ඈශ් වගේ තව කෙනෙක් එයාගේ අතෙන් හැදුන නිසා අන්තිමේට ෆිෂර්ත් නැතිවෙනවා. අද කතාව පටන් ගන්නේ මේ එකවගේ දෙන්න මොනවා කරගනීද කියන ඒකත් එක්කයි. මේ දෙන්නගේ සටනට කෙලී සහ පබ්ලෝ ත් එනවා.ඒ දෙන්නට අදුනගන්න බැරිවෙනවා ඇත්ත ඈෂ් කවුද කියලා. කොහොමහරි ඈෂ්ලා දෙන්නගේ එක එක කතා නිසා හොයාගන්නවා පිල්ලිය කවුද කියලා. අන්තිමේට ඔහුව මරලා දානවා. ඊටපස්සේ මේ මල මිනි අයින් කරන්න හදනකොට කලින් දා හම්බවුන යාලුවෝ ටික ආයේ එනවා මෙයාලව හොයාගෙන. ඈෂ් බල කිරීම මත මෙයාලව ආපහු කැලෙන් එලියට එක්කගෙන යනවා කෙලී සහ පබ්ලෝ.
ඔය යන අතරමග අමුතු සිදුවීම් ටිකක් සිද්දවෙනවා ඒ යාලුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම මැරෙනවා. ඒ වෙන කවුරුත් නිසා නෙමේ මරුන ෆිෂර් යක්ෂයෙක් වෙලා ආපුහු ඇවිත් ඔවුන් මරණ නිසා. කොහොමහරි අනිත කට්ටිය බේරගන්න අමුත්තෙක් තමා.ඒ තමා රූබී. රුබී කියන්නෙත් යක්ෂයෙක්. ඒත් කෙලී පබ්ලෝ මේ බව දන්නේ නැහැ. ඔවුන් මෙයාව ඈෂ් ඉන්න තැනට එක්කගෙන යනවා. ඇය කියනවා ඇයට පුළුවන් මේ නපුරෙන් හැමෝම බේරගන්න ඒත් ඇයට භූත අත්පොත ඕනේ කියලා. කවුරුත් දන්නේ නැහැ මේක රූබීගේ උගුලක් කියලා. කාටියර්හ් මෝඩයට ඇන්දිලා ඇයට පොත දෙනවා. එතිනින් පස්සේ තමා හොද දේවල් ටිකක් වෙන්නේ. ඕක තමා අද කතාව. අවසාන කතාවෙන් ඉක්මනින් මුනගහෙන්නම්.
ජයවේවා!!!!!
408 downloads