Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all 2655 articles
Browse latest View live

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E14] with Sinhala Subtitles |හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Goblin (Korean Drama)

14 කොටස

ජොන්ග් වොන් උත්සහ දරන්නේ යූන් ටක් ලවා කිම් ශින්ගෙ කඩුව අයින් කරලා දෙවෙනි වතාවටත් ඔහුව මරල දාන්න. ඒත් යූන් ටක් ඒකට කැමති නොවෙන නිසා ජොන්ග් වොන් තමන්ගේ යක්ෂ බලෙන් ඇයව වශී කරනවා. කිම් ශින් තේරුම් ගන්නවා තමන්ගේ මේ කඩුවෙන් තමයි ජොන්ග් වොන්ව විනාශ කරන්න පුලුවන් කියලා. ඉතින් කොහොම හරි යූන් ටක්ගේ උදව්වෙන් කඩුව එලියට ගන්න කිම් ශින් ඒකෙන් ජොන්ග් වොන් ව විනාශ කරලා දානවා. ඊට පස්සේ කිම් ශින් දූවිල්ලක් වෙලා සුලගේ පාවෙලා යනවා. යූන් ටක් කොච්චර අලා දුක් වුනත් ඔහුව නවත්ත ගන්න බැරි වෙනවා. ඒත් එක්කම කිම් ශින්ගෙ මතකය හැමෝටම නැතිවෙලා යනවා. ඒක දෙවියන් ඔවුන්ට දෙන තෑග්ගක්. කිම් ශින් වෙනුවෙන් දුක් නොවෙන්නයි එයාලට මේ අවස්ථාව දෙන්නේ. මෙහෙම කාලයක් ගෙවිලා යනවා. අවුරුදු නවයකට පස්සේ නොදැන වුනත් යූන් ටක් කිම් ශින්ව කැවනවා. ඒත් කිම් ශින් ආයෙමත් ආවම ඒ කිසිම කෙනෙක්ට තමන්ව මතක නැහැ කියලා දැනගන්නවා

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E14.170120.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E14.170120.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E14.170120.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E14.170120.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E14.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>


The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles |අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Man Who Knew Infinity (2015)

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. හාඩි සමඟ ගොඩනගා ගත් මිත්‍රත්වය විදහා දැක්වෙන සත්‍ය කතාවක් මෙයට පදනම් වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ  (IMdB ratings) 7.2/10 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය, Matt Brown ගේ අධ්‍යක්ෂණයක්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා:
Dev patel – ශ්‍රීනිවාසම් රාමනුජන් ලෙස
Jeremy Irons – මහාචාර්ය ජී. එච්. හාඩි ලෙස
Devika Bhaise – ජානකි (රාමනුජන්ගේ බිරිඳ) ලෙස
Toby Jones – ලිට්ල්වුඩ් ලෙස
Jeremy Northam – බර්ට්‍රන්ඩ් රසල් ලෙස

1887 වසරේ දෙසැම්බර් 22 දින උපත ලද ශ්‍රීනිවාසම් රාමනුජන්,  ඉන්දියාවේ කල්කටාවේ ජිවත් වුණු, අතිශය ආගමනුකුල ජිවිතයක් ගත කළ,  බ්‍රාහ්මණ වංශික පුද්ගලයෙක්. ඔහුගේ කෙටි ජිවිත කාලය තුල, සාධනයකින් තොරව හුදු පරිකල්පනයෙන්  ඉදිරිපත් කළ 3900 කට ආසන්න ගණිතමය ප්‍රතිඵල වැඩි ප්‍රමාණයක් අද වන විට සත්‍ය බවට සාධනය කෙරී තිබෙනවා. පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා රාමනුජන්  විධිමත් අධ්‍යාපනයක් ලබා නො තිබුණත්, ඔහුගේ සහජ ප්‍රඥාව යොදාගෙන, හුදෙකලාව ස්වයං අධ්‍යයනයෙන් කළ විවිධ ගණිත පර්යේෂණ ඇසුරින්, ඔහු විසින් දායාද කළ නව සිද්ධාන්ත නිසා ඔහුව ගණිත ඉතිහාසය තුල ඔයිලර්, ගවුස් සහ ජැකොබී වැනි විශිෂ්ට ගණයේ ගණිතඥයන් හා සම තත්වයෙහි ලා සලකනවා.

විධිමත් අධ්‍යාපනයක් නො ලැබුව ඔහු කොහොමද මෙහෙම විශිෂ්ට ගණිතඥයෙක් වුණේ? සාධනයකින් හෝ පැහැදිලිව වටහා ගත හැකි ඔප්පු කිරීමකින් තොරව ඔහු එම ගණිතමය ප්‍රතිඵල ලබා ගත්තේ කොහොමද? ඔහු ස්ව-අධ්‍යයනයෙන් ගණිත දැනුම ගවේෂණය කළා. ඔහු විශ්වාස කළේ තමන්ට මෙසේ නිවැරදි සමීකරණ හා සිද්ධාන්ත පිලිබඳ දැනුම ලබා දෙන්නේ ලක්ෂ්මි දෙවඟනගේ එක ස්වරුපයක් ලෙස සැලකෙන නමක්කාල්/ නාමගිරි දෙවඟන බව යි. මේ ගැන වරක් ඔහු මෙහෙම  ප්‍රකාශ කළා,

“….කිසිම සමිකරණයකින් මට ඇති වැඩක් නැහැ,
ඒක දෙවියන්ගේ සිතුවිල්ලක් නෙවෙයි නම්….”

රාමනුජන්ගේ සුවිශේෂී දක්ෂතා වලින් එකක් නම් ක්ෂණිකව ගැටළු වලට පිළිතුරු දීමේ හැකියාව යි. වරක් ඔහුගේ කාමර සගයෙක් වුණු චන්ද්‍ර මහලනොබිස් ඔහුට ගණිතමය ගැටළුවක් ඉදිරිපත් කළා.

“1 සිට n දක්වා අංකනය කළ ගෙවල් සහිත විථියක ඔබ ඉන්නවා. ඒ අතර පිහිටන එක්තරා  (X) නිවසකට වමෙන් පිහිටන නිවෙස් වල සඳහන් සංඛ්‍යා එකතුව සහ දකුණෙන් පිහිටන නිවෙස් වල සඳහන් සංඛ්‍යා වල එකතුව  සමානයි නම්, සහ n සංඛ්‍යාව 50ත් 500ත් අතර සංඛ්‍යාවක් නම් x සහ n හි අගයන් මොනවාද? “

මේක පිළිතුරු  කිහිපයක් තිබුණු ද්විවිචල්‍ය ගැටළුවක්. මේ ගැන හිතපු රාමනුජන් පිළිතුර ලෙස දුන්නෙ සන්තත භාගයක් (continued fraction).එහි ප්‍රශ්නයට පිළිතුරු සියල්ල අඩංගු වුණා. විමතියට පත් මිතුරා එය කළ අන්දම රාමනුජන් ගෙන් විමසු විට ඔහු කිව්වේ මෙහෙමයි,

“ඒක සරල යි. ප්‍රශ්නය අහපු වෙලාවේම මට තේරුණා, පිළිතුර සන්තතික භාගයක් බව. මොන සන්තතික භාගය ද කියලා මම මගෙන් ම අහනකොට උත්තරේ එක වරම මගේ මනසට ආවා.”
[“The Man Who Knew Infinity,”(1991),Kanigel, Robert, page 7 of Prologue]

රාමනුජන් ට අනුව, නමක්කාල් දෙවඟන ඔහුට දර්ශනය වී, ඔහුට ගණිතමය සමීකරණ යෝජනා කරන අතර, ඔහු විසින් පසුව එය සත්‍යාපනය කර බලයි. එවැනි එක සිද්ධියක් ඔහු සඳහන් කරන්නේ  මෙසේ යි:

“නින්දේ අතරතුර, මා අසාමාන්‍ය අත්දැකීමක් ලැබුවෙමි. රුධිරය ගලා ඒමෙන් නිර්මාණය වුණු රතු තිරයක් මට දර්ශනය විය. එක්වරම මතු වූ අතකින් එහි ලියැවෙන්නට පටන් ගත්තේ ය. ඒ අතින්  ඉලිප්සීය අනුකල ගණනාවක් ලියැවිණි. ඒ සියල්ල මගේ මතකයේ රැඳුනි. අවදි වූ සැණින් මා ඒ සියල්ල කොළයක ලියා තැබුවෙමි!”
[Ktz. Michael(2011). Tibetan Dream Yoga. Bodhi Tree Publications.]

ඔහුගේ ගණිතමය සොයාගැනීම් සටහන් පොත් හතරක අන්තර්ගත වුණු බව කියවෙනවා. එයින් තුනක් ඔහු එංගලන්තයට යන්නට පෙර සිදු කළ ගණිතමය ගවේෂණ වෙනවා. ඒ සටහන් පොත් තුන 1957 දි වෙළුම් දෙකකින් යුතුව ඉන්දියාවේ Tata Institute Of Fundamental Research (TIFR) මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඔහුගේ සිව්වන සටහන් පොත හඳුන්වනු ලබන්නේ “අතුරුදන් වූ සටහන් පොත ” නමිනු යි. අපිළිවෙලට සැකසුණු  පිටු 87කින් සමන්විත වුණු එම සිව්වන සටහන් පොත , රාමනුජන්ගේ මරණයෙන් පසු හාඩි වෙත යවනු ලැබුවේ ඔහුගේ භාර්යාව විසින්. රාමනුජන් ඉන්දියාවට නැවත පැමිණි පසු ඔහුගේ ජිවිතයේ අවසන් කාලය තුල කළ ගණිතමය සොයාගැනීම්  එහි අන්තර්ගත වුණා.  
ඔහුගේ ජිවිතයේ අවසන් වසරේදී,  වසර ගණනාවක් තිස්සේ අභිරහසක් ව පැවතුණු දළ තීටා ශ්‍රිත ()Mock Theta Functions)  අනාවරණය කර ගත්තා.

මනුෂ්‍ය නො වන ප්‍රාණීන්ගේ ප්‍රත්‍යක්ෂ ඇසුරින් හෝ අධ්‍යාත්මිකව දියුණු කරගත් මනසින් දැනුම ලබාගෙන ගොඩනගා ගන්නා සංකල්ප හෝ ප්‍රවාද බටහිර විද්‍යාවෙන් හෝ ගණිතයෙන් පිළිගන්නේ නැහැ. නමුත්  එය පුරාණ පෙරදිග රටවල දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි සැලකෙන්නේ. රාමනුජන් එවැනි ක්‍රම භාවිතයෙන් ගණිතමය සොයාගැනීම් ගණනාවක් කළා. ඔහුගේ මිත්‍ර හාඩිගේ දැඩි බලකිරීම මත යි රාමනුජන් තමන්ගේ නව ගණිත ප්‍රවාද තර්කානුකුල ලෙස සාධනය කරන්නේ.  මේ අනුව රාමනුජන් නම් අගනා දියමන්තිය ඔපදැමීමේ කිර්තිය හිමි වන්නේ මහාචාර්ය ජී. එච්. හාඩි මහතා හට යි.

චිත්‍රපටය ආරම්භයේදී ම මේ වගේ අපුර්ව වැකියක් ප්‍රකාශය කෙරෙනවා,
“මා හිතන්නෙ, හැමවිට ම ඉංග්‍රීසි ජාතිකයෙකුටත්, ඉන්දියානුවෙකුටත්  එකිනෙකා පැහැදිලිව වටහා ගැනීමට අපහසු යි.”
නමුත් මේ  අපුර්ව සිනමා කෘතියෙන් විවරණය වෙන්නෙ බටහිර සිනමාකරුවෙකුගේ ඇසින් රාමනුජන් නම් සාම්ප්‍රදායික ඉන්දීය මිනිසාව දුටු අන්දම, සහ ඔහු ව වටහා ගත් අන්දම යි.
 
මේ විශිෂ්ට ගණිතඥයාගේ විචිත්‍රාද්භුත, සංවේගජනක ජිවිත කතාන්දරය දැන් ඔබට සිංහල උපසිරසි සහිතව රස විඳින්න පුළුවන්.

