Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all 2655 articles
Browse latest View live

Alex Rider: Operation Stormbreaker (2006) with sinhala subtitles |පුංචි ඔත්තු කාරයා. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Alex Ride-Operation Stormbreaker (2006)

හලෝ යාළුවනේ,මම යොමාල්.මට වයස 14 යි.මේ මගේ පළවෙනි සබ් එක.මටත් ආස හිතුණා බයිස්කෝප් අඩවියට උපසිරැසියක් හදලා දෙන්න.ඉතිං මම මගේ පළවෙනිම උපසිරැසිය අරං ආවා.මට මේ වැඩේට ගොඩක්ම උදව් කළේ අපේ “යශෝධ ශ්‍රීමාල්“ සහෝදරයා තමයි.හරි අපි එහෙමනම් මේ ලස්සන චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු.

මේ කතාවෙ නම තමයි Stormbreaker.ඒත් මේකෙ සමපූර්ණ නම තමයි Alex Rider : Operation Stormbreaker කියන්නේ.Anthony Horowitz මහතාගේ නවකතාවක් ඇසුරෙන් Geoffrey Sax මහතා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ.ඊට පස්සෙ 2006 වසරේදි ජූලි මාසයේ 21 දා තමයි මේ කතාව මුලින්ම තිරගත වෙලා තියෙන්නේ.මේ කතාව ටිකක් පරණයි තමයි.ඒත් මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලට තේරෙයි මේක කොහෙත්ම පරණ චිත්‍රපටයක් විදියට සලකන්න බෑ කියලා.මොකද ඒ තරම්ම මේ චිත්‍රපටය පට්ට එකක්.

මේ කතාව ගෙතෙන්නේ Alex Rider කියන අවු.14ක ළමයෙක් වටායි.එයා ජීවත් වෙන්නේ එයාගෙ මාම එක්කයි.මෙයාගේ මාම ඔත්තු කාරයෙක්.ඒත් එයා ඒක දන්නෑ.ඔහොම යද්දි ඒ මාමව කට්ටියක් මරල දානවා.ඊට පස්සෙ මේ ළමයා මාමව මැරුව අයව හොයන්න ගන්නවා.ඒ අතර මේ ළමයට ඔත්තු කාරයෙක් වෙන්න පුළුවන් වෙනවා.අන්තිමට කොහොම හරි කතාව ඉවරවෙද්දි මේ කොල්ලා මාමව මැරුව අයත් හොයාගෙන මුළු රටේම ළමයින්ට වෙන්න ගිය විපතකුත් වළක්වනවා.

ඕක තමයි කථාවේ සරලම සාරාංශය.මම ඔය කිව්ව ටිකට වඩා තවත් ගින්දර කෑලි ගොඩක් තියෙනවා.ඔක්කොම කිව්වෙ නෑ.‍මොකද එතකොට කිසි ගතියක් නෑනේ.කොල්ලගේ සුපිරි සීන් ගොඩාක් තියෙනවා.ටොරන්ට් එක බාගෙනම බලන්නකෝ.මොනව වුණත් තරුණ පහේ අයට තමා මේ චිත්‍රපටිය සෙට් වෙන්නේ.මේ ලස්සන චිත්‍රපටය ඇ.ඩො.මිලියන $ 20.7-23.9 පමණ Box office වාර්තාවක් පිහිටුවලා තියෙනවා.ඒ වගේම මෙහි Imdb අගය 5.1 පමණ වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Alex Pettyfer (Alex Rider),  Mickey Rourke (Darrius Sayle),  Alicia Silverstone (Jack Starbright) හ‍දුන්වන්න පුළුවන්.

හරි එහෙම නම් මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා මේක මගේ පළවෙනි උපසිරැසිය හින්දා පොඩි හරි අවුලක්, වැරැද්දක් තිබුණොත් comment එකක් දාන්න. මම ආශාවෙන් ඒ වැරැද්ද හදාගන්නවා.එහෙනම් හැමෝම මේක බාගෙන බලන්න.Seed කරන්න.සබ් එකේ හොද නරක මට එවන්න. එතකොට තව සබ් එකක් හදද්දී මට ඒක ප්‍ර‍යෝජනවත් වෙයි. ඔන්න එහෙනම් මම නැවතුණා. ආයෙත් පාරක් මම තව හොද ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමෝටම බුදු සරණයි!

2009/09/22 පලවූ ලිපිය.

මේ කියන්නෙ යන්නෙ ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයට හොද ආරන්චියක්..හැබැයි තරුණ අයට තමයි මේක අල්ලල යයි කියල හිතන්න පුලුවන්..බොහොම සරළ කතාවක් තියෙන්නෙ..ඒත් මේ ක්‍රියාදාමයන් පිටුපස සිටින්නෙ ළමයෙක්..ඒ නිසයි මේ ෆිල්ම් එක අනික් ක්‍රියාදාම චිත්‍රපටි වලින් වෙනස් වෙන්නෙ..

මෙන්න මෙහෙමයි කතාව..එක්තර පාසලක සිසුන්ට කියනව තමන්ගේ පවුල් වල අය ගැන විස්තර කියන්න කියල..එක් ළමයෙන් ඔහුගේ පවුල ගැන විස්තර කියනව..මේ ළමයා ඇත්දැඩි වෙන්නෙ ඔහුගේ මාමා කෙනෙක් ළග..ඔහු මාම ගැන තමන් දන්න තරමින් විස්තර කියනව..මේ අතර අපිට දැකගන්න ලැබෙනව මේ මාමා ළමය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් වෙනස් කියල..ඔහු රහස් පරීක්ශකයෙක්..ඒත් කවුරුවත් ඒ ගැන දන්නෙ නෑ.. දිනක් රාජකාරී කටයුත්තකදි මේ පුද්ගලය මිය යනව..

පසුව තමයි අර ළමයට දැනගන්න ලැබෙන්නෙ ඔහුගෙ මාමගෙ වෘත්තිය..ඒ අනිව ඔහුටත් ඉඩ ලැබෙනව රහස් පරීක්ශකයෙක් වීමට..බලන්නකො මේ ළමයගෙ මාම පුන්චිකාලෙ ඉදලම ඔහුව පුහුණු කරල තියෙන තරම..

Alex Rider: Operation Stormbreaker (2006) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

YTS BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The Last Ship [S03 : E10] with Sinhala Subtitles |පෙරලි පිට කැරලි පෙරලේ. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ලෝක විනාශයෙන් පස්සේ රටක් ගොඩනගන්න ගිය අතරේ තිබුණටත් වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ විදියට පැසවා පැසවා තිබුණු කුමන්ත්‍රණයක් අද කතාව තුලදී විශාල ප්‍රශ්ණයක් විදියට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ කුමන්ත්‍රණ අතරේ තමයි කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට ව්‍යාකූලත්වයෙන් පිරුණු ගැටලු සහගත තත්වයන්ට මුහුණ දෙන්න සිදුවුනේ. 

ගිය සතියේ චීන සී ඩ්‍රැගන් නැව පසුපස්සේ නේතන් ජේම්ස් නැව හඹා ගියා. මේ අතරේම නේතන් ජේම්ස් වල උදව්වට හේවෝර්ඩ් සහ ශැකල්ටන් නැව් දෙකත් එකිනෙකට සම්බන්ධ වුනා. නමුත් මෙතෙක් කාලයක් ධවල මන්දිරයේ සන්නිවේදන නාලිකාවේ සම්ප්‍රේශණයට බාධාවක් වෙමින් පැවතුනේ මොකක්ද කියලා අනාවරණය කරගැනීමත් එක්කම නේතන් ජේම්ස්, ශැකල්ටන් සහ හේවෝර්ඩ් යන නෞකා තුනටම ගොඩබිමින් සහ සී ඩ්‍රැගන් නෞකාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වෙනවා. මේ ප්‍රහාර හේතුවෙන් ශැකල්ටන් නෞකාවේ කවුරුවත්ම ඉතුරු වන්නේ නෑ. නමුත් බරපතල හානි සිදුවුනු හේවෝර්ඩ් නෞකාවේ කැප්ටන් මේයිලන්ඩ් ඇතුලු දිවි බේරාගන්නට සමත්වුනු නමුත්, බරපතල ලැබූ බොහෝ දෙනෙක් නේතන් ජේම්ස් විසින් බේරාගන්නට සමත් වුනා. ප්‍රහාරයෙන් නේතන් ජේම්ස් නෞකාවට හානි සිදුවුනේ පාලන මැදිරියේ ඉදිරිපසට පමණයි.

මේ සිදුවීමෙන් පසුව ධවල මන්දිරයේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. කේරා විසින් සන්නිවේදනය මොකක්ද කියලා පැහැදිලි කරගන්නවා. ඒ දැනට ධවල මන්දිරය හරහා සංසරණය වෙන තොරතුරු සියල්ලක්ම තොරතුරු කාන්දු කිරීමේ රහස්, කේතනය කල නාලිකාවක් බව. මේ විදියෙන් තමයි ඇමරිකානු නාවික හමුදාවේ නැව් තුනකට චීනය විසින් සාර්ථකව පහර ලබා දුන්නේ. නමුත් නැව් තුනම ගිල්වීමේ සැලසුම අතින් පැන්ග් අසාර්ථක වුනු බව දකින්න ලැබෙන්න ඇති. ඇලෙක්ස් නිසා මේ හැම කුමන්ත්‍රණයක්ම සිද්ධ වෙන බවයි කේරා සැක කරන්නේ. මේ සැකය කේරාට ගොඩක්ම වැඩිවුනේ, කැප්ටන් චැන්ඩ්ලර් ප්‍රහාරය පිලිබඳ විස්තර කියලා නැවේ සන්නිවේදනය EM-CON තත්වයට තත්වයට පත්කරන බව දැනුම් දුන්නායි පසුව, ඇලෙක්ස් ඒ සැනෙන් ධවල මන්දිරයෙන් පිටවීමයි. මේ නිසා කේරා සැකය තහවුරු කරගැනීමේ අරමුණින් ඇලෙක්ස් පස්සෙන් හොරාට ගමන් කරනවා. නමුත් නොසිතූ දෙයක් තමයි කේරාට අත් දකින්නට ලැබුනේ. සෙනෙටර් බෙයටි සමග මුහුණට මුහුණ හමුවී රහසේ කතාබහ කරන ඇලෙක්ස් අසලින් වාහනයක් නතර කර දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කලා. නමුත් අවසාන වශයෙන් කේරාට ඇලෙක්ස් සමග කතා කරන්න ලැබුණා. ඇලෙක්ස්ගෙන් කේරාට ලැබුණේ එකම උපදෙසයි. ඒ “කවුරුවත් විශ්වාස කරන්න එපා” කියලයි. අවසාන වශයෙන් කතාවේ පෙන්නපු විදියට ඇලිසන් මේ හැම කුමන්ත්‍රණයකටම මධ්‍යගත බව අපට හොඳටම පැහැදිලි වුනා. නමුත්ක තාවේ ආරම්භයේ ඉඳන්ම හැමෝම හිතුවේ ඇලෙක්ස් තමයි නරක මිනිහා කියලා.

