ඔන්න මේ සැරේ මම අරගෙන ආවේ ලඟදී හිට් උන සුප්පා කොමඩියක්. ෆිල්ම් ගැන හොයන අයනම් මේක එනකන් මග බලාගෙන ඉන්න ඇත්තේ. ෆිලුම නිකුත් වෙලා මාස දෙකහා මාරක් ගිහිල්ලත් හොඳ කොපියක් ආවේ නැති නිසා HD-TS කොපියට හරි සබ් එක හදනවා කියලා හිතලා සබ ගත්තා. බැලින්නම් වැරදි ගොඩයි, වැඩේ පරක්කු කරන්නත් බැරි නිසා පළවෙනිම වතාවට මම අසා ලිවීමක් කලා. ඒ වැඩේ හිතන තරම්ම ලේසි නෑ, කොහොම කොහොම හරි අමාරුවෙන් ගැටගහගෙන කොටලා ඉවරයක් කලා. සමහරවිට ෆිල්ම් එක අලුත් හොඳ කොපියක් ආවම දෙයි, නැත්නම් අප්ඩේට් කරයි,එතකොට ඉතින් අවුලක් නැතිව බලන්න පුලුවන්නේ.එහෙනම් වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ ආගිය තොරතුරු බලලා ඉමු.
මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා ඇමරිකාවෙදී, නිශ්පාදන වියදම $20,000,000 කියලා කියනවා, තිරගත කරපු පලවෙනි සතියේ ආදායම $23,817,340 යි, එතකොට සම්පූර්ණ ආදායම $170,666,607 කියලා තමයි දාලනම් තියෙන්නේ. වර්ගීකරනය කරලා තියෙන්නේ Comedy කියලා විතරයි, දැනට එක සම්මානයක් ලැබිලා තියෙනවා, IMDb අය 6.6 ක් වගේ තමයි තියෙන්නේ. නළු නිළියොනම් අපි දන්න කියන අයමයි ඉන්නේ, ප්‍රධාන චරිතය රඟදක්වන්නේ අපි හැමෝම දන්න Mila Kunis විසින්, අනිත් ප්‍රධාන චරිත දෙක Kristen Bell සහ Kathryn Hahn විසින් රඟදක්වනවා. එයාලා ගැන හැමෝම දන්න නිසා වැඩි විස්තරයක් කියන්න ඕනෙ නෑනෙ, ආ තව ප්‍රධාන කාරණාවක් තියෙනවා, මේකෙ තිරපිටපත ලියලා තියෙන්නේ Hangover එක ලියපු Jon Lucas සහ Scott Moore විසින්, දැන් හිතාගන්න පුලුවන්නේ ෆිලුම ගැන. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.</b>
ඒමි( Mila Kunis) කියන්නේ අඩු වයසින් අම්මා කෙනෙක් උන කෙනෙක්. එයාගේ වැඩේ ඉතින් ළමයි ගැනම බලන එක තමයි, උදේට ඇහැරවන එකේ ඉඳන් ස්කෝලෙ යවන එක, ගේන එක, එයාලගේ ගෙදර වැඩ පවා කරලා දෙන්නේ මෙයා තමයි. ඊටපස්සේ වැඩට යනවා, ආයෙ ගෙදර එනවා, රෑ කෑම හදනවා, ඔව්ව තමයි ඉතින්. ඉතින් මෙයාට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ, ළමයිනුත් එයාලගේ වැඩක් මගහැරුන ගමන් අම්මට බනින නිසා ළමයින්වත් මෙයාට එපා වෙලා තියෙන්නේ. ඒ අතරේ එක දවසක් මෙයා මහත්තයගේ කාමරේට යනකොට ඌ ඔන්ලයින් වෙන ගෑනියෙක් දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනකොට අහුවෙනවා.( ඔහොම දැම්මේ නැත්නම් සමාජය වනචර කරනවා කියලා මාවත් FCID එකට ගෙන්නයිද දන්නෙ නෑනෙ). ඉතින් මෙයා ඌගෙන් අහනවා කොච්චර කාලෙක ඉඳන් මේ වැඩේ කරන් ගියාද කියලා, එතකොට අර ගෑනි කියලා මාස දහයක් තිස්සේ කියලා…… ඉවරයිනේ—- ඒ කසාදේ එතනින්ම ඉවර වෙනවා. දැන් මෙයාට තවත් කරදරයක් හම්බවුනා, ඔය අතරේ මෙයාට ගැනපෙන යාලුවෝ දෙන්නෙක් හම්බවෙනවා කිකී සහ කාර්ලා කියලා. එතන ඉඳන් ළමයින්ගෙ වැඩත් පස්සට දාලා මෙයාලා ගන්න ආතල් එක ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නේ..
වැඩිය කියන්න ඕනෙ නෑනෙ, එතකොට කතාවේ කිසිම රසයක් නැතිවෙන හින්දා ඔය ඇති කියලා හිතනවා. ( ඒවගේම මේක පොඩි ළමයි එක්ක, පවුලේ අය එක්ක එහෙම වැරදිලාවත් බලන්න එපා, මොකද කුනුහරප එහෙම අම්බානක තියෙනවා- ඒවගේම තව පොඩිම පොඩි ඩිශ්ට ඩිඩිං පාරක් එහෙම) ඉතින් ඔච්චර තමයි. එහෙනම් ඉතින් බාගෙන බලන්න තමයි තියෙන්නේ..
ඒවගේම කලින් ෆිල්ම් එකට කමෙන්ට් දාලා තිබුන හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් ලිපිය අවසන් කරනවා. තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙමු..
බයිස්කෝප් වෙබ් අඩවියට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Bad Moms 2016 HD-TS x264-CPG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
29 downloads