මේකත් බාගෙන බලන්නකො !!  අමතක නොකර Comment එකකුත් දාලා යන්න!

 
ආයුබෝවන්!
ඔබට ජය වේවා!!

Flight of the Navigator (1986) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Man.Who.Knew.Infinity.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

The Secret Circle [S01 : E01] with Sinhala Subtitles |මායා කවයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

High Strung (2016)

ඔන්න අපි The CW නාලිකාවේ විකාශය වුන ලස්සන ටීවී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැන කියනවානම් 2011 තමයි මේ සීරීස් එක The CW නාලිකාවේ විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ. මේකට හොලිවුඩයේ ජනප්‍රය නළු නිලියෝ රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරින් Phoebe Tonkin (The Originel මම ආසම කැරට් එක) Bitt Robertson(මෙයා under the dome එකේ හිටියා), Helley Henning,Tomas Dekker විශේෂයි. මේක කොච්චර ජනප්‍රියයිද කියනවනම් මේකට ලැබිලා තියන iMDb 7.4ක්. හරියට The Vampire Diaries,teen Wolf ටීවි සීරීස් වගේ ස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලොන්ගේ කතාවක් තමයි මේකේ යන්නෙ. ඒත් මේක මායවටත් සම්බන්යිධ විශේෂම දේ තමයි මේකේ තියෙන්නේ එක සීසන් එකයි. කොටස් 22ක් තියනවා ඒ ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්

කැසි කියන්නේ වයස අවුරැදු 16ක තරුණ ගැහැනු ළමයෙක්. එයාගේ තාත්තා මැරිලා අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒත් හිටි හැටියෙම එයාගේ අම්මත් මැරෙනවා. ඊට පස්සෙ කැසී එයාගේ අත්තම්මා ලගට යනවා. කැසීගේ අත්තම්මා ජීවත්වෙන නගරය ටිකක් අමුතු තැනක්. කැසී එහෙට ගිය දවසේ ඉදන්ම එයාට අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ද වෙනවා. ස්කෝලෙදි එයාට හම්බ වෙනවා ඩයනා කියලා ගැහැනු ලමයෙක් මේ දෙන්න යාළුවෝ වෙනවා. ඊට පස්සේ ඩයනා කැසීව පාළු ගෙදරකට එක්කන් යනවා. එතනදි කැසීට ස්කෝලෙ තවත් යාළුවෝ හතරදෙනෙක් ඉන්නවා. ඩයනා තේරැම් කරනවා කැසීට එයාලා මායාකාරයින්ගේ පරපුරකින් පැවතගෙන එන අය බවත්එ, එයාලා හැම කෙනෙකුටම අසීමිත බලයක් උපතින්ම උරැම වෙලා තියන බවත්. ඒත් එයාලා පාලනය කරන්න බැහැ. ඒක නිසා මේ පවුල් හයේ හයදෙනා එකතු වෙලා මායා කවයක් නිර්මානය කරන්න ඔනි එතකොට තමයි ඒ මායාවන් පාලනය කරන්න පුළුවන්. ඒත් කැසි මේක අහලා ගොඩක් බය වෙනවා. එයා එතනින් පැනලා යනවා…

කැසී මේක තේරැම් ගනීයිද. එයාලා මායා කවය නිර්ණමාය කරයිද. කැසීගේ අම්මව මැරුවේ ඇයි. කට්ටිය මේ කවය හදන්න මේච්චර බයවෙන්නේ මොකකටද. කාටද මේ ලමයි එකතු කරලා කවය හදන්න ඔනි කරන්නේ..

මේ දෙවල් වලට උත්තර හොයන්නම් මේ කතාව බලන්නම වෙනවා.

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Dial M for Murder (1954) with sinhala subtitles |මරණයේ ඇමතුම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Dial M for Murder (1954)

1954 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් සිනමා නිර්මාණයක්. ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම මෙයත් රහස් පරීක්ෂක කතාවක්. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ඔබට සිහි කරවන මෙම සිනමා සිත්තම කුතුහලය සිත තුල පුරවාගෙන නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි.

රහස් පරීක්ෂක කතා රචක මාර්ක් හැලිඩේ සමග තම බිරිඳ පෙම් සබඳතාවයක් පවත්වන බව දැනගන්නා, හිටපු ටෙනිස් ක්‍රීඩයෙක් වන ඇගේ සැමියා ඇයව මරා දැමීමට සැලසුම් කරයි. දිගු කාලයක සිට මෙය සැලසුම් කරන මොහු මේ සඳහා තම පාසල් කාලයේ මිතුරෙකුව තෝරාගනී. ඒ හමුදා සේවයෙන් නෙරපා හරින ලද, නීති විරෝධී ක්‍රියා කිහිපයකට සම්බන්ධ ස්වාන් නැමැත්තායි.

සැලසුම ඉතා සරල වන එකකි. ටෝනි, එනම් සැමියා විසින් ස්වාන්හ් අට නිවසේ යතුර තිබෙන තැන සිට තම බිරිඳගේ හැසිරීම දක්වා සියල්ල ඔහුට පවසා මාර්ක්, එනම් බිරිඳගේ පෙම්වතා සමග රාත්‍රී සාදයකට පිටත් වේ. මෙම සාදය පවා ඔහුගේ සැලසුමේ කොටසකි. නමුත් සිදුවන්නේ අනෙකකි. එනම් මර්ගෝ අතින් ස්වාන් හට මිය යාමට සිදුවීමයි. මෙයින් සැලසුම බිඳවැටුනත් ස්වාන්ව මරා දැමීම නිසා මාර්ගෝ හට මරණ දඩුවම හිමිවේ. නමුත් අවසාන මොහොතේ අනපේක්ෂිතව පොලිසියට ලැබෙන සාක්ෂියක් ඔස්සේ ලුහුබැඳ ගොස් අපරාධයට වගකිවයුතු නියම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වේ.

පිටපත yify torrent අඩවියෙන් ලබා ගත හැකි අතර උපසිරැසිය එම පිටපතට අදාල වේ. තවත් හිච්කොක් සිනමා පටයකින් නැවත හමුවෙමු.

Dial M for Murder (1954) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dial M For Murder.720p.BluRay.x264.YIFY.srt
Dial M For Murder.1080p.BluRay.x264.YIFY.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Assassin’s Creed (2016) with Sinhala Subtitles |මරණයේ සෙවනැල්ල! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Assassin's Creed (2016)

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් ඉතින් මාත් බ්ලුරේ කොපියක් එනකන් ඉදලා මේක බලන්නයි හිටියේ. කතාවේ වෙන්න මොකක්ද කියලා නම් කියන්න යන්නෙම නැහැ. නමුත් කතාවට පදනම් වෙන තොරතුරු හැමදේම කෙටියෙන් ඔක්කොම කියලා දාන්නම්.

පහුගිය සීතල නත්තල් සමයේදී සුපිරි හොලිවුඩයට ප්‍රේක්ෂකයා වෙතට තිළිණ කරපු නත්තල් තෑග්ගක් කියලා කිව්වොත් හොදාකාරවම නිවැරදියි.පරිඝණක ක්‍රීඩා මෙන්ම මෑතකදී ජංගම දුරකථන වළට හදුන්වා දුන් සුපිරි ක්‍රීඩාවක් තමයි “Assassin’s Creed” කියලා කියන්නේ. දැන් ඉතින් මෙහෙම සබක් කරලා මොනවාහරි බලාගෙන හිටියට මගේ නම් ඉස්ස‍ර ප්‍රධාන විනෝදාංශේ වුණේ ගේම් ගැහිල්ල තමයි. කාලයත් එකකම ඒ දේවල් නිකන්ම නතර වෙලා ගියා. පැණියා කිව්වත් වගේ මේ අපේ නැති වෙන්නේ ළමා කාලේ අවසන් සමය. මෙහි පරිඝණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවෙක් නම්, මේ අනුසාරයෙන් නිර්මාණය කරපු මේ චිත්‍රපටය එනකන් අනිවාර්යෙන්ම පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්න ඇති. ඒ විතරක් නෙවෙයි මේක රිදී තිරයට එන්න කලින් කුඩා රූපවාහිනී කතාමාලාවක් හැටියට Assassin’s Creed: Lineage (2009) අපිට දැකගන්න ලැබුණා. ඇතැම් අය විවේචනයට ලක් කලාට මේක තවත් සුපිරි චිත්‍රපටයක් කියලා ඔයාලට හිතෙන්න ගනීවි මේකේ පසුබිම ගැන විනාඩි කිහිපයක් වැය කරලා කියවලා බැලුවට පස්සේ.

කතාපොතෙන් ක්‍රීඩාවට පැමිණි ඇසසින් ක්‍රීඩ් සදහා පළමු අඩිතාලම

ගොඩක් දෙනෙක් නම් මේ වෙද්දී “Assassin’s Creed” පරිඝණක ක්‍රීඩා පෙල හෝ දුරකථන සදහා නිකුත් වූ ක්‍රීඩා පෙල ගැන නම් අහලා ඇති. නමුත් සමහරක් අය පුදුමයට පත් වෙයිද දන්නේ නෑ මං කිව්වොත් මේ ඔක්කොම පදනම් වුණේ පොත් මාලාවකින් කියලා. ඔව්. මේකත් හරියට කොමික් වගේ. මුල්ම පදනම වෙන්නේ “Anton Gill” විසින් තනිවම රචිත පොත් මාලාවකින්. හරියටම කොටස් හතයි. නමුත් පළමු පරිඝණක ක්‍රීඩාව පමණක් ආරම්භයක් හැටියට පොත නිකුත් වෙන්න අවුරූදු දෙකකට ඒ කියන්නේ හරියටම 2007දී තමයි නිකුත් වීමක් වුණේ.

“Renaissance (2009), Brotherhood (2010), The Secret Crusade (2011), Revelations, Forsaken (2012), Black Flag (2013), Unity (2014), Underworld (2015)”

ඔන්න ඔහොම තමයි ඇසසින් ක්‍රීඩ් සදහා මුල් පොත් ටික නිකුත් වුණේ. මේ ටික නිකුත් වෙනවත් එක්කම තමයි අපිට මේවා පදනම් කරගෙන ක්‍රීඩා මාලාවක් දැකගන්න ලැබුණේ. ඔය පොත් ටික පදනම් කරගෙන මෙත් එක්කම ක්‍රීඩාපෙල නිකුත් වුණේ.
• Assassin’s Creed (2007) • Assassin’s Creed II (2009) •Assassin’s Creed Brotherhood (2010) • Assassin’s Creed Revelations (2011) • Assassin’s Creed III (2012) • Assassin’s Creed IV: Black Flag (2013) • Assassin’s Creed Rogue (2014) • Assassin’s Creed Unity (2014) • Assassin’s Creed Syndicate (2015) • Assassin’s Creed Chronicles: India (2016)

මීට අමතරව වෙනස්කම් සහිත වූ නොයෙක් සංස්කරණ නිකුත් වෙලාතියනවා. මෙහි ක්‍රීඩා සියල්ල්යෙහිම නිර්මාතෘවරුන් හැටියට ගෞරවය හිමිවෙන්නේ “Ubisoft” සමාගටමයි. මේ පරිගණක ක්‍රීඩා මාලාවේ 2014 වසරේ වාර්තා වලට අනුව පිටපත් මිලියන 77 කට අදික වශයෙන් විකිණිලා තියනවා. නිකමට ඉතින් හිතලා බලන්න මොන තරම් ලොකු ජනප්‍රියතාවයක් ලැබිලා තියෙනවද කියලා.

මේ සියල්ල ඇසුරින් නිකුත් වූ චිත්‍රපටය

මේ සලරුවේ අධ්‍යක්ෂණය කරලා අපිට ගෙන එන්නේ ” Justin Kurzel.” මේකේ රංගනයෙන් දායක වන නළු නිලියන් ගැන කතා කලොත්, Shame (2011), The Light Between Oceans (2016), Prometheus (2012), X-Men: First Class (2011), X-Men: Apocalypse (2016) තව තියෙනවා… ඔය වගේ සුපිරි සිනමාපට වලට රංගනයෙන් දායක වූ “Michael Fassbender.” The Dark Knight Rises (2012), Inception (2010), Allied (2016) වැනි සුපිරිම සිනමාපට වලට රංගනයෙන් දායක වුනු “Marion Cotillard.” ඒවගේම පසුගිය අවුරුද්දේ විකාශය වූ සුපිරිම DC සලරුව Batman v Superman: Dawn of Justice (2016) සදහා රංගනයෙන් දායක වූ “Jeremy Irons.” ජෙරමි තමයි ඇසසින් ක්‍රීඩ්හී ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට දායක වෙලා තියෙන්නේ. තව “Brendan Gleeson” වගේ සුපිරිම රංගධර පිරිසක් මේකට දායක වෙනවා.

