ලැබුවා වූ 2016 නව වර්ෂය හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා. ඔන්න ඉතින් මාස 04ක වගේ කාලෙකට පස්සේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ දෙවන කාර්තුව පටන් ගත්තා.ඉතින් පසුගිය කාර්තුවේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ දවස එනකම් මමනම් බොහොම අමාරුවෙන් හිට්යේ.ඉතින් ඒ දවස අද උදා වුනා.එම නිසා පසු ගිය කාර්තුවට උපසිරස් ගෙනාවා වගේම මේ කාර්තුවටත් උපසිරැසි ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
මුලින්ම ඉතින් පසුගිය කොටස් 10 පුරාවටම සිද්ධ වුන සිද්ධි දාමයන් කෙටියෙන් මතක් කර ගමුකො.05වන කතා සමය පුරා දිවෙන්නේ ස්කොට්ගේ රංචුවත් රෞද්‍ර වෙදදුරන් අතර සිද්ධ වෙන සටනයි මෙහි ප්‍රධාන මාතෘකාව.ඉතින් රෞද්‍ර වෙදදුරන් අසම්මත ක්‍රමයන් භාවිත කරමින් අස්වාභාවික සතුන් නිර්මාණය කරනවා.බොහෝ අවස්ථාවල මේ ක්‍රමයන් අසාර්ථක වෙද්දී ඇතැම් අවස්ථාවල පමණක් එය සාර්ථක වෙනවා.ඉතින් මේ අතරතුර ස්කොට්ගේ රංචුවට තියෝ කියලා කෙනෙක් එකතු වෙනවා.ඒ වගේම ලියාම්ගේ පළමු පෙමත් පටන් ගන්නවා.ඒ හේඩ්න්.මේ අතරවාරයේ කාන්තාර වෘකයා මලියා ජිවතුන් අතර බව දැනගෙන ඇයව හොයාගෙන නැවතත් එන්න තීරණය කරනවා.මෙසේ කාලය ගෙවී යද්දී ලියාම්ගේ පළමු පෙම හේඩ්න් රෞද්‍ර වෙදදුරන්ගේ බිල්ලක් බවට පත් වුනා වගේම තියෝ කියන්නේ රෞද්‍ර වෙදදුරන්ගේ සාර්ථක නිර්මාණයක් කියලා දෑන ගන්න ලැබෙනවා වගේම අවසානයේදී තියෝ හා ලියාම් අතින් ස්කොට් භාගෙට මැරෙනවා.ඒ වගේම පැරිෂ්ගේ බලයත් අපිට දැක ගන්න ලැබුනා.අවසානයේ දී රෞද්‍ර වෙදදුරන් බිත්තියක් කුඩු කර ගනිමින් චිත්‍රයක් මතු කරගන්න කොටසින් තමා පළමු කාර්තුව නිමා වුනේ.
මේ කාර්තුව පටන් ගන්නේ ලීඩියා හා Dr.වැලක් අතර වෙන සංවාදයකින්.ඒ වගේම කයිමෙරාවෙක්ගේ ප්‍රහාරයකට ලක්වුණ ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා අද කතාව දිවෙන්නේ.මේ අතර වාරයේ ඉතා වටිනා ඉඟි ටිකක් කතාව පුරාවටම ලැබෙනවා වගේම පරණ යාලුවෙක්ගෙ සම්ප්‍රාප්තියත් බලා ගන්න පුළුවන්.අවසානයේ සිද්ධ වෙන දේ දෑක්කම නම් ඊලග කොටස එනකම් ඉන්න බැරිවෙයි කියලා හිතනවා.ඉතින් ඒ මොකක්ද කියලා කතාව බලලම හොයා ගන්නකො. එහෙනම් ලබන සතියේ හමු වෙනකම් හැමෝටම බුදු සරණයි!
ජය ශ්‍රී…..!!!
2522 downloads