Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

We Are What We Are (2013) with Sinhala Subtitles |මිනිසුන් බුදිනා මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

We Are What We Are (2013)

ජේසුතුමනි, ඔබ වහන්සේ අප කරා සානුකම්පිත නෙත් හෙලනු මැන. අපගේ වැරදි නසා අපව පාරිශුද්ධ කල මැනව. ඔබ වහන්සේගේ කාරුණික දෙනෙතින් වරක් අප දෙස බලන්න. අපේ සියලු දුක් කම්කටොළු නිමවී සෞභාග්‍යය උදාවේවි.

We Are What We Are කියන මෙම චිත්‍රපටය ආගමික බවක් උසුලන මිනී මස් කන මනුෂ්‍ය ගෝත්‍රයක එක් පවුලක් වටා ගෙතුණු කථාවක් රැගත් චිත්‍රපටයක්. ෆරෑන්ක් පාකර් කියන්නේ පවුලේ පියා. ඇගේ බිරිද තමා ඇලිස් පාකර් කියන්නේ. ඇය කථාව ආරම්භයේදීම මිය යනවා. මෙම පවුලේ දරුවන් තිදෙනෙක් ඉන්නවා ඔවුන් පිළිවෙලින් අයිරිස්, රෝස් සහ රෝරි. මොවුන්ගේ එක් සැගවුනු සම්ප්‍රදායක් තියෙනවා. ඒ තමා මිනීමස් ආහාරයට ගැනීම. වසර ගාණක් පුරා සමාජයට හොර රහසේ ඔවුන් මිනී මස් කමින් කාලය ගත කරන්නේ. මේ පවුලේ අසල්වාසී කාන්තාව මාර්ජ්, මේ ෆ්රූන්ක් මහත්මයාට සමීප වෙන්න උත්සහ දැරුවත් ඇයටත් අන්තිමේදි ඛේදජනක ඉරණමකට ගොදුරු වෙන්න වෙනවා.  දිනකදි ගැහැණු ලමයෙක් අතුරුදන් වීමේ පුවතත් එක්ක මේ මනුෂ්‍ය ඝාතන අභිරහස ටික ටික එළිවෙන්න පටන්ගන්නවා.  දොස්තර බරෝව් මේ කරුණ හෙලි කරගන්න පොලීසියේ උපකාර පැතුවත් උපකාරයක් නැතිව විමර්ශනය කරගෙන යන්න සිද්ධ වෙනවා. මේ අතර මිනිසුන් ඝාතනය කිරීමට මව මියගිය බැවින් පියා සම්ප්‍රාදය ලෙස ලොකු දුව වන අයිරිස් ට පවරනවා. පුංචිම දරුවා රෝරි කියන පිරිමි ලමයා වයසින් කුඩා නිසා මේ පිලිබද වැටහීමක් තිබුනෙ නැහැ. අයිරිස් තම බාල සහෝදරිය වන රෝස් ගේ උපකාරයෙන් ගැහැණියක්ව මරා ආහාර පිලියෙල කරනවා. මේ වෙද්දි අයිරිස්, පොලිස් උප ප්‍රධානී ඇන්ඩ්‍රියස් හා පෙමිනුත් බැදිල හිටියෙ. අවාසනාවකට ඇයට තම පියා නිසා ඔහුවත් අහිමි වෙනවා. දරුවන් මේ මනුෂ්‍ය ඝාතනය හා මිනී මස් අනුභවය ට කැමති නැති උණත් පියාගේ බලපෑමෙන් කරන්න සිද්ධ වෙන නිසා මුවින් නොබැණ ඔහු කී දේ කලා. ඒත් දවසක මේ සියල්ල වෙනස් උණා. ඒ කොහොමද කියල බලන්න පුළුවනි චිත්‍රපටය බැලුවම.

මම කියන්නම ඕන මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වුවේ ගොඩක් ගැටළු මැද, ඒ වගේම වැරදි අඩුපාඩු තියෙන්න පුළුවනි. නමුත් මම මේකෙ තිබුණු සංකීර්ණ කොටස් සරල කරපු නිසා පුංචි වෙනස්කම් තියෙන්න පුළුවනි. නමුත් කලින් වගේම කියන්න ඕනි අර්ථයට තදබල හානියක් නැහැ කියල. මම කතෝලික භක්තිකයෙක් නම් නෙවේ. නමුත් මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් කිතුණු වැකි මගේ දැනුමේ හැටියටයි පරිවර්තනය කලේ. වැරද්දක් වෙලා නම් සමාවෙන්න ඕන ඒ ගැන. එහෙනං තවත් චිත්‍රපටියක් රැගෙන ඔබ හමුවට එනතුරු සියල්ලන්ටම සුභ දවසක්!!!

We Are What We Are (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

We.Are.What.We.Are.2013.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>