සුප්‍රසිද්ධ IMDb ශ්‍රේණිගත කිරීමට දර්ශකයේ 6.4/10 ක අගයක් ලබාගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. සමහර දේවල් පටන් ගැම්මෙන් කවදාවත් තීරණය කරන්න බැහැ මේක හොද දෙයක්ද නැත්තම් නරක දෙයක්ද කියලා. එහෙව් එකේ කුණු තක්කාලි කාරයො මේ චිත්‍රපටය විවේචනයට ලක් කරලා තියෙනවා. මහජන ප්‍රදර්ශනය ආරම්භ කලේ 2016 දෙසැම්බර් 21 දින. මේක නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 125,000,000 ක මුදලක් වැය වෙලා තියෙනවා. එහෙමයි කියලා පාඩුවක් වුණේ නෑ. 2017 ජනවාරි 25’වැනි දිනට ඇමරිකානු ඩොලර් 53,913,004ක මුදලක් වගේම ලොව පුරා ප්‍රදර්ශනය කිරීම මගින් ඇමරිකානු ඩොලර් 202,945,341 ක සම්පුර්ණ මුදලක් උපයාගෙන තියෙනවා. ඉදා මෙන්න හදපන් කියලා Ubisoft ආයතනය මේකේ අයිතිය පැවරීමක් කලේ නෑ. Ubisoft ආයතනය විසින්ම පිහිටුවාගත් “Ubisoft Motion Pictures” සමාගම තමයි මෙහෙ නිර්මාණකරන කටයුතු සිදු කලේ. මේ නිසාම තමයි ඇසසින් ක්‍රීඩ් චිත්‍රපටය විශේෂ වෙන්න ලොකුම හේතුව. පැය 1, විනාඩි 55ක් පුරාවටම දිවෙන මෙම චිත්‍රපටය Action, Adventure, Fantasy මේ කැටගරි වලට තමයි අයත් වෙන්නේ.

මොකක්ද මේ Apples of Eden කියන්නේ?

Apple_of_Eden

මේක ඇවිල්ලා හරියට ඇපල් ගෙඩියක් වගේ. ඊඩන්ගේ කොටස් වලින් පළමු මිනිස් ශිෂ්ටාචාරය විසින් තමයි හදලා තියෙන්නේ. ටෙම්ප්ලර්වරුන්වගේම ඇසිසන්ලා මේක අරගන්න පොර කන්නේ ගොඩක් හේතු නිසා. ඒවායින් කිහිපයක් චිත්රපටියෙක් දැකගන්න ලැබේවි. මේක ඇත්තටම ඉතින් ඇපල් ගෙඩියක් වගේ වුනාට උපකරණයක්. මේකට තියෙන හැකියාවන් ගැන කතා කරනවනම්, මුලාවට පත්කරන ප්‍රක්ෂේපණ (ඒ කිව්වේ ඇත්තටම නැති වුනත් ඇත්තයි කියලා හිතෙන දර්ශන), මනස පාලනය, භෞතික වශයෙන් මෙහෙයවීම, දැනුම, ගණනය කිරීම් දකින්න හෝ නිර්මාණය කරන්න ඇති හැකියාව වගේ හැකියාවන් තියෙනවා. හැබැයි මේ හැමදේම නැහැ. එක් චිත්‍රපටයකින් මේ හැමදේම දෙන්න බැහැනේ ඉතින්. මේ Apples of Eden කියන වචනේ වගේම Apple කියන වචනේ තියෙන තැන් වල මං “ඇපල් ඔෆ් ඊඩන්, ඇපල්, ඇපල් ගෙඩිය” වචන භාවිතා කරන්න වුණා. මොකද ඉංග්‍රීසියේ සදහන් වෙන හැම වචනෙම සිංහලට හරවන්න බැහැ. හැරේව්වත් සමහර වචන හෙන කැත අර්ථයක් ලැබෙන්නේ. “ඇසිසන් ක්‍රිඩ්” වගේම “ඇසිසන්” එකටත් එහෙම්ම තමයි හොදේ. මොකද හැම තැනම ඝාතකයො කියලා කියන්න බැහැ. කැතයි. ඒවා ගැන වැඩිය හිතන්න එපා බලන කෙනාට කිසිම බාධාවක් නොවෙන්න තමයි දාලා ඇත්තේ.

ක්‍රීඩාවයි චිත්‍රපටියයි එකිනෙකාට (අ)සමාන වෙන තැන් හා වෙනත් තතු

• ක්‍රීඩා අනුසාරයමද චිත්‍රපටිය තුලත් තියෙන්නේ? මේ වෙද්දීත් ගොඩදෙනෙක් දන්න කියන පළමු දේ තමයි මේ චිත්‍රපටය පාදක වුණේ මෙතෙක් නිර්මාණය වූ ක්‍රීඩා අනුසාරයෙන් කියන එක. හැබැයි තාමත් හිතාගන්න බැහැ මේක කොයි ක්‍රීඩාවට අනුබද්ධ කරලා නිර්මාණය කරන ලද්දක්ද කියන එක. ඇත්තටම එහෙම කියන්න අමාරුයි. මොකද චිත්‍රපටය Assassin’s Creed: Brotherhood ක්‍රීඩාවට සමානකමක් දක්වනවා. ඒ මොකද කියලා පස්සේ කියන්නම්.

Eagle Dive/Vision – ක්‍රීඩාවේදී වගේම චිත්‍රපටයේදී “Eagle Dive”(ඒ කිව්වේ රාජාවලියෙකු මෙන් උස් ස්ථානයක ඉදන් පොලවට පතිත වෙන විදිහ.) එක දැකගන්න පුළුවන්. ඒත් මං නම් දන්නේ නෑ Eagle Vision එක තියද කියලා. නමුත් ඉතින් Assassin’s Creed පෝස්ටර් අතරේ රාජාවලියෙකුගේ පෝස්ටර් එකක් වෙනම හදලා තිබුනා.

Abstergo – ගේම් එකේදී දකින්න ලැබුණා Abstergo කියන ගොඩනැගිල්ල. ඒකෙ තිබුණු ලෝගෝ එක මතක ඇතිනේ. අන්න ඒ ලෝගෝ එකම අරගෙන තමයි චිත්‍රපටයෙත් Abstergo එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම Animus (Animus කිව්වේ BVS වල සුපර්මෑන් එක පාරට පොලවට එද්දී දණහිසක් නවලා එක අතක් පොලවට තියන ලෑන්ඩින් එක තියන උපකරණෙ) එකත් දැකගන්න ලැබුණා. හැබැයි ටිකක් යාන්ත්‍රික බව නම් වැඩියි. සුපර්හීරෝ ගැන කියපු නිසා මේකත් කියන්නම්. මේක සුපර්හීරෝ සලරුවක් නම් නෙවෙයි. හොර රහසේ ඉලක්ක වෙතට ගිහින් යුක්තිය වෙනුවෙන් සටන් වැදිලා සාධාරණය ඉෂ්ට කිරීමක් විතරයි. උදාහරණයක් හැටියට ඇරෝ හා ඩෙයාඩෙවිල් මුල් කාලයේ වගේ. කොහොමනමුත් චිත්‍රපටයේ තිබුණු Animus එකේ ලොකු වෙනස්කමක් කරලා තිබුණා ක්‍රීඩා වල තිබුණු එකට වඩා ඔබ්බට ගිය විදිහට.මේ නිසාම ඉදිරියට නිකුත් වෙන ක්‍රීඩාවල Animus එකේ වෙනස්කමක් වෙන්න ඉඩකඩක් තියෙනවා.

සටන් ක්‍රම හා සැබෑ පතිත වීම් අනුසාරයෙMichael Fassbender ගැන කලින් සදහන් කරපු චිත්‍රපට අතරින් මොහුගේ උපරිම සටහන් ක්‍රම මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්. කොටින්ම “Eagle Dive” එක පවා සැබෑවටම රූගත කිරීමක් සිදු කලා.උස අඩි 125 ක් උස නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලක ඉදන් ශක්ති ඝට්ටනය – ජුල 30243, තප්පර 2.79 ක කාලයකින් පොලවට පතිත වීමක් හා ශක්ති වේගය – පැයට සැතපුම් 61.1 ක වේගයකින් මුදනේ ඉදන් පොලවට පතිත වීමක් සැබෑවටම රූපගත කලා. Michael Fassbender මේ පිම්ම අති සාර්ථක විදිහට නිම කලා.මේ වගේ හේතු නිසා තමයි නිෂ්පාදන අංශයට ලොකු පිරිවැයක් දරන්න වුණේ.

Spanish Assassin’s Brotherhood කණ්ඩායම – ගේම් එකේදී දැකගන්න ලැබුණා Spanish Assassin’s Brotherhood කණ්ඩායම. ඒවගේම තමයි චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ 15 සියවසේ ස්පාඥ්ඥය ගැනයි. මේ නිසා චිත්‍රපටිය තුළදීත් අපිට Brotherhood කණ්ඩායම දැකගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

මයිකල් ෆෑස් බෙන්ඩර් තමයි Ubisoft සමාගම විසින් තෝරාගනු ලැබූ එකම නළුවා. නමුත් මයිකල් මෙහි රංගනයෙන් දායක වෙන්න ගත්තට එයා කිසිම ක්‍රීඩාවක් සෙල්ලම් කරලවත්, පොතක් කියලවත් තිබිලා නෑ.රුගත කිරීම් කරන අතරවාරේ ලැබුණු විවේකයක් ලැබුණු වෙලාවට තමයි මයිකල් මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න අරගෙන තියෙන්නේ.

කියන්න ඕනේ කරන, දන්නා කියන හැමදේම මුෂ්ටියක් නැතුව කියලා දැම්මා. දෙන්න ඕනේ ඉගි ඔක්කොම දුන්නා. ස්පොයිල් උනේ නෑ කියලා විශ්වාස කරනවා. මෙච්චර දවසක් ඉවසන් උන්නු එකේ ඉතින් කතාව කියන්න යන්නේ නැහැ.මොකද උපසිරැසිය දීලා තියෙද්දී වෙන්නේ මොකක්ද කියලා කියන එක කිසිම තේරුමක් නැති වැඩක්. සම්පුර්ණ ස්ථිර කිරීමක් නොතිබ්බත් චිත්‍රපට පෙලෙහි දෙවැන්නක් එන බවට පුංචි බලාපොරොත්තුවකුත් මට නම් තියෙනවා. ඒ ගැන බලාගන්න වෙන්නේ නුදුරේදීම තමයි.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

Warcraft (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links

Assassins.Creed.2016.1080p-720p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT
Assassins.Creed.2016.1080p-720p.HC.HDRip.X264.AC3-EVO
Assassins.Creed.2016.KORSUB.HDRip.x264-STUTTERSHIT
Assassin’s Creed 2016 1080p-720p HC HDRip – MkvCage
Assassin’s Creed 2016 HC 1080p-720p HDRip – iExTV
Assassins.Creed.2016.HC.HDRip.XviD.AC3-EVO
Assassins.Creed.2016.HC.1080p-720p.HDRiP.x264.ShAaNiG
Assassins.Creed.2016.HC.HDRip.XViD.AC3-iFT & ETRG
Assassin’s.Creed.HDRip.XViD-STUTTERSHIT1
Assassins Creed 2016 1080p-720p HC HDRip HEVC x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා ගැලපේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Homeland 🇺🇸 [6×05 – Casus Belli] with Sinhala Subtitle |එතකොට කවුද ඒක එව්වේ? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Homeland S6-3

කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා.

අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ.

ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට මාරුවෙයි වගේ කියල හිතෙනවා. 🙁 ලබන සතියෙ කොටසෙ පෙර දසුන් පහල ලින්ක් කළා. බලාගෙනම යන්න. එහෙනම් අපි ගියා. ජය෴෴

S06E06 Sneak peak 1, Sneak peak 2, Promo

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

24: Legacy [S01 : E04] with Sinhala Subtitles |පස්වරු 4 ත් පස්වරු 5ත් අතර [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

24 legacy TV

දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා.

ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් වරු 6 දෙනෙක්ගේ කණ්ඩායමක් ඇමරිකාව තර්ජනයක් වෙලා තිබුන තස්ත නායකයෙක් ඔහුගේ ප්‍රභල සාමාජිකයෝ එක්ක මරලා දානවා. මේ ත්‍රස්ත නායකයාගේ ඈතින් හිටපු පුතෙක් මේ සිදුවීම එක්ක ඒ තස්ත සන්විධයේ වැඩ අතට අරගෙන කරගෙන යන්න හදනවා. තාත්තා ව මරපු 6 දෙනාගේ තොරතුරු අරගෙන ඒ අය මරණ ගමන් තවත් විනාශ ගනනාවක් කරන්න පුළුවන් තොරතුරු ගොනුවක් පස්සේ පන්නවා (අද හොයාගන්න පුළුවන් කොහොමද ඇත්තටම මේ රේන්ජර්ස් ලගේ තොරතුරු පිටට ගියේ කියලා ) පහුගිය සතියේ මේ ත්‍රස්ත කණ්ඩායමක ඒ විනාශ ගනනාවකට ඕන කරන තොරතුරු ගොනුව හොයා ගන්න පුළුවන් උනානේ.

ඉතින් අද , කාටර් මොනවා කරාවිද ඒ තොරතුරු වලින් සිද්ද කරන විනාශය නවත්වන්න අයිසා ඊසාක් ව මරන්න බලාගෙන ඉන්න එක ගැන නිකොල් මොන වගේ දේවල් කරාවිද රෙබෙකා ඇන්ඩි එක්ක එකතු වෙලා තව මොනවගේ උදව් කාටර් ට කරාවිද ජෝන් ගේ මැතිවරණ වියාපරයට මොනවා වෙයිද නිලා තොරතුරු පිට කරලද ඇත්තටම බෙන් මොනවගේ දේවල් කරාවිද තමන් අතින් උන දේ විනාශයක් කියලා දැනගෙන.

ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්න නම් අද කතාව බලන්නම වෙනවා. ගිහින් එන්නම්. ජය වේවා!

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E04.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E15] with Sinhala Subtitles |හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Goblin (Korean Drama)

15 කොටස

කිම් ශින් ආයෙමත් ආවම දකිනවා කාටවත් තමන්ව මතක නැහැ කියලා. ඒත් මරණයේ දෙවියට, නැත්නම් වන්ග් යෝ රජුට ඔහුව මතකයි. ඉතින් දැන් ඔහු තමයි කිම් ශින්ගේ උදව්වට ඉන්නේ. තමන් කවුද කියලා හුන්වල දීලා යූ පවුලේ තමන්ගෙ උරුමය ලබාගන්න කිම්ශින් කල්පනා කරනවා. ඒ දේවල් ගත්තට පස්සේ ඔහු යන්නේ නැවතත් ඔහුගේ පලවෙනි ආදරේ ලබාගන්නයි. ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නැහැ. මොකද යූන් ටක් ටත් දැන් ඒ කිසිම දෙයක් මතක නැහැ

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E15.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E15.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E15.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>


Manchester by the Sea (2016) with Sinhala Subtitles |භාරකාරත්වය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Manchester by the sea 2016

ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම  නළුවා,හොදම සහය නිලිය, හොදම සහය නළුවා සහ හොදම චලන පිංතුර චිත්‍රපටය යන ඔස්කාර් සම්මාන වලට තමා නාම යෝජනා වෙලා තියෙන්නේ.. මේක ඇවිත් drama  කාන්ඩයට තමා අයිති. මේ ෆිලුමේ IMDB රේටින් අගය 8.1 වෙනවා. ඒකෙන්ම දන්නවනේ මේක කොහොම කතාවක්ද කියලා. මේ කරන්න හේතු උනේ අපේ උපසිරස කන්ඩායමේ සහෝදරයෙක් වන මයූර සුරාජ් තමා.. එයාටත් ස්තුති කරන්න ඕනා…තව සමන්(පූසා) අයිටත් ස්තුති කරන්න ඕනා. මේ පිලූම අධ්‍යක්ෂනය කරන්නේ kenneth lonergan විසින්. මේ සලරුව නිපද වීම සදහා ඇස්තමේන්තු ගත අයවැය ලෙස $8,500,000 මුදලක් සහ ආදායම ලෙස $45,102,041 මුදලක් ලැබී තියෙනවා. අපි බලමූ දැන් කතාව ගැන.

කතාවේ ප්‍රධාන චරිත දෙකයි ලී චැන්ඩ්ලර් සහ පැට්‍රික් චැන්ඩ්ලර්. ලී යනූ පැට්‍රික්ගේ මාමා. ලී චැන්ඩ්ලර් කියන්නේ තමන්ගේ දරුවන් අමු අමුවේ පිච්චිලා මැරෙන හැටි බලන්න වෙච්ච තාත්තා කෙනෙක්. තමන්ගේ බිරිදගෙන් වෙන් වෙච්ච සැමියෙක් සහ අමුම අමු බේබද්දෙක්. පැට්‍රික් චැන්ඩ්ලර්, අම්මා දාලා ගිය තාත්තා එක්ක හැදෙන අව්රුදු 16ක් පමණ වයස කොල්ලෙක්. එයාගේ අම්මා බේබදු සහ උන්මන්තක චරිතයක්. තාත්තා(ජෝයි චැන්ඩ්ලර්) නිහතමානී හොද පුද්ගලයෙක්. පැට්‍රික් දාහට ගනින් බෑ වගේ හිටියට ඉස්කෝලෙම කෙල්ලො ටිකටම ලයින් දාන ඩයල් එකක්. ඒ කෙල්ලන්ගෙනුත් කෙල්ලෝ දෙන්නෙක්ට සිරා කරනවා. (එහෙම හිතමුකෝ) ඒ කෙල්ලෝ දෙන්නා එක්කම පැට්‍රික් ඩිෂ්ටි ඩිඩින් කරනවා. කෝම ඩයල් එකක්ද ඉතින්. කතාව පටන් ගන්නේ ජෝයි චැන්ඩ්ලර්ට පපුවේ අමාරුවක් හැදිලා නැති වෙනවාත් එක්ක.ලී එනවා අයියගේ අවසන් කටයුතු කරලා යන්න. ලී ජිවත් වෙන්නේ හැබැයි බොස්ටන් වල. හිතුවේ නැති විදිහට අයියගේ අන්තිම කැමති පත්‍රයෙන් ලීව පැට්‍රික්ගේ භාරකාරයා කරනවා. ලී අකමැති වෙනවා මුලින්. මොකද එහෙම උනොත් එයාට ආයේ බොස්ටන් යන්න බැරිවෙන හින්දා.මේකෙන් බේරෙන්න ලී ලොකු ගේමක් දෙනවා. පැට්‍රික් කැමති නැ තමන්ගේ කෙල්ලෝ දෙන්නයි, යාළුවන්වයි සහ තාත්තගෙන් ලැබිච්ච බොට්ටුව දාලා යන්න. ඇති ඇති හොදටම ඇති. එහෙනම් පැට්‍රික්ගේ භාරකාරයා ලී ම වෙයිද?, පැට්‍රික් එක්ක ලී බොස්ටන් යයිද නැත්නම් මැන්චැස්ටර් වල නවතීවීද? මේ ප්‍රශ්න වලට උත්තර කතාව බලලම හොයා ගන්නකෝ. තව දෙයක් වටින සලරුවක් නිසා උපරිමයෙන් සහ හැකි විදිහට උපසිරසකරණය කලා. වැරදි ඇති නම් සමා වෙන්ඩ කියලා කියන්ඩ ඕනා… එහෙනම් කට්ටිය උප සිරස බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.. මේ සතියේ ලීජන් කතාමාලාවෙන් අයේ හමුවෙමු.

ජයෙන් ජය!

 

Manchester by the Sea (2016) on IMDb

 

 

 

Manchester.By.The.Sea.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසිය යියළුම BR පිටපත්  සඳහා ගැළපේ

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

DCs Legends of Tomorrow [S02 : E12] with Sinhala Subtitles |කැමලොට් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend of tomorrow S2-1

ඔන්න ගොඩ දවසකින් උපසිරසියකට බහින්න බැරි වුණා එක්සෑම් එක්ක හිර වෙලා හිටපු නිසා. ඒ නිසා මුලින්ම මම නිලුපුල් සහෝට ගොඩක් ස්තූති කරනවා බෑ නොකිය වැඩේට අත ගහල ගොඩ දාල දුන්නට. කට්ටිය මර්ලින් එහෙම බලල ඇතිනේ. ඒක මේ කොටස ගැන දෙයක්. ඒක පස්සේ බලමු. හරි එහෙනම් මම පසුගිය කොටස ගැන කියන්නම්.

මරණයේ කල්ලිය එකතු වෙලා රිප්ගේ මනස වෙනස් කරලා එයාව එයාලගේ පැත්තට හරවගත්ත. ඒක හැමෝම දැක්කනේ. දැන් රිප් සම්පූර්ණයෙන්ම නපුරු මනුස්සයෙක් වෙලා. එයා මරණයේ හෙල්ලය හොයාගෙන යනවා. මේ නිසා කණ්ඩායම නොමඟ යවන්න කියල හිතාගෙන මෙයා අප්‍රේරණයක් ඇති කරනවා ජනරාල් වොශින්ග්ටන්ව මරල දාල. ජනරාල් මැරෙනවා කියන්නෙ මුළු ඇමරිකාවම අගාධයට වැටෙන වැඩක් වෙන්නේ. ඉතින් කණ්ඩායම යනවා 1776 පෙනිසිල්වේනියාවට ජනරාල් වොශින්ග්ටන්ව බේරගන්න රිප්ගෙන්. හැබැයි එහෙදි රිප් කණ්ඩායමේ කට්ටියගේ බලයන් නැති කරනවා. ඒ වෙලාවේදී රේ ඉන්නෙත් පොඩි වෙලා. ඉතිං එයාට ආපහු ලොකු වෙන්නත් බලයක් නෑ. ඒවගේම ස්ටයින්ට සහ ජැක්ස්ට මුහු වෙන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි ගිඩියන් පවා අක්‍රිය වෙනවා. එතනදී කට්ටිය පැනල යන්න හැදුවට රිප් සාරාට වෙඩි තියල රෝරිව පැහැරගන්නව. අනිත් අය සරාව යානයට අරන් ආවත් එයාව හොඳ කරන්න විදිහක් නෑ ගිඩියන් නැතුව. ඉතින් හදිසියෙවත් සාරා මැරෙයි කියලා බයට සාරා ජැක්ස්ව යානයේ කැප්ටන් කරවනවා. හැබැයි ජැක්ස් කොහොමහරි උත්සහ කරන්නේ යානයට ආපහු බලය දෙන්න.

