Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ghostbusters (2016) with Sinhala Subtitles |සර් ඇල්රිච් මේසන්ගේ අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Ghostbusters (2016)

හායි යාළුවනේ ඔන්න මම ගෝස්ට්බස්ට්ස් තුන්වෙනි කතාවත් ගෙනාවා ඔයාලට. සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට, මේක ලයින් ගොඩක් තිබ්බා එකයි එහෙම වුනේ, හොද කොපියක් එනකන්ම හිටියා, හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් කියමු,

ඔයාලට පරණ කතා ටික මතක ඇති නේද…මම පොඩ්ඩක් මතක් කරන්නම්, ගෝස්ට්බස්ට්ස් 1 :සුමේරියානු උප දේවතාව, මේකෙන් තමයි කතාව පටන් ගන්නේ…ඒ කියන්නේ 1984 පලවෙනි ගෝස්ට්බස්ටස් කතාව නිකුත් වෙනවා. IMDB 7.8/10 ලැබෙනවා. පලවෙනි කතාවේ වෙන්නේ ඩේනා බර්ට්ගේ ගෙදරට  සුඋල් නමැති සුමේරියානු උප දෙවතාවක් සහ බලගතු වෙස් මාරුකල හැකි  බිහිසුණු ආත්මයක් එනවා. ඒ අතරේ  ඩේනා බර්ට්ට සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව ආත්මය වැහෙනවා, ගෝස්ට්බස්ටස් ඇතුළු හොල්මන් අල්ලන පිරිසට මේ සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව සමග සටන් කරලා පලවා හරිනවා. ඊට පස්සේ ගෝස්ට්බස්ටස් 2 :මෝල්ඩිවියා වල අධිපති, මේක පටන් ගන්නේ අවුරුදු 5කට පස්සේ ඒ කියන්නේ 1989. එක හා දෙක කොටස් වල හිටපු චරිත ටික මතක ඇතිනේද ඔයාලට Bill Murray(පීටර් වින්ක්මන්) ලෙසත්, Dan Aykroyd(රේමන්ඩ් ස්ටනර්) ලෙසත්, Harold Ramis(ඊගොන් ස්පෙලේන්ගර්) ලෙසත්,Sigourney Weaver(ඩේනා බර්ට්) ලෙසත් Ernie Hudson(වින්ස්ටන් සිද්මෝර්) ලෙසත් Rick Moranis(ලුයිස් ටර්ලි) ලෙසත් Peter MacNicol(ජනොස් පෝහා) ලෙසත් කතාවේ චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මේ කතාවේ වෙන්නේ  මෝල්ඩිවියා වල අධිපති කියලා චිත්‍රයක් තියෙනවා ඒකට පණ එනවා. ඒ චිත්‍රය ඉන්න මෝල්ඩිවියා වල අධිපති කියනවා ඩේනාගේ බබාව ගෙනත් දෙන්න එතකොට එයාට නැවත ජිවත් වෙන්න පුලුවන් කියලා,හරියට බිලි පුජාවක් වගේ දෙයක්. ඒ අතරේ ගොඩක් පිස්සු වැඩ වෙනවා. එකෙනුත් ගෝස්ට්බස්ටස් කට්ටිය නිව්යෝක් නගරය බේරා ගන්නවා.

ඔයාලට මේ ගීතය ඔයාලට මතක ඇති.

[රේ පාකර් ජේ.ආර්. ගේ “ගෝස්ට්බස්ටස්” ගීතය]

 

