Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Attack on Titan: Part 2 (2015) with Sinhala Subtitle |මනුෂ්‍යත්වයේ සැබෑ සතුරා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Attack on Titan-Part 2
ඔන්න එහෙනම් මීට මාස දෙකකට වගේ කලින් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට වෙච්ච් පොරොන්දුව ඉෂ්ට කරමින් Attack on Titan Part 1 (2015) චිත්‍රපටයේ දෙවැනි කොටසත් අරගෙන තමයි මේ එන්නෙ. චිත්‍රපටයේ පලවෙනි කොටස බාරදෙනකොට නම් හීනෙන් වත් හිතුවේ නැහැ මේ තරම් ප්‍රමාද කරන්න. ඒත්, මොනයම් හෝ හේතුවක් මත, මේ චිත්‍රපටයේ උපසිරැසි ගන්වන්න පටන්ගන්න හදනකොටම, කලින් බාරගත් චිත්‍රපටයක ගුණාත්මක පිටපතක් පැමිණීම හෝ නවතම චිත්‍රපටයක් පැමිණීම සිදුවුණා.අදත් මේක කරන්න ගන්න කොටම කලින් භාරගෙන තිබුන තවත් සුපිරිම චිත්‍රපටයක ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වුණා.ඒත් ඉතිං ලැබී තිබෙන අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ මේක තවත් ප්‍රමාද කළොත්, කට්ටිය මාව පැහැරගෙන ගිහිල්ලා බලෙන්ම සබ් එක කරවගන්න තත්වයක සේයාවක් මට පෙනී ගිය නිසාම, ඒ බයටම ඔන්න නිදි මරාගෙනම උපසිරැසිය පැය කීපයක් ඇතුලත ඉවරයක් කරලා අනිත් චිත්‍රපටය කරන්න පටන්ගන්නවා 😀

චිත්‍රපටය ගැන නම් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අතිශය ඉහල මට්ටමේ ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණයක් උපයෝගී කරගනිමින් ජපානය කේන්ද්‍ර කරගනිමින් නිෂ්පාදනය වුණා වූ මෙම සලරුවේ පළමු කොටසේ සිංහල උපසිරැසි සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. පළමු කොටස නරඹපු සැණින්ම බොහෝ දෙනෙක් දෙවැනි කොටසටත් උපසිරැසි ඉක්මණටම ඉල්ලලා තිබුණා.බොහෝදෙනෙක් පුද්ගලිකවත් පණිවිඩ ඒවා තිබුණා හැකි ඉක්මණට උපසිරැසි ලබාදෙන්න කියලා. ඉතිං, ඒ හැම දෙනාගේම ඉල්ලීමට ගරු කරමින්, සුළු ප්‍රමාදයක් සිදු වූවත්, ප්‍රේක්ෂක ජනතාවගේ සිත් අමන්දානදයට පත්කරමින් දෙවැනි කොටස සඳහා සිංහල උපසිරැසි ගෙන හැර පෑමට සියළු දෙනාගෙන්ම අවසරයි.

චිත්‍රපටයේ දෙවැනි කොටස පටන්ගන්නෙ පළමු කොටසේ අවසානය සිදුවුන තැනින්. නමුත්, පළමු කොටස නොබලපු කෙනෙක්ට වූවත්, චිත්‍රපටය රසවිඳීමට කිසිඳු බාධාවක් නැහැ. දෙවැනි කොටස ආරම්භයේදීම, පළමු කොටසේ සම්පූර්ණ සාරාංශයක් කෙරෙනවා. ඒ නිසා පලවෙනි කොටස නැරඹුවේ නැති කෙනෙක් වුණත්, බය නැතිව දෙවැනි කොටස විතරක් බලන්න පුළුවන්. කතාව පිළිබඳව නම් විස්තර කරන්න බලාපොරොත්තුවක් නැහැ. දෙවැනි කොටස තුලින් කතාව වෙනත් පැත්තකට ගලා යෑමක් තමයි සිද්ධවෙන්නෙ.යෝධයින් විසින් මනුෂ්‍ය වර්ගයා ආක්‍රමණය කිරීමට සැබෑ හේතුව කුමක්ද…ඔවුන් පැමිණෙන්නේ කුමන දේශයක සිටද…මේ සියල්ල පිටුපස ඇති අදෘශ්‍යමාන හස්තය කුමක්ද…මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමේ අදිටනින් දිරි ගැන්වෙන, මනුෂ්‍යත්වයේ සැබෑ සතුරා කවුරුන් නම් වේවිද… මනුෂ්‍ය වර්ගයා විසින් අති දැවැන්ත යෝධයින්ගේ ආක්‍රමණය කෙසේ නම් නවතා ගනීවිද…අහස සිඹින ප්‍රාකාර වලින් පිටත ලෝකය කෙසේ නම් වේවිද…ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරිය බාරයි. එසේනම්, තවත් චිත්‍රපටයකින් ඉක්මණින්ම හමුවන තුරාවට, සියළු දෙනාටම ජයවේවා!!!

ප.ලි. – පළමු කොටස නරඹපු අය, පුළුවන් නම් චිත්‍රපටය ගැන අදහසක් දාගෙන යන්න. අළුතින් චිත්‍රපටය බලන්න ඉන්න අයට ඒක උපකාරයක් වේවි.

Attack on Titan: Part 2 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ATTACK ON TITAN PART 1+2 2015 720P BLURAY GANOOL

(ලබා දී ඇති පිටපත තුල කොටස් දෙකම අන්තර්ගත වේ. අවශ්‍යය නම් කොටස් දෙකම හෝ තනි කොටස් වශයෙන් හෝ බාගත හැක.)

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>