හැබැයි මේ අතරේ රිප් කට්ටියක් එක්ක ඇවිල්ල යානයේ දොර ඇරගන්නවා. කට්ටිය ඇතුලට ආවත් රිප් විතරක් ඉතුරු වෙන්න අනිත් අයව මරල දාන්න ජැක්ස්ට පුළුවන් වෙනවා. කොහොමහරි රිප් යානයට එන්නේ හෙල්ලයේ කොටසක් හොයාගන්න. හැබැයි ඒක හංගපු තැන දන්නෙ ජැක්ස්. රිප් කොහොමහරි මේඩ් බේ එකේ සාරාව හොයාගන්නවා. සාරාව මරනවා කියල තර්ජනය කරලා රිප් ජැක්ස්ගෙන් හෙල්ලය තියන තැන අහගන්නවා. හැබැයි වැඩක් වෙන්නෙ නෑ. රිප් සාරාව මරල පණගන්නවා. මේ අතරේ රේ යානයේ එන්ජින් අස්සට ගිහින් යානයට කොහොමහරි පණ දෙනවා. ගිඩියන් නැවතත් ක්‍රියාත්මක වෙනවා. වාසනාවට සාරාගේ මොළේ සෛල මැරිලා නැති නිසා ඇයව සනීප කරන්න ගිඩියන්ට පුළුවන් වෙනවා. මේ අතරේ නේට් සහ මායාව යවනවා රෝරිව බේරගන්න. කොහොමහරි එතැනදී සටන් ගොඩකින් පස්සේ නෙට්, අමායා සහ රෝරි බේරිලා පැනගන්නවා. ඒ මොනවා වුනත් වැඩක් වෙන්නෙ නෑ. හෙල්ලයේ කොටස දැන් තියෙන්නේ රිප් අතේ. ඒ කියන්නේ මරණයේ කල්ලිය අතේ. ඉතින් තව කෑලි තුනක් ඉතුරු වෙලා තියනවා. මොකද හෙල්ලය කොටස් හතරකට වෙන් කරලා තමයි තියෙන්නේ. ඒවා වෙනස් කාල වල තමයි හංගල තියෙන්නේ.

ඒවා කොහොමද හංගල තියෙන්නේ කවුද හැංගුවේ කියල ඔයාලට අද බලාගන්න පුළුවන්. ඒවගේම මර්ලින් බලපු කට්ටියට අද ඇත්තටම මර්ලින් කවුද කියලත් බලාගන්න පුළුවන්. හරි එහෙනම්. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E12.HDTV.x264-LOL
DCs.Legends.of.Tomorrow.S02E12.HDTV.XviD-FUM
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.X264-DIMENSION
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික තමා අද ඔයාලට බලාගන්න ලැබෙන්නේ.

ඉතිං මේ සිද්ධිය උනාට පස්සේ LMD වල අභිප්‍රාය මොකක්ද, එයාලා ශීල්ඩ් එක ඇතුලේ මොන වගේ දෙයක් කරාවිද? කියන එක අපිට ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ ගැන දැනගන්න පුළුවන් අද කතාව බැලුවොත්. ලබන සතියේ කතාවත් සුපිරිම කතාවක් වේවි කියලා හිතනවා.

මීලඟ උපසිරැසියෙන් හමුවෙමු කියන ගමන් මම අදට මේ විදියට කෙටියෙන් සමුගන්නම්.

ආයු – බෝ -වේවා !

.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E13.HDTV.X264-LOL

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 

Resident Evil: The Final Chapter (2016) With sinhala subtitles |මාරාන්තික වෛරසයක අවසානය (200) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Resident Evil Final Chapter 2016

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො.

  • ප්‍රථම උපසිරැසිය 2015.04.19
  • 50 වන උපසිරැසිය 2015.10.23
  • 100 වන උපසිරැසිය 2016.03.10
  • 150 වන උපසිරැසිය 2016.09.13

ඔන්න ඔය විදිහට තමා මගේ උපසිරසිකරණයේ දින වකවානු ගෙවුනේ. මුලදිනම් ආසාවට පටන්ගත්තට දැන්නම් මේක නවත්තගන්න බැරුවයි ඉන්නේ. ඉතින් මේ ගමනේදී මම වැඩි හරියක්ම උපසිරසි ලබාදුන්නේ ටීවී කතාමාලාවලට. සිනමාපටනම් බොහොම අතලොස්සක් තමා තියෙන්නේ.

ඉතින් මේ ගමන එද්දී හම්බවුන අය බොහොමයි. ඒ තමා අපේ බයිස්කෝප් පවුල. ටිකක් විතර පිස්සු තියෙන මේ සැට් ඒකෙ වැඩි දෙනෙක්ව මුණ ගැහිලා දැන හැදිනගන්න මට අවස්තාව ලැබුනා. ඒ අතරින් මුලින්ම අපේ ඇඩ්මින් මණ්ඩලයෙ ශාන් විමුක්ති,හසන්ත අයියා( අයියා නෙවේ මාමා), රොයිලි අයියා, සමීර අයියා, ප්‍රනීත් රණසිංහ කියන අප්‍රසිද්ධ හාදයා, අර තමන් කාන් ඩයල් එක කියලා හිතා ඉන්න ආසිරි ලොක්කා( ගියපාර මේකාව ඇඩ්මින් ගොඩට දැම්මේ නෑ කියලා කේන්ති ගිහින් හිටියේ), ඒ වගේම අඩවියේ එකම සත්ව ප්‍රාණියා හෙවත් බළලා යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට සමන් සහෝ.ඒවගේම දැන් විවේක සුවයෙන් ගත කරන සමීර කරුණාරත්න සහෝ, වගේම අපේ ඇඩ්මින්වරිය නිර්මානි අක්කා, යශෝධ සහෝ වගේම අසංක සහෝදරයාවත් මතක් කරන්න ඕන.

ඊළගට තමා සැට් එක ඉන්නේ. හොද ඩිසි බලකනුවක් වෙන පොඩ්ඩක් විතර දුරාචාරයට බර චාමර සම්පත් සහෝ, දෙමල ෆිල්ම්වලටම සබ් දෙන තමන් සිරි ලන්කන් දනුස්යයි සිතාගෙන ඉන්න සදුන් දනුෂ්ක අයියා වගේම නාගයෙක් වෙන්න දගලන ඉමේෂ් මලයා. ඊළගට ඇරෝ,ෆ්ලෑෂ් හාදයා වෙච්චි කවිදු ගිම්හාන් සහෝ. අඩවියේ ඉන්න මෝඩ ඩබලක් වුන මයුර සුරාජ් සහ පූර්නි. අපේ වමා හෙවත් ඉසුරු දිල්ශාන්, දසන් වගේම නුවන්ත සහෝවත්.  තවදුරටත් තමන් හයිඩ්‍ර නියෝජිතයෙක්යයි කියාගන්නා තිසර සහෝ. එකම එක ස්ටිකරයක් විතරක් තියාගෙන දගලන අචින්තයා. රවිදු තේනබදු සහෝ. අපේ සෑර් චන්දිමවත්, කාලිංගවත්, ගයාන් රූකාන්ත(මූ ඉන්නවද මලාද මන්දා) නලින් අයියාවත් මතක් කරන්ට ඕන.සුරේනි අක්කා වගේම අර තාරක කියන ඩයල් එකත්.පස්සේ බොහොම මෑතකදී සැට් වුන දෙවක,චමල්,සිසිල,යසිරු සචිත් යන සහෝලවත් මතක් කරනවා.අමතක වුන අය ඉන්නවනම් සමාව භාජනෙකට දාහල්ලා ඈ.

අපේ පරණ උපසිරසිකරුවෝ හැමෝම වගේ මතක් කරනවා වෙබ් අඩවියේ නිර්මාතෘ වෙන ඉසිර ගුණතිලක අයියව.හැබැයි ඉතින් මටනම් ඔහුව දැන හැදින ගැනීමේ භාග්‍යයක් ලැබුනේ නෑ හිටන්. ඒ වුනත් අද අපට මෙහෙම උපසිරසි ලබාගන්න මෙවන් අඩවියක් ආරම්භ කිරීම ගැන ඔහුට මාගේ ස්තුතිය.

අන්තිමට අපෙන් උපසිරසි ලබාගන්න අයට යම් දෙයක් කියන්ට ඕනා. මේක කිව්වට පස්සෙනම් සමහරු තරහ වෙයිද දන්නෙත් නැහැ. ඒත් කියන්නම ඕනේ. අපි කොච්චර වෙලාවට උපසිරසියක් කරලා දැම්මත් කමෙන්ටුවක්වත් දාන්නේ නැති සමහරු බැරිවෙලා හරි පොඩ්ඩක් පරක්කු වෙන දවසට දාගෙන මැසේජ් කරනවයි කමෙන්ට් කරන එකමයි තමා වැඩේ. ඉතින් එහෙම තමන්ට අවශ්‍ය වෙලාවට විතරක් අපිව මතක් කරගන්න එපා. අනිත් වෙලාවටත් තමන්ගේ කාලයෙන් විනාඩියක් වැය කරලා ඔබ එක වචනයකින් හරි ස්තුති කියලා යනවනම් ඒක තමා අපේ සන්තෘප්තිය. මොකද මේ උපසිරසි කෙරුවාවෙන් කිසිම කෙනෙක්ට සත පහක ලාභයක් නැහැ ආයුබෝවන්ඩ. තියෙන්නේ හිතේ සතුට විතරයි.හැබැයි සමහරු හිතන්නේ මේකෙන් අපි ලාභ උපයනවා කියලා.  හැබැයි ඔය අතරේ හැමදාමත් වචනෙකින් හරි අපිව සතුටු කරලා යන බොහොම අතලොස්සකුත් ඉන්න වග මතක් කරන්ට ඕන. අන්න ඒ අය දාන අදහස් දැකලා තමයි මම මෙච්චර දුර ගමනක් ආවේ. ඒ අයට ස්තුති කරන්න ඕන අන්න ඒකට. ඒ අයත් නොවෙන්න මේ උපසිරසි කෙරුවාව නවත්තලා බොහොම කල්.හැබැයි දැන්නම් ටික ටික සබ කෙරුවාවෙන් ඈත්වෙන්න කාලේ හරි වගේ.

හම්මේ මගේ බයිලා ගැහුවා දිග වැඩියි හොදටෝම. මේක ලිව්වා කියලා ඉතින් කවුරු කියවන්නද නෙහ්.. හරි එහෙමනම් දැන් අපි සිනමාපටය ගැන විස්තර බලමුකෝ එහෙනම්.

Wish 200 Nilupul

මේ ඔබ වෙත අරන් එන්නේ RESIDENT EVIL චිත්‍රපට මාලාවේ හයවැනි සහ අවසාන චිත්‍රපටය. මිට කලින් චිත්‍රපට 5ක් ඇවිත් තියෙනවා. මේක බලන්න කලින් ඒවා බලලා ඉන්නවනම් හොදයි.ඒවා පිලිවෙලින්.

Resident Evil 2002
Resident Evil: Apocalypse 2004
Resident Evil: Extinction 2007
Resident Evil: AfterLife 2010
Resident Evil: Retribution 2012 ඔන්න ඔහොමයි පිළිවෙල.

RESIDENT EVIL: the final Chapter විකාශය අරඹන්නේ 2017 ජනවාරි 27. IMDB අගය 6.2ක් සහ කුණු තක්කාලි 33%ක අගයක් ලබාගෙන තියෙනවා. Box office  ආදායම 135.6 million USD සනිටුහන් වෙනවා.  Milla Jovovich ප්‍රධාන චරිතය රග දක්වනවා.

කතාව මෙහෙමයි මුල්ම අම්බ්‍රෙල්ලා නම් රහස් පරීක්ෂණ පවත්වන සමාගමක් තියෙනවා. මේ සමාගමේ භූගත විද්‍යාගාරයකින් මාරාන්තික ටී වෛරසය පිටවෙනවා. මේක වලක්වන්න රජය නගරයක් සහමුලින්ම මිසයිල දමා විනාස කළත් ඒක හරියන්නේ නැහැ.වෛරසය ආසාදනය වෙන ඕනෙම කෙනෙක් සොම්බියෙක් බවට පත්වෙනවා. හැබැයි ඇතැමුන්ට මේක බලපාන්නේ වෙනස් විදිහකට. කතා නායිකාව වෙන ඇලිස්ට මේ වෛරසයෙන් සුපිරි ශක්තියක් සහ වේගයක් ලැබෙනවා.  ඉතින් ඒ දේවල් උපයෝගී කරගෙන මේ වෛරසයෙන් අසරණ මිනිස්සු බේරගන්න ඇලිස් නොමළ උන් සහ අම්බ්‍රෙල්ලා සමාගම එක්ක කරන සටන තමා මේ සිනමාපටවලින් කියවුනේ.