පසුගිය කතාව අවසානයෙන් පසුව අද කතාවේ ලොකු දෙයක් වේවි කියලා බලාපොරොත්තුවෙන් තමයි හැමෝම ඉන්නේ. බලාපොරොත්තු වුනු විදියට නොවුනත් අද ලොකු ලොකු දේවල් වල පටන් ගැන්ම තමයි සිදු වෙන්නේ. මේ සීසන් එකේ තවත් කොටස් 3ක් විකාශය වීමට නියමිත වෙලා තියෙනවා. තහවුරු කරලා කියන්න පුළුවන් මීලඟට එන එපිසෝඩ් තුනම පුටු උඩ නැගගෙන බලන්න පුළුවන් තත්වයක තියේවි කියලා. මොකද කිව්වොත් අනිවාර්යයි, ලබන සතියේදී, කවුරුත් ආදරය කරන ටෙක්ස් ගේමට බහිනවම තමයි. 😀

God knows I made some mistakes.
But never once did I waver from what I knew to be right, the core values that run through all of our veins. 

Honor, courage, commitment.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Quantico [S01 : E12] | with Sinhala Subtitle |සැබෑ ත්‍රස්තවාදියා.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico TV S1P2

ක්වන්ටිකෝ පළමු කතා සමයේ පළමු අදියරය අවසන් වූයේ FBI අණදෙන මූලස්ථානයටත් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. එයින් මිය ගිය 32 නා අතර කේලබ් හාස්ගේ පියා එනම් ක්ලේටන් හාස්ද සිටියා. බෝම්බ ප්‍රහාර දෙකටම වරද කරු බවට පත් වුනේ එලායස් හාපර්. ඔහු සියදිවි නසාගත් නිසාවෙන්, මේ ප්‍රහාරය සම්බන්ධ නඩුව මෙතැකින් නිමා
කරන්නයි සියලු දෙනාගෙම සූදානම. නමුත් ඇලෙක්ස් මෙයට එකඟ වන්නේ නැහැ. ඒ මේ ප්‍රහාරයේදී එලායස් තවත් එක රූකඩයක් පමණක් වූ බව ප්‍රකාශ කරමින්.

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Killjoys [S02 : E08] with Sinhala Subtitle |පුර්ණ හරිත යතිවරයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටසයි. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. ඩවින් නිසා සබීන් කියන්නෙ හය වැන්නෙක් කියල killjoys ල හොයාගන්නව. ඒ වගේම ඩවින්ට හය වැන්නන් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවත් හොයාගන්නවා. ඩච් සබීන්ගෙන් ප්‍රශ්න කිරීම පටනගන්නව, ඒ වගේම ඇය පවසනවා ඇයව එහි එව්වේ ඛ්ලයන් බවත්, ඒ ඩවින්ව ඩච් ගෙන් ආරක්ෂා කිරීමට බවත්. නමුත් ඩච් නම් එය පිළිගන්න බවක් දකින්නට ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඩවින් තීරණය කරනවා ඇයව ටියුරින් වෙත රැගෙන යන්න. ඒ වගේම එහිදී පොඩි කරදරයකුත් වෙනවා. ඒ වගේම ජොනී සොයා ගන්නවා හය වැන්නන් සෑදී ඇති ආකාරය සහ සබීන් ඩවින් සමග ලිංගිකව එක්වීම නිසා එය තාවකාලිකව සබීන්ගෙන් ඉවත්වී ඇති බවත්, එය නැවත ඉක්මනින්ම ඇතිවන බවත්. එබැවින් සබීන් ඔවුන්ට උදව් කරන්නට තීරණය කරනවා. ඔහු ඩවින් සමග එකතුවී පැරණි නගරය තුළ සිටින හය වැන්නන් සොයා දෙනවා. ඒ වගේම ඇය එහිදී කාටත් හොරෙන් තවත් යමක් සොයා ගන්නවා.

ඒ වගේම ඩච් සහ ජොනී පැරණි නගරය වෙතට යනව සබීන් පැවසූ දේ සත්‍ය ද බලන්න. එය සත්‍ය බව සොයාගන්න ඔවුන් දෙදෙනා, දෙදෙනාටම හොරෙන් දෙදෙනාගේ පුද්ගලික කාරණාත් සොයා බලනවා. ඒ වගේම ඩච් හෝටලය තුළ සබීන් ගේ කාමරය තුලට යනවා හා එහිදී ඇය Black Root කෙනෙකුගේ පහර දීමට ලක්වෙනවා හා ඇය දැනගන්නවා සබීන් ද Black Root කෙනෙක් කියා. ඒ වගේම සබීන් එවා ඇත්තේ ඛ්ලයන් නොවන බවත්, සබීන් ඔවුන්ගේ මාර්ගයෙන් ඛ්ලයන්ව සොයන බවත් ඇය සොයා ගන්නවා. ඒ වගේම ජොනී සෙන්බෙක් ගෙන් දන ගන්නවා පවුර ගැන විස්තර. එසේම සබීන් මායම් දාල ඩවින්ව රවට්ටලා ඔවුන්ගේ යානයෙන් පැනගන්නවා. නමුත් ඩවින් මෝඩයෙක් නම් වෙන්නෙ නැහැ. ඔහු සබීන් තුළ සොයාගැනීමේ උපකරණයක් තබනවා. ඩච් ඒ පසු පස ලීත් වලට යනවා ඇයව සොයාගෙන. ඒ වගේම ජොනී සෙන්බෙක් කියූ පරිදි ස්ප්‍රින් හිල් හි ජෙල්කෝගේ කාර්යාලයට යනවා. නමුත් එය හසු කිරීමක් වෙනවා හා ජෙල්කෝ ඔහුව අල්ලාගෙන හිර කරනවා. ඒ වගේම ඩච් සබීන් ට වෙඩි තබා මරාදමනවා. (අපි දැනට එහෙම හිතමු. මොකද The Last Ship S03 E01 කොටසේ “ප්‍රණීත් චින්තක” සොයුරා කිව වගේ මේ දවස් වල මැරන අය මැරුණ කියල විශ්වාස කරන්න එක අමාරු දෙයක්.) ඒ වගේම ඇයට එහි ඛ්ලයන්ගේ ආරක්‍ෂිත නිවහනක් තුළින් නැවතත් රතු පෙට්ටියක් හමුවෙනවා සහ එහි හය වැන්නන් මරණයට පත්කරන උපකරණයක් සහ අනීලා යන නමක් ඇතුළත් කර තිබෙනවා.

අද කොටසේ මුලින්ම කියන්න ඕනෙ ගිය සතියේ ජොනී කරන දේ නිසා කණ්ඩායම දෙකට බෙදෙනවා. ඒ වගේම ජොනී පව්ටර් සමග එකතුවී සමාගම පැරණි නගරයට කරන්න යන දේ ගැන සොයනවා. ඒ වගේම ඩච් ඕලන්ගේ කීම පරිදි අර්ක්‍යන් වෙතට යනවා අනීලා ගැන විස්තර හොයාගෙන. ඒ වගේම සමාගම කුමක්ද පැරණි නගරයට කරන්නේ කියලත් අද දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් අද කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් 9 වැනි කොටසින් හමු වෙමු.
සුබ දවසක්……!!!!!!

 Killjoys (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Killjoys.S02E08.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous  Episode                              All Episodes                                  Next Episode>>

Mr. Robot [S02 : E01] with Sinhala Subtitles |ඩොලර් මිලියන 5.9 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ගොඩක් අය ඉල්ලීම් කරපු වගේම කවුරුත් නොකරපු ඒ කතාව ඔන්න මං අද අරන් ආවා. ඒ තමයි අර එෆ් අකුරින් පටන් ගන්න සමාජේ ගැන කියවෙන මිස්ටර් රොබට්. දැනට කොටස් හතක් විකාශය වෙලා තියෙනවා. පුලුවන් ඉක්මණට ඉතුරු කොටස් හය ලබාදෙන්න උත්සහ කරන්නම්. මේක මං කරපු අමුතුම විදිහේ සබක්. මිස්ටර් රොබට් බලන අය දන්නවා ඇයි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනා මෑතකදී සදහන් කරලා තිබුණා මිස්ටර් රොබට් තෙවැනි කතාමාලාව දකවා දීර්ඝ කරලා තියෙනවාකියලා.

