Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Quantico [S02 : E01] | with Sinhala Subtitle |තවත් කුමන්ත්‍රණයක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico S2-1

කොහොමද කට්ටියටම? හොදින් ඇතිනේ. ඔන්න මාත් ටික දවසකට පස්සේ ආයෙම ආවා කතාමාලාවක් එක්ක. ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන උන්න එකක් නෙවෙයි. හසන්ත අයියා තමා ඉතින් මේක මට පැටෙව්වේ. හොදයි එහෙමනම් මගේ බයිලා වැඩක් නැහැනේ අපි කතාව ගැන බලමු නෙහ්. ඉතින් පළමු කතාමාලාවේ උපසිරසි දීලා අවසන් කලෙත් මේ ලගකදී නිසා මම පළමු කතාමාලාව ගැන මතක් කරන්න යන්නේ නැහැ. වර්තමාන කතාව ගැන කියනවනම් G20 සමුළුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. ලෝක නායකයෝ බොහෝ පිරිසක් ප්‍රාණ ඇපයට පත්වෙනවා. මේ දේවල් සිද්දවෙන කොට රයන් ඉන්නේ සමුළුවේ. ඇලෙක්ස් ඉන්නේ සමුළුව තියෙන ගොඩනැගිල්ල කිට්ටුව. ඉතින් ඇලෙක්ස් උත්සහ කරන්නේ ගොඩනැගිල්ල ඇතුලට රිංගලා කට්ටියව බේරගන්න.ප්‍රහාරය එල්ල කරන්නේ කට්ටිය අහලවත් නැති අලුත්ම ත්‍රස්ත කණ්ඩායමක් විසින්. අතීත කතාව ගත්තොත් CIA රහස් පුහුණු මධ්‍යස්තානයකට ඇලෙක්ස් සහ රයන් දෙන්නවම තේරෙනවා. ඉතින් සුපුරුදු ලෙස දෙන්නා එතනට යනකම් දන්නේ නැහැ දෙන්නම යන්නේ එකම තැනට ඒකම කාර්යයක් කරන්න කියලා. දෙන්නම යන්නේ CIA එක ඇතුලේ ඉදන් අත්තනෝමතික ලෙස නීතියට පිටින් වැඩ කරන්න උත්සහ දරන කණ්ඩායමක් ගැන තොරතුරු හොයන්න.

ඉතින් වැඩි යමක් කියන්න අවශ්‍ය නැතැයි මම හිතනවා. පළමු කතාමාලාව කීපවරක්ම මග නතරවීම සහ උපසිරසි පමාවීම හේතුවෙන් බොහෝ පිරිසක් මේ කතාමාලාවෙන් ඈත්වුනානේ. ඉතින් ඒ කට්ටියට මම කියන්නේ බය නැතුව ආපහු බලන්න ගන්න.මොකද මම මේ කතාමාලාව මග නතර කරන්නේ නැහැ නොවැලක්විය හැකි බරපතලම හේතුවක් මත මිසක්.ඉතින් හැමෝගෙන්ම ඉල්ලන්නේ වෙනදා වගේම ආපහු කතාමාලාව එක්ක එකතුවෙන්න කියලා. එහෙමනම් තෙවැනි කොටස විකාශය වෙන්න කලින් හැකි ඉක්මනට මම දෙවැනි කොටහත් ලබාදෙන්නම්. එතකොට කිසි අවුලක් නැතුව දිගටම සමගාමී විකාශය සමග උපසිරසි ලබාදෙන්න පුළුවන්.එහෙමනම් ඉතින් බාගෙන යමින් ගමන් අදහසක් කාරිය පළ කරගෙන ගියාට කමක් නැහැ. මොකද ඔබේ කොමෙන්ටු එහෙම දැක්කම තමයි අපිටත් වැඩි වැඩියෙන් උපසිරසි කරන්න හිතෙන්නේ..

 Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S02E01.HDTV.x264-LOL
Quantico.S02E01.HDTV.XviD-FUM
Quantico.S02E01.HDTV.XviD-AFG

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                              Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>