නමුත් ඇලිස් මෙවර දැනගන්නවා ඇය මෙතෙක් නොදැන සිටි දෙයක්.එනම් වෛරසයට අම්බ්‍රෙල්ලා සමාගම ප්‍රතිකාරයක් නිපදවා ඇති බව. ඉතින් මෙවර ඇයගේ ආයාසය එම ප්‍රතිකාරය ලබාගෙන ඉතුරුව ඇති මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීමයි.  එහෙනම් අපි බලමු ඇයට හැකිවෙයිද කියලා ඒක කරන්න.

කලින් කිව්වත් වගේ මේක බලන්න මුලින් ආව සිනමාපට බලනවානම් හොදා. නැත්නම් තේරෙන එකක් නෑ. එහෙමනම් ඉතින් සිනමාපටය ඔබට බාර කරමින් මම සමුගන්නවා. බලමු කීදෙනෙක් යමින් ගමන් මටත් සලකාගෙන යයිද කියලා.

සැ.යු : උපසිරසි ලබා දී ඇත්තේ HD-TS පිටපතකට වන බැව් කරුණාවෙන් සලකන්න. හදිස්සි කට්ටිය බාගෙන බැලුවට කමක් නෑ, හොද පිටපත් එනකම් ඉවසන අය ඉන්න.

අදාල පිටපත්

Resident.Evil.The.Final.Chapter.2017.TS x264.AAC-ETRG
Resident.Evil.The.Final.Chapter.2017.TS
Resident.Evil.The.Final.Chapter.2017.HDTC X264 AC3
Resident.Evil.The.Final.Chapter.2017.HDTS. X264 AC3
Resident.Evil.The.Final.Chapter.2017.HD.TS.x264.800MB.AAC
Resident Evil The Final Chapter 2017 HD-TS x264-CPG

Bridge of Spies (2015)

Resident Evil: The Final Chapter (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Chicago PD [S04 : E14] with Sinhala Subtitles |අධිචෝදනා හතක්…[සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago P.D.S04

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මණින් Chicago PD 04 වැනි කතාමාලාවේ 14 වැනි කොටසත් රැගෙන ආවා. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගෑස් කාන්දුවක් නිසා නිවසක් තුළ පුද්ගලයෙක් මියගොස් සිටියදී හමුවෙනව. ඒවගේම සුන්බුන් යට සිට තවත් පුද්ගලයෙක් පණපිටින් සිටියදී හමුවෙනව. නමුත් ඉතිං ඔහුත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයනව. ඒවගේම එම රෝහල තුළදී මියගිය පුද්ගලයා කවුදැයි හදුනාගත්තත් නිවසේ මියගොස් සිටින්නේ කව්දැයි හරියටම හදුනාගැනීමට හැකිවෙන්නේ නැහැ. එලෙසම මෙම ගෑස් කාන්දුව හිතාමතා කළ එකක් බව ගිණි නිවීමේ ඒකකයේ රැන්ඩි පවසනවා.

ඉතිං බුද්ධි අංශය සිතන්නේ එම නිවසේ කුලියට සිටි පුද්ගලයා ගින්නෙන් මියගොස් සිටින බවයි. මොකද ඔහුගේ උසට එම සිරුරේ උස ගැලපෙන නිසා. නමුත් කස්ටියම නොසිතන විදිහට ඔහු ජීවත් වෙනවා. ඒ වගේම මරණ පරීක්ෂක පවසනවා ඔහු මියගොස් ඇත්තේ ගින්නෙන් නොවන බව සහ වෙඩි තබා මරාදමා ඔහුගේ සාක්ෂි වසන් කිරීමට ගින්න ඇතිකර ඇතිබව. ඒ වගේම බුද්ධි අංශය මියගිය පුද්ගලයා පැලද සිටි මංගල මුදුවෙන් සහ ඔරලෝසුවෙන් හදුනා ගැනීමක් ලබාගන්නවා. ඒ අනුව පරීක්ෂණ කටයුතු කරගෙන යන ඔවුන් මෙම මිනීමැරුම සදහා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා.

ඉතිං ඒ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා මිනීමරුවාමද? නැත්තම් ඔවුන් වැරදි පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙනද? මේ කොටසනම් ටිකක් විතර පැටලිලි සහගත කොටසක්. නමුත් අවසානයේ දී ඒ සියල්ලටම උත්තර හම්බෙනව. ඒ වගේම නිවැරදිම ඝාතකයන්ව අත්අඩංගුවට පත්වෙනව. ඒ මර්වින් නම් අනාත අයෙකුගේ ප්‍රකාශයක් නිසා. ඒ වගේම අලුතෙන් එකතුවූ රික්සටන් සමග කණ්ඩායමේ යම් ගැටීමක් ඇතිවන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. ඉතිං අවසානයේදී ඇඩම් රූසෙක් ගේ නැවත පැමිණීමක් පෙන්නුම් කරනවා.

ඉතිං වෙනද වගේම පරීක්ෂණය විසදන ආකාරය දැනගන්න කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් ඉක්මණින්ම 15 වැනි කොටසින් හමුවෙමු.

සුබ දවසක්….!!!! 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E14.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 

Legion [S01 : E03] with Sinhala Subtitles |සහෝදර ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legion P1

උපසිරසක් ගෙනල්ලා දවසක් යන්නත් කලින් ඔන්න කිව්ව විදිහටම ලීජන් කතාමාලාවත් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේකේ තුන්වන කොටස තමා මට භාර උනේ..කලින් සති දෙකේ දී චාමර අයියා සහ යසිරු අයියා කතා මාලාව ගැන හොද පැහැදිලි කිරීමක් දිලා ඇති. ඒක නිසා මම ආයේ කතාමාලාව ගැන කියන්න යන්නේ නැ. ආරංචි මාර්ග වල හැටියට මේ කතාමාලාව හුගක් හිට් වෙලා කියලා තමා ආරංචිය. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමූ.

අද කතාව හුගක් තියෙන්නේ තමන්ගේ සහෝදරී වන ඇමීවබේර ගන්න උත්සහයන්. එකෙදි ඩේවිඩ්ගේ හැකියාවන් කිහිපයකුත් දැන ගන්නවා. ඩේවිඩ් සහ මෙලනී ඇතුලු කට්ටිය ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. ඒකෙදි ඩේවිඩ් යම් මතකයන් කොටසක් හංගනවා කියලා දැන ගන්නවා. සහ ඩේවිඩ් මොනාටද බය කියලත් දැන ගන්නවා. ඩේයිඩ් සහ සිද්ගේ ශරීර මාරු වෙච්ච එක ගැන මරු මරු කතා ටිකකුත් කියවෙනවා. තව මේ දෙන්න කාලය හරහා ගමන් කරලා ඇමී ගැන තොරතුරු හොයනවා. ඇතිනේ විස්තර කලා. බලලා හොයාගන්නත් දෙයක තියෙන්න එපැයැ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ දවසක හමුවෙමු. ලබන සතියේ කොටස අබේ සහෝදර උපසිරස කරුවෙක් අරගෙන එයි.

ජයෙන් ජය.

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E03.HDTV.x264-SVA
Legion.S01E03.HDTV.x264-SDI
Legion.S01E03.HDTV.x264-RBB
Legion.S01E03.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E16] with Sinhala Subtitles |හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Goblin (Korean Drama)

16 කොටස

ඔන්න ඉතින් යූන් ටක්ට තමන්ගේ අතීතය මතක් වෙනවා. ඒ වෙද්දි ඇය ඇගේ සිහිනය වුන රැකියාව තෝරගෙනයි ඉන්නේ.  ඒවගේම තමන් දැකපු, බය වුනු අනාගතේ හිස්තැන් ටික පිරවෙද්දි කිම් ශින් ගොඩක් සතුටු වෙනවා. මොකද තමන් බය වුන ඒ හිස් තැන් වල ඉන්නේ තමන්මයි කියලා ඔහු දැනගන්නවා. මේ අතර සනී තීරණය කරනවා වන්ග් යෝ කරපු දෙයට ඔහුට දුවමක් දෙන්න. ඒක තමයි හැමදේකින්ම ඈතට යන එක. මරණයේ දෙවියට තමන් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැතිවෙන්න ඇය ඈතට යනවා. කාලය ගෙවිලා යද්දි යූන් ටක් කිම්ශින් විවාහ වෙනවා. ඒත් වැඩි කාලයක් ඔවුන්ට ඒ සතුට විින්න වෙන්නෙ නම් නැහැ. නොහිතපු විදිහට ඇය මියයනවා. කිම් ශින් නැවතත් ලෝකෙ තනි වෙනවා. ඒත් ඇය යන්නේ හැකි ඉක්මනින්ම ආයෙත් එනවා කියන පොරොන්දුව පිටයි...

ඉතින් ඔන්න ඔය විදිහට ඒ කතාවත් ඉවර වුනා. ටිකක් පරක්කු වුනා නේද උපසිරැසි ගන්න. එක එක දේවල් නිසා මේ සැරේ උපසිරැසි හදාගන්න ටිකක් පරක්කු වුනා. ඒ වුනත් ඒ උපසිරැසි බලපු අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මේක මනඃකල්පිත කතාවක් වුනත් එතන එක ඇත්තකුත් තියෙනවා. ඒක තමයි අපි කරන පව් වලට අපිට කවදා හරිම දඬුවම් ලැබෙනවා කියලා. ඒ වගේම පොඩි යහපත් දෙයක් කලත් ඒකට යහපතකුත් ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිත් පුලුවන් තරම් වැරදි පව් වැඩ අඩු කරගන්න උත්සහ කරමු. එහෙනම් කතාව රසවිපු හැමෝටම ස්තූතියි. ලස්සන කතාවකුත් අරගෙන මම ආයෙමත් එන්නම්.

හැමෝටම බුදු සරණයි!!!

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E16.END.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E16.END.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E16.END.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E16.END.170121.XviD-WITH-iPOP-BarosG-
Goblin.E16.END.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>


Operation Mekong AKA Mei Gong he xing dong (2016) with Sinhala Subtitles |මත්ද්‍රව්‍ය බලවේගයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Operation Mekong (2016)සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් මම ගිය පාර උපසිරැසිය අවසානේ සදහන් කළා වගේම චීන ක්‍රියාදාම චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට. මේක ඇත්තටම සුපිරි කතාවක්. මොකද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඇත්තම සිදුවීමක් ආශ්‍රයෙන්. මේක ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් කාණ්ඩ වලට අයිති වෙනවා වගේම IMDb 6.8 ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මම කලින් අරන් ආපු Call of Heroes AKA The Deadly Reclaim (2016) චිත්‍රපටය බලපු අයටනම්, මේකේ හුරුපුරුදු හා සුපිරි චීන නළුවෙක් ඉන්නවා. ඒ තමයි, Eddie Peng. තව Hanyu Zhang , Joyce Wenjuan Feng , Carl Ng, Ken Lo, Pawarith Monkolpisit, Jonathan Wu, Vithaya Pansringarm ඇතුළු තවත් රංගන ශිල්පීන් රැසක් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dante Lam විසින්.

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 2011 ඔක්තෝම්බර් 5 වෙනිදා උදේ වරුවේ තායිලන්තයේ Chiang Rai පළාතේ Chiang Saen දිස්ත්‍රික්කයේ තැනක, චීන පුරවැසියන් 13 දෙනෙකුගේ ඝාතනය වීමට පසු චීනය විසින් ක්‍රියාත්මක කරණ ලද මැකොන්ග් මෙහෙයුමයි. ඒ නඩුවට කියන්නේ “මැකොන්ග් ගංගාවේ සමූලඝාතනය” කියලයි. මැකොන්ග් ගංගාව කියන්නේ අග්නිදිග ආසියාවේ ජලය සැපයෙන මාර්ගවලින් ප්‍රධානතම ගංගාවක්. මෙය චීනයෙන් නික්මුණ පසුව ගලාගෙන එන්නේ තායිලන්තය, මියන්මාරය හා ලාඕසය යන රටවල් තුනේම දේශ සීමා සම්බන්ධ වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රජ කරපු තැනක් වන ගෝල්ඩන් ත්‍රීඈන්ගල් හෙවත් රන් ත්‍රිකෝණය කලාපය වෙතයි. ඒ කාලයේ කලාපයේ රජ වෙලා ඉදලා තියෙන්නේ “නවු ඛා” කියල ජාවාරම්කරුවෙක්. මොහු ඇතුළු මොහුගේ සහචරයින් පිරිසක් තමයි චීනයේ නෞකා දෙකක් බලෙන් පැහැරගෙන එහි සිටි සියලු දෙනා ඝාතනය කරලා දේහයන් ගංගාවට විසිකරලා තියෙන්නේ.ඝාතනය වූ චීන

පුරවැසියන් 13දෙනාගෙ නම්..