එලියට් මේ එෆ් සොසයිටි එක ගැන විස්තර ඔක්කොම කියලා ටයිරෙල්ව එයාලගේ තැනට එක්ක යනවා. ඒත් එක පාරටම එලියට් ඇහැරෙද්දි එයා ඉන්නේ වාහන රථගාලක, ටයිරෙල්ගේ වාහනේ ඇතුලේ. හැමෝටම කුතුහලයක් වෙන්න ඇති කෝ මේ ටයිරෙල් කියලා. එලියට් තාමත් හොයනවා කෝ මේ ටයිරෙල් කියලා. මතක ඇතිනේ එලියට් එයාගේ මැරිච්ච තාත්තා එක්ක කතා කරන්න අරන් පිස්සු නැටුවා. ඒක නතර වුනත් අද කොටසේ ආයෙමත් සැරයක් එයාගේ හිත ඇතුළට එන්න දීලා පිස්සු කියවන්න අරන් එපාම කරවනවා. දැන් මෙයා ඉන්නේ එයාගේ අම්මා එක්ක වෙන තැනක. කෑම ගන්න එළියට යන්නේ වෙන හාදයෙක් එක්ක. ආපෝ මිනිහා නම් එපාම කරපු චරිතයක්. මොනාද කියන්නේ කියලා මටවත් හරියට තේරෙන්නේ නෑ. ඒ තරමටම කිසිම තේරුමක් නැති දේවල්. අම්මපා මං ළග හිටියා නම් ළග තියෙන එකෙන් ඉවරයක් කරලා දානවා. ඒ විතරක් ඈ කතාව බලන අය දන්නවනේ එලියට් නිකන් එක පාරට අන්දුන් කුන්දුන් වෙලා එක දිහා බලාන කල්පනා කර කර තමන්ටම කතා කරන්නේ එයාගේ තාත්තා එයාව පොඩිකාලේදී ජනේලෙන් බිමට තල්ලු කරලා වැටුණු නිසා කියලා. අන්න ඒ සිදුවීමෙන් ටිකක් අද බලාගන්න පුලුවන්. ඊ කොර්ප් සමාගමට අදත් මේ එෆ් සොසයිටි ප්‍රහාරයක් එල්ලවෙනවා ඩොලර් මිලියන 5.9 ක කප්පම් මුදලක් ඉල්ලලා. බලලම ඉන්නකෝ එහෙනම්.

මේ කතාමාලාවටත් මස්කිටියර් කතාමාලාවට වුන දේ වෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් මිලග කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය!

Mr. Robot (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Mr.Robot.S02E01.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Season                  All Episodes              Next Episode >>

Sawaari (2016) with Sinhala Subtitles|ගමන පැහැදිලියි නමුත් යන්නේ පරිස්සමෙන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Sawaari (2016)

හායි යාලුවනේ, ඉතා ඉක්මනින් තවත් චිත්‍රපටයකට සබක් ගෙනාව ඔන්න මම, මේ චිත්‍රපටය කරන්න මට කිසිම අදහසක් තිබුනේ නැහැ, නවක නළු පිරිසක් සහ අලුත් අධ්‍යක්ෂ වරයෙක් හිටපු නිසා. නමුත් මට අහම්බෙන් මේ චිත්‍රපටය බලන්න සිදු වුනා, ඉතින් මේ චිත්‍රපටය භාගයක් බල බලා ඉන්නකොට සුපිරි එකක් වගේ තේරුනා, ඉතින් සම්පුර්ණයෙන්ම ඒක බලන්නත් කලින් මම මේකට සබ් එක කරන්න ඉල්ලුවා, ඉතින් ක්ෂණිකවම මට Replay එකක් ආවා හසන්ත අය්යගෙන් හරි මල්ලි ඔයාම මේක කරන්න කියලා, ඉතින් ගොඩ කාලෙකට පස්සේ ආසාවෙන් කරපු සබ් එකක් තමා ඉතින් මේක. සමහර අය නම් චිත්‍රපට බලන්නේ එක්කෝ අධ්‍යක්ෂ වරයා කවුද කියලා බලලා එහෙමත් නැතිනම් රඟපාන නළුවන් කවුද කින්ද මන්ද බලලා තමයි එයාට Statics නම් චිත්‍රපටය බාලා බලන්න ගන්නේ ඉතින්. මම නම් කියන්නේ මේක මේ අවුරුද්දේ දමිල සිනිමාවේ කුතුහලයත් එක්ක සුපිරියටම කරලා තියෙන චිත්‍රපටයක් කියලා තමා ඉතින්. මේ චිත්‍රපටය අප බල බලා ඉන්නකොට අපට ඊළඟට මොකක් වෙයිද, මෙයා කවුද, ඇත්තටම මේ කෙනාද හොරා, නැතිනම් වෙන කවුරු හරිද එහෙම කියලා, අපේ කුතුහලය හොඳටම අවුස්සලා දිග හරින කතාවක් කිව්වා නම් නිවැරදියි. මේ කතාවේ මුල ඉඳලා අගටම තියෙන්නේ කුතුහලය පමණයි, නමුත් මම නම් කියන්නේ එකම කෙනා මේ චිත්‍රපටය දෙතුන් වතාවක් බැලුවොත් එහෙම මේකේ අගයක් නැති වෙනවා කියලා තමයි. ඉතින් මේකේ සබ් එකක් අන්තර් ජාලයේ නොතිබුණු නිසා සතියක් තිස්සේ වැඩ අස්සේ කොහොම හරි ලයින් ගහලා අසා ලිවීමක් තමයි කලේ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මම කලින් කිව්ව විදියට Guhan Senniappan කියන නවකයෙකු විසිනි. මෙම චිත්‍රපටයට ලොකු බලයක් එකතු වුන දෙයක් තමා මෙයට සපයා තිබෙන පසුතල සංගීතය. තැනට උචිත පරිදි පසුතල සංගීතය නියමෙටම කරලා තියෙනවා, පසුතල සංගීතය තමා මේ චිත්‍රපටයේ ජයග්‍රහණයට මුලික වුන ප්‍රධාන අංගය. ඒ ආකාරයෙන් මෙහි පසුතල සංගීතය නියමෙටම කරලා තියෙනවා. මෙයට සංගීතය සපයා තියෙන්නේ Vishal Chandrasekhar කියන කෙනෙක්. ඉතින් මෙහි Imdb අගය 6.6 ක් අරන් තියෙනවා.

දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, කෙනෙක් ඉන්නවා අධි වේගී මාර්ගයේ කාර් වලින් යන අයව විතරක් හොයලා මරණ මන්ද මානසික ලෙඩෙක්. ඉතින් මේ නඩුව පැවරෙන්නේ සෝලෝමන් කියලා පොලිස් නිලධාරියෙකුටයි, ඉතින් මොහුගේ විවාහය හෙට තියාගෙන මේ නඩුව ඉක්මනට ඉවර කරලා දෙන්න කියලා කොමසාරිස් තුමා මෙයාට අඩගහලා නඩුව භාර දෙනවා. ඉතින් මොහුගේ Reception එකට හවස හය වෙන්න කලින් යන්න තියෙනවා. ඉතින් මොහු අධි වේගී මාර්ගයේ යද්දී මොහුගේ කාර් එක කැඩෙනවා, ඉතින් මොහුව දාගෙන යන්නේ රවී කියලා කෙනෙක්, ඉතින් මොහු මේ ගෙන එන වාහනය පොන්මලයි කියන මන්ත්‍රී වරයාට හවස හතර වෙන්න කලින් ගිහින් දෙන්න ඕනේ, ඉතින් ඒ Risk එකත් තියාගෙන මොහු Soloman ව කාර් එකේ දාගෙන යනවා, ඉතින් මෙහෙම යද්දී කෙනෙක් අත දානවා කාර් එකේ දාගෙන යන්න කියලා, ඉතින් සෝලමන් මහතා මේ අර පිස්සු මිහිනා වෙන්න ඇතියි කියලා හිතලා මෙයාවත් වාහනයේ දා ගන්නවා… ඉතින් තව කිව්වොත් මේ චිත්‍රපටයේ කුතුහලයට බාධාවක් වෙයි කියලා හිතලා මම මෙතනින් කතාව නවත්තනවා, ඔයාලා මේක බලලා ඇත්තටම අර නැග්ගේ මිනිස්සුන්ව මරණ පිස්සු මිනිහද, ඒ මිනිහටයි මෙයාටයි තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඔයාම මේක බලලා දැන ගන්න, මේ කතාව සම්පුර්ණයෙන්ම එක දවසක වෙච්ච සිදු වීමක් ලෙස තමා අරන් තියෙන්නේ.ඉතින් මේක බලන්න කියලා මම සේරටම ආරාධනා කරන ගමන් මම කැපෙනවා.

ඔබට සුභ දවසක්….

ස්තූතියි.

ඔබට ජය…!!!

Sawaari (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.TO – Sawaari (2016) Tamil HDRip Xvid Mp3 700MB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Spellbinder (1995) [S01 : E03] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Spellbinder-TV

ඔන්න තුන් වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පසුගිය කොටස බලන්න ඇතිනෙ නේද? හොඳයිද? වැරදිනම් ඇති නේද? මං හිතනවා වැරදි අඩුපාඩු තියෙනවානම් සමාව දෙයි කියලා. මොකද මේකට ඉංග්‍රීසි සබ් එකක් නෑ. මේක ඉංග්‍රීසි සබ් එකක් පරිවර්තනය කරලා නෙමෙයි. මේක තනිකරම අසා ලිවීමක්. ඒ නිසා සමහර තැන්වල නම් අඩුපාඩු ගොඩක් ඇති කියලා මං හිතනවා. නමුත් කිසිම තැනකදි රසවින්දනයට බාධාවක් ඇතිවෙයි කියලා මං හිතන්නෙ නෑ. වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න ඕනි තැන් පෙන්නලා දෙන්න. එන ගල් මුල් සියල්ල සතුටින් භාරගන්නවා.

