ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් අලුත්ම කතාවක් තමයි මේ දෙන්න ලක ලෑස්ති වෙන්නෙ. මුලින්ම විමා අයියට ස්තූති කරන්න ඕන මගේ කරදරේට හරි මේක මට කරන්න දුන්නට. හරි, දැන් ඉතින් කතාවෙ නම දැක්කාම තේරෙනවනෙ මොන වගේ කතාවක් වෙන්න ඇතිද කියලා. දැන් ඉතින් ටයිම් ට්‍රැවල් නැත්නම් කාල තරණය ගැන නොදන්න කෙනෙක් නැ නෙව. ඒ වගේම මේකත් කාල තරණය සම්බන්ධ කතාවක්. NBC නාලිකාවෙ ඔක්තෝම්බර් 3 වෙනිදා ඉදලා තමයි විකාශන ආරම්බ කලේ. මේ වෙනකොට IMDb දර්ශකයෙ 7.7/10 වගේ ගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
කතාව ගැන කියනවනම්, එක්තරා සමගමක් විසින් හොර රහසේ කාල යන්ත්‍රයක් නිපදවනවා. මේ ආයතනයෙ ප්‍රධානියා තමයි කෝනර් මේසන් කියන්නෙ. කොහොමහරි මෙයාලා හදපු මේ කාල යන්ත්‍රය පිරිසක් හොරකම් කරගෙන අතීතයට යනවා. හැබැයි මේ කතාවෙ එක විශේෂත්වයක් තියෙනවා. අපි Flash වගේ කතාවක් ගත්තොත් ඒවගෙදි තමන් කලින් ඉදපු කාලයකට වුනත් යන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ට තමන්වම හම්බවෙන්න පුළුවන්. හැබැයි මේ කතාවෙදි එහෙම කරන්න බැ. හරි මේ කාල යන්ත්‍රය හොරකම් කරන අයට ඕන කරන්නෙ අතීතය වෙනස් කරලා ඇමෙරිකාවෙ වර්තමානය වෙනස් කරන එක. මේක නතර කරන්න තුන් දෙනෙක් තෝර ගන්නවා.
01) ලුසි – ඉතිහාස මාහාචාර්‍ය වරියක්
02) වයට් – ඩෙල්ටාෆෝස් සොල්දාදුවෙක්
03) රූෆර් – විද්‍යාඥයෙක්
මේ තුන්දෙනා තමයි ඉතිහාසය ආරක්ෂා කරන්න ආපහු අතීතයට යවන්නෙ. මෙයාලට යන්න කලින් කියන්නෙ කිසිම හෙයක් වෙනස් කරන්න එපා කියලයි. හැබැයි ඉතින් කොහොමත් දන්නවනෙ ඒක එහෙම වෙන්නෙ නැ කියලා. මෙයාලට ලොකු ඇබැද්දි වලට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මේ කට්ටියට ඉතිහාසය ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද, නැත්නම් ඒක වෙනස් වෙයිද කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා බයිස්කෝප් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු. කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Timeless.S01E01.HDTV.x264-KILLERS[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
283 downloads
All Episodes Next Episode >>