මතක් කරගන්න එතකොට එයාට මේ මැජික් එක ඉගෙන ගන්න පුලුවන් කියලා. හැබැයි එයාගේ හොද දේවල් වලට වඩා නරක දේවල් තිබුනොත් ඩාර්ක් බලවත් වෙන එක විතරයිලු වෙන්නේ. හැබැයි ඔලිවර්ට මැජික් බලය දෙද්දි එයාට මතක් වෙන්නේ එයා කරපු නරක දේවල් විතරමයි. ඉතින් ෆෝර්චුන් කියන්නේ මේ දේ නිසා ඔලිවර්ට බලය දෙන්න බෑ කියලයි. ඉතින් ඒ නිසා ඒ වැඩෙත් හරි ගියේ නෑ.

ඔය අතරේ ඇන්ඩි ඩිගල්ව හිර කරගෙන ඉදලා වද දෙනවා. හැබැයි ඩිගල් කොහොම හරි එතන ඉන්න හැමෝටම පහර දිලා පැනගන්නවා. ඇන්ඩිව මරන්න අවස්තාව තිබුනත් ඩිගල් එහෙම කරන්නේ නෑ. හැබැයි ඩිගල් පැනලා ගියා නෙවෙයි එයාට පැනලා යන්න ඉඩ දිලා. ඒ වෙන මොකටවත් නෙවෙයි ලයිලා ඉන්න තැන ඩිගල් මාර්ගයෙන් හොයාගන්න. ඉතින් ඩාර්ක්ගේ කට්ටිය ඇවිත් ඒ වාහනය පහර දෙනවා. හැබැයි ඩිගල් කොහොම හරි සාරාව අරගෙන එතනින් පැනලා යනවා. ඒ වුනාට ලයිලා වාහනය ඇතුලේ ඩේමියන්ට කොටුවෙනවා. මෙයාලාගේ හොද වෙලාවට ඔලිවර් ඇවිත් ලයිලාව ඩේමියන්ගෙන් බේරාගන්න හදනවා. ඒ වෙලාවේ ඩේමියන් ඔලිවර්ට එයාගේ මැජික් එක කරන්න හැදුවත් ඔලිවර්ගේ මැජික් බලය නිසා ඒක කරන්න බැරි වෙනවා. එයාලට ලයිලව බේරාගන්න පුලුවන් වෙනවා. හැබැයි ලයිලගේ ඇග ඇතුලේ තිබුන න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කරන්න පුලුවන් චිප් එකක් ඩේමියන් හොරකම් කරගන්නවා. ඒ වගේම මේ හැමදෙයක්ම වෙද්දි ඩිගල් ඇන්ඩිව වෙඩි තියලා මරලා දානවා.

ඔය අතරේ තියා ඇලෙක්ස් එක්ක නිවාඩුවකට යනවා. හැබැයි තියාට මේ නිවාඩුවට ගියපු තැන ගැන ගොඩක් පුදුමයි. මොකද ඒ තැන ගොඩක් අත්භුත නිසා. ඒ වෙලාවේ එයා දකිනවා ඇලෙක්ස් ඩේමියන්ගේ අර පෙති බොනවා. ඉතින් තියා දැනගන්නවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් එයා එතනින් පැනලා යන්න හැදුවට පැනලා යන්න තැනක් නම් හොයාගන්න බැරි වෙනවාග තියා මේ කොටුවෙලා තියෙන තැන මොකක්ද?… . . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

200 MB (x265) කොපිය මෙතනින් බාගන්න

7C1B742A4599F6DA15C12708ACC2B689BE0FC20C

242 MB (x264) කොපිය මෙතනින් බාගන්න

50EBE3AC7340C5A72DFE9EBCB0DAF8789320B942
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Vetrivel (2016) with Sinhala Subtitles |මේ වගේ අයියලා ඉන්නකම්..ආදරය මියදෙන්නෑ! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Vetrivel (2016)

