ඉතින් ඔන්න ගොඩ දවසක් වේලි වේලි ඉඳලා යන්තම් ටීවී කෑල්ලක් හොයාගත්තා කරන්න සොම්බිය කලාට පස්සේ අයේ ටීවී එකක් කරන්න උනේම නෑ. ඊලඟ අවුරුද්දේ තමයි සොම්බියේ අනික් සීසන් එක එන්න තියෙන්නේ. එතකන් ඉතින් ඉන්න බැහැනේ. දැන් සීරියස් එන ඒමට කට්ටියට බලන්නත් වෙලාවක් නැතුව ඇති. එහෙමෙයි කියලා නොබලා ඉන්න එකක්යැ, මේකත් එච්චරම තමයි ඉතින්. මේක බැලුවාම අනිවාරෙන්ම ඒ ගොඩට මේකත් දාගන්න වෙයි ඔන්න. ඉතින් මේ අරගෙන එන්න හදන්නේ Arrow\Flash කතාමාලා අරගෙන එන cw නාලිකාවේ අලුතෙන් පෙන්නන්න පටන් ගත්තු තවත් අලුත් සීරියස් එකක් තමයි.
ඔයාලා කවුරුත් දන්න Peyton List තමයි මෙහි ප්‍රධාන නිලිය. The Tomorrow People බලපු අයට නම් එයාව හොඳට මතක ඇති. මුලින්ම කතාව දිහාවට හැරුනොත් මෙහි නම තමයි Frequency. ඒ කියන්නේ සංඛයාතය කියන තේරුම. මොකක් ගැනද මේකේ ඇත්තටම ඇත්තේ. අපි බලමු ඒ ගැන.
ඇයගේ නම රේමි සලිවන්. ඇය පොඩිකාලේ රේමිගේ තාත්තා එයාගේ අම්මා එක්ක එයාව තනිකරලා දාලා යනවා. ඒ යන්නේ හේතුවක් ඇතුව. රේමිගේ තාත්තා ෆ්රෑන්ක්. එයා වැඩ කලේ රහස් පොලිසියේ. රහස් මෙහෙයුමක කටයුත්තක් නිසා තමයි ඔහුට තමන්ගේ පවුල අතාරින්න උනේ. රහස් මෙහෙයුමකදී ඔහු මරණයට පත්වෙනවා. ඒ 1996 දිනයක. එතකොට රේමිට අයස අවුරුදු 8යි. 2016 වෙනකොට රේමිත් වැඩ කරනවා නිව්යෝක් පොලිසියේ පරීක්ෂකවරියක් විදියට. ඇයගේ පෙම්වතා තමයි ඩැනියල්. දවසක් ඩැනියල් ඇයගේ උපන්දිනය දවසේ රේමිගේ තාත්තාගේ පරණ හැම් රේඩියෝ එක හදලා දෙන්න උත්සාහ කරනවා. හැම් රේඩියෝ එක කියන්නේත් තවත් තැනක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් තවත් එක සන්නිවේදන මාර්ගයක්. ඉතින් ඩැනියල් මේ හැම් රේඩියෝ එක හදලා දෙන්න හැදුවාම රේමි ඒකට කැමති වෙන්නේ නෑ. මොකද රේමි එයාගේ තාත්තා එක්ක තරහින් ඉන්නේ එයාවයි අම්මාවයි තාත්තා දාලා ගියපු නිසා.
දවසක් රෑ මේ හැම් රේඩියෝ එකට අකුනක් ගහලා ඒක වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් කෙනෙක් කතා කරනවා. රේමි එයා එක්ක කතා කරනවා. කතා කරගෙන යනකොට අන්තිමේ බැලින්නම් එයා කතා කරන්නේ එයාගේ තාත්තා ෆ්රෑන්ක් එක්ක. එතකොට මැරුණ තාත්තා එක්ක එයා කොහොමද කරන්නේ ? මේවා දැවෙන ප්‍රස්න මැරුණ කෙනා තමයි, ඒත් රේමි මේ හැම් රේඩියෝ එකෙන් කතා කරන්නේ අතීතයට. ඒ කියන්නේ 1996 අවුරුද්දේ දවසකට එයා සම්බන්ධ වෙලා තමයි එයාගේ තාත්තා එක්ක කතා කරන්නේ පුදුමයි ඉතින්. හරියටම රේනි අතීතයට කතා කරන්නේ එයාගේ තාත්තා මැරුණ දවසකට එක දවසක් කලින්. එයා තාත්තාට කියනවා ඔයා හෙට මැරෙනවා කියලා. ඉතින් ෆ්රෑන්ක් මේක විස්වාස කරයිද ? එයාට මරණෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද ? රේමිට අතීතය වෙනස් කරන්න පුලුවන් වෙයිද ? අපි කියමුකෝ අතීතය වෙනස් කරන්න පුලුවන් කියලා. එහෙම වෙනස් කලොත් අනික් දේවල් මොනවිදියට වෙනස් වෙයිද ? හැමදේම එහෙනම් මේක අරගෙන ඔයාලාම බලන්නකෝ.
ඇත්තටම මේකට 8.3 ක IMDb අගයක් ලැබිලා තියනවා. හොඳ ලස්සන කතාවක්. මේක බැලුවාම ඔයාලාට ඊලඟ කොටසත් නොබලාම බැරිවෙයි. දිගටම කතාව බලන්න එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම ගුණදොස් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැම සතියකම අනිවාරෙන් දිගටම උපසිරැසි අරගෙන එන්න ඔයාලාට අරගෙන එන්නම්. ඊලඟ කොටසින් හමුවෙමු. ඔයාලා හැමෝටම…
ජය…!!!
Due to copywrite complications, we no longer provide any torrent links.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ…
Frequency.S01E01.HDTV.FLEET.si
1056 downloads
All Episodes Next Episode>>