ඉතින් පසුගිය කොටසේ උනේ මොකද? පෝල් දැන් ඉන්නෙ වෙන ලෝකෙක හිරවෙලා. නමුත් පෝල් දන්නෙ නෑ මේ මොකක් වෙලාද කියලා. පෝල් හිතන්නේ මේ අතීතයට ගිහිල්ලා කියලා. ඉතින් මේ ලෝකෙදි කෙනෙක් පෝල්ව අත්අඩංගුවට ගත්තා මතකයිනෙ. ඉතින් මෙයා කෙල්ලෙක් කියලා පෝල් දැනගන්නවා. නමුත් කරන්න දෙයක් නෑ. අත් දෙකම බැඳලා. මේ කෙල්ල පෝල්වත් ඇදගෙන කොහෙද යන්න යනවා. ඉතින් එකපාරටම කලු වෙලා ඉර නොපෙනී යනවා. මේ කෙල්ල මේකට බය වෙනවා. මෙයා දන්නෙ නෑ මොකක්ද මේ වුනේ කියලා. එයා හිතන්නේ පෝල් මංකොල්ලාකාරයෙක් කියලා. පෝල් තමයි මේ ඉර නැති කළේ කියලා මේ කෙල්ල හතනවා. කෙල්ල පෝල්ට වැඳලා කියනවා ඉර ආපහු අරගෙන එන්න කියලා. පෝල් දැනගන්නවා මෙයාට මේ සිද්ධවුන දේ ගැන කිසිම තේරුමක් නෑ කියලා. ඉතින් පෝල්ට ගැලවෙන්න මේක අවස්ථාවක් කරගෙන නිදහස් කළොත් ඉර ආපිට ගේන බව කියනවා. ඉතින් මේ කෙල්ලත් පෝල්ව නිදහස් කරනවා. එතකොටම සූර්යග්‍රහනය ඉවර වෙනවා. ආපහු ඉර පේන්න පටන් ගන්නවා. අඳුර නැතිවෙනවා. කෙල්ල දැන් හොඳටම බය වෙලා දුවන්න පටන්ගන්නවා. පෝල්ට වෙන කෙනෙක් දැන් නෑ. පෝල් කෙල්ලගෙ පස්සෙන් පන්නගෙන යන්නේ ගෙදර යන්න පාර අහගන්න. කොහොමහරි මේ කෙල්ල ගඟට වැටිලා ගහගෙන යන්න හදද්දි පෝල් පැනලා බේරා ගන්නවා. නමුත් මේ කෙල්ල එයා ගෙනාව රෙදිවලින් කොටසකුත් දාලා දුවනවා. පොල් මෙයාගෙ පස්සෙන් යනවා. ගිහින් අන්තිමට මෙයාව වැටෙන්නේ බඩු අලෙවි කරන තැනකට. මෙයා මේ කඩපිලේ ඇවිදිද්දි අර කෙල්ලව දකිනවා. දලා ගිය රෙදි ටික පෝල් නැවත මෙයාට දෙනවා. එතකොට මේ කෙල්ල දැනගන්නවා මෙයා මංකොල්ලකාරයෙක් නෙමෙයි කියලා.

කොහොමහරි මේ කඩපිලේ කොල්ලෙක් ඉන්නවා ගුවන් යානයක ආකෘතියක් හදලා අහසේ යවන්න උත්සාහ කරන. පෝල් මෙයාගෙ දැණුමින් මේ ගුවන්යානා ආකෘතිය නිවැරදි කරලා දෙනවා. ඒක ගුවනින් ගමන් කරද්දි අශ්කා මේක දකිනවා. අශ්කා තම බල ඇඳුම පාවිච්චි කරලා අර ගුවන් යානයට පහරක් එල්ල කරනවා. මේ ගුවන් කුරුල්ලා හැදුවේ කවුද කියලා අහද්දිම අර කොල්ලා පැනලා දුවනවා. අශ්කා කොල්ලාටත් බලඇඳුමින් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් අනෙක් අය කියනවා පෝලුත් මේ කොල්ලට උදවු කළා කියලා. පෝල් පැනලා දුවද්දි පෝල්ටත් බල ඇඳුමින් පහරක් එල්ල වෙනවා. නමුත් පෝල්ට මොකුත් වෙන්නෙ නෑ. පෝල්ටත් පුදුමයි මේ වෙච්ච දේට. පෝල් එතනින් පැනලා දුවනවා. මේ වෙලාවෙදි අර කෙල්ල පෝල්ට උදවු කරන්න උත්සාහ කරනවා. පෝල්ට වෙන ඇඳුමක් අන්දවා පෝල්ව එක්කන් යනවා. ඒ වෙලාවෙදි තමයි පෝල් මේ කෙල්ලගෙ නම රියානා බව දැනගන්නේ. ඉතින් පෝල් රියානා එක්ක කැලේ මැදින් යනවා. මේ අතරතුර පෝල් පස්සෙන් මායාබන්ධකයන් පන්නනවා පියාඹන නැවෙන්. පෝල් ලඟ තියෙන නෙත්ගල රියානා දකිනවා. ඉතින් මායාබන්ධකයෝ ඇවිල්ලා පෝල්ව අල්ලා ගනියිද? රියානා මොනවා කරයිද? මේ ගැන දැනගන්න අද කොටස බලන්නම වෙනවා. එහෙනම් 4 වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Titanic (1953) with Sinhala Subtitles |බිහිසුණු අනතුරේ නොඇසුණු කතාවක් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Titanic (1953)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හතරවන උපසිරසි නිර්මාණය අරන් ආවා. අපි කවුරුත් දන්නා ටයිටැනික් නැව හා සම්බන්ධ තවත් කතාවක්. IMDb අගය 7.3 අරන් තියන Drama, History, Romance වර්ගයට අයිතින්වෙන මෙම චිත්‍රපටය එම වසරේ තිරරචනයට අදාළ ඔස්කාර් සම්මානය හිමි කරගත්තා වගේම කළා අධ්‍යක්ෂණයට නිරේදේශ උනා. 1997 ටයිටැනික් කතාව මෙන් නොව සැබෑ සිදුවීම් අනුව තමා මේකේ තිර රචනය සිදු කරලා තියෙන්නේ. සැබෑ සිදුවීමට මුහුණ දීලා ජිවිතේ බේර ගත්ත ගොඩක් අය මේ චිත්‍රපටය නිර්මාණය වෙන කාලේ ජිවත් උන නිසා එයාලගේ අත්දැකීම් මෙන්ම පුවත් පත් වාර්තා මේ චිත්‍රපටයේ දර්ශන නිර්මාණයට යොදා ගන්නවා. ඉතින් සැබෑ නැවේ සිදුවූ සිදුවීම් වලට ආසන්නම සිදුවීම් මේ චිත්‍රපටයේ ඔයාලට දකින්න පුළුවන්. මේක කළු සුදු චිත්‍රපටයක්. ඒත් මේකේ තියන සමහර දර්ශන 1997 චිත්‍රපටයේ ඒ විදියටම තියෙනවා කියල මට නම් හිතුනා වගේම දැක්කා. ඔයාලටත් ඉතින් චිත්‍රපටය බලල ඒක තීරණය කරන්න කියල කියනවා.

ටයිටැනික් නැවේ සිදුවීම් සහ ගිලීයාම අතරම මෙම චිත්‍රපටයේ පවුලක ඇතිවන ප්‍රශ්නයක් ඔස්සේ කතාව දිගහැරෙනවා. පොතේ ඉංග්‍රීසි වලින් කතාව තිබුනත් කාටත් තේරෙන්න මම සමහර දෙබස් වඩාත් උචිත විදියට සරල කරලා තියනවා. කලාත්මක චිත්‍රපට රසවිඳින්න කැමති ඔයාලට මේ චිත්‍රපටය හොඳටම අල්ලලා යාවි. මම ඊළඟට ඔයාලට අරන් එන්නෙත් පැරණි චිත්‍රපටයක්. ඒ වගේම විද්‍යා ප්‍රබන්ධයක්. ඉතින් ඒ චිත්‍රපටය එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාලගේ අදහස් සහ යෝජනා කියන්න අමතක කරන්න එපා.

බුදු සරණයි …..!

Titanic (1953) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Titanic.1953.720p.BluRay.x264.YIFY

Titanic.1953.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම (BR) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Cinderella and Four Knights [2016 : E03 & E04] with Sinhala Subtitles |සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Cinderella and Four Knights TV1

3 කොටස
ඔන්න කොහොම හරි යූන් හා වොන් කැමති වෙනවා මේ කුමාරවරු ඉන්න මාලිගාවට යන්න. එතන තියෙන පහසුකම් දැක්කම යූන් හා වොන් පුදුම වෙනවා. සීයගේ අරමුණ තමයි ඇය ලවා මේ තමන්ගේ අහංකාර මුණුබුරෝ තුන්දෙනාව සමගි කරවන එක. ඒත් මේ තුන් දෙනා නම් ලේසියෙන් සමාදාන වෙන අය නෙවෙයි වගෙයි. කන්ග් සියෝ වූ, කන්ග් හයින් මින් දෙන්නා ඇයට පහසුවක් වුනත් කන්ග් ජි වොන් නම් කොයි වෙලාවක වත් එහෙම වෙන්නේ නැහැ.

4 කොටස
ඔන්න හා වොන්ට සීයා පලවෙනි මෙහෙයුම බාරදෙනවා. ඒක තමයි මේ තුන්දෙනාව එකට කෑම මේසෙට වාඩි කරවන එක. මොකද මෙච්චර කාලෙකට එයාලා කවදාවත්ම එහෙම කෑම කාලා නැහැ. අතීතය හාරඅවුස්සලා බලපුවම ඒ අයට ඒ ගැන සාධාරණ හේතු තියෙනවා කියලා හා වොන් තේරුම්ගත්තත් තවදුරටත් එයාලට එහෙම තනි වෙන්න දෙන්න නම් ඇගේ අදහසක් නැහැ වගේ.

Cinderella and Four Knights (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E03.160812.HDTV.x264.360p-NEXT-Ernie

Cinderella.and.Four.Knights.E04.160813.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode               All Episodes                         Next Episode>>

The Batman [S02 : E01] with Sinhala Subtitles |ජෝඩු ජෝඩු. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The-Batman-TV-1

ඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ එපියෙත් ඉන්නෙ, කැට්වුමන්, පෙන්ගුයින් දෙන්නම එකට මේ කතාවෙදි පෙනී ඉන්නවා.

පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ කතාවක් තමා අද තියෙන්නෙ. එක්තරා පිළිම දෙකක් තියෙනවා. ඒවා පූසෙක් සහ කුරුල්ලෙක් වගේ. පූසා කියන්නේ ඊජිප්තු යුගයේ දේවත්වයෙන් සලකපු සතෙක්, කුරුල්ලාගෙන් සංකේතවත් වෙන්නේ ඊජිප්තු හිරු දෙවිඳු. ඒ දෙවියන්ගෙ නම “රා”. අර ගමේ ගොඩේ බොන ජාතිය නෙවෙයි ඈ.