♪ අහළ පහළ මොනවහරි අමුතු දෙයක් වුනොත් ♪

♪ ඔයා කාටද කතා කරන්නේ? ♪

♪ ගෝස්ට්බාස්ටස් ! ♪

♪ කොහෙහරි අමුත් දෙයක් වුනොත්

හරි ඒක එච්චර හොද නැත්තම් ♪

♪ ඔයා කාටද කතා කරන්නේ? ♪

♪ගෝස්ට්බාස්ටස් ! ♪

හරි අපි  ගෝස්ට්බස්ට්ස් තුන්වෙනි කතාව පැත්තට හැරෙමු,කතාව අධ්‍යක්ෂණය කරේ Paul Feig,කතාවේ නිෂ්පාදනය  Ivan Reitman,Amy Pascal,නිව්යෝක් නගරය පදනම් කරගෙන මේ චිත්‍රපටිය රූගත කිරීම් කරලා තියෙනවා. මේ කතාවේ ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්, පරණ කවුරුත් නෑ. කතාව පටන් ගන්නේ අවුරුදු 30කට අසන්න කාලයකට පස්සේ. ඇරන් ගිල්බර්ට් කියන්නේ භෞතික විද්‍යාවේ වෛද්‍යාවරයෙක්,ජිලියන් හොල්ට්ස්මන් කියන්නේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, පැටි ටොලන් උමං මාර්ගයේ වැඩ කරනවා. තව ඇරන්ගේ යාළුවා ඇබී යෙට්ස් මේ වැඩ වලට උදවු වෙනවා. ඇරන් ගිල්බර්ට් සහ අබී යෙට්ස් යුවලක් විදියට එකතු වෙලා “හොල්මන් ඇත්තටම ඉන්නවා” කියන පොතක් ලියනවා.පොත ටිකක් ජනප්‍රිය වීම අඩු වෙනවා,ඊට පස්සේ Dr ඇරන් ගිල්බට් තීරණය කරනවා කොලොම්බියා  විශ්වවිද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන්න, එහෙදි එයාට  අත්බුත සිද්ධි පිළිබද ඉන්ජිනේරුවෙක් හම්බවෙනවා ජිලියන් හොල්ට්ස්මන් කියලා,ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඇරන් ගිල්බට් එයාගේ පොත නැවත සකස් කරලා නිකුත් කරනවා,ගිල්බට්ස් මේ ඇස් දෙකින් දැකපු හොල්මන්,සහ අවතාර ගැන ගොඩක් විශ්වාස කරනවා,ඊට පස්සේ එයාලා එකතු වෙලා එක වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් කරනවා,ඊට පස්සේ එයාලගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා,එයාලා ආරම්භ කරනවා අභිධර්මය පිළිබද දෙපාර්තමේන්තුවක්,ඒක පටන් ගන්නේ චයිනා අවන්හලක,එතැනදී කඩවසම් කෙවින් බෙක්මන් කියලා කෙනෙක් හම්බවෙනවා (තෝර්), ඊට පස්සේ එයාව සහයකයා විදියට තෝරාගන්නවා, ඊට පස්සේ හොල්මන් අල්ලන්න අවශ්‍ය උපකරණ එක්ක එයාලා එතන තැනක් හදාගන්නවා,ඒ අතරතුරේදී,MTA එකේ වැඩ කරන පැටි ටොලන් දකිනවා හොල්මනක් සබ්වේ දුම්රිය දෙපාර්තමේන්තුවේ,ඊට පස්සේ එයාලා ඒක ගැන පරීක්ෂණ පවත්වනවා. හොල්ට්ස්මන්ගේ  proton containment laser එකෙන් හොල්මන් නැති කරලා දාන්න පුලුවන් වෙනවා. කතාවේ ආරම්භය ගැන මම ටිකක් කිව්වා, බලන්න මේ කතාව හොදද කියලා…

බොක්ස් ඔෆිස් වාර්තාව

  • IMDB:5.5 (2016.07.20 වන තෙක්)
  • ධාවන කාලය : මිනිත්තු 116 /පැය 2යි ආසන්නව.
  • ආදායම : $144,000,000 (ඇස්තමේන්තු)
  • ආරම්භක සතිය : $46,018,755 (USA) ( ජුලි 15,  2016 )
  • දළ අදායම : $46,018,755 (USA) ( ජුලි 15, 2016 )
  • ශබ්ධ හැසිරවීම:  Datasat | Dolby Digital | Dolby Atmos | Auro 11.1
  • දර්ශන අනුපාතය: 2.35 : 1
  • නිළ වෙබ් අඩවිය :http://www.ghostbusters.com/ghostbusters-2016/

Kristen Wiig(ඇරන් ගිල්බර්ට්) ලෙසත්,Melissa McCarthy(ඇබී යෙට්ස්) ලෙසත්,Leslie Jones(පැටි ටොලන්) ලෙසත්,Kate McKinnon(ජිලියන් හොල්ට්ස්මන්) ලෙසත්,Neil Casey(රෝවන්) ලෙසත්,Chris Hemsworth(කෙවින්) ලෙසත්, ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා.

Ghostbusters (1984)

Ghostbusters II (1989)

Ghostbusters (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ghostbusters (2016) [1080p] [YTS.AG]

Ghostbusters.2016.EXTENDED.BRRip.XViD-ETRG + EVO

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>