On Hua Ping නෞකාව

* Huang Yong (captain)
* Cai Fanghua (engineer)
* Wang Jianjun (pilot)
* Qiu Jiahai (chief engineer)
* Yang Yingdong (sailor)
* Li Yan (cook)
On Yu Xing 8 නෞකාව.
* Yang Deyi (co-captain)
* Wang Guichao (chief engineer)
* Wen Daihong (pilot)
* He Xixing
* Zeng Baocheng
* Yang Zhiwei (son of Yang Deyi)
* Chen Guoying

ප්‍රදේශයේ පොලිස් වාර්තා වලට අනුව මොවුන් මෙය සිදුකරලා තියෙන්නේ නෞකාවලින් සුරක්ෂිත මුදල් කොල්ලකෑමට හා එම නෞකා නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගැනීමටයි. කෙසේ වුවත් මොවුන් මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව එය කල්ලි දෙකක් අතර සිදුවූ වෙඩි හුවමාරුවක් බවට අගවා බේරෙන්නයි උත්සහ කරන්නේ.නමුත් චීනය විසින් සිදුකල පරීක්ෂණ වලින් එය එසේ නොවන බව අනාවරණය වෙනවා. ඉන්පසු චීනය මෙම අපරාධය ගැන විමර්ශනය කිරීම හා මැකොන්ග් ගංගාවේ සුරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය සමඟ සහයෝගීතා ගිවිසුමකට එළබෙනවා. රටවල් සියල්ල ඒකාබද්ධ මුරසංචාර කරන අතරතුර චීනය ගොදුරු වූ අහිංසකයන්ට සාධාරණය ඉටු කරනු පිණිස රහසින් මෙහෙයුමක් දියත් කළා. එය තමයි මේ චිත්‍රපටයෙන් ගෙන එන්නේ.

මේ මෙහෙයුම භාර දෙන්නේ ගාඕ ගැන් ප්‍රමුඛ යුනාන් මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමටයි. තව එයාලට ෆැන්ග් ෂින්වූ කියන බුද්ධි අංශ නිලධාරියාත් සහය වෙනවා. ගාඕ ගැන් කියන්නේ ටිකක් මුරණ්ඩු කෙනෙක්. හැබැයි වැඩ්ඩෙක්. ෆැන්ග් ෂින්වූ කියන්නේ තමන්ගේ පෙම්වතිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, අන්තිමට ඇය මැරුණට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව දඩයම් කරන කෙනෙක්. මේ කට්ටිය මේක කරන්නේ කොහොමද, වෙන්නේ මොනවද කියලා මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම අරගෙන බලන්නකෝ. හැබැයි අන්තිමට ගොඩක් සොල්දාදුවන් හා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්, අපරාධය සිදුවී දවස් 23කට පස්සේ. ඒ කියන්නේ ඔක්තෝම්බර් 28 වෙනිදා නවු ඛා ඇතුළු අපරාධකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගන්නවා. එයින් නවු ඛා සහ ප්‍රමුඛ පෙලේ අපරාධකරුවන් තිදෙනුකට මරණ දණ්ඩනය ලබා දෙනවා. ඉතුරු අයගෙන් බොහොමයක් මේ වන විටත් සිර ගෙයි සුව විදිනවා. අවසානයේ චීනය ඇතුළු අනෙකුත් රටවලට මැකොන්ග් ගංගාව සුරක්ෂිත මාර්ගයක් කර ගැනීමට හැකිවෙනවා.

හොදයි එහෙනම්.. ලිපිය ගහලම දැන් අතත් රිදෙනවා. දැනට මම සමුගන්නයි හදන්නේ. සියලුම බ්ලූරේ පිටපත් හා උපසිරැසි ගැලපෙනවා. වෙබ් පිටපත් ඩවුන්ලෝඩ් කරගත්ත අයට web-dl එකටත් උපසිරැසි දීලයි තියෙන්නේ. ලින්ක්ස් හොයාගන්න අමාරු අය ඉන්නවනම් chamith.mihiranga.9 ෆේස්බුක් හරහා මාව සම්බන්ධ කරගන්න. ලිනක්ස් ලබාදෙන්න පුළුවන්. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මං ගියා.

සියලු දෙනාටම ජය වේවා..!

Operation Mekong (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Operation Mekong 2016 BluRay
Operation Mekong 2016 WEB-DL

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

True Memoirs of an International Assassin (2016) with Sinhala Subtitles |ජාත්‍යන්තර ඝාතකයෙකුගේ සෑබෑ මතක සටහන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

True Memoirs of an International Assassin 2016හ්ම්..හ්ම්…මොනවද කියන්නේ කියලා කල්පනා කලේ..හරි…මේක තමයි මං බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන 4 වෙනි උපසිරැසිය..ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන පළමු උපසිරැසිය තමයි මේ ‘True memories of an international assassin’ එහෙමත් නැත්තම් තෙරෙන සිංහලෙන් කිව්වොත් ‘ජාත්යන්තර ඝාතකයෙකුගේ සෑබෑ මතක සටහන්’..කියන ෆිලුමට කරන සබ…ඒ හින්දා තමයි අඩවියේ ඉන්න කාටවත් මගේ නම ඒ තරම්ම හුරු නැත්තෙ.මම නම් මේකට නම දැම්මේ ‘හිත හොද මිනිමරුවා’ කියලා.ෆිල්ම් එක බලලා ඔයාලාම තීරණය කරන්න ඒක ගැලපෙනවද නැද්ද කියලා.

හැමදේටම කලින් මට මගේ ස්තූති කතාව කරලා ඉන්න වෙනවා.මොකද අද මන් මෙතන් ඉන්නේ එයලා හින්දයි.හැමෝටම කලින් මං ස්තූති කරලා ඉන්න ඕනේ බයිස්කෝප් එකේ ඇඩ්මින් මඩුල්ලට මට මේ අවස්ථාව ලබා දුන්නාට.ඒ වගේම තැන්ක්ස් කරලා ඉන්න ඕනේ මේ අපේ බ්ලැක් පැන්තර් හෙවත් අපේ ‘සමන් ප්‍රසාද්’ සහෝට .මොකද මං යවන මැසෙජ් වලට රෑ 1ට 3ට උනත් රිප්ලයි කරනවා.ඒකෙන්ම පේනවා ඇතිනේ එයාලා කොච්චර අඩවිය වෙනුවෙන් මහන්සි වෙනවද කියලා.එතකොට මට මේ ෆිල්ම් එක හොයලා දුන්න අයියටත්..’කාලේ කන්න එපා බන්..අනේ උබේ මහ ලොකු සමාජ මෙහෙවර’ කිය කිය මාව තවත් ධෛරයමත් කරපු මගේ යාලුවන්ටත්..එකි මෙකි නොකි හැමෝටම ස්තූති කරනවා.

කලින් කිව්වා වගේම මං මේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන 4 වෙනි උපසිරැසියයි.එතකොට මට තව සබ් 9ක් කරන්න තියෙනවා. මං හිතුවටවත් වඩා කාලය ඉක්මනට ගෙවිලා ගිහින්.ඉතුරුවාත් ඉකමනින්ම කරන්න පුලුවන් වේවා කියලා මං ප්රාර්ථනා කරනවා.( ෂුවර් නෑ ඉතින් )මේ මොනවද මේකා කියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති.බලමු තව කල්ප කාලාන්තරයකින් ඒවා අඩවියේ පළ වේවී.ඇත්තෙන්ම අද මේ විදියට ඉටු වෙන්නේ මගේ හිතේ තිබුණු ලොකූ හීනයක්.තව නම් කියන්න කතා බොහෝමයයි.ඒත් ඒවා ඕනේ නෑ…හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ.

කතාවට නම දිලා තියෙන්නෙ..True Memories Of An International Assassin කියලයි.උඩ ඉතින් ලොකුවට බැනර් එක දාලා නැතුව ඇතැයි. මේක ලෝක සිනමා ප්රේක්ශක රසාස්වාදය වෙනුවෙන් නිකුත් කෙරුනේ 2016 නොවැම්බර් 11 වෙනිදයි.මේකේ ප්රධාන චරිතය එහෙමත් නැත්තම් පුංචි බබාගේ 🙂 චරිතෙට පණ පොවන්නේ Kevin James.ෆිල්ම් එක Action,Comedy විදියට වර්ග කරන්න පුලුවන්.ඇමරිකානු චිත්රපටියක් වුනාට ගොඩක් කොටස් රූප ගත කරලා තියෙන්නෙ වෙනිසියුලාවෙයි.IMDB අගය 6.9ක 7ක වගේ අගයක් අරං තියෙනවා.Box Office වාර්ථා බිද හෙලපු ෆිලුමක්..ඇස්තමේන්තු කරපු අගය විදියට ප්රකාශයට පත් කරලා තියෙන්නේ $40,000,000 ක මුදලක්.අධ්යක්ෂනය කරලා තියෙන්නෙ Jeff Waldlow.මේක ටිකක් අනික් සිනමාපට වලට වඩා හාත් පසින්ම වෙනස් කතාවක්.අන්න ඒක නිසයි මං මේකට සබ කරන්න හිතුවෙත්.අපි කතාව පැත්තට හැරෙමුකෝ.

මේකයි කතාව..අපේ ප්රධාන චරිතෙ අපි එයාට කියමු ‘සැමුවෙල්’ කියලා.මෙයා ඇත්තටම කිව්වොත් ‘ඔන්ලයි පොත්’ (PDF) රචකයෙක්.මෙයා ක්රියාදාම සිදුවීම් ගැන ප්රබන්ධ කතා ලියනවා.ඒත් මෙයා දුර දිග නොබලා ලෝකයේ හිටිය ඇත්ත මිනීමරුවෙක්ව අලලා මෙයාගේ තමන්ගේ කතා රචනා කරනවා.එත් මෙයාගේ පොත් ප්රකාශකයා ඒ කියන්නේ පොත ඉන්ටර්නෙට් එකට දාන publisher මේ කතාවට නම දානවා ජාත්යන්ථර ඝාතකයෙකුගෙ ඇත්ත මතක සටහන් කියලා.මේ නිසා හැමොම මේක ඇත්තම කතාවක් කියලා හිතාගෙන මේක මිලදී ගන්නවා.මෙන්න මේ අතරේ තමයි වෙනිසියුලාවෙ ගරිල්ලා සංවිධානයක් මොහුව පැහැර ගන්නේ . ඔවුන් හිතන්නේ මේ ලේඛකයා තමයි අර පොතේ කියවෙන ඝාතකයා කියලා.ඉතින් මේ සංවිධානය මෙයාව ගෙනියන්නේ ලෝකයේ භයානකම නගරය වෙන වෙනිසියුලාවේ තියෙන ‘කැරකස්’ කියන නගරයටයි.ඒ නගරයේ ඉන්න ප්රධාන නායකයෝ තුන්දෙනෙක් ඉන්නවා.