ඔයාලා දන්නවා ඇති ඔය පූසෝ වගේ පිළිම, රූප අනන් මනන් වලට කැට්වුමන් ඇදිලා එන බව. ඔන්න ඔය පූස් පිළිමෙත් පන්නගන්න කැට්වුමන් එනවා. ඒ අස්සෙම පෙන්ගුයින් ටත් ඕන වෙනවා ඔය පිළිමය හොරකම් කරන්න. කැට්වුමන් එන්නේ පිළිමෙට ආස නිසා වුණත් පෙන්ගුයින් නම් එන්නේ පිළිමෙට ආසාවෙන් නම් නෙවෙයි. ඒ මොකටද කියලා දැනගන්න, (හැමදාම කියනවා වගේ) මේ එපිය බලලාම ඉන්න. 😀 ඊළඟ එපිය අරන් එනතුරු, ඔබට ජය!

 

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Sultan (2016) With Sinhala Subtitles |සැබෑ (නො)වූ හීනයක්…. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Sultan (2016)

ප්‍රෝ ටේක් ඩවුන්… මේකට මාශල් ආර්ට්ස් කියන්න පුලුවන්. නැත්නම් නිදහස් රෙස්ට්ලින් කියන්නත් පුලුවන්. මේකට කොච්චර සල්ලි යොදවල තියෙනවද කියන එක කියන්න අමාරුයි. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. ඒ පොඩි ගානක් නෙවෙයි කියන එක. ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ශක ධ්‍යාන් ඔබරෝයි ගේ පුත් ආකාශ් ඔබරෝයි මෙය  ක්‍රිකට් ප්‍රීමියර් ලීග් ලෙස සලකා ඉන්දියාවට ගෙන ආවා. මේ පාර තරඟාවලිය බොහොම තීරනාත්මකයි. හැමෝම කියන්නෙ ඒ සුල්තාන් හින්දා කියලයි. කවුද මෙ සුල්තාන්?

මම එයා සෙල්ලම් කරනවා දැකල තියෙනවා. දිනන එක එයාගෙ ආශාවක් නෙවෙයි. එයාගෙ පුරුද්දක්.එයාගෙ බලයෙ ජවය තියෙනවා. එයාගෙ ජවයෙ බලය තියෙනවා. ඒ වගේම පරාද වෙන එක එයාගෙ පුරුද්දකුත් නෙවෙයි. එයාගෙ එක පාරක් දහ දෙනෙකුට සමානයි. ඒ තමයි හරියානාවෙ රජු, හරියානාවෙ ආත්මය… හරියානාවෙ ජීවය සුල්තාන් අලි කාන්. මෙයා තමයි ඔලිම්පික් රන් පදක්කමක් දිනල ඉන්දියාවෙ නම බබලවපු එකම කෙනා. සුල්තාන්ගෙ ක්‍රීඩා ජීවිතය වගේම ප්‍රසිද්ධ වුනු කතාවක් තමයි සුල්තාන්ගෙ ආදර කතාව. ගමේ සමාජයෙ ජනප්‍රියම ආදර කතාව. හැබැයි ඒක එච්චර සතුටුදායක එකක් නම් නෙවෙයි. ඒකෙ කිසිම මිනී මැරුමක් උනෙත් නෑ. ඒ වගේම කිසිම මනුස්සකමකුත් නෑ.
එහෙනම් බලමුද සුල්තාන්ගෙ ආදර කතාව?

සමාවෙන්න ඕනෙ, සෑහෙන්න පරක්කු උනා මේ චිත්‍රපටිය අරන් එන්න. 2016 ජූලි හය වනදා තිරගත වූ මේ චිත්‍රපටිය දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් හතර වන ස්ථානයේ රැඳී තිබෙනවා. මෙය Salman Khan ගේ චිත්‍රපටි වලින් කොටි සියය ඉක්මවා ආදායම් ලැබූ තුන් වන චිත්‍රපටයද වෙනවා.IMDb අගය 7.4. Salman Khan, Anushka Sharma,Randeep Hooda රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Ali Abbas Zafar. ඒ වගේම Salman Khan සහ Anushka Sharma එකට රඟපාන පලවෙනි චිත්‍රපටියත් මේකයි. ඉතින් එහෙනම් මාස තුනකට විතර පස්සේ උපසිරැසියක් අරගෙන ආවේ. කරන්න පටන් ගත්තු දවසෙ ඉඳන් සෑහෙන්න බාධක ආවා. මුලින්ම හරි ඉංග්‍රීසි සබ් එකක් තිබුනෙ නෑ. ඒ හින්ද අසා ලිවීමක් තමයි කරන්න උනේ. ඊට පස්සෙ ඔක්කොම ඉවර කලාම කම්පියුටරේ කැඩුනා. අද තමයි ඔන්න දෙන්නෙ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. මතක් උනොත් කොමෙන්ටුවකුත් දාගෙන යන්න.

Sultan (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි “Sultan [2016] Download Hindi DVDScr XviD 700MB” පිටපත සඳහා ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Now You See Me 2 (2016) with Sinhala Subtitles |හඳුනාගත්තොත් ඔබ මා… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Now You See Me 2 (2016)

හම්මෝ… සබ් එක කරලා හොඳටම හති. දවස් ගානක් පරක්කුයි. කරපු ලොකුම සබ් එක. ලයින් 2000+. මං සබ් එක ගෙනාවට මේක මං කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවේ. මේකෙ නිළ අයිතිය විමාට. ඒ යකා පස්සේ කිවුවා දෙන්නා එක්ක එකතු වෙලා සබ් එක ඉවරයක් කරලා දාමු කියලා. කරන්න ගත්තම තමා තේරුණේ මේක විමාටම තමා කරන්න පුළුවන් කියලා. ලයින් ටයිප් කරනවා කරනවා ඒත් ඉවරයක් නෑ 😀  මං සබ කරගෙන යද්දි මේ යකා අර එයාගෙ විශේෂ කෙනා එක්ක මැච් බලන්න ගිහින් තිබුණා. මූ ගියා විතරයි මැච් එකත් පරාද වුණා. කට්ටිය දකින්න ඇතිනෙ. ඉතින් අපි වගේ තනිකඩ කොල්ලො ඉන්න නිසා හෙල්ප් එකට, මූ සබ් එකට පොලු තිබ්බට ඇඩ්ඩින් අයියලාගෙන් බැනුම් අහන එකෙන් මං ඌව බේරගත්තා. :3 කොහොම වුණත් විමාම කතා කරලා කිවුවා මං එහෙනම් උඹට ලිපිය ලියල දෙන්නම් කියලා. එහෙනම් මං වැඩිය කියවන්නෙ නෑ. ඔන්න එහෙනම් විමා ලියපු ලිපියත් කියවගෙන සබත් බාගෙන යන්නකො.

යම් දෙයක් දැකීම යනු විස්වාසයක්, එය රඳා පවතින්නේ ඔබ ඒ දකින දේ දෙස බලන කෝණය අනුව. නමුත් ඔබ දකින දෙය අසත්‍ය බවට පත්වී ඔබ නොදුටු පැතිකඩ පරම සත්‍ය විය හැකියි. ඔබ මේ වනවිටත් දන්නව කුමන ආකාරයේ මායාවකට ඇද දැමීමටද අර අඳින්නේ කියා… පළමුවර ඔබ රැවටුන බව සැබැයි, නමුත් දෙවන වරටත්…? ඔව් නිසැකවම ඔබ මුලාවට පත්වෙයි, ඔබ දකින දේ විවිධාකාරයෙන් විශ්ලේෂණය කර සිදුවූ දෙය, සිදුවන දෙය, සිදුවිමට නියමිත දෙය නිගමනය කරගනීවි. නමුත් ඔබ මෙවරත් පෙර වරදම සිදුකරයි, සුපුරුදු පරිදිම අසරුවන් සිව්දෙනා විසින් අපුර්ව ආකාරයකට පෙර මෙන්ම අවධානය වෙනතකට යොමු කරවමින් මුලික කරුණ මගහරවමින් මෝහයට ඇද දමාවි, ප්‍රවේසම් වන්න මිත්‍රයා, ලංවෙලා බලන්න ලඟටම ලංවෙලා බලන්න ඔබ දකින දෙය විස්වාස නොකර සිටින්න ඔබට පෙනේවි සතුරා මිතුරා වන අයුරුත් මියගියවුන් නැවත ඉපදෙන අයුරුත්, නමුත් කිසිවක් විස්වාස නොකරන්න, අවසාන ඇසිල්ල වනතෙක්ම ඇසිපිය නොහෙලා බලා හිදින්න වසර තුනකට පසුව ඔබ හමුවේ වේදිකාවට ගොඩවන අසරුවන් සිව්දෙනා දෙස. මිත්‍රයා වගකීමකින් කිවහැකියි, ඔබ කුමන ආකාරයෙන් සිතුවත් අවසනදී ඔබ මුලාවෙන් මුලවටම පත්ව ඇති බව, ඔබට ඔහුව කිසි ලෙසකිනිදු හඳුනාගත නොහේ, සැබවින්ම ඔවුන් ලොව විශිෂ්ඨතම මැජික් ශිල්පින් සිව්දෙනා…. ඇසිපිය නොහෙලා බලා ඉඳින්න…. මෙ තිත්තයාගේ වාරයයි!

