Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Shannara Chronicles [S01:E01 & 02] with Sinhala Subtitles |තෝරාගත්තවුන් සහ එල්ක්‍රිස් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් අපිත් 2016 වසර සදහා වැඩ ඇල්ලුවා.මේ තමා 2016 මගේ පළමු උපසිරැසිය.ඉතින් දැන්නම් සුබ නව වසරක් කියලා වැඩකුත් නැහැ.කෝකටත් සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්කො.කට්ටිය දන්නවා ඇතිනේ මේ මාසේ බොහොමයක් ටීවී කතාමාලා ආවා වගේම එන්න නියමිතයි.ඉතින් මම මේ අරගෙන ආවේ 5 වෙනිදා නිකුත් වුන සුපිරිම ගණයේ ටීවී කතාමලාවක් තමා.

මේකේ නම SHANNARA CHRONICLES.කතාව පෙන්වන්නේ MTV නාලිකාවේ.විකාශය ආරම්භ වුනේ 5වැනිදා.මේ කතාව නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ TERRY BROOKEගේ තුන් ඈදුතු ග්‍රන්ථයන් තමා.කතාව ගැන බැලුවම ක්‍රියාදාම,යුද්ධ,මිත්‍යා කියන ගණයන්වලට අයත් වෙනවා.IMDB අගය මේ වනවිට 8.3ක් වැනි ඉහල අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන උදවිය ගැන බැලුවොත් AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්) ලෙසත් MANU BENNET(ඇලනොන්), JOHN RHYS-davies(ඉවන්ටයින්),සහ POPPY DRAYTON(ඇම්බර්ලි කුමරිය) සහ IVANA BAQURIO(ඉරේට්‍රියා) ලෙසත් ප්‍රධාන චරිත නිරුපනය කරනවා.පළමු සහ දෙවැනි කොටස් දෙකට ලද IMDB අගය පිලිවෙලින් 8.0 සහ 8.3ක් ලෙස දැක්වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද??

එල්ක්‍රිස් නම් මායා ගසක් තියෙනවා.එය මියයමින් පවතින්නේ.අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්‍රියා කරනවා.එහි සෑම පත්‍රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා.පත්‍රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි.ඉතින් මෙන්න මේ ගහ වටා තමා කතාව ගෙතෙන්නෙ. ඇම්බර්ලි කියන්නේ එල්වින් කුමාරිකාවක් ඇය පුරාන සම්ප්‍රදායක් නොසලකමින් වසර ගණනක් පිරිමින් පමණක් ඉදිරිපත් වූ තරගයකට මුහුණදී ජයගන්නවා. ජයගත් අය හදුන්වන්නේ තෝරාගත් සාමාජිකයන් ලෙසයි.ඔවුන්ගේ කාර්ය වන්නේ එල්ක්‍රිස් නම් මායා ගස රැකබලා ගැනීමයි.ඉතින් ඇම්බර්ලි ගහ ළගට ගිහින් අත තිබ්බම ගස ඇය සමග කතා කරනවා.ඇයට අනාගතය ගැන දර්ශනයන් පෙන්වනවා.එම දර්ශනවල අඩංගු වෙන්නේ යක්ෂයින් විසින් මිනිසුන් විනාශ කර දැමූ දේශයක්.

ඉතින් ඇය එය නවතාලීමට සිතා මාලිගයෙන් පිටවෙනවා.ඔන්න ඔය වෙලාවේ පුරාණ පූජකයෙක් යලි ජිවය ලබනවා.ඔහු පැරනොර්හි අවසන් පූජක ඇලනොන්.ඔහු විතරක්ම නෙවේ අර ගහ නිසා ඩගඩා මෝර් නම් දුෂ්ට පූජකයෙක්ද යලි ජිවය ලබනවා.නමුත් ඔහුගේ බලය දුර්වලයි.ඔහුට බලවත් වීමටනම් ගසේ අවසාන පත්‍රයද වැටෙනතුරු බලාසිටිය යුතු වෙනවා.ඉතින් ඔහු ගසේ ආරක්ෂකයින් වෙන තෝරාගත් පිරිස මරා දැමීමට යක්ෂයකු එවනවා.ඇම්බර්ලි කුමරිය හැරෙන්න අන් සැවොම මැරෙනවා.ආ තව පොඩ්ඩෙන් විල්ව අමතක වෙනවනේ.විල් කියන්නේ අතීත රජ පරපුරක අවසන් පුත්‍රයා.ඔහු සතුව එල්ෆ්ස්ටෝන්(ගල් වර්ගයක්) තියෙනවා.එහි මායා බලයක් අඩංගු වෙනවා.යක්ෂයින්ට එරෙහි සටනේදී ඔහු මත විශාල කාර්යභාරයක් පැවරෙන නිසා ඇලනොන් ඔහු සොයා යනවා. හොදයි එහෙනම් මම මේ කිව්වේ තැනින් තැන.කට්ටිය බාගෙනම බලන්නකෝ.මට විශ්වාසයි ඔයාලගේ ඩේටා එහෙම අපතේ ගියා කියලා දුක්වෙන එකක් නැහැ කියලා මේක බැලුවට පස්සේ.හොදයි එහෙනම් මේකේ එකම දවසේ කොටස් හතරක් ආවා.ඉතුරු දෙකත් මම හැකි ඉක්මනින්ම ලබාදෙන්නම්.එහෙනම් ඉතින් ඔයාලට හිතෙන දෙයක් කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.

The Last Kingdom (2015) on IMDb

 

 

245 MB කොපිය මෙතනින් බාගන්න

AE23C014A1226CE079657092949080F5F726F50B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                     All Episodes                                  Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>