1 රටේ ජනාධිපති

2 රුසියාව සමග මත්ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරිකයෙක්

3 ඉහත දෙගොල්ලන්ටම විරුද්ධ ගරිල්ලා සංවිධානයේ නායකයා

ඉතින් ගරිල්ලා සංවිධානය මේ ලේඛකයාට බල කරනවා රටේ අසාධාරණ පාලනයක් ගෙනියන ජනාධිපතිව මරන්න කියලා.ඔහු එතනින් පැනලා ගිහින් පොලිසියට ඔක්කොම විස්තරේ කියනවා..මුලු රටේම පොලිස් පාලනය තියෙන්නෙ ජනාධිපතිගේ යටතේ නෙමෙයි අර ව්යාපාරිකයා යටතේ.ඉතින් ඔහු මේ ලේඛ්කයාට කියනවා ගරිල්ලා සංවිධානයේ ලොක්කාව මරන්න කියලා.ඔහුට මේ අතර මගදි තමන්ගේ උදව්වට DEA එකේ (මත් ද්රව්ය නිවාරණ අධිකාරිය)වැඩ කරන කෙල්ලෙක්ව හමු වෙනවා..එයා තමයි මෙයාගේ උදව්වට හෙවනැල්ල වගේ ඉන්නෙ.අන්තිමේට රටේ ජනාධිපති මෙයාව ගෙන්නලා කියනවා අර ව්යාපාරිකයාව මරන්න කියලා.කොයි තරම් අලකලංචියකටද මෙයා මුහුණ දෙන්නෙ කියලා ඔයාලාට තේරෙනවා ඇතිනේ..ඉතින් කතාවේ මොකක්ද ඇත්තටම වෙන්නෙ කියලා ඔයාලාම බලලා තීරණය කරන්න.සබ් එකේ නම් ලොකු ලොකු අඩු පාඩු තියෙනවා.තවම නවකයෙක්නේ…අනිවාරෙන්ම ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

මම ගිහින් එන්නම්.සුභ දවසක්!!

True Memoirs of an International Assassin (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

True.memoirs.of.an.international.assassin.2016..nf.webrip.x264

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Hamraaz (1967) with Sinhala Subtitles |පැරණි හින්දි සිනමාවේ, කුතුහලය මූලික කරගත් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Hamraaz 1967හින්දි සිනමාව තුළ මා නැරඹූ සිනමාපට අතුරින් අමතක නොවන, එමෙන්ම කුතුහලයෙන් යුතුම නිර්මාණය ලෙස මෙම සිනමාපටය හැඳින්වීමට මා කැමතියි. ඒ නිසා මේ පිටුවට පැමිණෙන සියලු දෙනාටම මෙය නැරඹීමට මා ආරාධනා කිරීමට කැමතියි. මෙම සිනමාපටය සඳහා අන්තර් ජාලයේ ඉංග්‍රීසි උපසිරසි ගොණුවක් නොමැති නිසා මෙම උපසිරැසිය නිර්මාණය කිරීමට මා හට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවිය.  “සබ් ටයිටල් එඩිට්” හරහා ටයිම් ලයින් නිර්මාණය සිදු කරන ආකාරය ගැන මට උපදෙස් ලබා දුන්නේ “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරා විසින් බව ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතුය. එමෙන්ම උපසිරසි නිර්මාණය කිරීම, ඒවා බාගත කරගත හැකි ස්ථාන පිළිබඳවද ඉතාමත් වැදගත් තොරතුරු එම සොයුරා විසින් මට නිරන්තරයෙන්ම ලබාදෙයි. ප්‍රථමයෙන්ම එයට මාගේ අවංක ස්තුතිය පුද කරන්නෙමි!

මෙය ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන ගණනාවක් දිනූ “බී.ආර්. චොප්රා” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන විවාහ සම්බන්ධතාවයක් ගැන කියවෙන, සුනිල් දත්, රාජ් කුමාර්, වීමි රංගනයෙන් දායක වි සිටින, ඉතාමත් කුතුහලයෙන් යුතු සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි හින්දි තනුවක් ආශ්‍රයෙන් “දැන් මතකද” සිංහල චිත්‍රපටයට ජෝතිපාලයන් ගැයූ “මේ සීත සුවදෙන රැයේ” ගීතය ලංකාවේ අදටත් ඉතාමත් ජනප්‍රිය ගීතයකි.

මෙහි ප්‍රධාන චරිත වන්නේ කුමාර්, රාජේශ් සහ මීනාය. හමුදා නිලාධාරියෙක් වූ රාජේශ් සමඟ ආදරයෙන් බැඳෙන මීනා හොර රහසේ විවාහ වෙයි. මව අහිමිව සිය පියා සමඟ ජීවත් වූ ඇයගේ මේ සම්බන්ධයට පියා විරුද්ධ වූ නිසා, ඔවුන්ට මෙසේ විවාහවීමට සිදුවිය. නමුත් දෙදෙනා එක්ව වාසය නොකළ නිසා සමාජයට මේ විවාහය ප්‍රසිද්ධ නොවීය. මේ අතර යුධ ගැටුම් පවතින ප්‍රදේශයට සේවයට යාමට රාජේශ්ට සිදුවේ. මෙහි දී සිදුවූ ගැටුම් වලින් ඔහු ඇතුළු හමුදා පිරිසක් මියගිය බව ප්‍රකාශයට පත් කරයි. මීනාට රාජේශ් නිසා දරුවෙකු ලැබීමට සිටින බව හෙළිවීමෙන් පියා අධික ලෙස සිත්තැවුලට පත්වේ. පසුව දියණියක ප්‍රසුත කළත් මීනාගේ පියා විසින් ඇයව ළමා නිවාසයකට හොර රහසේ භාර දී උපතේ දී දරුවා මියගොස් සිටි බව මීනාට පවසයි.

කාලයක් ගතවූ පසුව රටේ ප්‍රසිද්ධ කලාකරුවෙක් වූ කුමාර් සමඟ හිතවත් කමක් ඇතිවී පියාගේ ආශීර්වාදය මැද ඔවුන් දෙපොල විවාහවේ. නමුත් පියාගේ උපදෙස් මත මීනාගේ පෙර විවාහය ගැන කුමාර්ට නොදන්වා, මෙම විවාහය සිදු කරයි. දෙදෙනා ඉතා සතුටින් ජීවිතය ගෙවා දමන අතර මීනා මීට පෙර විවාහ වී සිටි රාජේශ් සතුරන් අතර ප්‍රාණ අපකරුවෙක් ලෙස සිට නිදහස්ව පැමිණි බව මීනාට පමණක් දැන ගන්නට ලැබේ. මෙතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේද? එක් අයෙකුට ජීවිතය පුදන්නට සිදුවේද, මීනාගේ දියණියට කුමක් වේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම යු ටියුබ් එකේ ඇති 542 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 51යි, තත්පර 07 ක කාලයක් සහිත වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන පහළොස්වන සිංහල උපසිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

 

Hamraaz (1967) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් යු ටියුබ් පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Supernatural [S12 : E13] with Sinhala Subtitles |පවුලේ ආරවුල… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Supernatural S12-1

කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච් ආතර් කාරායව මතක ඇතිනේ නෙහ්? එයා හදන්නේ මේරිව එයාගේ පවුලෙන් ඈත් කරලා දාන්න. මේ අස්සේ ක්‍රව්ලිගේ පුතාගේ පෙම්වතිය ඒ කාලේදී මැරිලා දැන් හොල්මනක් වෙලා ටීචර්ලා මර මර යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

අදට ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

නිවරැදි උපසිරැස ලබාදී ඇති අතර කරුණාකර එය නැවත බාගත කරගන්න.

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Supernatural.S12E13.HDTV.x264-LOL
Supernatural.S12E13.HDTV.XviD-FUM
Supernatural.S12E13.HDTV.XviD-EVO
Supernatural.S12E13.480p.HDTV.x264-mSD
Supernatural.S12E13.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E13.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                  All Episodes                      Next Episode >>

Arrow [S05 : E14] with Sinhala Subtitles |අනුන්ගේ වැරදි… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Arrow S5-1

ඇරෝ කතාවේ කලින් කොටස් එක්ක බලද්දි ගිය සතියේ කොටස ගොඩක් දුරට වෙනස් කොටසක් වුනා. ඔලිවර් මුලින්ම දේශපාලනයට එකතු වෙලා නගරාධිපති වුනාම ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි එයා කොහොම නගරාධිපති විදියට වැඩ කරයිද කියන එක. ගිය සතිය වෙනකන් අපි හැමෝම දැක්කා එයා නගරාධිපති විදියට වැඩ අනාගත්ත විදියට. හැබැයි ඉතින් ඒක ගිය සතියේ කොටස වෙනකන් විතරයි.

ඉතින් මේ වෙනස නිසා ගොඩක් අය ගිය සතියේ ඇරෝ කතාවක් වෙනුවට නගරාධිපති ක්වින් පාදක කරගෙන කරපු කොටසක් වුන එකට කැමති වෙලා තිබුනා. ඇරෝ චරිතයේ දේවල් ටිකක් කලා වුනාට, ඔලිවර් එයාගේ නගරාධිපති කියන චරිතයට පණ පොවන්න පටන් ගත්ත එක නම් ගොඩක් ආසා හිතෙන දෙයක්. හැබැයි ඉතින් ඒක ඔලිවර්ට ලේසි වැඩක් වුනේ නෑ. ඒ වුනත් එයා ස්ටාර් සිටි එකේ ප්‍රශ්න දේශපාලනික කෝණයකින් බලපු එකත් එක විදියකට හොද දෙයක්. ඉතින් මේ වෙනස නිසාම අනාගතයේදි මේ වගේ කතා ගොඩක් බලන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මොකද ප්‍රශ්නයක් ආපු ගමන් කෙනෙක්ට ඊතලයක් විදලා ඒ ප්‍රශ්නය විසදනවාට වඩා ඒ ප්‍රශ්නය වෙන කෝණයකින් බලලා විසදන එක මේ කතාවට නම් අමුතුම දෙයක්නේ.

කොහොම වුනත් ගිය සතියේ කොටස ගොඩක් දේශපාලනය පැත්තට බරවුනාදෝත් කියලත් සමහරක් වෙලාවට හිතෙනවා. මොකද ගොඩක් ටිවි සිරියස්වල මේ දේශපාලයට පැත්තට ගොඩක් බර වෙලා කතාව කට්ටියට එපා වෙන මට්ටමකට එනවනේ. හැබැයි ඉතින් ඇරෝ කතාවේ විදියට මේ කොටස තමයි දේශපාලනය ගාවගන්න තිබුන හොදම කොටස. වෙන තැනකදි දේශපාලනය සම්බන්ද වුනොත් ඒකෙන් කතාවට හානියක් වෙන්නත් පුලුවන්නේ.

මේ කොටසේ හිත ඇදි ගියපු අනිත් දේ තමයි රෙනේගෙ අතීත කතාව. මේ සිසන් එකේ මුල ඉදන්ම ගොඩක් අය මේ රෙනේ චරිතයට ගොඩක් ආසා කලා මොකද ඒ චරිතයේ තිබුන මුරණ්ඩුකම වගේම ගුප්ත ගතිය නිසා. හැබැයි ඉතින් ගිය සතියේ ගොඩක් ලොකු විස්තරයක් අපිට එයා ගැන දැනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ නිසාම අපිට ඒ චරිතය ගැන ගොඩක් ලොකු අවබෝධයක් ලැබුනා වගේම ඒ චරිතය තවත් ආසා කරන චරිතයක් වුනා. හැබැයි ඉතින් ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තිබුනෙ නැත්තෙමත් නෑ. අපි දැක්කානේ රෙනේට කලින් දුවක් හිටියා කියලා. හැබැයි ඉතින් රෙනේගෙ වයසත් එක්ක බලද්දි එයාට ඒ තරම් වයස දුවෙක් ඉන්න විදියක් නෑ කියලත් සමහරක් අයට හිතෙන්න පුලුවන්. අපි කලින් රෙනේට දුවක් ඉන්නවා කියලා දැනගෙන හිටියා තමයි. හැබැයි ඉතින් එයා මේ තරම් වයසයි කියලා කවුරවත්ම හිතන්න නැතිව ඇති. මොකද රෙනේ දැක්කම හිතෙන්නේ එයාගේ දුව ගොඩක් පොඩි එක්කෙනෙක් කියලානේ.

කොහොම වුනත් සමස්ථයක් විදියට තවත් හොද කොටසක් කියලා ගන්න පුලුවන්. මේ කොටසේදි ඇරෝ කතාවේ චරිත ගොඩනගන එක කලා කිවොත් ඒක ගොඩක් දුරට හරි. ඉතින් මේ හැමදේමත් එක්ක ප්‍රධාන කතාව කොයි විදියට ගලාගෙන යාවිද කියලා අපි බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E14.HDTV.x264-LOL
Arrow.S05E14.HDTV.XviD-FUM
Arrow.S05E14.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E14.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E14.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E14 720p HDTV HEVC x265 Crazy4ad

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Viewing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>