අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Meltdown (2006), Ice Age: Dawn of the Dinosaurs (2009), Ice Age: Continental Drift (2012) ලෙස පැමිණි ශීත යුගයේ තුන් යහළුවන්ගේ ජීවිත කතාවේ පස්වැන්න ලෙසයි අද අරන් ආපු Ice Age: Collision Course චිත්‍රපටය දිගහැරෙන්නේ.
Blue Sky Studios සමඟින් 20th Century Fox ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ මෙවර අධ්‍යක්ෂණය Mike Thurmeier. සුපුරුදු පරිදි හඬකැවීම් ශිල්පීන් වන Ray Romano, John Leguizamo, Denis Leary, Simon Pegg, Jennifer Lopez, Queen Latifah යන පිරිස තමයි මෙවරත් හඬකැවීමෙන් දායක වන්නේ. 2016 ජුනි 19 වන දා ඇමරිකාවේදි තිරගත වීම ආරම්භ කළමෙය සුපුරුදු පරිදි සියලු දෙනාගේ පැසසුමට ලක් වුනු බව නොරහසක්. නමුත් මෙවර ලැබී ඇති IMDb අගය නම් තරමක් අඩුයි. එය සටහන් වන්නේ 5.7 ක් විදියට.
පෘථිවිය මතට පතිත වන්නට යන ග්‍රාහකයක් නිසාවෙන් සිදු වන්නට යන ලෝක විනාශයෙන් දිවි ගලවාගන්නට මැනී, දියේගෝ, සිඩ්, එලී ඇතුලු පිරිසට හැකි වෙයිද? නරඹන්න ඔබට බාරයි. (සුපුරුදු පරිදි ස්ක්‍රැට්ගේ පිස්සු කෙළිල්ලත් ලෙසටම තියෙනවා ) ජයම වේවා.. කවදා හෝ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Ice.Age.Collision.Course.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2377 downloads