සුපිරි තරු රඟපෑවොත් විතරයි හොඳ ෆිලුම් නිර්මාණය වෙන්නේ කියලා හිතන අයට හොඳ පිළිතුරක් මම අද රැගෙන ආවා. ෆිලුම බාරගද්දි මමවත් හිතුවේ නෑ මේ ෆිලුම මෙච්චර හොඳ ඇති කියලා නමුත් උපසිරැසිය කරගෙන මැදක් යද්දී මෙය එක්තරා හොඳ නිර්මාණයක් කියලා තේරුම් ගියා. ඒ නිසා ටිකක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඉක්මණට ඉවරයක් කළා ඔයාලටත් මේක බලන්න දෙන්න. වෙට්ට්‍රිවේල් නැත්තම් වෙට්ට්‍රි. ගොවිතැනක් කරගෙන යහමින් ජීවත් වුණ පුද්ගලයෙක්. වෙට්ට්‍රිගේ හිත ගිය කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා අතරේ කතා බහක් එහෙමත් තියනවා නමුත් දෙන්නට දෙන්නා ආදරේ ප්‍රකාශ කරලා නැහැ. වෙට්ට්‍රිගේ මල්ලි සරවනා කොලේජ් ශිෂ්‍යෙයක්. සරවනාගේ පෙම්වතිය සුභා. ඔහොම ඉද්දි සුභාට ගෙදරින් වෙනත් කටයුත්තක් බලනවා කියලා ආරංචියක් එනවා. ඉතින් කතා කරලා බැරිම තැන වෙට්ට්‍රි තීරණය කරනවා මල්ලිට උදවු කරන්න.

මල්ලිට උදවු කරන්න කියලා ගියාට මොකද වෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ වැඩක්. එක්තරා වැරදීමකින් වෙට්ට්‍රි නිසා එක්තරා තරුණියකට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ කියන්නේ වෙට්ට්‍රිගේ මල්ලිට උදවු කිරීමේ සැලැස්මේ එකතරා අදියරකදී කොහේදෝ හිටපු ඒ අහිංසක තරුණියගේ මුළු ජීවිතයම කඩාකප්පල් වෙනවා. යන එන මං නැති වෙනවා. ඒ සියල්ලටම වගකියන්න ඕන වෙට්ට්‍රි තමයි. නමුත් මේ සිදුවීම පිළිබඳව පොලීසිය කරන විමර්ශණයේදී එම තරුණිය බොරුවක් පවසා වෙට්ට්‍රිව නිදහස් කර හරිනවා. වෙට්ට්‍රි නිදහස් වූ නමුත්, ඉන්පසු ඒ අසරණ තරුණියට යන එන මං නැතිව පාරට වැටෙනවා. මේ තරුණිය දුටු වෙට්ට්‍රි වෙන විකල්පයක් නොමැති නිසා මෙම තරුණියව ගෙදරට එක්කන් යනවා. ඒත් එක්කම ඔහුගේ ජීවිතයට අභියෝග රැසක් පැමිණෙනවා. ප්‍රධානම අභියෝගය තමයි මල්ලිට සුභාව බන්දලා දෙන එක. ඒ වෙනුවෙන් ඔහුට මැර කණ්ඩායම් සමඟ පවා ගැටෙන්න සිදු වෙනවා.

මෙය තමයි සාරාංශය. ඔයාලට දැන් හිතෙයි අයියෝ ඕකත් කතාවක්ද ඔය වගේ කතා කොච්චර තියනවද කියලා. නමුත් මම මෙහි සැබෑ කතාව සඟවා තමයි ඔයාලට විස්තර කරලා තියෙන්නේ. කතාව කීවොත් වැඩක් නෑනේ. ඉඟියක් දෙන්නම්. ඇත්තටම මල්ලිගේ කෙල්ලව පැහැර ගන්න ගිහින් තමයි ඔය කරදර සේරම වෙට්ට්‍රිගේ ඔළුවට වැටෙන්නේ. මොකද ඔහු වැරදීමකින් පැහැරගන්නේ වෙනත් තරුණියක් නිසා. ඉන් එහාට ඉතින් ඔයාලාම බලලා මේ චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා. සැරයක් බැලුවට කිසිම පාඩුවක් නෑ කියලා කියන්න කැමතියි.

ප්‍රධාන නළු සසිකුමාර්, ගරු රඟපෑම ප්‍රභූ සහ විකට නළු තම්බි රාමයියා මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි සිද්ධි ගැළපීමත් හරිම ලස්සනට කරලා තියනවා. ඒකට අධ්‍යක්ෂක තුමාට ලකුණක් දෙන්න ඕන. අනිත් එක තමයි මේකේ උපසිරැසිය කරද්දි ගොඩක් අමාරු වුණා මොකද මේ ගැමි-දමිළ භාෂාව නිසා. ඒ නිසා මට උදවු කරපු මගේ දමිළ හා ඉස්ලාම් මිතුරන්ටත් අරුණ්යා මෙනවියටත් ස්තුතියි. හරි එහෙනම් තවත් විස්තර ඕන නෑ. තවත් උපසිරසියකින් හමුවෙන තුරු..ජයවේවා !

Vetrivel (2016) on IMDb

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

6bd85d75aa3c43c6a03e81ee173960a6cc9bf137
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Viewing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>