ඔබට හොඳින්ම මතක ඇති 2013 වසරේදී අසරුවන් සිව්දෙනාට ලොවක් වසඟවූ අයුරු, කවුදෝ මවා පෑ මායවක්වූ Now You See Me 2013 වෙතිනි, අසරුවන් සිව්දෙනාගේ එක්කාසුවිම පලිගැනීම සහ ධනවත් වැරදි කාරයෙකු හෙළිදරව් කිරීම, විශේෂම දේ.. ඔබව මුලාවට පත්කරලීම.. සිදුකරමින් දිගහැරුණු අපුර්ව සිනමා සිත්තම, එය තිරගතවන කාලයේදීම එහි දෙවැන්න නිකුත් වන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කළා. එතැන් පටන් වසර තුනක් තිස්සේ දෑස්‌ අයා බලා උන්නේ කවදා දෙවැන්න නිකුත් වේදැයි කියා. ඔන්න මෙ වෙනකොට එ වරම අපිට ලැබිල තියනවා සුපුරුදු පරිදිම IMDB 6.8 ක අගයක් ලබාගනිමින් ලොවපුරා ආදායම ඩොලර් මිලියන 312 ක් වාර්තා කරගනිමින්. තෙවැන්නකද බලාපොරොත්තුවක්ද දල්වා තියා තබමින් නව අසරුවෙකු සමගින් මෙවර අප හමුවට එන මෙම සිනමා සිත්තමේ මෙවර විශේෂිතම සිදුවීම් රැසක් අඩංගු වෙනවා. සුපුරුදු පරිදිම විශේෂ ඇස්බැන්දුම් මගින් සිදුවන ක්‍රියාදාමයන් රැසක් අඩංගු වන අතර ගියවර Henley Reeves ට පණ පෙවූ Isla Fisherවෙනුවට මෙවර Lizzy Caplan නව අසරුවෙක් ලෙසින් ඔබ අප හමුවට පැමිණෙනවා. එමෙන්ම සුප්‍රසිද්ධ හැරී පොටර් නළු Daniel Radcliffe මෙවර නව මුහුණුවරකින් අප හමුවට පැමිණෙනවා. ඒ හැර අනෙකුත් චරිත සියල්ලම වගේ ගියවර අප හමුවට පැමිණි චරිත වන අතර, Woody Harrelson ද්විත්ව චරිත නිරුපනයකද නිරත වනවා. එසේනම් හඳුනා ගන්න ඔබ මා…

 

Now You See Me 2 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Now.You.See.Me.2.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Fear The Walking Dead [S02:E08] with Sinhala Subtitle |විකෘතිරුපි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් ආයේ සබ් කරා බයිස්කෝප් වෙනුවෙන් ,ඔයාලා වෙනුවෙන්.මේ කතා මාලාවේ season 2 වලට සබ් කරන්න බාරගත්තේ මම කියලා ඔයාලට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා.ඔන්න ඉතින් මම mid-season finaly එකෙන් අවසන් කරත් නැවත කතා මාලාව ආරම්භ කරපු ගමන්ම මම ඔන්න ආයේ වැඩට බැස්සා.episode 7 වලට වෙනකන් ඔයාලා බලන්න ඇති කියලා හිතනවා .මෙන්න එහනම් episode 8 එක.මුලින්ම මම ඊට වෙච්ච ටික මතක් කරන්නම් කෝ.

අන්තිමට වුනේ අර එයාලා ස්ට්‍රෑන්ඩ් කියන තැනට ගියාට පස්සේ හෙන ජරමර ටිකක් වෙනවනේ .ඊටපස්සේ එතන ගිනිගන්නවා .ඔයවගේ කේස් ටිකක් වෙනවා .එක්කෝ මම කියන්න ඕනේ නෑනේ මේකේ පෙන්නවනේ .මට ඒක ගැන කියන්න පුළුවන් ඒත් මට මාර බඩගිනියි අප්පා .ඒක නිසා ඔයාලම බලන්නකෝ.

එහෙනම් මේ සබ් එක කරන්න මට අවසර දීපු බයිස්කොප් කණ්ඩායමටත් මට උදව් කරපු අනෙක් අයවත් මතක් කරමින් මම සමුගන්නවා .ඔයාලාට සුබ දවසක් වේවා.ආ ඒවගේම අමතක කරන්න එපා සබ් එක ගැන තියෙන අවුල් ඒවගේම යෝජනා හරි මොනවහරි තියෙනවනම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න හරිද.

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E08.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                        All Episodes                        Next Episode >>

Spellbinder (1995) [S01 : E04] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Spellbinder-TV

ඔන්න 04 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මං හිතනවා මායාබන්ධන රසිකයෝ පසුගිය කොටසත් රස විඳින්න ඇති කියලා. ඉතින් පසුගිය කොටසේ මොකද වුනේ? පෝල් රියානා එක්ක කැලේ මැදින් යද්දී මායාබන්ධකයෝ පෝල්ගෙ පස්සෙන් එනවා පියාඹන නැවෙන්. රියානා නැවතුනත් පෝල් රියානවත් ඇදගෙන දුවනවා. පෝල් දැනගන්නවා මායාබන්ධකයෝ හරියටම තමන් පස්සෙන් එන්නේ මේ නෙත් ගල නිසා කියලා. පෝල් රියානව නවත්තලා ගඟ ලඟට දුවලා ගිහින් ලී කොටයක් උඩ නෙත්ගල තියලා පා කරලා යවනවා. පියාඹන නැව නෙත්ගල හඹාගෙන ගිහින් විදුලි ප්‍රහාරයක් එල්ල කරලා නෙත්ගල විනාශ කරනවා. රියානා කියනවා පෝල් මායාබන්ධකයන්ගේ නීතිය කැඩුව බව. පෝල් කියන්නේ තමන් එවා වැරදි බව නොදන්නා බවත් තමන් අනාගතයෙන් මෙහේ ආව බවත්.

පෝලුයි රියානයි කැලේ මැදින් යද්දී රෑ වෙලා නිසා එක තැනක නවතිනවා. ගිනිමැලයක් ගහගෙන කෑම උයාගන්නවා. මේ අතර පෝල් කල්පනා කරනවා මේ තමන් දකින්නේ හීනයක් කියලා. පෝල් රියානට කියනවා තමනිට හයියෙන් ගහන්න කියලා. නමුත් මේක ඇත්ත සිද්දියක්. පෝල් දකින හීනයක් නෙමෙයි. පොල් දුකින් තාරකා පිරුණු අහස දිහා බලාගෙන කල්පනා කරද්දි පෝල් දකිනවා තරු රටාවක්. මේ තරු රටාව නිසා පෝල් කල්පනා කරනවා එයා තමයත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙම බව. එයා අතීතයට ගිහින් නෑ කියලා එයා කල්පනා කරනවා. නමුත් වෙච්ච දේ පෝල්ට හිතාගන්න බෑ. උදේ කෑම හදන්න දර හොයන්න යද්දි පෝල් දකිනවා මායාබන්ධකයන්ගෙ පතලක්. පෝල් මේකත් විපරම් කරලා බලනවා. පෝල් කාන්දම් කෑලි හොයාගන්නවා මේ ගල්වල තිබිලා.

පෝල් රියානට කියනවා අණදෙන කුළුණ ලඟට එක්කන් යන්න කියලා. රියානා ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඒක මායාබන්ධකයන්ගේ නීතිය කැඩීමක් නිසා. නමුත් පෝල් ලඟ තියෙන කැසට් වාදකය රියානට දෙනවා කියලා රියානා මේ වැඩේට කැමති කරවා ගන්නවා. ඉතින් රියානත් පෝල්ව අණදෙන කුළුණ ලඟට එක්කන් යනවා. මේ අතර පෝල්ගෙ ලෝකෙ හැමෝම මේ ප්‍රදේශය පීරමින් පෝල්ව හොයනවා. පොලීසිය ඇවිල්ලා මේ කම්බිය බැඳලා තිබ්බ ගහේ අත්ත කපනවා. මේ අතර අනෙක් ලෝකෙ මේ අණදෙන කුළුණ පාවිච්චි කරන්න කෙනෙක් එනවා මෙතනට. ඒ තමයි ක්ලේහිල්වල අණදෙන්නා. එයා නෙත්ගල අදාළ තැනින් තිබ්බම කලින් දවසෙ රෑ සිද්ධවුන දේම නැවත වෙනවා. නමුත් මේක කිසිම කෙනෙක් දකින්නෙ නෑ ගස් කපන මැෂින් එකේ සද්දෙ නිසා. හැමෝම බලන් ඉන්නේ ඒ දිහා. පෝල්ට මෙතනින් පිටවෙන්න රියානා උදවු කරනවා. පෝල් දුවගෙන ගියත්, පෝල් යද්දිම පෝල්ගෙ ලෝකෙ කේබල් එක බැඳලා තිබ්බ අත්ත කැපිලා වැටෙනවා. මේ නිසා දොර ආපහු වැහෙනවා. පෝල්ට යන්න බැරි වෙනවා. නමුත් මේ දේ කැත්‍රීනා දකිනවා. කැත්‍රීනා ඇලෙක්ස්ටත් පෙන්නනවා. නමුත් දොර වැහුනට පස්සේ කැත්‍රීනා කියනවා පෝල් දැක්කා කියලා. දැන් කට්ටියම හිතන්නේ කැත්‍රීනාට මොලේ අවුලක් කියලා. විකාර පේනවා කියලා. ඇලෙක්ස්ගෙන් මේක ඇහුවාම ඇලෙක්ස් කියන්නෙත් දැක්කෙ නෑ කියලා. මොකද ඇලෙක්ස් බයයි කවුරුත් එයාට පිස්සු කියලා හිතනවට.

