![Sairat (2016)]()
ඔන්න එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ඉක්මනටම ආවා. මේක ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මරාටි චිත්‍රපටයක්. ලෝකේ මොන රටක හදපු, මොන භාෂාවක චිත්‍රපටයක් වුනත්, චිත්‍රපටය හොඳයි නම් අපේ කට්ටියට බලන්න අරගෙන එන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ චිත්‍රපටිය මට භාරදුන්නේ අපේ විමා සහෝ. ඉතිං, ප්‍රථමයෙන්ම විමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ චිත්‍රපටියක් ලබා දීම වෙනුවෙන්.
චිත්‍රපටය ගැන කතා කරනවා නම්, මේක ගොඩක් කතා බහට ලක්වුණු චිත්‍රපටයක්. තිරගතවූ මංගල දිනයේදීම ඉන්දීය රුපියල් කෝටී 3.6 ක ආදායම් වාර්තාවක් තබමින් සියලු දෙනාගේම අවධානය දිනාගනිමින්, එදාමෙදා තුර මරාටි චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායමක් උපැයූ චිත්‍රපටිය මෙන්ම, ඉන්දීය රුපියල් කෝටි සියයක ආදායම් වාර්තාව පසුකළ පළමු මරාටි චිත්‍රපටය ලෙසද මෙම චිත්‍රපටය දැනටමත් ඉතිහාසගතවී හමාරයි. ඒ වාගේම 66 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උත්සවයේ 14ට වැඩි කාණ්ඩය සඳහාද මෙම සලරුව තේරී පත්වනවා. එමෙන්ම, 63 වෙනි ජාතික චිත්‍රපට ඇගයීමේදී මෙම චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබාගැනීමට Rinku Rajguru සමත්කම් දක්වනවා. ඒ මෙම චිත්‍රපටය වෙනුවෙන් ඇයගේ අති විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන්. ඒ වගේම IMDB දර්ශකයේ ප්‍රේක්ෂකයන් තුන්දහසකට වැඩි මනාපයන් ප්‍රමාණයකින් 8.9ක් වැනි ඉහලම අගයක් කරා පැමිණීමටද සමත් කම් දක්වා තිබෙනවා.
චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ සුන්දර ගම්මානයක්. කතාවේ ප්‍රධාන චරිතය, පර්ශ්‍යා. පාසලේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්. ඉගෙනීමට දක්ෂ මෙන්ම ගෙදර දොර වැඩ පල ආදියටද උදව් උපකාර කරන දක්ෂ සිසුවෙක්. අත මිට කාසි සරුවට නැතිමුත්, සතුටින් ජීවත් වුන පවුලක දරුවෙක්. මේ පර්ශ්‍යාට ඉන්නවා යාළුවො කණ්ඩායමක්. පාසලේ සම වයසේ යහළුවන් වන මොවුන් සමගින් ඔහු ඉතාමත් කෙළිදෙලෙන් පසුවෙනවා. ඒ වගේම පර්ශ්‍යාගේ හිත ගත් එක් තරුණියක්ද සිටිනවා.වෙන කවුරුත් නෙමෙයි. එම ප්‍රදේශයේ ධනය සහ බලය අතින් ඉතාමත්ම ඉහලින් සිටින වංශවතෙකුගේ දියණිය සමගිනි. ඇය නමින් අර්චනී.එත්, කවුරුත් කතා කරන්නේ ආර්චි කියලා. මේ ඒක පාර්ශවික ආදරයත් සමගින් පර්ශ්‍යා සුන්දර සිහින ලෝකයක සැරිසරනවා. කෙසේ හෝ යහළුවන්ගේ උදව් උපකාර සමගින් මේ අසම්මත ප්‍රේමය ආරම්භ වනවා. ආදරය…සම්මත හෝ අසම්මත වේවා, එය වචනයෙන් විස්තර කල නොහැකි තරම් සුන්දරයි, ගුප්තයි. කාලය ගෙවී යනවා නොතේරේ. එතරම්ම ආදරය යනු, මායාවකි. ප්‍රේමයෙන් මුසපත් වී සිටින මෙම නව යොවුන් යුවලට විටෙක සිතෙනවා ජීවිතය ඇයි මෙතරම් සුන්දර කියා. නමුත් ඒ එක්තරා අවාසනාවන්ත දිනයක් වන තුරාවට පමණි. මෙම සුන්දර ආදර අන්දරයට කණ කොකා අඬලනවා. එක් නිමේෂයකින් සියලු දෙනාගේම ජීවිත උඩි යටිකුරු වෙනවා. පවුල් කීපයක්, කිසිවක් කරකියාගත නොහැකි අසරණ තත්වයට පත්වෙනවා. බලය ඇති තැනැත්තන්, නීතිය අතට ගනිමින් දුර්වලයා තලා පෙලා දමනවා. පුරා හෝරා තුනකට ආසන්න කාලයක් දිගහැරෙනා මේ සුවිශේෂී නිර්මාණය නැරඹීම ප්‍රේක්ෂක ඔබට බාරයි. කතාවේ අවසානය නම්, ඔබ සිහිනෙන් පවා නොසිතන, නෙතට කඳුලක් එක් කරන සංවේදී අවසානයක් වේවි. ඒ බවට මා පොරොන්දු වෙන්නම්.
නැවත හමුවන තුරාවට, හැම දෙනාටම ජයවේවා…!
![]()
![Sairat (2016) on IMDb]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDRip සඳහා අදාළ වේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.