Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sacrifice (2016) with Sinhala Subtitles |මව් මරා උපදින කුමරුන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී උපසිරැසිය ඔබ හමුවට ගෙන එන්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.

මිනිත්තු 91ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම ප්‍රභල අභිරහසක් වටා ගෙතුණ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය් ප්‍රධාන චරිතය දොස්තරවරියක් වන ටෝරා හෙමිල්ටන්. ඇයට දරුවන් හැදීමේ හැකියාවක් තිබ්බත් ඒ දරුවන් ගර්භාෂයේදීම විනාශ වෙනව. මේක ඇයට හිසරදයක් වෙලා තිබුනේ. ඔන්න ඔය අතරෙයි ඇය හා ඇගේ සැමියා ඩන්කන් සමග සැමියාගේ ගම් පලාතට යන්නේ. ඇත්තටම ඒක දූපතක්. ඩන්කන් ගේ පවුල ප්‍රභූ පවුලක්. නමුත් වැඩි වශයෙන් ඉන්නේ පිරිමි අය විතරයි. හැමෝටම පිරිමි දරුවන් ඉන්න නමුත් දරුවන්ගේ වැදූ මව්වරු මිය ගිහින්. පියවරුන්ගෙන් සමහරක් දෙවනි විවාහයක් කරගෙනයි ඉන්නේ. නමුත් ඒ ඉන්න දෙවනි බිරිද දරුවන්ට උපතක් දෙන්නෙ නැහැ. ඩන්කන් ගේ වැදූ මවත් මියගොස් ඇති නිසා ඔහුගේ පියාත් නැවත විවාහයක් කරගෙනයි ඉන්නේ. ටෝරා සහ ඇගේ සැමියා මේ දූපතට එන්නෙත් දරුවෙකු අරං හදා ගැනීමට. නමුත් ඇය මෙම දූපතට ඇවිත් වත්තේ වැඩකරමින් සිටින විට දකින්නේ මියගිය කෙනෙකුගේ සිරුරක්. ඇය එවෙලේම පොලිස් දෙපාර්තමේන්තුවට කථා කරනව. එහිදි තමා මේ ප්‍රභූ පවුලටම පිටින් බැදිල ඉන්න පොලිස් පරීක්ෂ ටලක් මෙනවිය හමුවන්නේ. මෘත දේහය ගොඩට ගත්තාට පසුවයි ටෝරා දකින්නේ ඒ මල සිරුරේ යම් අසාමාන්‍ය දෙයක්…

මම ඔන්න කථාවේ මූලාරම්භය සනිටුහන් කලා. ඉතිරිය නරඹා දැනගැනීම ඔබට භාරයි. ගොඩක් අයට නොතේරෙන කොටස් තියෙන නිසා තේරුම්ගැනීම් පහසුව තකා ටිකක් වෙනස් කලා. නමුත් අර්ථයට ප්‍රබල හානියක් නෙවෙන විදිහට. වේගෙන් යතුරු ලියනය කරද්දි වෙච්ච අතපසුවීම් තියෙන්න පුළුවනි මම දෙවතාවක් පරීකෂා කරලත් හමු නොවුන. ඒ ව එච්චර තැකීමක් කරන්න එපා. එහෙනම් තවත් නිර්මාණයක් රැගෙන එන තුරු ඔබ සැමට සුභ දවසක්. ජයවේවා!

The Final Girls (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sacrifice.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>