රියානා පෝලුත් එක්කන් තමන්ගෙ ගමට යනවා. නමුත් රියානා පෝල්ව මඬුවෙ හංගලා තමයි තියන්නේ. ටික වේලාවකින් රියානා පෝල්ව බලන්න ආපහු එනවා. පෝල්ගෙ ගමන් මල්ලෙ තියෙන අමුතු බඩු ටික රියානා දකිනවා. පෝල් මේ ගැන රියානට විස්තර කරනකොට රියානගෙ සහෝදරිය මේක දැකලා අම්මලාට කියලා එක්කන් එනවා. නමුත් රියානා දෙමාපියන්ට මෙයා තමන්ව ගහගෙන යද්දි බේරා ගත්තා කියලා කියනවා. අම්මානම් කියන්නේ මෙයා අණදෙන්නට භාර දෙමු කියලා. ඉතින් මේ අතර අණ දෙන්නා මේ මඩුව ඇතුලට එනවා. ඉතින් පෝල්ට මොනවා වෙයිද? අණදෙන්නා පෝල්ව අරන් යයිද? ඉතුරු ටික හරියටම දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. ඊලඟ උපසිරැසියෙන් හමුවෙනකන් ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Short Term 12 (2013) with Sinhala subtitles |දඩබ්බරයින්ගේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Short Term 12 (2013)

ඔන්න යාළුවනේ මම මගේ දෙවැනි නිර්මාණයත් ගෙනාවා. කලින් එකට හොඳ ප්‍රතිචාර හම්බවෙලා තිබුනා. ඉතිං මෙදා පාරත් ඒ වගේම drama ගණයට වැටෙන තවත් සුපිරි චිත්‍රපටියක් තමා ගෙනාවේ. චිත්‍රපටියේ නම Short term 12. පැය 1 මිනිත්තු 37 පුරා දිවෙන මෙම චිත්‍රපටියට රංගනයෙන් Brie Larson, John Gallagher, Rami Malek වගේම Kaitlyn Dever කෙලි පොඩ්ඩත් දායක වෙනවා. සිනමා පටය IMDb දර්ශකයේ 8.0 වගේම Rotten tomatoes දර්ශකයේ 99% හිමි කරගෙන තියෙනවා. ආයෙත් අහන්නත් දෙයක්ද? කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක් කියන්න පුළුවන්. වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

Short term 12 කියන්නේ දඩබ්බර, ඒ වගේම විවිධ කෙනෙහෙලිකම් වලට ලක් උන ළමයි බලාගෙන සමජගත කරන ආයතනයක්. (group home for troubled teenagers) අවුරුදු 18 සපිරුනාම මෙයාලව සමාජගත කරනවා. මේ ළමයි මේ විදියට දඩබ්බර වෙන්න හේතුවෙලා තියෙන්නේ එයාලගේ නොහික්මුන වැඩ විතරක්ම නෙමෙයි. මෙයාලගේ වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාකාරකමුත් ඉවහල් වෙලා තියෙනවා. ඒක චිත්‍රපටිය බලනකොට තේරුම් යයි. ග්‍රේස් කියන්නේ මේ ආයතනයේ තරුණ සුපරීක්ෂකවරියක්. ඇයත් මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්න කෙනෙක්. ග්‍රේස්ට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ ප්‍රශ්න වලටද?.

ඉතිං කතාව ගැන මීට වඩා දෙයක් කිව්වොත් බලද්දි කුතුහලය නැතිවෙන්න පුළුවන්. ආදරය, විනෝදය වගේම කුතුහලය සපිරි කම්මැලියක් නැතුව බලන්න පුළුවන් කතාවක් තියෙන්නේ. ඉතිං යාළුවනේ හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ජය…!!!

Short Term 12 (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Short.Term.12.2013.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Mr. Robot [S02 : E02] with Sinhala Subtitles |මොනාද මේ වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Mr-Robot-S02

ගොඑෆ් සොයසිටී එකේ මිලග ප්‍රහාරය වුණේ ඉ කොර්ප් වල බැංකු වට්ටන එක. ඔවුන් කියා සිටියේ කප්පම් මුදල ගෙවන්න නැත්තම් සියලුම ගිණුම් බිද දමනවා කියලා. මේ නිසා ඔවුන් ඉල්ලපු ඩොලර් ඩොලර් මිලියන 5.9ක මුදල ඉ කොර්ප් එකේ පරිඝනක ප්‍රධාන ඉංජිනේරුවා වන ස්කොට් ක්නොලස් අරන් යනවා හැබැයි උපකාරක සහය ඇතිව. පේන්න යන්නේ එයා විතරයි. පස්සේ එෆ් සොයසිටී එකේ කෙනෙක් ඇවිත් ඇනවුමක් දීලා යනවා. ඒකෙ තියෙන්නේ වෙස් මුහුණක්. වෙස් මුහුණේ ගහලා තියෙනවා මෙහෙම මාව දගාන්න, පස්සේ සල්ලි ටික ගිනිතියන්නකියලා. මේ එක්කම ඇමතුමක් ඇවිත් තර්ජනය තදින් කරන නිසා ඔහු මහජනයා ඉද්දීම ඩොලර් මිලියන 5.9 පුච්චලා දානවා. ටයිරෙල් ගැන හැම නාලිකාවම ප්‍රවෘත්ති යනවා. මොකද ඔහු මේ වෙද්දී මේ ප්‍රහාර හැම එකකම වගේ ප්‍රධාන සැකකරු වෙලා අවසන්. නමුත් ඔහුව තාමත් හොයාගන්න නෑ. බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම් මිලග කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය!

Mr. Robot (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S02E02.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                    Next Episode >>

Aadukalam (2011) with Sinhala Subtitles|කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Aadukalam (2011)

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය 2යි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයලබාදෙන්නේ Dhanush සහ Tapsee Pannu විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මෙය 2011 තිරගත්වුණු ෆිල්ම් එකක්.

කරුප්පු (Dhanush) පොඩි කාලේ ඉදන් කුකුල් පොර දාන කොල්ලෙක්, කුකුළන් කියන්නේ මෙයාගේ පන් වගේ. මෙයාගේ ගුරා පෙට්ටකාරන්. මෙය කුකුලෙක් හදා වඩා ගන්නවා. මේ කුකුළා පුහුණු තරගෙදි අසාර්ථක වෙනවා. පෙට්ටකාරන් කියනවා අසාර්ථක වෙන කුකුලන්ව මරන්න කියලා. හැබැයි  කරුප්පු (Dhanush) මේ කුකුලව මරන්නේ නැහැ. මේ අතරතුර මෙයට මුනගේහෙනවා අයිරින් (Tapsee Pannu). හුගක් මහන්සි වෙනවා අයිරින්ව (Tapsee Pannu)ආදරේ කරන්න.

මෙයාගේ කුකුළට මෙයා මොකද්ද කරන්නේ? මරනවද? නැත්තන් තරගෙට ඉදිරිපත් කරනවද? අයිරින් (Tapsee Pannu) මෙයාගේ ජිවිතේට එන්නේ කොහොමද? මේවා දැනගන්න අනිවාර්යයෙන් ෆිලුම බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු මම සමුගන්නවා, වැරදි ඇතොත් comment කරන්න.

Aadukalam (2011) on IMDb

Size Zero (2015)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aadukalam (AYNGARAN)(Tamil 2011} DVDRip Xvid ESub TDM -=MTR=- mastitorrents

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Police Academy (1984) with sinhala subtitles |නියම ඇකඩමිය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Police Academy (1984)

ඔන්න තවත් අවුරුද්දකට පස්සෙ ආයෙත් මම ඔයාල අතරට ආව අලුත් සිනමාපට මාලාවක් එක්ක. මේ වතාවෙ ගෙනාවෙ ප්‍රහසනයක්. මමත් මේක හොයාගත්තෙ සෑහෙන කාලයක් නෙට් එක කාල් ගාල. ඒ කාලෙ කොල්ලෙක් තමා මට මේ චිත්‍රපට ගැන කිව්වෙ. (ජෙෆ්රි අන්කල්ට ගොඩක් තෑන්ක්ස්.) එදා ඉදල මම මේක හෙව්ව. හම්බවුණා 10 GB පිටපතක්. එතනිනුත් අවුරුද්ද්කට පස්සෙ ඔන්න තියෙනව අඩු මෙමරියක පිටපතක් ඇවිල්ල.

ඩර්ටි හැරී එකතුවෙන් පස්සෙ තවත් සිනමා සිත්තම් එකතුවක් ලැබුණ. පළමු සිනමා පටය 1984 වසරේ තිරගත විණි. එතැන් පටන් 1994 දක්වා සිනමා පට 7 ක් නිෂ්පාදනය වෙනව. ඒ තමා පොලිස් ඇකඩමි නමින් තිරගත වන ප්‍රහසන චිත්‍රපට මාලාව. මේ චිත්‍රපට මාලාව මා ලබාගන්නා විට ඉතා විශාල මතක ධාරිතාවකින් යුතු විය. තවද අන්තර්ජාලය තුළ තිබුණේද එම පිටපත පමණි. නමුත් දැන් අඩු ධාරිතාවයකින් යුත් ටොරන්ට් පිටපතක් ජාලය සංචරණය වේ.

පොලිස් අභ්‍යාස විද්‍යාලයක් හා එහි නවක සිසුන් පිරිසක් වටා ගෙතී යන මෙහි කතා සාරාංශයි මෙසේයි. පොලිසියේ ඇති ඇබෑර්තු පිරවීමට නව සාමාජිකයන් බඳවා ගැනීමේදී තිබූ සුදුසුකම් ඉවත් කර ඕනාම අයෙකුට පොලිසියට සම්බන්ධ වීමට අවස්ථාවක් දීමට නගරාධිපතිතුමිය තීරණය කරයි. පොලිසියට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටි බොහෝ දෙනා මෙය අවස්ථාවක් කර ගනී. විවිධ හැකියාවන් මෙන්ම නොහැකියාවන් වලින්ද පිරුණු මොවුන් අතර,

මැහෝනි- කිහිපවරක් සුලු අපරාධවලට සිරගත වූ තරුණයෙකි. අවසන් වර තම සේවා දායකයාගේ මෝටර් රථයට හානි කිරීම නිසා පොලිසියට බාරදෙනු ලැබේ. පසුව මෙම මුරණ්ඩු තරුණයා පොලිස් ස්ථානාධිපතිතුමා විසින් පොලිස් පාසලට සම්බන්ධ කරවයි.

ජෝන්ස්-පොලිසියේදී මැහෝනිට හමුවන් තවත් තරුණයෙක්. විවිධ හඬ අනුකරණය කළහැකි ඔහුද අත් අඩංගුවට පත් වූවෙකි. මැහෝනි මිතුරා ලෙස ඔහුව රැගෙන යයි.

හයිටවර්- මල් වවන්නකු ලෙස තම රැකියාවෙන් සතුටු නොවන මොහුද පොලිසියට එකතුවෙ. ප්‍රමාණයෙන් ඉතා විශාල යෝධ පුද්ගලයෙකි.

හූක්- සිහින් හඬක් සහිත තරුණියක්.

මේ අතර ඡායාරූප ශිල්පියෙක්, ජීවිතයේ වෙනසක් සොයන ධනවත් යුවතියක්. යුදකාමීත්වය සිත දරාගත් තරුණයෙක්, ප්‍රේම කුරුල්ලෙක් හා නොසැලකිලිමත් ස්වාමිපුරුෂයෙක් ද ඇත.

