කොහොමද ඉතින් කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ Limitless කතාමාලාවෙන් හමුවෙන්නෙ. අළුත් අවුරුද්දෙ පළවෙනි කොටසම ඉහළ imdb අගයක් (9.0) රඳාපවත්වාගෙන තියෙනව. තවත් කොටස් 10 ක් නිකුත්වෙන්න නියමිතයි.
අද කොටසෙ නම දැක්කම හිතාගන්න පුළුවන් නෙ මොනාද වෙන්නෙ කියලා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි, එඩී මොරාව ඝාතනය කරන්න එක්තරා කාන්තාවක් උත්සහ කරනව. ඒ කාන්තාවත් NZT භාවිතාකරන කෙනෙක්. ඒත් පළවෙනි උත්සහය අසාර්ථක වෙනව. ඊටපස්සෙ එඩීව ඝාතනය කරන්න බ්‍රයන්ගෙ උදව් ලබාගන්න එයා උත්සහ කරනවා. (බලහත්කාරයෙන් උදව් ලබාගන්න.) ඒ අතරෙ එඩී බ්‍රයන්ගෙන් උදව් ලබාගන්නව ඒ කාන්තාව ඝාතනය කරන්න. බ්‍රයන්ට පැත්තක් ගන්න සිදුවෙනව.
තමන්ගෙ පවුලට තර්ජනය කරන එඩී ද? නැත්නම් එඩීගෙන් බේරෙන්න උදව්කරන කාන්තාවද? මීළඟ කොටස නිකුත්වෙන්නෙ ජනවාරි 20 වැනිදා. එදාම උපසිරැසිය දෙන්න පුළුවන් වේවිද යන කාරණය නම් හරියට කියන්න බෑ. ඒත් හැකිතාක් ඉක්මනින් දෙන්නම්. එහෙනම් මම සමුගන්නව. හැමෝටම ජයෙන් ජය!
1280 downloads
<<Previous Episode All Episodes Next Episode >>