ආයතනයේ ප්‍රධානියා ලසාර්ඩ් වන අතර ඔහුගේ නිලයට ඇස ගසා සිටින දෙවනියා මොවුන්ගේ පුහුණුකරුය. ඔහු මේ නුසුදුස්සන්ට අකමැති අතර උත්සහය වන්නේ මොවුන් පාසලෙන් ඉවත් කිරීමයි. නමුත් අනුන්ට කැපු තමන්ම වැටේ යන්න සනාථ කරමින් ඔහුගේ උගුල් වලට ඔහුම ඇදවැටේ. තම ප්‍රධානියා ආරක්ෂාකර ගතහොත් පමණක් තම පොලිස් සිහිනය සැබෑවන බව වටහා ගන්නා සිසු පිරිස හැමවිටම ඔහුගේ සහයට පැමිණේ. විවිධ හැකියාවන්ගෙන් යුත් නවක සිසු කණ්ඩායම නිසා ලසාර්ඩ්ගේ නිලය රැකගැනීමට හැකිවේ. විවිධ හදි හූනියම් වල ගොඩැලි මතින් ත්ම ඉලක්කය වෙත යන මැහෝනි ඇතුළු කණ්ඩායමේ වැඩ කිඩ ඔබත් නරඹන්න.

මෙය සඳහා අදහස්, උදහස්, ගල් මුල් මෙන්ම මල් ද බලාපොරොත්තු වෙමි.

Police Academy (1984) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය YIFY පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Zoo [S02 : E10] with Sinhala Subtitles |ජැක්සන්ගේ වියරුව. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Zoo S2P1

කොහොමද කට්ටියටම.ඔන්න අරන් ආවා 10වන කොටස ඒ කියන්නේ තවත් හරියටම කොටස් 3ක් විතරයි එන්න තියෙන්නේ.හොදයි අපි එහෙමනම් කතාව ගැන බලමුකෝ.

මතකනේ ඒබ් කිව්ව කතාව අහලා ජැක්සන් ඒබ්ව මරන්න හදද්දී එතනට කඩා පාත් වුන ඩරියෙලා ජැක්සන්ට වෙඩි තිබ්බා.ඊටපස්සේ ජැක්සන් එතනින් පැනලා ගියානේ. ඔන්න මිච් සහ ඒබ් ජැක්සන්ගේ පස්සෙන් යනවා.මතකනේ ජැක්සන් ට්‍රැකර් එකක් ඇතුල් කරගත්තා එයාගේ ඇගට. ඔය අතරේ ජැක්සන් ඉස්පිරිතාලෙකට පැනලා මහ කලබැගෑනියක් ඇති කරනවා. මිච් එතැනදී හොයාගන්නවා ජැක්සන් කවුද ගෑනු කෙනෙක්ගේ ලේ පරික්ෂා කරලා බව. ඒ මොකට වෙන්න ඇතිද කියලා බලලම දැනගන්න

ඔය අතරේ රුසියන් ආරක්ෂක ඇමතිවරයා එනවා මිච්ගේ ප්‍රතිකාරය ගැන බලන්න. පේන විදිහට රුසියාවේ කැමැත්තක් නැහැ නෝවා ව්‍යාපෘතියට. ඉතින් රුසියාවේ උදව් ලබාගන්න අපේ කණ්ඩායමට පුළුවන් වෙයිද?

ඒවගේම තවම මෙයාලා අර සේබර් ටුත් පූසා අල්ලගත්තෙත් නැහැ.මිච් කියන විදිහට ජැක්සන් නැතිනම් අනිත් සත්තු ඔක්කොම හිටියත් ප්‍රතිකාරය හදන්න බැරිලු. එහෙනම් අපි බලමු ජැක්සන්ව හොයාගන්න පුළුවන් වෙයිද කියලා.

යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය.

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Spellbinder (1995) [S01 : E05] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Spellbinder-TV

ඔන්න පස්වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. මතකද පසුගිය කොටස? පසුගිය කොටසේ වෙච්ච දේ ටිකක් මතක් කරගමු නේද? පෝල්ට ආපහු යන්න බැරි වුනා. දොර වැහුනා. ඉතින් රියානා පෝල්ව එක්කන් ක්ලේහිල් වලට ආවා. රියානා පෝල්ව මඬුවෙ හංගලා තියනවා. එකපාරට අම්මලාට කියන්න බැරි නිසා. මොකද පෝල් කාගෙ කවුද කියලා කියන්න විදිහක් නැති නිසා. ඉතින් රියානගෙ නංගි අර්ලා රියානයි පෝලුයි මඩුව ඇතුලෙ කැමරාව බල බලා ඉන්නවා දකිනවා. මෙයා හොරෙන්ම ගිහින් අම්මටයි තාත්තාටයි කියනවා. මේ දෙන්නා මඩුවට එනකොට පෝල්ව දකිනවා. අම්මා භය වෙලා ඉන්නේ. මොකද මංකොල්ලකාරයෝ ඇවිල්ලා කියලා මායාබන්ධකයෝ කියලා තියෙන නිසා. රියානගෙ අම්මා ලෑස්ති වෙන්නේ පෝල්ව අණ දෙන්නට බාර දෙන්න. නමුත් රියානා කියනවා තමන්ව වතුරෙ ගහගෙන යද්දි බේරා ගත්තේ පෝල් කියලා. මේ අතරෙදි ක්ලේහිල්වල අණදෙන්නා මෙතනට එනවා. අණදෙන්නා පෝල් ගැන විස්තර අහනවා. නමුත් රියානගෙ තාත්තා මැදිහත් වෙලා අණදෙන්නට බොරු කියලා පෝල්ව බේරා ගන්නවා. රියානගෙ තාත්තා බ්‍රෝන් කියනවා පෝල් කියන්නෙ තමන්ගෙ ඥාතියෙක් කියලා. ටික දවසක් ක්ලේහිල්වල නැවතිලා ඉන්නවා කියලා කියනවා. ඒනිසා පෝල්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් රියානගෙ අම්මා නම් පෝල්ව ගේ ඇතුලට ගන්න බය වෙනවා. එයා කියනවා පෝල්ව මඬුවෙ තියන්න කියලා. පහුවදා පෝල් සාමාන්‍ය විදිහට කාලය ගෙවනවා ගොවිතැන් කටයුතුවටල උදවු කරමින්.

කැත්‍රීනාටනම් යම් ඉවක් වැටිලා. එයා තමන් දැක්ක දේ විශ්වාස කරලා සමාන්තර ලෝක ගැන හොයන්න පටන් ගන්නවා. පොත්පත් කියවමින් මිස් ගිබ්සන්ගෙන් කරුණු අසමින් සමාන්තර ලෝක ගැන දිගින් දිගටම හෙයන්නේ පෝල්ව සමාන්තර ලෝකෙක හිරවෙලා ඉන්නවා කියලා කැත්‍රීනට ඉවක් වැටුනු නිසා. නමුත් ඇගේ හොඳම යෙහෙලිය පවා හිතන්නේ කැත්‍රීනට පිස්සු කියලා. මේ අතර අනෙක් ලෝකයේදී පෝල් රියානත් එක්ක එකතු වෙලා කුඹුරු වැඩ කරනවා. පෝල් වැට පහසු කරගන්න ලේසි ක්‍රම කීපයක්ම සකස් කරගන්නවා. මේ අතර රියානගෙ මල්ලි ගඟට වැටිලා වතුර පෙවෙනවා. නමුත් හීලා නමින් හඳුන්වන ගමෙ වෛද්‍යවරිය කියන්නේ රියානගෙ මල්ලි බේරාගන්න බෑ කියලා. මේ වෙලාවේ පෝල් රියානත් එක්ක එකතු වෙලා මල්ලිට කෘතීම ස්වසනය දීලා නැවත හෘදය ක්‍රියාත්මක කරනවා. මේ නිසා රියානගෙ අම්මා පෝල් ගැන පැහැදීමක් ඇතිකර ගන්නවා. ඒ නිසා පෝල්ට ගේ ඇතුලෙ ඉඩ ලැබෙනවා.

පෝල් මායාබන්ධකයන්ගේ මාලිගාව ගැන අහලා එහෙට යන්න කල්පනා කරනවා. මොකද මායාබන්ධකයන්ට පෝල්ව ගෙදර යවන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා පෝල් හිතන නිසා. නමුත් මායාබන්ධකයන්ව දකින්න යන්න හැමෝටම බෑ. මේ නිසා පෝල් ග්‍රෙවෝන්ගෙන් මේ ගැන අහනවා. ග්‍රෙවෝන් කියන්නේ ගමේ අණදෙන්නගෙ පුතා. එයා ආධුනිකයෙක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ මායාබන්ධකයෙක් වෙන්න කලින් ගෙවන පුහුණු අවධිය. නමුත් වැඩේ හරි යන්නේ නෑ. ඒ නිසා පෝල් වෙන ක්‍රමයක් කල්පනා කරනවා. පෝල් රියානත් අඬගහගෙන අණදෙන කුළුණ ලඟ තියෙන ගුහාවකට යන්නේ ග්‍රෙවෝන්ව පුදුම කරන්න වෙඩිබෙහෙත් හදන්න. ඉතින් පෝල් හොරෙන්ම වෙඩිබෙහෙත් හදලා ඉවර වුනාට පස්සේ මංකොල්ලාකාරයෝ මේ ගමට පනිනවා. පෝල් වෙඩිබෙහෙත් පත්තු කරලා මංකොල්ලාකාරයන්ව පලවා හරිනවා. ඉතින් මායාබන්ධන නීතියට අනුව නම් මේක තහනම් දෙයක්. මැජික් කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ නිසා පොල්ව අල්ලලා හිර කරනවා. මායාබන්ධකයන්ට දන්වනවා පෝල්ව අරන් යන්න එන්න කියලා. ඉතින් මායාබන්ධකයෝ පියාඹන නැවෙන් පෝල්ව අරන් යන්න එනවා. පෝල්ව අරන් යන්න පුලුවන් වෙයිද? පෝල් පැනලා යයිද? සිද්ධ වෙන දේ බලන්න මේ කොටසත් අරගෙනම බලන්න. ඊලඟ උපසිරැසියෙන් හමුවන තෙක් ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Viewing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>